Thursday, October 29, 2015

තව ගහපිය, ඔය මදි

මට මහාමාර්ගෙයි ශිෂ්‍යයොයි අදුරගන්න බැරි උනා. මම උන්ව යැවුවෙ පාර තලන වැඩකට. ඒ උනාට මුන් තලලා තියෙන්නෙ ස්ටූඩන්ලා වගයකට. මේ මිනිස්ටි‍්‍ර දෙකක් එකට දාලා මමත් අන්දොස් වෙලා ඉන්නෙ. තලන්නෙ මොකක්ද පුදන්නෙ මොකක්ද කියලා මටම හොයාගන්න බැහැ. මම හිතන්නෙ එහෙනම් උපාධි ආරවුල විසදන්න යවපු ප්‍රෙෆෙසර්ලා ටික කොහේ හරි පාරකට ඩිග‍්‍රි එක දීලා එන්න ඇති.
හොද වෙලාවට මේ මිනිස්ටි‍්‍ර ගොඩ අස්සට බුද්ධ සාසන අමාත්‍යාංශය නොදැම්මෙ. නැත්තං මුන් පන්සල් වලට පැනලා මහ නායකලාට දෙයි DNA ටෙස්ට් කරනකංම.
- ලක්ෂ්මන් කිරිඇල්ල -
විශ්වවිද්‍යාල හා මහා මාර්ග අමාත්‍ය

Tuesday, October 27, 2015

මම සමකාමියෙක්?



(මාස කිහිපයකට කලින් ලියූ සටහනකි)
 
ලෝකය දියුණු වෙමින් පවතී. තාක්ෂනය සමඟම ලෝකය පිළිබඳ දැනුමද ඒ තුලින් සංස්කෘතියද වෙනස් වෙමින් පවතින්නේය.
සමකාමී වීම කියන්නේ ලෙඩක් නොවන බවත් එය ජීව විද්‍යාත්මක තත්වයක් බවත් දැන් ඔප්පු වී ඇත. සතුන් අතරද සමකාමී ලිංගික හැසිරීම් තිබෙන බව ඔප්පු වී තිබේ. ( සංස්කෘතිය කියන්නේ එකම විදියට තියෙන්න ඕන දෙයක් නෙවෙයි වෙනස් වෙන්න ඕන. ඉස්සර වගේ කවුරු හරි සමකාමී කෙනෙක් හිටියම තොවිල් කරලා පිස්සු කෙලින්න ඕන නැහැ.)

Monday, October 26, 2015

මීඩියා මර්ධනේ

යූඅඇන්පී එකට ජනමාධ්‍ය පාලනය කරන්න ඕන. ඒකට මහින්ද වගේ සුදු වෑන් එවලා තග දාන ක්‍රමයක් වෙනුවට යූඇන්පිය පාවිච්චි කරන්නේ වෙනත් ක්‍රමයක්.

එයාලා උත්සාහ කළා ලංකාවේ ප්‍රධානම ජනමාධ්‍ය වෘත්තීය සමිතිය (වෘත්තීය සමිතියක් විදියට ලියාපදිංචි කරලා තියෙන්නේ ඒක විතරයි) බලය අල්ලන්න. ඒක ගොඩක් පැතිවලින් වාසියි. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණා.

ඉන් පස්සේ උත්සාහ කළේ අළුත් වෘත්තීය සමිතියක් හදන්න. ඒත් අළුත් එකක් හැදුවොත් ඒකට නිල පිළිගැනීමක් නැතිවෙනවා. ඒ නිසා කළේ  2012 දී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට නම වෙනස් කරගත්ත වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පරණ නම උස්සනන්න උත්සාහ කරපු එක. ඉන්පස්සේ නිල පිළිගැනීම ලැබෙනවා.

ඉන්පස්සේ කරන්න තියෙන්නේ මාධ්‍යවේදීන්ව පාලනය කරන්න යූඇන්පීය ගන්න උත්සාහයන් සාධාරණීකරනය කරන එක. අනිත් පැත්තෙන් ඉඳහිට මහින්දලා කරපු මිනීමැරුමක් අතුරුදන් කිරීමක් අල්ලගෙන සංදර්ශණයක් කරලා යූඇන්පියට වක්‍රාකාර සපෝර්ට් එකක් දෙන එක. (මහින්ද එල්ටීටීඊ බිල්ලෙක් නඩත්තු කළා වගේ මහින්ද බිල්ලෙක්වත් යූඇන්පියට ඕන.)

