Thursday, March 03, 2016

වෙබ් වලට ඉව කරන ආණ්ඩුවේ ජනමාධ්‍ය පාඨමාලාව

ආණ්ඩුව මේ වන විට ජනමාධ්‍ය පාඨමාලාවක් කරමින් සිටින්නේ ය. මාධ්‍යවේදීන් කටයුතු කළයුතු ආකාරයට කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ ය. අගමැතිවරයා සත්තුන්ගේද යක්කුන්ගේද නම් කියමින් මාධ්‍ය කරන්නට ඉගැන්වීය. ඉන්පසුව කිරිඅැල්ල ඇමතිවරයා නොසරුප් වචන සමඟ මාධ්‍යකරණය ඉගැන්වීය.

දැන් වෙබ් අඩවි වල මාධ්‍යකරණය නියාමනය කරන්නට ආණ්ඩුවට ඕනෑ වී ඇත. ඒ සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කළ යුතුයැයි පසුගිය 26 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් දැන්වීමක් පළ කරමිනි. ඒ නිවේදනයේ අදහස වූයේ දවසට කලින් ලියාපදිංචි නොකළොත් වෙබ් අඩවි වාරණය කරන්නට පවා ඉඩ  ඇති විදියේ තර්ජනයකි.



වෙබ් අඩවි නියාමනය සම්පූර්ණ ජෝක් එකක් බවට දැන් පත්වී තිබෙන්නේ මේ තීරණය දැනගත් විගස වෙබ් වලට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ආ විරෝධය දරාගන්නට නොහැකි වන බව ජනමාධ්‍ය අමාත්‍යංශයට වැටහී ගිය නිසා ය. දැන් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කලින් කී දැන්වීම නිලධාරීන්ගේ වැරදි නිසා සකස් වූ එකක් බව පෙන්වන්නට උත්සාහ දරන්නේ ය.


දැන් කියන්නේ ඇමතිලා බබාලා බවත් නිලධාරීන් ඇමතිලාගේ කණෙන් රිංගා එවැනි තර්ජනාත්මක නිවේදනයක් දැමූ බවත්ය.

මට තියෙන එකම ප්‍රශ්ණය ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කරන්නට නම් ප්‍රවෘත්ති වෙබ් අඩවි යනු මොනවාදැයි හඳුනාගන්නේ් කෙසේද යන්නයි.

සමාජ මාධ්‍ය ඇත, පක්ෂ වල හෝ ආයතන වල වෙබ් ඇත, බ්ලොග් ඇත.

මේවායේ ප්‍රවෘත්ති පළ නොවන්නේද?

නියාමනය යනු කුමක්ද?

ආණ්ඩුවක මැදිහත්වීමෙන් කළහැක්කේ නියාමනය නොව පාලනයයි!!
එය මේ ඇමති බබාලාට නොතේරෙන්නේද?

වෙබ් සදාචාරයෙන් තොරව අපහාසය, අසත්‍ය්‍ය හා සමඟ පිස්සු කෙළිනවානම් එය වෙනස් කළ යුත්තේ දීර්ඝ සංවාදයකිනි.

මාධ්‍ය සදාචාරයෙන් තොර බවත් මේ ප්‍රශ්ණ වලට වැරදිකාරයෝ මාධ්‍ය බවත් කියන්නෝ සිටිති.

මම මීට කලින් ලියූ කතාවක් යළිත් කියන්නට කැමැත්තෙමි.

සම්පූර්ණයෙන් කඩා වැටුණු පරිභෝජනවාදී සමාජයක මාධ්‍ය පමණක් සුදු නෙළුම් මෙන් උඩින් පිපෙනු බලාපොරොත්තු විය නොහැකිය.

මඩේ එරී සිටින එක් ක්ෂේත්‍රයක් අනෙක් ක්ෂේත්‍රයට ඇඟිල්ල දික්කර මේ අය මඩේ ගිලිලා යැයි කීම විහිළුවකි. ගොඩ ආ යුත්තේ තම තමන්ගේ ක්ෂේත්‍ර වල තම තමන්ම කරන විප්ලවේකින් මිස ඇඟිලි දිගු කිරීමෙන් නොවේ.

