Thursday, December 08, 2016

පොඩි කාලෙ සෙක්ස් සර්ච් කළ හැටි

අපි හතේදීත් වැඩිය සෙක්ස් ගැන දැනගෙන හිටියෙ නැහැ. හතේ මුල් කාලෙත් මම හිතං හිටියෙ ළමයි ලැබෙන්නේ ඇන්මම් බිව්වම කියල. 


හතේදී අපේ පන්තියට අමුතු කොල්ලෙක් ආව. පොර අපි වගේ හද්දා පිටිසර එකෙක් නෙවෙයි. කොළඹ වත්තක ඉඳලා පස්සේ කාලෙක පවුලත් එක්ක ගමට ගිය එකෙක්. ඉස්කෝලේ එකේ ඉඳන්ම හිටපු එකෙක්. හොස්ටල් එකට ආවේ හතේදී. 

Sunday, December 04, 2016

ගෝඨා ඊයේ සමුගත්තේය


ගෝඨයිම්බර කෝලම ගැන ඇසූ දුටු අය ඇති. අහන්න නොලැබුණු පිරිසකුත් ඇති.

ඒක නාට්‍යයක් විදියට මෑත කාලයේ වැඩිම විචාරක අවධානයක් දිනාගත්ත නිර්මාණයක්.

ඒකේ විශේෂත්වය කෝලම් ආකෘතියෙන් ප්‍රාථමික වේදිකාවක රඟදැක්වීම. ප්‍රාථමික ප්‍රේක්ෂකාගාර ආකෘතිය යොදාගැනීම. කෝලම්වල වගේම. වටේට පුටු තියලා මැද රඟදක්වනවා. 

ගෝඨා

‘ගෝඨා ඉල්ලා අස්වෙයි‘
 
දෙසැම්බර් හතරවැනිදා රාත්‍රී හතට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ගෝඨයිම්බර කෝලමේ අවසාන දර්ශණයට සූදානම් වෙද්දී නාට්‍යය නිෂ්පාදක කණ්ඩායම මුලින්ම සිය ප්‍රචාරණයට යෙදුවේ ඉහත පාඨයයි.

ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම සිය අවසාන දර්ශනයට සූදානම් වෙන්නේ දර්ශනවාර දහයකදී නාට්‍යයකට නිර්මාණය කළහැකි උපරිම සංවාදයකටත් එහා සංවාදයක් ඇති කරමිනි. එක් පැත්තකින් නිෂ්පාදන කණ්ඩායමේ සාර්ථක ප්‍රචාරණ උපක්‍රම මෙන්ම නිර්මාණයේ සුවිශේෂත්වයත් ඒ සංවාදයට හේතුවිය.

Thursday, December 01, 2016

තවත් බස් කතාවක්


අද අප්පච්චිලා ස්ට්‍රයික්. ගෙදරට වෙලා ඉන්නෙ. මමනං ඉස්කෝලෙ ආව. සීටීබීයෙක්ක. මං දැක්ක පේස්බුක් එකේ අප්පච්චිලට බයිනව. ඇමෝම. පන්තියේ ටීචත් බැන්න. යාලුවොත් බැන්න.
 
අප්පච්චිලා පාරෙ නීති කඩන්න ඉඩ දෙන්න කියලලු ස්ට්‍රයික් කරන්නෙ.

ඇත්ත තමා. අපපච්චිල ස්ට්‍රයික් කරන්නෙ නීති කඩන්න කියල තමා.

අප්පච්චිලට ඒක ස්ට්‍රයික් කරල ඉල්ලගන්න වෙලා. ඒ අයිතිය. 

Tuesday, November 29, 2016

ලොකුමාමා


මරණයක් වෙලා අවසන් කටයුතු වලදී මියගිය කෙනාගේ ගුණකථන කරන හැම මොහොතේම මට මතක් වෙන්නේ අපේ ලොකු මාමා. 
ඔහුව පණපිටින් මට මතක දෙතුන් වතාවයි.

Thursday, November 24, 2016

අම්මා


හොඳම මිත්‍රෙයකුගේ තාත්තා තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා. 

අනෙකාගේ දුකේදි ළඟින් ඉන්න අහිංසක ඔහුගේ තාත්තාත් ඒ වගේම කෙනෙක්... 

තාත්තා හිටපු විදුහල්පතිවරයෙක්. කවුරුත් බාරනොගත්ත දුෂ්කර පාසැලක් බාර අරගෙන කාලයක් තිස්සේ එතැන හිටපු කෙනෙක්. 

මේ රටේ බහුතරයක් ඒ තාත්තාව දන්නේ නැහැ. හැබැයි ඒ දුෂ්කර ගමේ මිනිස්සු තාත්තාව දන්නවා විශේෂ පුද්ගලයෙක් විදියට. ඒ තාත්තාගේ නම ඉතිහාසයේ නොලියැවුණත් ඈත ගමක ළමයින්ගේ ඇස් පෑදීම නිසාත් මගේ මිත්‍රයා වගේ හොඳ මනුස්සයෙක් ලෝකයට බිහිකරපු එක නිසාත් ඔහු පොළොවට ණය නැති ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. 

Monday, November 21, 2016

කොස්තාට ගහලා ලියන්නේ නැද්ද බං

ඉදිරියට ලියනවායැයි කියා නොලියූ සටහන් දෙකක් තියෙනවා. ලියන්න හිතාගෙන කල්දාන සටහන් කිහිපයක් තියෙනවා.. 

ඒවා අස්සේ විමල් කුමාර්ද කොස්තා ලොවෙන් සමුගත්තා... 








ඉන්බොක්ස් කරලා මගෙන් ඇහුවා කොස්තාට බැණලා ලියන්නේ නැද්ද කියලා... 

Friday, November 18, 2016

රාවයට තිහයි මට විසිපහයි

රාවය උපන්දිනය ගැන ලියන්නට හිටපු සටහන මහින්දගේ උපන්දිනය වෙනකල්ම කල්දාන්න සිද්ධවුණා.. 😃

රාවය තිස්වැනි සංවත්සර උළෙල පහුගිය 15 වැනිදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. 

රාවය තිහ සමරද්දී ලියන්නේ මොනවද කියලා මම කල්පනා කළා. මට හිතුණේ රාවයේ තිරය පසුපස හිටපු අය සහ තිරය පසුපස කතා ටිකක් ලියන්න. එහෙත් ඒක ටිකකට කල්දැම්මා. ඊට කලින් රාවයේ පරණ මතකයන් ටිකක් ෂෙයා කරගන්නට හිතුණා... 

රාවය කියන්නේ මම නියෝජනය කරන තැනක්වත් මට අයිති තැනක්වත් නෙවෙයි. මම එතන රාජකාරි කරනවා විතරයි. 

රාවය කියන්නේ බොහෝ දෙනෙක්ට අයිති. බොහො දෙනෙක් ආදරය කරන තැනක්. 

රාවය මුල සිටම මහත් ආදරයකින් කියැවූ පිරිස විශාලයි. වෙන කිසිම පත්තරයකට මේ තරම් පිරිසක් මේ තරම් ආදරය කරන්න නැතිව ඇති කියලා මට හිතුණා.

Thursday, November 10, 2016

ට්‍රම්ප් මකබෑවිච්චාවෙ! ධනුෂ්ගෙ ෆිල්ම් එක

මේ වෙද්දී සිංහල සහ මුස්ලිම් ජාතිවාදී කන්ඩායම් ඇවිස්සිලා තියෙන්නේ. ඒවා අස්සේ ආබාධිත ‘රණවිරුවන්ට‘ පහරදුන්නා. ඒ මදිවාට ට්‍රම්ප් ජනාධිපති වෙලා ඇමෙරිකාව කැළඹුනා. අයවැයකුත් ආවා.

හැබැයි මට ඔය එකක්වත් එච්චරම වැදගත් නෑ. වෘත්තියට අයිති කෑලි නිසා ඒවා ගැන හෙව්වත් උණ ගැණිලා තියෙන්නේ ඒවා ගැන නෙවෙයි. ධනුෂ්ගේ අළුත් චිත්‍රපටිය ගැන.



චිත්‍රපටිය බලපු ගමන් ඒ ගැන ලිව්වා. ආපු දවසට පස්සෙ දවසේම චිත්‍රපටිය බැලුවා. හැබැයි ඒක පලකරගන්න බැරිවුණා. පහතින් තියෙන්නේ ඒ ගැන කලින් ලියපු සටහනක්.... 


ධනුෂ් ද්විත්ව රංගනයක

Thursday, November 03, 2016

මැරුණ මිනිහෙක්ටවත් ඉන්න දෙන්නැති පාහරයා!!!!

මට හොඳ අභ්‍යාසයක් ලැබුණා.

මම හිතුවා අමරදේව මාස්ටර් මියගියත් වචනයක්වත් ලියන්නේ නැහැ කියලා.

ලියන්නේ නැහැ කියලා හිතපු මම හිතුවා පුංචි දෙයක් හරි ෂෙයා කරන්න ඕන කියලා. මට කියවා ඇති ලිපි ගොඩක් මතක් වුණත් වැඩියෙන්ම ෂෙයා කරන්න හිතුණේ සුලෝචන වික්‍රමසිංහට සුචරිත ගම්ලත් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් සහ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රෝහණ වීරසිංහට ලියා තිබූ විවෘත ලිපියක්. 