මේ අළුත් සංගමයේ කට්ටිය මාධය ආයතන වලට ගිහින් කෙළින්ම කියලා තියෙනවා ආණ්ඩුවේ සපෝර්ට් එක ලැබෙන්නේ අපට, අපි එක්ක එකතු වෙන්න කියලා.

අපේ මාධ්‍ය අයියලත් මොකක්හරි වාසියක් ලැබෙනවානං ඕන තැනක ලගින නිසා සංගමයට සාමාජිකයෝ කණ්ඩායමයකුත් හදාගන්න ලැබුණා.

මේ සංගමය එළියට ආවේ පුවත්පත් මණ්ඩලයෙන්. පුවත්පත් මණ්ඩලය මොකක්ද කියලා ගොඩක් මීඩියා අයියලත් දන්නෙ නැහැ. (මොකද එයාලා තමන්ගේ වෘත්තීය පරිසරය ගැන සැලකිලිමත් නෑ.) ඒ තමයි මීඩියා දඬුකඳේ ගහන කැලෑ උසාවිය. කියවන්නක

මේ සංගමය පිළිගන්නේ පුවත්පත් මණ්ඩලය කියන ගෝත්‍රික ආයතනය. අපට තියෙද්දී පුවත්පත් ආයතනය කියන ස්වාධීන ආයතනයක්. මාධ්‍යවේදියෝ ගොඩක් මේ සිද්ධිය දකින්නේ නිකන් වෘත්තීය සමිති දෙකක් අතර සිද්ධියක්... පුද්ගලයන් අතර සිද්ධියක් කියලා විතරයි. ඒත් මේක මාධ්‍ය ස්වාධිනත්වය සම්බන්ධ සිද්ධියක්. ( කොළඹ ප්‍රකාශනය. මේකෙන් තමයි ස්වාධිනත්වය දුන් ආයතනය පිහිටෙව්වේ)

වැදගත්ම කතාව මේකයි. 

මේ යූඇන්පී මෙහෙයුම වෙනුවෙන් එළිපිට පෙනී ඉන්න මාධ්‍ය ආයතන දෙකක් තියෙනවා. එකක් කොහොමත් ආණ්ඩුවේ වෙච්ච සිළුමිණ සහ ආණ්ඩු විරෝධී ජාතිවාදී ස්වරූපයක් පෙන්වන දිවයින. සංගමයේ වැඩි බලයක් තියෙන්නේ දිවයින සම්බන්ධ අයට.

යූඇන්පියත් එක්ක විමල් වීරවංශ, ගම්මන්පිලලාගේ මතවාදී ප්‍රකාශණයක් වෙච්ච දිවයිනට තියෙන ගණුදෙනුව මොකක්ද?

මේ තමයි සෙල්ලම. මහින්ද රාජපක්ෂට බලයේ ඉන්න. මිනිස්සුන්ව සූරාකන්න කොටි අවශ්‍ය වුණා. කොටි බිල්ලා තියාගැනීමට මහින්ද විවිධ දේවල් කළා. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුවට මිනිස්සුන්ව දිගටම සූරා කන්න නම් ජාතිවාදී මහින්ද බිල්ලා දිගටම තියාගන්න ඕන. ජර්නලිස්ට්ලව මර්ධනය කරන පුවත්පත් මණ්ඩලයට දිවයින බය නැත්තේ මේ එකඟතාවය නිසා. 

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අයට කියන්න තියෙන්නේ සිහියෙන් ඉන්න කියලා. මේ ඩීල් එකත් එක්ක සැබෑ ජනතා ප්‍රශ්ණ වෙනුවට බොරු ප්‍රශ්ණ මාධ්‍ය වලින් මතු කරයි. සැබෑ ප්‍රශ්ණ ගැන කියන මාධ්‍යවේදීන්ව කලින් වගේ සුදු වෑන් එකෙන් නෙවෙයි පුවත්පත් මණ්ඩලෙන්ම නඩු අහලා මර්ධනය කරයි.

 

 

Sunday, October 18, 2015

සුජියාට ලියමි....



කීර්ති ලොකුලියන සහෝදරයාගේ කවියකට පිළිතුරකි..........


















