Friday, June 29, 2018

බැසිල්

බැසිල් ගෝඨා ගැටුම. කුප්‍රකට ෂැංග්‍රිලා සිද්ධියෙන් පස්සේ ලංකාවෙ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාව. ට්‍රෙන්ඩ් වෙන මාතෘකා මතුවෙලා යටපත් වුණත් බැසිල් ගෝඨා ගැටුම තමයි මෑත කාලයේදී වැඩිපුරම කතාබහට ලක්වුණ මාතෘකාව. මේ දෙන්නා අතරින් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එක ගෝඨාට වැඩිපුර කැමතියි. සාමාන්‍ය මිනිස්සුන්ට අදහසක් නැහැ. ජනමාධ්‍ය වලිනුයි, බුද්ධිමතුන් යැයි කියාගත්ත අයයි, මහින්ද රාජපක්ෂයි තෝරා දෙන ඕනෑම කෙනෙක්ව සාමාන්‍ය ජනතාව පිළිගනීවි.

දුර බැලීම

‘ඒ මොන වචනය කීවත් උන්වහන්සේ නරක දෙයක් කියන බව විශ්වාස කරන්නෙ නැහැ. ඊට වඩා දුරදක්නා නුවණින් ඒ ප‍්‍රකාශය බාරගන්නවා. අපේ රටට අවශ්‍ය වන්නේ රටට ජාතියට ආදරය කරන, ජනතාවට සෙත සලසන පාලනයක්.‘

Tuesday, June 26, 2018

ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ අපූරු ජීවිතයෙන් බිඳක්

නූතන නවකථා කලාවේ කතාන්දර රජු ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා. විසිවැනි සියවසේ මුල්ම යුගයේදී සිංහල නවකථාව වර්ණයෙන් පුරවාලන්නට ඔහු සමත්වෙනවා. 1890 උපත ලබා 1957 දී මෙලොවින් සමුගත් වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා විසින් රචනා කළ විජයබා කොල්ලය, සිරියාලතා, හිඟන කොල්ලා, කැලෑ හඳ, හඳපාන, දෛවයෝගය, සුනේත්‍රා ඇතුළු නවකථා කෘති ගොන්නක් වගේම කෙටිකතා එකතු රැසක් සිංහල සාහිත්‍යයට අපූරුවට පාර පෙන්වන්නට සමත් වුණා. සිල්වා ශූරීන්ගේ සංස්කෘත මිශ්‍ර භාෂා ශෛලියද අපූරු ලෙස පාඨකයාව ග්‍රහණය කරගන්නට සමත් වූ බව විචාරකයන් ලියනවා.

අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් ගැන නීතීඥයා කී කතාව

'සර් මං අයාලෙ ගියා තමයි. මේ මහත්තයා එක්කම තමයි හිටියෙ.' උසාවියකට ඉදිරිපත් කරපු සංක්‍රාන්ති ලිංගික සහෝදරියක් වරක් මහේස්ත්‍රාත් ඉදිරියේ එහෙම කියලා තිබුණා. ඒ තමන්ව අල්ලගෙන ඉදිරිපත් කරපු පොලිස් නිලධාරීන් අතරින් කෙනෙක්ව පෙන්වලා. එකපාරම කරපු ඒ ප්‍රකාශයෙන් මුළු අධිකරණයම කලබල වෙලා තිබුණා. පොලිස් නිලධාරියාත් බයවෙලා තිබුණා. අන්තිමේ ඒ කාන්තාව නිදහස් කරන්නත්, අධිකරණයේ අවවාද ලබන්නත් පොලිස් කණ්ඩායමට සිද්ධවෙලා තිබුණා. 'සමහරු බයටම වැරැද්ද පිළිගන්නවා. මං පිළිගත්තෙ නෑ. මං මොකටද නොකරපු වැරැද්දක් පිළිගන්නෙ. මාව අයාලෙ ගියා කියල ඇරෙස්ට් කරනවානම් මාත් එක්ක හිටපු කෙනෙක්ව පෙන්වන්න ඕනෑනෙ.' ඒ සිදුවීම ගැන ඇය අපි එක්ක එහෙම කීවා. ඒක පරණ සිදුවීමක්.