Monday, October 24, 2016

පොලීසියෙන් මිනීමැරීම උතුරට දැනෙන්නේ කොහොමද?

මම හිටියේ මේ සියල්ලටම මා කොතරම් දුරට වගකියන්න ඕනද කියා හිතමින්. 

පොලීසිය විසින් මරාදැමූ සුලක්ෂන්

 යාපනය මාද්‍ය සමාජයේ හෝල් එකේ. මගේ දෙපැත්තේ තරාකී සිවරාම්ගේත් නිමලරාජන්ගේත් ලොකු ෆොටෝ එල්ලලා තියෙනවා.

Saturday, October 22, 2016

ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු

ඊයේ ගියා ෆ්‍රැන්ජිපානි මංගල දර්ශණයට! 

ඇත්ත. පිරිමි පිරිමි දෙන්නෙක් කිස් කරනව දකිනකොට බොහෝ දෙනෙක්ට අප්‍රිය ගතියක් දැනෙනව. 

ඒ ඔබ විරුද්ධ ලිංගිකයෙක්ව කිස් කරන්න කැමති නිසා. බහුතරය කැමති විරුද්ධ ලිංගිකයෙක්ට ආදරය කරන්න වෙන්න ඇති. 

යශෝ, ජෙහාන් සහ දසුන්



මතක තියාගන්න. කිස් කරන එකවත් සෙක්ස් කරන එකවත් විතරක් නෙවෙයි. බහුතර අප විරුද්ධ ලිංගිකයෙකුගෙන් බලාපොරොත්තු වන ෆැමිලි, ලව්, අෆෙක්ෂන්, ශෙයාරින්, කෙයාරින්, බෝල බෙයාරින් ආදී සියළු දේ සම ලිංගික කෙනෙකුගෙන් බලාපොරොත්තු වීමයි සම සෙනෙහස කියල කියන්නෙ.

Thursday, October 20, 2016

පිස්සු හැදෙනවා ඕයි! 5 අලුත් ෆිල්ම්ස්

උඩුවා වැඩියෙන්ම කැමති රෙස්ලින් බලන්න. ඊළඟට ෆිල්ම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් තමයි හොයන්නෙ.

ෆිල්ම් එන්න කලින් ෆිල්ම් ටේලර් ආ විගස උඩුවා හොයාගෙන බලනවා. හැමදාම යූටියුබ් එකේ අප්ඩේට් එකේ ඉන්නවා. එහෙම බලාගෙන හිටපු උඩුවාට පහුගිය දවස් කිහිපයේ පිස්සු හැදිලා අායේ හැදෙන විදියේ දේවල් ටිකක් දැනගන්න ලැබුණා. ඒ මූවී ටේලර්ස් කිහිපයක්.

උඩුවා කැමතිම ඉන්දියානු නළුවෝ තුන්දෙනයි. ආමීර්, ධනුෂ් සහ විජේ සේදුපති. බටහිර ඉතින් ගොඩක් නළුවන්ගෙන් නෙවෙයිනේ ෆිල්ම් මනින්නේ. උඩුවා කැමතිම ෆිල්ම් සීරීස් කිහිපයක් තිබුණා. එක්ස්මෙන්, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඒවා අතරින් ඉස්සරහින්ම ඉන්නවා.

ඉතින් ඕවා මේවා අස්සේ පහුගිය දවස් කිහිපයේ ආ ටේලර්ස් කිහිපයක් මේ.

Thursday, October 13, 2016

මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද? (අපිළිවෙල අදහස් වැලක්)

උසාවිය සොක්කන්ට, එපා ලොක්කන් දක්කන්ට

මේ දයාසීලී මායාදුන්නේ නම් තැනැත්තෙක් මේ සතියේ රාවයේ එස්.එම්.එස්. තීරුවට එවූ කෙටි පණිවිඩයක්. මෛත්‍රීපාල සිරිසේනගේ කතාවේ සහ සම්පූර්ණ යහපාලන අවුල සාරාංශගත කරලා තියෙනවා මේ පණිවිඩයේ.

මෛත්‍රී ගේ කතාව ගැන බොහෝ දෙනෙක් පුදුම වුණේ නැහැ. ඒ කියන්නේ ඊට පෙර ඉඳන්ම මෛත්‍රී මේ ලක්ෂණ පෙන්වමින් හිටියා.

මෛත්‍රීට වැරැද්දක් කියන්නත් බැහැ. ඔහු දේශපාලඥයෙක්. ඉතින් අයියෝ දෙයියෝ කියලා මීඩියා වලට ප්‍රසිද්ධියේ වැළපුණත් මේ වගේ සංවාදයකදී අයියෝ දෙයියෝ කියලා වැඩක් නැහැ..... 


අපි ඇයි දේශපාලන නායකයන් මත බලාපොරොත්තු තියන්නේ...

Sunday, October 09, 2016

ලංකාවේ ඉසයිප්‍රියා ගැන තමිල්නාඩු ෆැන්ටසිය

ඉසයිප්‍රියා ගැන කරපු ෆිල්ම් එක  රිලීස් කිරීම වළක්වන තීන්දුවක් මැඩ්‍රාස් හයිකෝට් එක දීලා.

ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ.

Friday, October 07, 2016

නිහඬ උසාවිය රාවයට බයද? රාවය අධිකරණයට බයද?





උඩ තියෙන ෆිල්ම් එක තුන්වතාවක් බැලුවා මම. විවිධ අවස්ථාවල කළ ප්‍රදර්ශණයන් හොයාගෙන ගිහින් බැලුවේ. ඉදිරියටත් කිහිප වතාවක්ම බලන්නයි ඉන්නේ. 

මේක විතරක් නෙවෙයි.. නෝ ෆයර් සෝන්, ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්, සිටිසන්ෆෝ, ස්පොට්ලයිට් වගේ මම නිතර බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා.... 

Tuesday, October 04, 2016

තොරතුරු දෙන්න බැරිද?

මනෝරි පැලකැටිය.. තොරතුරු පනත... මහානාම ගුරුවරිය... රාජ්‍ය සේවය... දූෂණය... වංචාව....

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත රටේ ඉන්න සියලු දෙනාටම වැදගත් පනතක්. හැබැයි මේකේ වැදගත්කම ගැන වැඩියෙන් කියැවෙන්නේ මාධ්‍ය වලට සම්බන්ධ පනතක් විදියට. පනත ඉදිරිපත් කළෙත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් වීමත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මාධ්‍ය වලට කොටු කරන්න හේතුවක් වෙලා...




තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වගේම මූලික අයිතිවාසිකම් අතරට තොරතුරු දැනගැනීමේ අයිතිය එකතුවීමත් මූලික අයිතිවාසිකම් අතර භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය තිබීමත් වැදගත් කාරණයක්.

Friday, September 30, 2016

රාවය තරුණ ඔබව අගයනු ඇත

රාවයට අවුරුදු තිහක් පිරෙන්න නියමිතයි. අසූ ගණන්වල ලංකාවේ දේශපාලනය තරුණ කැරැල්ලක් එක්ක උණුසුම් වෙලා තිබුණු මොහොතක රාවය පටන්ගත් බවයි අපට අහන්න කියවන්න ලැබිලා තියෙන්නේ. යුද්ධයක් එක්ක උණුසුම් වෙමින් පැවති මොහොතක රාවය ගලාගෙන ගියා.


Thursday, September 08, 2016

එන්න රතුපස්වල කවිය කියවන්න....

මේ පොත් තොග ගණන් එළියට එන මාසය... 

කවි පොත්ද නවකථාද පරිවර්ථනද ගී පද රචනාද එකී නොකී නොයෙක් විදියේ පොත් එළියට එනවා.

ඒ ගොඩක් පොත් එළිදක්වන්න උත්සව සංවිධානය කරනවා..... ගොඩක්ම ස්වතන්ත්‍ර සාහිත්‍යමය පොත්. වැඩියෙන්ම කවි පොත්... 

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් පොතක් එළිදැක්වීමේ වැඩක් සංවිධානය කරනවා.


ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල කියන්නෙ කවි පොතක් නෙවෙයි. ඉතින් අපි මේ ආරාධනාව කරන්නේ කවි පොත් එලිදැක්වීමකට නෙවෙයි. හැබැයි රතුපස්වල කියන්නේම කවියක්.

Tuesday, September 06, 2016

නපුංසක බලු ගෑණු වැඩ කරන්න එපා ඕයි

බ්ලොග් අඩවියේ හිට්ස් සංඛ්‍යාව  ලක්ෂය ඉක්මවූවා. 

ටික දවසක් තිස්සේ බ්ලොග් ලියන්න වගේම කියවන්නත් මට බැරිවුණා. විජය නන්දසිරි ගැන ලියපු සටහනට ගල් සහ මල් ආවාට පස්සේ. මායා ගැන පෝස්ට් එක දාන්න දවසකට දෙකකට කලින් තමයි බ්ලොගක් කියවන්න කියලා බ්ලොග් අවකාශයට ආවේ. ඒත් එතැන ජරා වලක් බවට පත්ව තිබුණ හින්දා පෝස්ට් එකක් දාන්න අපුලක් ඇතිවුණා. ඒ නිසා නිකම් ඉඳපු මම ෆෝන් එකෙන් ලියපු මායා ගැන සටහන බ්ලොග් අඩවියට එකතු කළා. ඒක බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව ලක්ෂය දක්වා ගෙනගියා.