සුජියො මට තේරෙනව

මේ තමයි ජීවිතේ

කරුමෙ නං නෙවෙයි බං

අපට දුන් ජීවිතේ



ළමයින්ට කියාපන්

පෝන් එක අතට ගෙන

පෝන් තියෙනා උන්ට

උපාසක සමාජෙට

හිනාවෙන පරයන්ට

කියාදෙන්නැයි කියා

අපට මේ ජීවිතේ - තොපි දුන්නු ජීවිතේ



උගන්නාපං උන්ට මේ වළෙන් ගොඩ එන්න

බුදුන්ටත් හැමිණෙන්ඩ කියාදීපං උන්ට

තනියෙන්ම බුදු නොවී සෙට් වෙලා බුදු වෙන්ඩ

අපෙ විහිළු ජීවිතත් අරන් නිවනට යන්න


කීර්ති සහෝදරයාගේ කවිය

සුජී ඔය ෆෝන් එක
දීපන්කො කීවාට
මං කොහොම දෙන්නද
ෆෝන් එක කාටවත්
මාත් ආසයිනෙ බං
උඹේ හඬ අහන්නට

අැගපතේ අමාරුව
නිසා බං හැන්දෑවෙ
වෙනද වගෙ මං ගැහැව්ව
වෙල් කසිය බාගයක්
ඉන් පස්සෙ වුන දෙයක්
මතකයක් නෑ බං
උඹ කතාකර බවක්
පොඩි දෝනි කිව්ව මට
කඹුරළා උඹ එවන
එකම එක දොයිතුවක්
මං ගත්තෙ නෑ බං
මගේ තනි වියදමට
ලොකු කෙල්ල ඒ සල්ලි
ගානටම මිම්මටම
ඉනේ ගහගෙන ඉන්නෙ
කෑව බීවත් හරියට
උඹ ගියේ අරාබියෙ
අපේ නැති බැරි කමට
පලු යන්න බැන්නත්
මං උඹට පින්දෙනව
මගේ නැහැ බොරුවක්
වෙනද වාගෙම තමයි
ඉඳල හිටලා කසිය ගැහැවත්
මං උඹේ සුජිය බං
කවුද අලුගුත්තේරුවෙක්
උඹේ අර කතාවම
රටවටේ අවුළාල
අම්මාට හැමිනෙන්න
අනේ බං මගෙ කුසුම‍ො
මේ ඉන්න පාහරයො
පට්ට ආතල් ගන්නෙ
අපේ දුප්පත්කමින්




ෆේස්බුක් වින්දනය

Thursday, October 15, 2015

එල්ලන්ඩ නියමිත උං

මං පොලේ ගැහුවෙ 
මගෙ පොඩි එකා
වැරදියිද? හා......

මගෙ ගෑණි මුහුදට දානකොට
ඇයි තොපිට රිදෙන්නෙ?

කූඩුවේ හිර කෙරුවෙ
මගේ මහ එකා
බොලව් තොපි මොකද
කලබල වෙන්නේ?

මගේ කෙල්ලට යකෝ
බිම දාං මං ගැහුවෙ

තමන්ගේ උන්ට
ආදරය නොකළ අපට
ආදරය කරන්නට
ඉඩ නොදුන්නේ කවුද?

තමන්ගේ උන්ට විතරක් 
ආදරේ කරපු උං

එල්ලපල්ලා උන්ව....






සම්මතය

පුතා (වයස 14 යි) -
 
මරදාන හන්දියේ 
කොට සාය පටලවං
අපේ හෙට වෙනුවන්ම
ඇය ඉන්නෙ වරු ගණන්

*****************

මගෙ අම්ම බව නොදැන
වල් හැත්ත අපෙ එවුං
අම්මගෙන් සැපගත්ත
මතක පොත කියවමින්

*****************

පාෂාණ ද්වී ශතක  

භක්තියෙන් ඔදවැඩී 
මරක්කල කඩ දෙකක්
කුඩු කෙරුව සැඳෑවක

දවල් ඩියුටිය ඉවර
අම්ම ඇඳ මත වැටුණ
ලිහා දැමු නිල ඇඳුම
දිගහැරුණු අඟ පසඟ
යහළුවන් දෙසු මතක