9 comments:

  1. කළයුතු වැඩ දහසක් තිබියදී ගොබ්බ වැඩවලට අතගැසීම ආණ්ඩුවේ උපන්ගෙයි ව්‍යාධියක් වෙලා. මාධ්‍යට අතදාන්න කලින් අර ආචාර ධර්ම පද්ධතිය ගෙනැල්ලා මඩෙන් ගොඩට එන්න පොඩ්ඩක්වත් ට්‍රයි කරන්න. මහින්දට ඒකාධිපතියා කියලා මෙයාලා කෙලින්ම මිනි ටැලිබාන් එකක් හදන්න වගේ..

    ReplyDelete
  2. කොන්ද පන නැති තුට්ටු දෙකේ හාදයෝ ජනමාජ්ජවේදීන් විදියට රඟපානකොට දේසපාලුවන් ට බයාදුව බය බෝයි හාමුදුරුවනේ කියා ඇමතිය යුතු ය!

    චතුර ට ඊරිසියා කිරීම නවතා කශේරුකාවක් වගා කර ගත මැනවි!

    ReplyDelete
  3. උප ඇමැටි කරුණාරත්න පරණවිතාන සතියකට ඇමැටි කමේ වැඩ බැලීමත් ලංකා නිවුස් වෙබ් එකට ප්‍රධාන ප්‍රවැත්තියක් වී ඇති බව දැක මට සෑහෙන්න හිනා ගියේය.
    http://sinhala.lankanewsweb.net/news/press/item/3132-2016-03-02-07-37-07

    ;-)

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට වාරයට නැවක් ආවම,මත්තල එයාපෝර්ට් එකට ගුවන් යානාවක් ආවම එව්වාත් පත්තරේ,ටීවී එකේ යන නිව්ස් වෙන රටක්නේ..:D

      Delete
  4. හොද ලිපියක් උඩුවෝ.
    ඇත්තටම මේ වාරණ කතාව විහිළුවක් හොද උදාහරණයක් දේනම් ඔබේ අඩවිය http://uduwaage.blogspot.com/
    මාතලන් ගේ අඩවිය http://maathalan.blogspot.com/
    කල්පනාවෙන් බැලුවොත් ඔබ දෙදෙනාම අදහස් දක්වන්නේ blogspot.com නමැති අඩවිය යොදාගෙන.
    යම්විදියකින් ඔබේ අඩවිය වාරණය කිරීමට උවමනා නම් කරන්නේ වෙන්නේ blogspot.com වාරණය කිරීමයි මෙවිට ඔබත් මාතත් විතරක් නෙමෙයි මේ මමත් ඇතුළු බොහෝ අයව වරණය වෙනවා.
    මේ ආතර blogspot.com හි යම් කෙනෙක් මෙහි ලියාපදිංචි වුනොත් ඔහුවත් වාරණ වෙනවා.
    මිට හේතුව මවැනි වාරණයක් subdomains අරමුණු කර කල නොහැකි වීම.
    මෙවැනි සරල දේ නොදන්න රජය ඉන්දියාව සමග තොරතුරු තක්ෂණික ගිවිසුම් ගසන්න යනවා කියන්නේ අමුලික බොරුවක් සහ ලෝක විහිළුවක්.
    මතක තියාගතයුතු වැදගත්ම දේ තමයි මහින්දගේ වගේ ම මේ රජයේ ඉන්නෙත් හොරු රැලක් වෙනස ඔවුන්ට දැම්මම හොරු ලෙස පෙනිසිටියොත් වැඩිකල් මේ හොරකම කිරීමට නොහැකි වීමයි.
    මහින්ද නියම හොරකම් වලට බැස්සේ 2009 රජවීමෙන් අනතුරුවයි එතකොට ඔහුට දේසපාලන ප්‍රාග්ධනය තිබුන මයිට්‍රි - රනිල් කියන්නේ දේසපාලන වශයෙන් හිගන්නෝ දෙන්නෙක්, ඔවුන්ට මහින්ද කල දේවල් කිරීමට නොහැකියි. අද වනවිට මහින්දගේ කාලේ සිදුකල විශාල වැරදි වලට සමාන වැරදි කීපයක් මේ රජය සිදුකර අවසන්.
    මෙනිසා රජය දැනගත් යුතුයි හැසිරෙන්න නිවැරදි ලෙස