මම හිතාගෙන හිටියා හෙමින් හෙමින් ගමන් කරපු බ්ලොග් අඩවිය ලක්ෂය පිරෙන මොහොතේ සටහනක් ලියන්න. බ්ලොග් අඩවියේ අතහිත දුන් අයට ස්තූතියක් කරලා බ්ලොග් අඩවිය පටන්ගන්න හේතුවත් බ්ලොග්කරණයේදී මම හුරුවෙලා තිබුණ විදියත් ටිකක් පැහැදිළි කරන්න. කොහොමහරි පවතින වාතාවරණයේ සීන් එකත් එක්ක මට හිතුණා පොදු වැසිකිලයක් අරින්න. මාතලන්ගේ අර්ථකථනය අනුව. (මේකෙ කොහොමත් ටොයිලට් යන්න ගොඩක් අය එන එකක් නැහැ. මොකද මම වෙන ටොයිලට් වලට ගියත් මුත්‍රා පාරක් ඇර වෙන දේවල් කරනවා අඩු හින්දා)

Saturday, September 03, 2016

මායා බලල රංජන්ට විසිල් ගහන්න යං



මායා ඇමතියාගෙ ගෝලයන්ට නෙලද්දි හෝල් එකේ පිටිපස්සෙන් විසිල් සද්දයක් ඇහෙන්න ගත්ත. ලංකාවෙ හෝල් වල සෑහෙන්න ෆිල්ම් බලපු මට ඒ වගේ ඔරිජිනල් විසිල් ඇහුණෙ පළවෙනි වතාවට.
ඒ විසිල් රන්ජන්ගෙ රඟපෑමට වෙන්න ඕන.

Monday, August 08, 2016

විජය නන්දසිරිගෙන් පසු ගිහාන් ප්‍රනාන්දුට මොකක් වෙයිද?

බල්ලොත් එක්ක බෑ කියන්නේ මෑත කාලයේ වැඩියෙන්ම බැණුම් අහපු වැඩියෙන්ම බලපු නාට්‍යය....




ඒක සාර්ථක වෙන්න අන් සියල්ලට වඩා ප්‍රධාන හේතුව වුණේ අතිවිශිෂ්ඨ නළුවන් දෙන්නෙක්. ගිහාන් ප්‍රනාන්දු සහ විජය නන්දසිරි...

එතුමා, නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස් වගේ නිර්මාණ හරහා ටෙලිනාට්‍ය වල වෙනම මාක් එකක් ඔහු තිබ්බා.

අනෙක් අතට සිකුරු හතේ කියන්නෙත් ඒ වගේ චිත්‍රපටියක්.... ඒකෙන් විජය නන්දසිරිගෙන් චිත්‍රපටියක් ගොඩදාන්න පුළුවන් කියලා ඔප්පු වුණා.... හරහට වැටිලා කෙළින් නැඟිටින බන්දුලාගේ දැනියෙල් මිගෙල්  ජෝක් රහවිඳලම අපුල වෙලා හිටපු අය විජයගෙ ජෝක් බලන්න ගියා.... නිං හන්තර්, කෝ මාක් නෝ මාක්, සුහද කෙකා, මගෝඩිගෝඩයි වගේ විජය නන්දසිරි තමන්ගේ සිනමා රැල්ලක් හදාගත්තා...

ඒත් අන්තිමට ඔහු කරලා තියෙන්නේ මොකක්ද? බඩ මහත පන්තියක් පීඩිත මිනිසුන්ව අමතක කරපු ලෝකයක විහිළු භාණ්ඩයක් බවට පත්වෙලා ඔහු හිටියා... ඔහු සටන් කළේ නැහැ.... භීෂණකාරී යුගයක ඔහු නිහඬවම හිටියා....

අතිවිශිෂ්ඨ අසමසම රංගන ශිල්පියා විජය නන්දසිරි පරමාදර්ශයක් නෙවෙයි...

Monday, August 01, 2016

බණ්ඩාරවෙල අප්පුහාමි ලොකු තාත්තා සහ පිලිප් ශාන්තගේ පොත

KG පිලිප් ශාන්ත පොතක් ලියනව අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම කියල. ඒ පොත් තාම කියවන්න ලැබුණෙ නැතත් අප්පුහාමි හෙවත් ආර් එම් අප්පුහාමි ආර් එම් තරිඳු අමිල උඩුවරගෙදරවත් ආර් එම් කරුණාරත්න උඩුවරගෙදර හෙවත් අපේ තාත්තවත් බිහිකරන්න හේතුවුණ ප්‍රධාන චරිතයක්.

අප්පුහාමි කියන්නෙ අපේ සීයගෙ මල්ලිගෙ පුතා. ලොකු තාත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ.

Saturday, July 30, 2016

උතුරේ ජවිපෙ හඩ


මම කළින් කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් යුධ අපරාධ ගැන හොයන්න පුළුවන් කියල නෙවෙයි.

විජය පුවත්පත් සහ වික්‍රමසිංහ මාධ්‍ය තියරිය

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආයෙමත් මාධ්‍ය ආයතන කිහිපයක් නම් කරමින් තමන්ගේ තර්ජනාංගුලිය ඔසවලා තිබුණා. ඔහු කීවේ මොකක්ද? ඩේලි මිරර් කර්තෘවරයා හැමදාම හිටියේ මහින්ද රාජපක්ෂගේ මේසයේ බවත් ජාතික සමඟිය නැතිවන වාර්තා පලකරපු බවත් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ආර්ථිකය කඩාකප්පල් කරන විදියේ ලිපි පලකරපු බවත්. ඒ අයට පාඩමක් උගන්වන්න කටයුතු කරනවා කියලා අගමැති කියලා තියෙනවා.   මේක ඉස්සර කියපු කතාවක් නැවත මතුවීමක්.  

Sunday, July 24, 2016

සයිටම් ආරවුලෙන් මට හිතෙන්නෙ මෙහෙම

නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබිය යුතු වීම මිසක් අධ්‍යාපනය රජය හරහා දීම කියන එක නෙවෙයි. හැමෝම මේ දෙක පටලවගෙන තියෙන්නේ. ලංකාවේ විප්ලවකාරයො නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයටයි ජනප්‍රිය පාසැල් සංකල්පයටයි විතරක් සීමා කර තිබීම ගැටලුවක්.

Monday, July 18, 2016

දෙමළ සිංහල සංහිඳියාවයි මාධ්‍යයි.........



ඔය සිදුවීම වෙන වෙලාවෙ මම හිටියෙ කන්කසන්තුරේ. එහේ හමුදා නිලධාරීන් අවතැන්වූ දෙමල ජනතාවට නිවාස ඉදිකරනවා. අපි එක්ක කතා කරපු හමුදා නිලධාරියෙක් කී කතාවක් වටිනවා...  "අවුරුදු විස්සකට කලින් ඉහල අණින් අපි මේ ගෙවල් කුඩුපට්ටම් කළා... දැන් අපිම ඒ ගෙවල් ආයෙ හදනවා."

ඔවුන්ගෙ ඒ කතාව එක්ක මට හිතුණේ ආයෙමත් හමුදාවට මේ තැන්වල ගෙවල් කුඩු කරලා තව අවුරුදු විස්සකින් ආයෙමත් ගෙවල් හදන්න වේවිද කියලා... 

කට්ට කන්නේ ගම්වලින් හමුදාවට බැඳුන සිංහල තරුණයන් සහ දෙමළ තරුණයන්.

Thursday, July 07, 2016

ෂැඩෝ බොක්සින් ගහපු මහින්ද ෂැඩෝ අගමැති වීම

අවුරුදු දෙකකට කලින් මහින්ද කිව්වේ තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙන්න කවුරුවත් නැහැ කියලා. පොදු අපේක්ෂකයා කෝ කියලා අහපු එයා ලොකු ආතල් එකකින් යුතුව කීවේ එයාට ෂැඩෝ බොක්ෂින් ගහන්න සිද්ධ වෙන බවයි. එදා බලවත්ම ඇමතිධූර කිහිපයක් තමා සතුව තියාගෙන ජනාධිපතිධූරයත් එක්ක තේජසින් යුතුව ෂැඩෝ බොක්ෂින් ගහපු මහින්ද ෂැඩෝ කැබිනෙට් එකක අගමැති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. 


එදා සුමනදාසගෙ නැකතට මහින්ද දේශප්‍රියගේ පස්සපැත්තෙන් නාමයෝජනා දුන්නු මහින්ද පස්සටම ගිහින් තියෙන තරම ඒකෙන් තේරෙනව.