*****************

පුදුමයක් නොම දිලුණ
වෙහෙසකර ඇගේ නෙත්
නොබළමින් දිය කළෙම්
පිරිමිකම් මා උගත් 

****************

අම්මා (වයස 31යි)  -
 
පොඩි කෙල්ලගේ පුංචි
ජීවිතයෙ රස උරා
දිවිතෙක්ම උළුගෙදර
ගිය නිසා මහඑකා
 
ගොඩක් ඈතිං ඇහෙන
සාරදම් පින් බයිල
මිනිස් හඬ දුර යද්දි
සැනහුමත් කරතියන්‍

මුහුණු හඳුනන්න බැරි
පාපතර කළුවරේ
මං හෙව්ව දයාවක්
බුදියන්ඩ හේතුවක්

ඇඟ මතට ගොඩ වුණත්
මහගොඩක් පිරිමි හිත්
ලොකු කොල්ලගෙං තරං
දැණුනෙ නෑ උණුහුමක්

හෙටත් උගෙ උණුහුමින්
අනිද්දාවක් හොයමි

.......................................

 

Tuesday, October 13, 2015

නිදහස? ලැබුණද? නිදහසක් තියෙනවාද?

මේ දිනවල සමාජ ජාල අාතල් හිට්ලිස්ට් එකේ ඉහළම තැනක තියෙන්නේ නිදහස ලැබුණු දවස ගැන කතාවයි. ෂනුද්‍රි ප්‍රියසාද් නම් තාත්තගේ පානට එයාගේ තෙල් දැමූ නිළියත්, අර සුපර්ස්ටාර් කොල්ලත් (බොරු නෙවෙයි අම්මප නම මතක නෑ. දසුන් වගේ මතක.) සිරස වැඩසටහනකදී නිදහස ලැබුණු දිනය හා ලංකාවේ අගනුවර වරද්දා ගැනීම ආතල් හිට්ලිස්ට් එක උඩු යටිකුරු කොට චාමරලා, කොණ්ඩයා, සුජීගේ ෆෝන් එක වැනි පීඩිත පන්තියේ මිනිසුන්ගේ කතා වලින් පොඩි පොෂ් සිද්ධියකට ඇදගෙන ගියේ ය. ( යුරේනිගේ ජංගියත් හිට්ලිස්ට් වල තිබුණු ඔයවගේ කතාවක්. )

මීඩියා මර්ධනය කළාට අපට මොකෝ?

මාධ්‍ය මර්ධනය සාමාන්‍ය කෙනෙක්ට වැදගත් මාතෘකාවක් නොවෙන්න පුළුවන්. මාධ්‍ය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහෙත් දේශපාලනය ගැන උනන්දු වෙන ඕනම කෙනෙක් මාධ්‍ය ගැන උනන්දු වෙන්න ඕන.

මෙහෙම පැහැදිළි කරන්නම්. කැලණි ගඟේ ජලය විෂ වෙලා මිනිසුන්ට පිළිකාකාරක සහිත ජලය බොන්න සිදුවීම, ඉන්දියානු ට්‍රෝලර් ලංකාවට එන නිසා උතුරේ ධීවරයන් දුක් විඳීම, රතුපස්වල මිනිසුන් තවමත් විස වතුර බීම, උමා ඔය නිසා බණ්ඩාරවෙල සිද්ධ වෙන විනාසය, කර්මාන්තශාලාවක් නිසා දැදුරු ඔය මරණාසන්න වීම, මිනිසුන්ගේ ජීවන අර්බුදය වගේ දේවල් විසඳන්න බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒත් ඒ ප්‍රශ්ණ පෙන්වලා ජනමතයක් හදලා විසඳුමක් කරා ගෙනියන්න හැකියාව තියෙන්නේ මාධය වලට.

Monday, October 05, 2015

ජිනීවා ඔක්කොම බොරු....

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කළ යුතු බව කීවේ අන්තර්ජාතික ප්‍රජාව එසේ කළ යුතු බවට එල්ල කළ බලපෑමත් එක්ක.

විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාවිල්ආරු සිදුවීමෙන් පසුව වියරුවෙන් මෙන් උතුරේ කැලිකරුවන් මර්ධනය කිරීමේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සිද්ධ වෙලා තියෙන බවට පැහැදිළි සාක්ෂි තියෙන නිසා. යුද්ධයේදී මානව හිමිකම්  කඩනොවුණු බවට කෙරෙන තර්ක හුදු විශ්වාසයන් පමණයි. මැදිහත්ව තර්ක කරන ඕනෑම කෙනෙක්ට පැහැදිළි කරගන්න පුළුවන් යුද්ධයේදී අපරාධ සිදුවී ඇති බව.