ජුනි 25 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරපු කාන්තාවන් දෙදෙනෙක් ලිංගික ශ්‍රමිකයන්යැයි කියමින් පොලීසියෙන් කරුණු ඉදිරිපත් කරලා තිබුණා. ඒත් ඒ කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වුණ නීතීඥයා නලින් දිමුතු විසින් එයට විරුද්ධව හඬනඟලා. ඒ නිසා අධිකරණයේදී උණුසුම් තත්වයක් ඇතිවෙලා තිබුණා.

Monday, June 25, 2018

තායිලන්තයේ ළමා ලිංගික ශ්‍රමිකයන්

තායිලන්තය. බොහෝ දේවල්වලට යහපත් නාමය දිනාගනිද්දී ලෝකයේ වැඩිම ළමා ලිිංගික ශ්‍රමිකයන් සිටින රටක් ලෙස නරක නාමය දිනාගත් රට. ලිංගික සේවාවන් සැපයීම සඳහා දරුවන්ව ජාවාරම් කිරිම පිළිබඳව මෙන්ම ළමා ලිංගික ශ්‍රමිකයන් සඳහා සංචාරක ආකර්ශණයක්ද තායිලන්තයට තියෙනවා. තායිලන්තයට සමීප රටවල් කිහිපයකින්ම තායිලන්තයට දරුවන්ව රැගෙන එන්නෙ මේ ව්‍යාපාරය සඳහා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් ලෙස සලකන්නේ වයස අවුරුදු 18ට අඩු පුරවැසියන්ව. ළමයෙක්ව ලිංගික ශ්‍රමිකයෙකු ලෙස යොදාගැනීමෙන් මානසික සංකූලතා, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, සමාජ රෝග වැළඳීම, දරුවන් අපරාධවලට යොමුවීම, ළමා ගැබිණියන් මෙන්ම මරණය වැනි භයානක ප්‍රථිපල රැසකට මඟ විවෘත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා. මේ සටහනින් අප කතාකරන්නේ එවැනි භයානක මාතෘකාවක් ගැනයි.

Sunday, June 24, 2018

සනුකගේ චාඕ මල්ලී

සනුකගෙ අලුත්ම සිංදුව තමයි චාඕ මල්ලි කියන්නෙ. දැනටමත් බොහෝ අය සිංදුව අහලා ඇති. ඉතාලි පිස්සුව ගැනයි සිංදුව තියෙන්නෙ. මේක ලංකාවෙ පළවැනි ඉතාලි සිංදුව නොවන බව දන්නවානෙ. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සහ පිටරට විස්තර මෙව්වා වගෙ සිංදු මීට කලින් යුරෝප පිස්සුව ගැන හැදිලා තියෙනවා. දැන් ඉතාලියට වඩා කොරියන්, ජපන් පිස්සුව වැඩිවෙලා තියෙන බව ඇත්ත. ඒත් තාමත් ඉතාලි පිස්සුව හැදුණ කොල්ලො කෙල්ලෝ ඕනෑතරං ඉන්නවා. මොනවා කරන්නද? අවස්ථාවක් නැති කරුම දේශයක කොල්ලො කෙල්ලොන්ට ඒ වගෙ පිස්සු හැදෙන එක සාධාරණයිනෙ.

ඝාතනයට පෙර!

හොස්ටල් එකේ. අපි එතකොට එකොළහේ සෙට් එක. හොස්ටල් පහසුකම් තිබුණෙ ඕලෙවල් වෙනතුරු විතරයි. ඉතින් එකොළහේ සෙට් එක තමයි හොස්ටල් එකේ ලොක්කෝ. ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙක. හොස්ටල් එකේ බැජ් විදියට තමයි කල්ලි තිබුණෙ. පොඩි උං ඉන්න ඕනෑ ලොකු උන්ට ඕනෑ විදියට. ඇතුලේ යන වලි ගැන සර්ලාට කේලම් කිව්වොත් කේලමෝ අල වෙනවා. ඉතින්, අපට චණ්ඩිපාට් දාන්න නිදහස තිබුණා.