Tuesday, July 05, 2016

බදුල්ලට රාජපක්ෂලා එද්දී

බදුල්ල කියන්නේ යූඇන්පී බඹරෙ කැරකෙන් වැල්ලක්. අපි අයිති වෙන හාලිඇල ආසනෙත් ඒ ජාතියෙ තමයි. හැබැයි හාලිඇලේ සුළුතර ජනවර්ග වල ඡන්ද (දෙමළ මුස්ලිම්) නිසා තමයි යූඇන්පී බඹරෙ කැරකෙන්නේ. අපේ ගම් පැත්තට එද්දී දෙමළ ජාතිකයන් හිටියත් සිංහල බහුතරය ඉන්න ගම්මාන. ඉතින් සිංහල ගැමි මතවාදයක් තමයි රන් කරන්නේ. ඒකට ගැමියන්ගේ සිංහල රට දැය ගැන තියෙන කැක්කුම හේතුවුණා කියල හිතන්න එපා. අවුරුදු දහයක් තිස්සෙ ඉන්න ආණ්ඩුවට තමයි ගැමියන්ගෙ කැක්කුම යන්නෙ.

ඉතින්.......... ඒකෙ තේරුම මහින්දවාදීන් තමයි අපේ ගමේ ඉන්නේ. ගමේ පන්සල අවුරුදු පහළොවකට විස්සකට ඉස්සර යූඇන්පී වුණාට දැන් ශ්‍රී ලංකා.

මහින්ද ගමට ආපු දවසක
මාසෙකට විතර පස්සෙ ගමේ ගියේ දවස් දෙකකට විතරයි. ගිහින් දවසෙන් ආයෙ හැරිල එන්න වුණා.

Tuesday, June 28, 2016

තාම ක්‍රිකට් බලනවද? Are U ක්‍රිකට් Fan?

මම කොටුවෙ ඇවිදිනවා.. ඒ අතරෙ මැසේජ් එකක් ආවේ ඉන්ග්ලන්ඩ් මැච් එක දිනල කියල.
ලී කරත්තයක් තල්ලු කරගෙන යන අයිය කෙනෙක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීෂර්ට් එකක් ඇඳගෙන යනව. හොඳට බැලුවම ඒක පරන ටීෂර්ට් එකක්.
කොටුවේ ක්‍රිකට් ටීෂර්ට් ගොඩක් යනව එනවා මට පෙනුනා. හැබැයි ඒ අතර අළුත්ම ඒවා තිබුණේ ටී20 වර්ල්ඩ්කප් කාලේ වගේ ඒවා.
ක්‍රිකට් කියන්නෙ ලංකාවේ කල්චර් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පන්තියේ ගුරුවරු නැති වෙලාවෙ වන්බම්ප් ගැහිල්ලෙ ඉඳන් බිග්මැච් දක්වා පාසැල් ඇතුලටත්, ගමේ සල්ලි ඔට්ටුවට කොල්ලො ගහන මැච් වලටත්, ෆ්‍රස්ට් ක්ලාස් වලටත් ක්‍රිකට් පිස්සුව දුවද්දි ක්‍රිකට් ඇසුරින් සාහිත්‍යයක් හැදෙද්දි ක්‍රිකට් මැච් බැලිල්ලත් ඔය පිස්සුවෙ තියෙනව.



Sunday, June 26, 2016

ඔව් මම ජර්නලිස්ට් Yes I am Journalist

පහුගිය රාවයක වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලියපු ලිපියක් තිබුණා. ඒකෙ තියෙනව දියවැඩියාවට බෙහෙත් කරන දේශීය වෛද්‍යවරුන් එයා ලඟ දියවැඩියාවට බෙහෙත් ගන්න බව. ඒ වගේ ගොඩක් දේශීය වෛද්‍යවරු රහසේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න බව. ඒ කියන්නේ තමන් කරන දේ එයාලටම විශ්වාස නැහැ. තමන් වෛද්‍යවරයෙක් කියල විශ්වාස නැහැ.
පහුගිය සතියේ මගේ හිතමිත්‍රයෙක් සෑහෙන්න දෝෂාරෝපනය කළා. 'උඹ ජර්නලිස්ට් කෙනෙක් කියල කියන්න එපා. මම එහෙම කියනව දැකල තියෙනවද?? (එයා ප්‍රසිද්ධ වෙබ් අඩවියක මාද්‍යවේදියෙක් විදියට වැඩ කරනව, දේශපාලන පක්ෂ පුවත්පතක මාද්‍යවේදියෙක් විදියට වැඩ කලා..)උඹට තව ගොඩක් දුර  යන්න තියෙනව ජර්නලිස්ට් කෙනෙක් වෙන්න.'

Tuesday, June 21, 2016

කතාව ආදරණීයයි ආශිකී වගෙ තමයි කොපි නෙවෙයි



 ආදරණීය කතාවක් චිත්‍රපටියට ගොඩක් අය කැමතියි. මාත් කැමතියි. ඒත් මට තියෙනවා යෝජනා ටිකක්. මට කරන්න තියෙන යෝජනා මම චිත්‍රපටියේ අධ්‍යක්ෂ (නිර්මාණකරුවා) සහ සම නිෂ්පාදක (නිර්මාණය අලෙවි කරන්නා) වන ප්‍රියන්ත කොළඹගේත් අනෙක් සම නිෂ්පාදක චමින්ද ගමගේත් ඉදිරියේ ඔවුන්ට ඉදිරිපත් කළේ චිත්‍රපටිය ගැන තිබුණු සංවාදයකදි. එතකොට මගේ යෝජනා ගැන මේ වැඩේ මට වඩා ප්‍රවීණයෙක් වන ප්‍රියන්ත කොළඹගේගේ පිළිතුරුත් ලැබුණා. (ඒ නිසා මේ සටහන ප්‍රියන්ත දෙන පිළිතුරු වලට ප්‍රතිපිළිතුරුත් එක්කයි ලියැවෙන්නේ.)

Friday, June 10, 2016

අලි මුරලි සහ මැල්කම් එක්ස් අතර

මොහොමඩ් අලි ගැන ඇතිතරම් ලීවා. බෙහෙත්වලටත් ලෙඩ කරන කයිවාරුකාරයා ක්‍රීඩා ලොව ශ්‍රේෂ්ඨතමයා බව මගේ අදහස. (ඒ අදහසම දරණ අය වගේම ඒක ප්‍රතික්ෂේප කරන අය ගොඩක් ඉන්නවා)

අලී කියපු දහසක් දේවල් වලින් මම කැමතිම ඔහු අහපු ප්‍රශ්ණය. ජීසස් සුදු ඇයි? දිව්‍යෙලා්කේ හැමෝම සුදු ඇයි?

මම කැමතිම ක්‍රියාව ඔලිම්පික් පදක්කම ඔහියෝ ගඟට විසිකළ සිදුවීම. පහත ඉතා රසවත් වීඩියෝව බලන්න.



අනික අලි කවදාවත් වීර ප්‍රතිරූපය නඩත්තු කළේ නැහැ. හැම වචනයකින්ම හතුරාට පහරදුන්න ස්කයිවෝකර් ස්මාට්ටෝකර් ඔහු.

Thursday, June 02, 2016

රාවය මහේස්ත්‍රාත් ජිනීවා දෙමළ ජනතාව යුක්තිය හා අලිහොරු ඇතුළු තවත් දෑ

අද රාවය පිටවුණේ තීරණාත්මක හෙඩිමක් එක්ක. සුළු සාකච්ඡාවකට පස්සෙ දෙගිඩියාවක් නැතිවම කර්තෘ මණ්ඩලය හෙඩිම තීරණය කළේ අධිකරණයේ අසූචි තැවරූ විනිසුරු ආරක්ෂා කරන්න තවත් විනිසුරුවරයෙකු පෙනී සිටීම ගැන තීරණාත්මක විරෝධයක් පළ කළ යුතු නිසා.

කතාව ඒ ගැන නෙවෙයි.




පහුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාව එකඟ වුණ පොරොන්දුව කඩලා දේශීය විනිසුරුවරයන් විතරක් යොදාගෙන යුධ අපරාද පිළිබඳ පරීක්ෂණය කරන බව. ලංකාවේ ආණ්ඩුව පොරොන්දු වුණේ දේශීය හා අන්තර්ජාතික විනිසුරුවරුන් ඉන්න මිශ්‍ර අධිකරණයකින් මේක කරනව කියල.

Tuesday, May 31, 2016

වීරයන් නැති ගංවතුර කතාවක්


ගංවතුර වීරයන් බිහිකලා. ඇතැමුන්ව ජනප්‍රිය කළා. ඇතැමුන්ගෙ ජනප්‍රියතෙඅය නැති කරන්නත් ගංවතුර හේතු වුණා.

මාත් ගංවතුරෙ ඇවිද්දා.. ආධාර මලු වෙනුවට මගේ අතේ තිබුණෙ රෙකෝඩරයකුයි කැමරාවකුයි.

මගෙ සෙල්ෆි වැටුණෙ නෑ. රේඛ මාත් එක්ක හිටිය. මිනිසුන්ට ඇහුම්කන් දෙමින් වැඩිපුර කල්පනා කරමින් මම ඇවිද්ද.

Monday, May 23, 2016

ගංවතුරට අහුවුණ ඕකිට අඬන්න දීපන් Let her cry

දවස් විස්සකට පස්සෙයි පෝස්ට් එකක් වැටෙන්නේ.... ගංවතුර එක්කත් ටිකක් බිසි වුණා. මේ පෝස්ට් එක ගංවතුර ගැන නෙවෙයි ගංවතුරට අහුවුණ ෆිල්ම් එක ගැන.