    ReplyDelete
  5. එයාලා පිස්සු කෙලින්නේ නැතුව හිටියාම ඔක්කෝම ඉවරනේ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. දැන් මේ ප්‍රශ්න රසික කියනවා වගේ ඉහේ ගහල තියෙන්නේ. මෙතන ඇත්ත කතාව උඩුවේ කියන්නේ නැත්තේ ඇයි. මෙච්චර කල් බැසයන පත්‍ර කලාවේ වැඩ කරන අයට තමා මාධ්‍යවේදීන් කියලා අයි ඩී දීල පහසුකම් දීලා, බැංකු නය දෙනවා නම් ඒවත්, වාහන ණය නම් ඒවත් ආදී මෙකි නොකී දේවල් ලැබුනේ. දැන් කරන්න හදන්නේ වෙබ් මාධ්‍යවේදීන්ටත් මේක ලබා ගන්න. අනික අයි ඩි එකක් තිබ්බම නිව්ස් සාකච්චා වලට අවහිරයකින් තොරව යන්න පුළුවන්. පත්තර ලියා පදිංචි කරනවා වගේ වෙබ් එක ලියා පදිංචි කරන්න කියන්නේ ඒකයි . වෙබ් මාධ්‍යවේදීන්ටත් ඒවා ලබා ගන්න. බ්ලොග් කරුවන්ටත් එහම ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ලෑස්ති කරන්න හිතෙනවා වුනත් ඒවා පසුවට දාන්න ඕනේ ඔය නිදහස පිලිබඳ කාරණය නිසා. පත්තර ආණ්ඩුව විවේචනය කරනවා නම් ලියා පදිංචි වුනත් වෙබ් වලට බැරි ඇයි ? මේ ලියා පදිංචියේ තව අදහසක් තියෙනවා. වෙබ් නමක් දැම්මාම ඒක උස්සල ඒ වගේම වෙන එකක් දාන අය ලංකාවේ ඉන්නවා. ඒක වලක්වන්න නම් ලියා පදිංචි වෙලා ඉන්න අඩවියට ඒකට විරුද්ධව ඉන් පස්සේ නඩු දාන්න පුළුවන්.
    සරසාට කියන්න තියෙන්නේ - අගමැති වැරදියි. හැබැයි සරසා ඊට කලින් රජයේ කරපු වැරදි වලට මොකවත් කිව්වද . වැරදී කිව්ව කට්ටියට බැනපු එකනේ කලේ. රසිකයි උඩුවෙයි හරි කරන විවේචනය. ඒ ගොල්ලෝ ඒක එදත් කලා . අදත් කරනවා. එහෙම තමා වෙන්න ඕනේ. අපි බලමු. ආණ්ඩුව ලියා පදිංචිය වාරණයක් කර ගත්තොත් එතන ප්‍රශ්න එනවා. ඒකට එකතු වෙලා සටන් කරමු. ආපහු යන්න බැහැ කියන එක මේ අයටත් තදින්ම බල කරලම කියා හිටියම හරි.
    බ්ලොග් කාරයෙක් සතියකට හරි ජන මාධ්‍ය ඇමති වෙච්ච එක බ්ලොග්කරුවන්ට උදව් කරන මාධ්‍යයකට හොඳ ප්‍රවෘත්තියක් වෙන්න ඇති රසික.

    ReplyDelete