අපේ සෙට් එකේ  හයක්. අපි පොඩි උං කාලෙ ලොකු උං ඉස්සරහ බලු වුණාට, අපි එකොළහේදී මම තමයි ලොකුම කෙරුමා. පොඩි උංට වැඩිම පාට් දැම්මෙ මම. පණ්ඩිත පාට් දාන උන්ට රිදෙන්න දුන්නෙ මම. පොඩි උං මගේ ඉස්සරහදී ටිකක් බය පෙන්නුවා. මං නැති වෙලාවට මට හොරෙං මාව බලු කාඩ් එකට දානවා ඇති.

Saturday, June 23, 2018

කඳුකරයම කාමරයක

ජෙට්වින් ආයතනයට අයත් නුවරඑළිය වෝවික් වතුයායේ පවත්වාගෙන යන හෝටල් සංකීර්ණය තුල වතුකරයේ තේ දළු නෙලන ජීවිතවල සැබෑ අත්දැකීමක් ලබා දීම සඳහා "මීන අම්මාගේ ලයින් කාමරය" නමින් කාමරයක් නම් කිරීම සම්බන්ධයෙන් මුහුණු පොත සහ ට්විටර් මාධ්‍ය හරහා මහජනතාව කරනු ලැබූ විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස එහි ප්‍රධාන අධ්‍යක්ෂක හිරාන් කුරේ පවසා ඇත්තේ (https://www.facebook.com/jetwinghotels/posts/2030827963617564) ඇත්ත වශයෙන්ම මෙම කාමරය නම් කිරීමේ යෝජනාව එම වතු යායට ප්‍රධානව අවරුදු 12 ක් මෙහෙකාර සේවයේ නියැලුණු මීන අම්මා විසින්ම කල බවයි. 

ශ්‍රීලනිප මළගමේ අවසන් ඇණය


ඉදිරි මාස දෙකක් තුනක් ඇතුලත මහින්ද රාජපක්ෂ ඇතුළුව නිල වශයෙන්
 ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල සාමාජිකත්වය ගන්න නියමිතයි. ‍ එය ලංකා ඉතිහාසයේ දැවැන්ත දේශපාලන වෙනසක් වේවි. 

Friday, June 22, 2018

උතුරේදී කොටියෙක් මරා සැමරීම

තිරිසන්නු. ජීවිතයක වටිනාකම පිළිබඳ දැනුමක් නැති, හැඟීම නැති ජීවීන්. ජීවත්වීමේ සටන වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් අය. 

මනුෂ්‍යයෝ. සතුන්ට වඩා උසස්යැයි පිළිගැනෙන ශිෂ්ඨ ජීවීන්. ඇතැම්විට සොබාදහම අනවශ්‍ය විදියට පාලනය කරමින් ජීවත්වීමට අපට වරමක් ලැබුණායැයි අපි හිතන්නේත් අපි තිරිසනුන්ට වඩා ශිෂ්ඨ යැයි සිතන නිසා වෙන්න ඇති. 

Thursday, June 21, 2018

සී.අයි.ඩීය 'ලක්බිම'ට



ලක්බිම පත්තරේ පළවුණ මේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරන්න කියලා ඒ ප්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදීන්ගෙයි, අනුමත කරපු කර්තෘවරයාගෙයි තොරතුරු ඉල්ලලා සී.අයි.ඩී.ය ලක්බිම පත්තරයට ලියුමක් යවලා තිබුණා....

ඒ ප්‍රවෘත්තිය මැයි 25 වැනිදා තමයි පළ කරලා තියෙන්නෙ.

නීතීඥ සංගමයත් සාධුලාට බයද?

‘හාමුදුරුවරු සිරගත කරනවා. පොලිස්පතිවරයාගේ නීතිය නැවීමේ ක‍්‍රමය යටතේ ඉදිරිපත්වෙන බී වාර්තා ගැන පුදුම හිතෙනවා. බටහිර ජාතීන් සතුටු කරන්නට මේ නඩු තීන්දුව දීලා තියෙනවා. ඒ පසුපස ප‍්‍රබල ඇමතිවරුන් දෙන්නෙක් ඉන්නවා’



Tuesday, June 19, 2018

ලිංගිකව එක්වූ බාලවයස්කාරයන්..... ( Photos )