ෆිල්ම් එක බලල අවසාන වෙද්දි වැඩියෙන්ම රැඳුනෙ පන්සලේ දර්ශනය.., අක්ෂරයෙ හඳගම කෞතුකාගාරයක් ඇතුලට ලිංගික දර්ශනයක් ගේනව. ලෙට් හර් ක්‍රයි එකේදි එයා පන්සලක් ඇතුලෙ පිරිමියෙක් වෙනුවෙන් ගෑනු දෙන්නෙක්ට ගහගන්න සලස්සනව..



වේසි මගෙ මිනිහ තොගෙ මිනිහ ගෑනියේ

ඔක්කොම ටික පන්සල ඇතුලෙ වරනැඟෙද්දි හාමුදුරුවො කෑගහන්නෙ මේ ශුද්ධ භූමිය කෙලෙසන්න එපා කියල...

Wednesday, May 04, 2016

ටෝචර්කරණය

මහින්ද රාජපක්ෂට ස්මාර්ට්ෆෝන් එකෙන් වධ දී තුටු විය හැකි ටෝචර් හිම් නම් ඇප් එක දැන් මාතෘකාව වී ඇත.

මේ ටෝචර්කරණය වූ ලෝකයකි.. ලංකාව රටක් විදියටත් සමාජයක් විදියටත් ආයතනගත ටෝචර්කරණයක් ඇති රටකි..

Thursday, April 28, 2016

ෆෙඩරල්????????????

මේ වනවිට නැවතත් කොටි, ත්‍රස්තවාදීන් වැනි වචන සමඟ යන පුවත් දිවයින ඇතුළු ජාතිවාදී පත්තරවල ඉදිරියට එන්නට පටන් අරන්. ගෙවුණු සතියේ දිවයින පළමු පිටුවේ පළවූ මේ වර්ගයේ පුවත් ප්‍රමාණය විස්සකට ආසන්න වෙනවා. එම පුවත් ඒක පාර්ශ්වීයයි මෙන්ම සීයට අනූවක් පුවත් සොයා බැලීම්වලදී කෙප්ප බව හෙලිවෙනවා. දිවයින පාර්ශ්වීයව හා මාධ්‍ය සදාචාරය නොතකමින් ලියූ මෙවන් පුවතක් තමයි සම්බන්ධන් කිළිනොච්චියේ හමුදා කඳවුරකට බලෙන් ඇතුළු වූවායැයි ආර්. සම්බන්ධන් පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව. ඒ පුවත පාවිච්චි කරමින් ඒකාබද්ධ විපක්ෂ නඩය බෙරිහන් දුන්නේ පුළුවන්නම් සම්බන්ධන්ව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියායි. ෆේස්බුක් නඩය හතුරෙක් හමුදා කඳවුරුවලට ඇතුළු වුණාක් මෙන් පරල වී තිබුණා. ආර් සම්බන්ධන් කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් කණ්ඩායමක් විසින් ඡන්දයෙන් පත් කරගත්ත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා මිස කේතලයක් නෙවෙයි. කේතලයක් මෙන් අනුන් පාවිච්චි කරන විදියට හැසිරෙන්නත් දෙවැනි පන්තියේ විදියට ජීවත් වෙන්නත් අවශ්‍ය නැහැ. 


Saturday, April 23, 2016

පොලිස්ටා ෆයිනල් එකෙන් පසු

පොලිස්පතිවරයා පත් කිරීම සුපර්ස්ටා තරඟයක් වුණා. අවසන් වටයට තුන්දෙනෙක් ඇවිත් ඒස් එම් එස් වටයක් වගේ ගිහින් පොලිස්ටා තේරුනා.

අවසන් තුන්දෙනාගෙ වටේදි එකිනෙකාට මඩ ගහන සීන් පවා තිබුනා. ලස්සන ෆොටෝස් දානව.. එක කම්පටිෂන් එකයි!!!

Friday, April 22, 2016

ෆොක්හිල් දවසක සිතුවිලි තේ වත්තක

මම ඉන්නෙ එතැන..
බණ්ඩාරවෙල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ..
දොරේගෙ තේ කඩේ ගාව..

දොරේ ඉන්දියානු දමිළ මිනිහෙක් විදියට අඳුනගත්තොත්??
ඉන්දියාව ටී කිව්වෙ කිරිපිටි සහ තේ කොළ දාපු පානයට. නිකන් තේ වලට ප්ලේන්ටි නේ මොකක්‍හරි හෙතුවක් නිසා අපිත් ටී කිව්වෙ ඒකට. සුද්ද ටී කියනව තේ කොළේටත්.
ටී කියන්නෙ තේ වලට උනත් අපි සිංහලෙන් තේ කියන්නෙ ප්ලේන්ටි වලට. ටී වලට තමයි විශේෂනේ එන්නෙ. කිරි තේ..

Wednesday, April 20, 2016

සවනි මගේ හා ළමා කාලයට කෙළවීම

සවනිව ඉල්ලන කොල්ලගෙ වීඩියෝ එක අපේ ළමයින්ගෙ ළමා කාලේ නැතිවෙලා කියලා කට්ටියට පරල වෙන්න නිමිත්තක් වෙලා තිබුණා. ඊට පස්සේ ඒ කොල්ලා අඬනවා කියලා පරල වෙච්ච සහ නොවිච්ච අය කියන්න පටන්ගත්තේ අපි හැමෝම ඔය වයසේදී ඔහොම තමයි වෙනසකට තියේන්නේ මේ කොල්ලා අතට ෆෝන් එකක් ලැබීම කියලා. හරි, මගෙත් අදහස වුණේ ඕක තමයි මුල ඉඳන්ම. ඒත් මං ඕක ගැන මොනවත් කියන්නේ නැහැ. ඇත්තටම දැන් ඉරිද මව්බිමට වගේ පුළුවන් මේ කොල්ලව ඉන්ටවීව් කරන්න. දෙරණෙ ලෝකයෝ හා ලෝකයො එකට පුළුවන් මේ කොල්ලගෙ දෙවැනි වීඩියෝව කියලා මොකක්හරි දාන්න... මට හිතෙනවා ඔය පොඩි කියන කෑල්ලත් එක්ක සිදුවීම් ටිකක් සිහිපත් කරගන්න.

Monday, April 11, 2016

අවුුරුද්ද

අවන්ත ආටිගල ලියලා තිබුණා කොටුවේ වෙලෙන්දෙක් බීම වල මිල නොදන්න අහිසංක ගැමියෙක් බීම එකක් ඉල්ලූ වෙලාවක රෙඩ් බුල් එකක් පොවලා ඔහුව රවට්ටපු සිදුවීමක් ගැන. ඒක ඇත්තටම පිටකොටුවේ වෙළෙන්දෙක් විසින් ගැමියෙක්ව සූරා කෑමක් තමයි. ඒත් ලංකාව කියන්නේ සූරාකෑම ආයතනගත වුණ රටක්. කොටුවේ වෙළෙන්දා කියන්නේ කවුද? මේ ක්‍රමය ඇතුලේ පුංචිම සූරාකෑමක් කරන කෙනෙක්. මේ ගැමියා පිටකොටුවට ඇවිත් රෙඩ් බුල් එකක් බොන්නේ කොළඹට ආපු බස්කුලිය, කොළඹ විවිධ දේවල් මිලදී ගන්නකොට වගේම අවුරුද්ද පුරාම රාජ්‍යයේ සහ ධනපතියන්ගේ සූරාකෑමට හා තමන්ගේම සගයන්ගේ සූරාකෑමට යම් තරමකට ලක්වෙලා. මේ ගැමියාව සූරාකන තවත් ලුම්පන් මිනිහෙක්ව අපට පෙනෙනකොට ධනපතියාව එහෙම පෙනෙන්නේ නෑ. ධනපතියා අපි ඉස්සරහට එන්නේ පුනර්ජීව වගේ අරමුදලකින් දේවදූතයෝ විදියට. රාජ්‍යෙය් නියෝජිතයෝ එන්නේ යුද්ධෙන් රට බේරාගත්ත වීරයෝ වගේ මූණු දාගෙන. අපි නිරාවරණය කරන්න ඕන ඔය මූණු... (ඒ වැඩේදී මට වඩා ප්‍රබල දායකත්වයක් අවන්තගෙන් ලැබෙනවා ) 

ගැමියාම රවට්ටපු කොටුවේ කඩේ කොල්ලා ස්වර්ග සුව විඳන්නෙක් නෙවෙයි. 

Thursday, April 07, 2016

ගෝනි එලුවයි මිනිස්සු කන කිඹුලයි බලන්න සෙට් වෙමු

"ගෝනි එළුවා" වෙබ්සයිට් එක දැකල තියෙනවද?

වෙබ්සයිට් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත්, ගෝනි එළුවා කියන්නෙ හෙණ පරණ කන්සෙප්ට් එකක්.... ඔය අවුරුදු කාලෙට, වෙසක් කාලෙට හෙම කරන, ටිකක් පරණ කාලෙ ඇන්දිල්ලක්...... පරණ කියන්නෙ අපිටත් වඩා පරණ.... අපෙ අම්මලගෙ කාලෙ ඇන්දිල්ලක්..... සීන් එක මේමයි වෙන්නෙ....

"ගෝනි එළුවා බලාගන්න සත 10යි" කියල ලොකුවට බෝඩ් එකක් එල්ලල තියෙනවා..... කට්ට කළුපාට කාක් රෙද්දකින් වහපු කාමරේකුත් තියෙනවා.... මිනිස්සු පෝළිමකුත් ඉන්නවා ඇතුළට යන්ඩ බලාගෙන..... එළියෙ සත දහයට ටිකට් කඩන බුවෙකුත් ඉන්නවා.....

Friday, April 01, 2016

බෝගස්වැව, චාවකච්චේරි, අස්ගිරිය හා අගමැතිගේ හමුදාව - ශේෂ පත්‍රය



ජාතිවාදී බෝම්බය පිපිරෙයිද?

චාවකච්චේරියේ බෝම්බ කට්ටලය හමුවී පැය කිහිපයක් යන විට ගින්න අවුලුවන්නට පිරිස් ඉදිරියට පැමිණ සිටීම පුදුම සිදුවීමක්. සියල්ලට කලින් නාමල් රාජපක්ෂ මේ ගැන ට්විටර් සටහනක් තියලත් හමාරයි. ලියුම්කරු ට්විටර් පණිවිඩය දැක ඒ මොහොතේම යාපනයේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන් විමසද්දී ඔවුන්ගේ මාධ්‍ය ආයතනවත් මේ ගැන දැනගෙන තිබී නැහැ. ජීඑල් පීරිස් වහාම ප්‍රකාශයක් කරමින් කියන්නේ පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙනඒමේ සූදානමක් තිබුණු බවට තොරතුරු ලැබී තිබෙන බවයි. මාධ්‍ය වලටත් කලින් මේ අයට තොරතුරු ලැබුණේ කොහොමද? හමුවූ මරාගෙන මැරෙන බෝම්බ ජැකට් එක හා ක්ලේමෝ හතර ඔතා තිබී ඇත්තේ 2008 වර්ෂයේ ලංකාදීප පුවත්පතකයි. යාපනය මාධ්‍යෙව්දීන් කියන්නේ බෝම්බ තබා එදිනෙදා දෙයක් ඔතන්නටවත් යාපනයේදී සිංහල පුවත්පත් පාවිච්චි නොවන බවයි. යාපනයේ ජනතාව අතර සිංහල පුවත්පත් ඉතා විරලයි. මේ නිවස වටලා ඇත්තේ ගංජා ඇතිබවට ලැබුණු තොරතුරක් මත. ගංජා වෙනුවට හමුවෙලා තියෙන්නේ බෝම්බ. මේ කතාවේ සැකසහිත තැන් ගොඩක් තියෙන්නේ සංවිධානාත්මක විදියට බෝම්බ තබන්නට උත්සාහයක් යාපනයේ නැතිවීමත් එවැන්නක් මවා පෙන්වන්නට කාට හෝ අවශ්‍ය වී ඇති බව පෙනෙන්න තිබීමත් නිසා.

Thursday, March 31, 2016

වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයි

ලෝකෙ ඕනම ක්‍රීඩාවක ඉන්න පුළුවන් යුනික්ම ටීම් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක... හකා දාන බ්ලැක් කැප්ස් රග්බි ටීම් එකත් ඒ වගේ යුනික් ටීම් එකක්නෙ... ඒ වගේ කන්ඩායම් වල ඇටිටියුඩ් ඒ ක්‍රීඩාවම ලස්සන කරනව...  වෙස්ට් ඉන්ඩීස්ල මේ පාර වර්ල්ඩ් කප් එකේ දැම්මෙ චැම්පියන් ඩාන්ස් එක. ඇෆ්ගනිස්ථාන්ට පරාද වුණාම මූණවල් එල්ලගන්නෙ නැතිව ඇෆ්ගනිස්තාන් කොල්ලො එක්කලත් චැම්පියන් ඩාන්ස් එකක් දාල ෆොටෝ එකකට පෙනී ඉන්න වෙස්ට් ඉන්ඩීස්ල ප්‍රමාද වුණේ නෑ..



යාපනේ රෝසමල් මිස බෝම්බ කොහෙද?

මං ෆෝන් එකෙන් ලිරික් බලාගෙන මරියාන් එකේ ටැමිල් සිංදුවක් කිව්ව... මට වරදිනකොට කජීපන්(ශක්ති) කාරයා හදනවා... විනෝජිත් සද්ද නෑ.. හොඳට බොනවා... රමේෂ්(වෙබ්) අහිංසකය.. (මයෙහිතේ උගෙ හිත අපෙ හිටපු කෙල්ලෙක්ට ගියා.. දැං ඌ එහෙ කෙල්ලෙක්ව බැඳල හොඳේ... වෙඩින් එකටත් අපි ගියා.. )

විනෝජිත් හොඳ කොල්ල.. ඌ තමයි යාපනය මාධ්‍ය සංගමේ සභාපති... මගෙ හොඳම යාළුවා මයුරන්(ඩෑන්).. යකෝ උට සිංහල බෑ මට දෙමළ බෑ අපි දෙන්නටම ඉංග්‍රීසි බෑ.. ඒත් උෟ මගේ හොඳම යාළුවෙක්... උං මට කතාකළේ ධනුෂ් කියලා... මං ධනුෂ් වගේ නිසා නෙවෙයි මංම කිව්ව මට ධනුෂ් කියපං කියල. ඒක මගෙ සිඟිති ආතල් එකක්... 

Wednesday, March 30, 2016

පාලකයන්ගේ නීතිය හා ඉන්දීය සිනමා සම්මාන උළෙලේ බලාපොරොත්තු කඩවීමක්

දැවැන්තයා
මේ පාර ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල අවසන් වුණේ සම්මාන උළෙලවල් වල සාමාන්‍යෙයන් සිදුවෙනවාක් මෙන් එක් එක්කෙනා හිතපු ඇතැම් දේවල් කඩ කරමින්... සමහර දේවල් සාර්ථක කරමින්...

පළවෙනිම දේ මං හිතුවේ මේ පාර හොඳම චිත්‍රපටියට වෙට්ට්‍රිමාරන්ගේ ජීනියස් වැඩේ විසරනෛ ෆිල්ම් එකට හොඳම චිත්‍රපටිය ලැබෙයි කියලා.. ඒත් ඒක වෙනුවෙන මෙවර හොඳම චිත්‍රපටිය වුණේ වාණිජ වශයෙන් අතිසාර්ථක වුණ අනිත් ජීනියස් වැඩේ බහුබාලි චිත්‍රපටියයි.. විසරනෛ ඒකට වඩා මට නම් හොඳයි.. ඒක් ජජ් බෝඩ් එකේ ඉන්නෙ මං නෙවෙයිනෙ... ආහ්.. මේ සම්මාන උළෙලේදී බන්සාලි උන්දැල එහෙම නවකයන්ට සම්මාන දෙන්න කියලා තරඟයෙන් අයින් වුණේ නැහැ හොඳේ..

ඒ නිසානෙ ඉලයරාජා උන්නැහේ, බන්සාලි උන්නැහේ වගේම තමන් ඉන්දියාවේ බිහිවුණ ගෞරවණීයම නළුවා බව පෙන්නන්න වගේ හතරවෙනි වතාවටත් හොඳම නළුවා සම්මානය අමිතාබ් උන්නැහේ ඉස්සුවේ...

ඒ අනුව කමල් හසන්ට වඩා අඩියක් ඉස්සරහට අමිතාබ් එනවා... මේ පාර කමල් හසන්ට වුණත් හොඳම නළුවා වෙන්න ඉඩ තිබුණා.. ඔහුගේ විශිෂ්ඨ රංගනයක් ගිය අවුරුද්දේ දකින්න ලැබුණා.. ඔය කතා ගැන මං ලිව්වනේ... 

Friday, March 25, 2016

සංගයියෙ තිරිමාන්න අවුල්ද අවුල් කරලද?

දැන් මම රිටයර්ඩ් ක්‍රිකට් ෆෑන් කෙනෙක් වෙලා!

ඉස්කෝලේ කාලේ මම වෘත්තිමය ක්‍රිකට් රසිකයෙක් විදියට හිටියා.... දැන් දැන් මැච් බලන්න වෙලාවක් නැහැ. වර්ල්ඩ් කප් එක පටන්ගන්නකොට මට හිතුණේ මේකේ එක මැච් එකක්වත් බලන්න වෙන එකක් නැහැ කියාල...

ඒත් විශ්‍රාමික වෘත්තිකයෙක්ට පරණ වෘත්තිය අභිමුඛ වෙනවා ඉඳහිට... රිටයර්ඩ් ටීචර්ලට උගන්වන්න වෙනවා වගේ!

සති එකහමාරකට විතර කලින් ඉන්ග්ලන්ඩ් සවුක් අෆ්‍රිකා මැච් එක වෙලාවේ අපි සලාක එකේ සෙට් වුණා.. නූතන, නින්දිත, උපුල්, බිඟුන්, තරිඳු, සුධාරක, සංඛ, වරා සහ බියර් ඇතුළු සෙට් එකක්! සෙට් වුණේ ගොඩක් දේවල් කතා කරන්න. ගොඩක්ම දේශපාලනේ ගැන. අපට එක්වෙලා කරන්න පුළුවන් වැඩ කිහිපයක් ගැන කතා කරන්න ඕන වුණා. ඒත් මැච් එක උණුසුම් වෙද්දී දේශපාලනේ කැලේ.... සලාක එකේ හිටපු අනිත් එවුන් එක්ක අපිත් සෙට් වෙලා මැච් එකට චියර් කරන්න ගත්තා. මේ දේශපාලනික සත්වයො ටික තමයි සද්දෙන්ම මැච් එක වින්දේ...