ගිය සතියේ අනුරාධපුරයේදී නවයොවුන් තරුණියක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු තරුණයෙක්ට ඒ දැරියවම විවාහ කරදෙන්න තරුණියගෙ පවුලම මැදිහත් වුණ සිදුවීමක් වාර්තාවෙලා තිබුණා. ඇයට දැරියක් යැයි කීවත් ඇයට වයස අවුරුදු 18යි. ඒ තරුණයාට වයස අවුරුදු විස්සක් ඇති. මේ දෙන්නා නිවසේදී හොරෙන් ලිංගිකව එක්වෙලා. තරුණයා මේ ඇසුර තරුණයා වීඩියෝ කරලා තියෙනවාලු. පොලීසියට ලැබුණු 'ඔත්තුවක්' නිසා මේ තරුණයා සහ තරුණිය සිටි නිවසට ඇතුලුවෙලා. තරුණයාව අත්අඩංගුවට අරන් මොකක්හරි චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් කරලා. මේ මුලු සිදුවීම් මාලාවම හරි විකෘතියි. අපේ සමාජයේම විකෘති බව සිදුවීම් මාලාව ඇතුලේ තියෙනවා.

ඡායාරූපය සංකේතයක් පමණි


Monday, June 11, 2018

දෙමළ ප්‍රශ්ණය සහ හමුදාව

මේ කර්නල්ගේ කතාව සම්පූර්ණ හමුදාවට ආදේශ කරගෙන මීඩියා සියල්ලම නටන්න යන නාඩගම් ගැන පස්සෙ පස්සේ මගේ ඔලුව ක්ලියර් වෙන්න ගත්තත්. ඒ සියල්ලට කලින් මට ආපු ඔරිජිනල් අදහස් එක්ක මට යමක් කියන්න ඕනෑ වුණා. මේක ටිකක් සුභවාදීවම මට බලන්න ඕනෑ වුණා.



රත්නප්‍රිය බන්දුගේ කතාව දුටු විගස මට මතක් වුණේ භාරතීපුරම්. දෙවැනියට කේප්පාපිලවු. තුන්වැනියට අතුරුදන් දරුවන් වෙනුවෙන් උපවාස කරන අම්මලා. හතරවැනියට මගේ මල්ලි සහ මස්සිනා.

හතරවැනියාගෙන් කතාව පටන්ගන්ඩෝනෙ. මගෙ මල්ලි. අම්මාගෙ මල්ලිගෙ පුතා. එයා හමුදාවෙ සෙබලෙක්. හමුදාවට බැඳුණෙ යුද්ධයෙන් පස්සෙ. ටිකක් නිහඬ කොල්ලෙක්. අහිංසකයෙක්. මස්සිනා කියලා කිව්වෙ නංගිගේ පෙම්වතාට. එයාත් හමුදා සෙබලෙක්. මම තවම මස්සිනා රෙස්පෙක්ට් එක තියාගෙන වචනයක් කතාකරලා නැතත් නංගි කියන විදියට අහිංසකයෙක්. හොඳ මිනිස්සු. මම හමුදාවට වෛර කරන කෙනෙක් විදියට ඇතැම්මු අඳුනගන්නවා ඇති. ඒත් මම වෛර කරන්නෙ හමුදාවට නෙවෙයි. හමුදාවට කරන්න වෙන යුද්ධ වලට. යුද්ධ වලට ප්‍රේම කරන්න තරම් උන්මත්තකභාවයක් මට නැහැ. මම ප්‍රේම කරන්නෙ සාමයට. යුද්ධය ආදරණීය, වීරත්වයෙන් පිරුණු දෙයක් විදියට වර්ණනා කරන්නත් මට ඕනෑ නැහැ. මම වර්ණනා කරන්නෙ සාමය. සාමය ගැන කතාකරන්නෙ යුද්ධවල කෙරෙන්නෙ මිනිස්සු මරාදැමීමක් වන නිසා. මිනිස්සු මරනවාට කවුද එකඟ??? හැබැයි යුද්ධවලට යන්නෙත් මිනිස්සු. මොන යුනිෆෝම් එක ඇතුලෙත් ඉන්නෙ මිනිස්සු.