Thursday, March 24, 2016

හාමුදුරු ගොල්ලගෙ දේශපාලන ආතල්! 

ලංකාවේ හාමුදුරු ගොල්ල දේශපාලනේ එක්ක තදින් ගැටගැහිලා ඉන්නේ. කළු සල්ලි ඒ අයට බොහොම ළඟයි. ඒ බව පෙන්නන්න සිද්ධි ගොඩයි.

මේ සිද්ධි දෙක පහුගිය සතියේ එකිනෙකට වෙනස් සිද්ධි දෙකක්....
ආගම මහේශාඛ්‍ය විදියට කරන්න යන්නේ අපට නිර්වාණය හොයලා දෙන එකද?
එයාලගේ සැප ගන්න එකද?

සිරිධම්ම හිමිගේ අමුතු බණ

Tuesday, March 22, 2016

පනමරකාඩු 2 - ඔහුව හමුවිය

අමීර් ඛාන් රඟපෑ මංගල් පාණ්ඩේ චිත්‍රපටිය ඉන්දියානු නිදහස් සටනේ ආරම්භකම මොහොත සටහන් වූ සිපෝයි කැරැල්ල අලලා නිර්මාණය කළ චිත්‍රපටියකි. විමුක්ති සටනක්, නිදහස් සටනක් දේශප්‍රේමය කේන්ද්‍ර කොටගත්තකි. එහෙත් ලංකාව ඇතුලේ දේශප්‍රේමය එපා වන තරමට ලංකාවේ ලේ වගුරවා දමා තිබුණි. දේශප්‍රේමී යන වචනය සිහිපත් කළේ අජූවයි. දේශප්‍රේමය බියෙන් සලිත කරවන වචනයක් විය. නූතන ජාතික රාජ්‍යය තුළ දේශප්‍රේමය එක්තරා ආකාරයකට ජාතික හැඟීම යනුවෙන්ද හැඳන්විය හැකිය. දේශ ප්‍රේමයෙන් ඇරඹී ජාතික හැඟීම බවට පත්වූ හැඟීමක් නූතන නව රාජ්‍යය එකමුතු කර ඇත. ලංකාවේ දේශප්‍රේමය හෝ ජාතික හැඟීම පැවතුණේ කෙසේදැයි අත්දැකීමෙන් නොදනිමි. එහෙත් පසුකාලයෙක ලංකාවේ දේශප්‍රේමය ප්‍රතිනිර්මාණය වුණේ සිංහලයන්ට පමණක් අයිති දෙයක් ලෙසිනි. ජාතික හැඟීම දෙමළුන්ට විරුද්ධ එකක් විය. එහි ප්‍රථිපලය මේ හැඟීම් ජාතියක් දියුණට ගෙනයෑම වෙනුවට පරාභවයට ගෙන යෑමයි.



මගේ පඩිය කීයද?

මා කිසිදා කියන්නට උත්සාහ නොකරන දෙයක් කියන්නට සිදුවන්නේ කේසව් අයියාගේ චිත්‍රපටිය අවසන් කිරීම සඳහා මුදල් එකතුකරන්නට ගන්නා උත්සාහයට වැරදි අර්ථකථන දීම පිණිස මගේ වැටුප පිළිබඳ ප්‍රශ්ණයක සිව්වෙනි මානය විසින් නඟා තිබීම නිසාය. මෙය ලිවිය යුතු නැතැයි කිහිප වතාවක් සිතුවද මා මෙය ලියන්නට තීරණය කළේ තමන් හෙන කට්ට කන බව හුවා පෙන්වන්නට උත්සාහ ගැනීමෙන් පලක් නැති වුණත් මා මෙය ලියන්නේ කේසව්ගේ ප්‍රශ්ණයට මෙය අදාල කරගැනීම මෙය කියා දමන්නට හොඳ අවස්ථාවක් නිසා ද විය හැකිය.

//උබේ පඩිය පහලොස්දාහද බන්. රුපියල් පහලොස්දාහෙ විසිදාහෙ පඩි ගෙවන මාධ්‍ය ආයතන තියනවද බන්.
පහලොස්දාහකට මෙච්චර වලිකන්නෙ නැතුව ගමේ කුල්ලීවැඩකට යමන්කො .දවස් විස්සක් වැඩ කලොත් 25000 ක්.
බස් එකක කොන්දෙක් වුනොත් ටිකක් කට්ට තිබ්බත් පනහ පන්නනව.
බස් වියදම් ,කෑම වියදම් අරක මේක එක්ක. රුපියල් පන්දාහෙන් කොලබ ජීවත් වෙන්න බෑනෙ.//

මගේ වැටුප දහඅටදහසක් වන අතර දීමනා වලට කපාගත් පසුව දහසයදහසකි. බොහෝ විට පොතක් දෙකක් ආයතනයෙන්ම ගන්නා නිසා අතට ලැබෙන්නේ පහළොස්දහස් ගණනකි. ඒ බව මගේ බැංකු විස්තර වලින් දැනගත හැකිය. 

පහළොස්දාහ මට ජීවත් වෙන්නට වැඩිත් එක්කය. රුපියල් අටදාහක් පමණ හොඳටෝම ඇතිය. කලින් මාසවල ඉතිරි කළ යම් මුදලක් තිබුණු නිසා ගිය මාසයේත් විශාල මුදලක් වෙන වැඩකට යට කළ මොහොතේ පන්දාහෙන් කරගන්නට බැරි මාසය ගොඩදාගැනිල්ලට උදව් වූයේ ඉතිරි වී තිබුණු මුදල්ය.

Friday, March 18, 2016

සුවිශේෂීම වැඩකට ඔබේ සහාය දෙන්න!

ඒ වැඩේ මම කරලා දෙන්නම්. ඔයා වැඩේ ගැන කල්පනා කරන්න අයියෙ. යැයි කේසව් අයියාට පැවසුවෙමි. ඒ මගේ මාසික වැටුපෙන් තුනෙන් දෙකක් පමණ බැර කළද තව රුපියල් අනූදහසක් සොයාගත යුතු නමුත් මෙය කෙසේ හෝ කළ යුතුයැයි විශ්වාස කළ නිසා ය. ඇතැම් විට මට ඒ මුදල සොයාගත නොහැකි නමුත් අපට එය කළ හැකිවනු ඇත. මා වගකීම කරට ගත්තේ මා විසින් කරනු ලබන සුවිශේෂීම කාර්යය මෙයයැයි කල්පනා කරමින් ය.



Thursday, March 17, 2016

ධම්මික රණතුංගට තදවුණේ ඇයි?

රණතුංග පවුල කියන්නෙ පුදුමාකාර පවුලක්. වෙලාවකට මේ පවුල හරිම සමඟයි. ඒත් දේශපාලන වේදිකාවේදී මේ පවුල ඉන්නේ විවිධ තැන්වල. 


රුවන් රණතුංග මල්ලීව ප්‍රසන්න රණතුංග අයියාව ඉවත් කළ සංවිධායක තනතුරු වලට කළේ පහුගිය සතියේදී. ප්‍රසන්න රණතුංග ඒකාබද්ධ විපක්ෂයේ කසකාරයෙක් වුණත් නොවැළැක්විය හැකි හේතුවක් යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී නොවී විදේශගත වුණා. 

ජන සටනට ආ ජරාම පුද්ගලයා

අපි අද හඬ නඟපු නිසා නාමල් රාජපක්ෂ බේරිලා ඇවිල්ලා තියෙනවා. නැත්තන් නාමල් මල්ලි ඔයත් හිරේ අද.


උඩුවේ හාමුදුරුවොන්ගෙ පන්සලේ අලි පැටියෙක් දාල ගිහිල්ලා කියලා අත්අඩංගුවට අරගෙන. අලි පැටියාව සන්තකයේ තියාගත්තා කියලා.
 අලි පැටියා පන්සලේ ඉන්නකොට කන්න දීලා විතරයි තියෙන්නේ. මෙහෙම ගියොත් පන්සලේ ඉන්න බලු පැටියයි පූස් පැටියයි ඔක්කොම හාමුදුරුවොන්ගෙ සන්තකයට පත්වෙනවා.

Tuesday, March 15, 2016

පනමරකාඩු 1

ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය පැතුවේ ය. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානමින් සිටියේ ය. ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඊළමක් පතා ආයුධ අතට ගත් මිනිසුන් සමඟ ඔවුන් අතරෙහි සිටියේ ය. එහෙත් ඔහු ආයුධ අතට නොගත්තේ ය.

ලොව සාමකාමීම එහෙත් තියුණුම අවිය පෑන වී තිබුණායැයි කිව හැකි ය. යුධකාමී තියුණු අවිය කඩුව වූවා මෙන් ය. එහෙත් ලෝකය පෑනේ යුගය පසුකර කැමරාවේ යුගය වෙත පැමිණ ඇත. කඩුව පසුකර තුවක්කුව පැමිණි යුගයක ඔහු පෑනටත් වඩා මුවහත ඇති කැමරාව තෝරාගත්තේ ය. හතුරන්ට පමණක් නොව මිතුරන්ටද කැමරාව ඉලක්ක කළේ ය.

ඔහුව මුණගැසුණු පළමු මොහොතේදීම මා සෙවූ කතාව ඔහුගේ කතාව බව වටහාගතිමි. ඔහුගේ කතාව සාවධානව ඇහුම්කන් දුනිමි. එක්වතාවක්, දෙවතාවක්, තුන්වතාවක්. ‘තරිඳු ගෙදර යනවා වගේ අපේ ගෙදර ආවා. යාපනයේ ආවොත් ආවේ මෙහෙට‘

එහෙත් ඔහුගේ කතා හඬපට ලෙස රෙකෝඩරය තුළ දිගු කාලයක් පැවතුණි. දේශපාලඥයන්ගේ කෙළවරක් නැති බොරු පිරුණු හඬපටයන් ද සිවිල් බුද්ධිමතුන්ගේ සැබෑ නොවෙන සිහින පිරි හඬපටයන් ද අසමින් ලියා වෙහෙස වී සිටි මට කේසව්ගේ හඬපට අසන්නට වෙන් කරන්නට ඉඩකඩක් නොවීය.

එහෙත් එක්තරා රාත්‍රියක ලියන්නටම සිත්විය. ලියන්නටම සිතුණි. මා සිටියේ දෙමළ චිත්‍රපටයක් දෙස නෙත් යොමාගෙන මොනවාදෝ කල්පනා කරමිනි’  

මා හැමදාම ලීවේ එහෙමය. මම ඔහුගේ කතාවක් විවෘත කරගතිමි. මා මේ කතා එක්කළේ පොතකට එකතු කරන්නට ය. පොත පසෙක තබා බ්ලොග් අවකාශයේම මේ කතා විසුරුවා දමන්නට කල්පනා කළේ කවදා හො පොතක් වීම කෙසේවෙතත් පොතකට කියා ලිවීම කොහෙත්ම සිදු නොවනු ඇතැයි සිතූ නිසා ය. අද සිට සෑම අඟහරුවාදාවකම කොටස් ලෙසින් ඔහුගේ කතාව බ්ලොග් අවකාශයේ විසුරුවන්නට බලාපොරොත්තු වෙමි.... 

ඔහු කේසවරාජන් නවරත්නම් නම් විය!!!!!!! 

මගේ මේ ලිවිල්ල සමඟ යන ඔබට ඇතැම්විට කේසව් අයියාව වටහාගත හැකිවනු ඇත. සම්පූර්ණයෙන්ම නොවේ. එහෙත් කෙටි හැඳින්වීම් කරනවාට වඩා වැඩි යමක්. ඇතැම් විට දෙමළ විමුක්ති සටන වටහාගත හැකිවනු ඇත. එහෙත් එයද සම්පූර්ණයෙන්ම නොවේ. එහෙති රණවිරු මහවිරු කතා වලට වැඩි දෙයක්. මිනිසෙක්ව හෝ විමුක්ති අරගලයක් සම්පූර්ණයෙන්ම වටහාදිය හැක්කේ කෙසේ ද?

‘මම ඉපදුණේ හැට දෙකේදී යාපනයේ අරියාලෛ වල. යාපනයේ කටච්චේරිය පහු වුණාම තියෙන ගම. ඉස්කෝලේ යන්න කලින් මම බදුල්ලේ, මෝදර වගේ තාත්තා එක්ක එකේක පැති වල ඉඳලා තියෙනවා. අරියාලෛ ශ්‍රී පාර්වතී විද්‍යාලයේ මම ඉගෙනගත්තේ. තුන්වැනි පන්තියේදී තාත්තා එක්ක හලාවත ගියා. දකුණේ ඉඳපු තැන් වලින් මගේ මතකයේ තියෙන්නේ හලාවතයි මහනුවරයි තමයි. මම තුන්වැනි පන්තියෙන් හයවැනි පන්තිය වෙනකන් හලාවත රෝමානු කතෝලික දෙමළ පිරිමි විද්‍යාලයට ගියේ. ඉන්පස්සේ මහනුවරට ගිහින් හත වසරේ ඉඳන් නවය වසර වෙනකන් හිටියේ මහනුවර. ඉන්පස්සේ උසස්පෙළ කාලයේදී වගේ ආයෙමත් යාපනයට ආවා. තාත්තා පොලිස් නිලධාරියෙක්!!!‘

මේ එල්ටීටීඊ සාමාජිකයෙක් නොවුණත් එල්ටීටීඊ පාලන ප්‍රදේශයක ඔවුන් සමඟ එක්ව ජීවත් වූ මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. දෙමළ ඊළම පැතූ මිනිසෙකුගේ කතාවක ආරම්භයයි. මා වැඩියෙන්ම ආදරය කරන මිනිසෙකුගේ කතාවේ ආරම්භයයි. ඔහුගේ කතාවේ ඇතැම් තැන් විස්මයජනක ය. එළැඹෙන සතියේ සිට මේ කතාව දිගහරින්නට බලාපොරොත්තු වන්නෙමි.

Sunday, March 13, 2016

ලයිට් හා බැඳුණු මගේ ළමා කාලය

මේ ලියන්න යන්නේ ලයිට් යෑම ඇතුලේ තියෙන දේශපාලනය ගැන නෙවෙයි. යහපාලනයේ ලයිට් ගියාම ඒකේ සෞන්දර්ය දකිනවා, රාජපක්ෂ කාලයේ ලයිට් ගියානම් මැරෙන්න යනවා වගේ කතාවක් කියන්න කෙනෙක්ට පුළුවන්..... ඕවට කොහෙද උත්තර???

ලයිට් යෑම එක්ක මට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මම කළුවරට කොච්චර හුරුද කියන එක. ඊයේ ලයිට් යද්දී මම හිටියේ බණ්ඩාරවෙල ගෙදර ඉඳන් කොළඹ එන්න ලෑස්ති වෙමින්. මම තිබුණු තැන් වල මතකයෙන් ඇඳුම් ටික හොයාගෙන ඇඳගන්නත්. ටොයිලට් එකට ගිහින් එන්නත් පර්ස් එක, ලැප් එක, ෆෝන් එක තිබුණු තැන් වලින් හොයාගෙන අරගන්නත් මට පුළුවන් වුණා. අම්මා නැතිවෙලා යැයි හොයමින් හිටපු ටෝච් එකත් හොයලා දුන්නා. කට්ට කළුවරේ මේවා කරද්දී මට සිහිවුණේ උපුල් ( සේනාධිරිගේ ) අයියාව.

Tuesday, March 08, 2016

කාන්තා දිනයේ භාෂි මධුභාෂිනී පීඩිත කාන්තාව වෙනුවෙන්

අද කාන්තා දිනය. කාන්තා දිනයේ කාන්තාව වෙනුවෙන් ලියන්න දෙයක් සිහිකරමින් ඉන්නකොට භාෂි ගයා තිබුණු ගීතයක් හමුවුණා.

භාෂි ආයෙමත් ප්‍රදීපා වෙත යනවා!!

ප්‍රදීපා ධර්මදාස ගයන, රෝහණ වීරසිංහ සංගීතවත් කළ විනේ කටින උන් තමයි ඇය තෝරාගන්නේ!!

කට්ටිය භාෂි මධුභාෂිනීව අමතක කරලද?







විනේ කටින උන් තරහක් නොකියාම

Sunday, March 06, 2016

රෙද්දෙ නිදහස නිසා පුතේ දැං මං Jobless


නාඬ ඉඳපං පුතේ
සතපහක් නෑ අතේ
ගොඩක් අයගේ මතේ
මගෙ වැරැද්දලු පුතේ

බඩගින්න උහුලන්න
පුත ටිකක් ඉවසන්න

මුළු රටම දැක තියෙන
මගෙ මූණට
අලුත් රස්සා නැහැලු පුතේ
මගෙ වැරැද්දලු පුතේ

තක්කඩි ලංකාදීපය හා රතුපස්වල වීරයන්

රතුපස්වල මිනිසුන්ට තිබුණු ප්‍රධානම ගැටලු තුනට විසඳුම් අප්‍රේල් වනවිට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය විසන් අදාල අංශ වලට නියෝග කළේ පහුගිය දවසක ජනාධිපති කාර්යාලයේදී තිබුණු රැස්වීමකදී. රතුපස්වල සටනේ දෙවැනි අදියරේදී විශාලම ජයග්‍රහණය ලබාගන්න ඒ අනුව රතුපස්වල මිනිසුන්ට හැකි වුණා.

මේ බව සෙනසුරාදා පුවත්පත් වල වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ අදාල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපතිට කියන්න වැඩසටහනට රතුපස්වල මිනිසුන් දුන් දුරකථන ඇමතුමක් මත බවයි. ඉන්පසුව පහුගිය සෙනසුරාදා තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රතුපස්වල සටනේ ගෞරවය තමන් වෙත හරවා ගන්න උත්සාහ කළා. සැබැවින්ම තෙරිපැහැ හිමියන්ව ගමේ මිනිසුන් සලකන්නේ සටන පාවාදුන් කෙනෙක් විදියට. එය ඔවුන් විසින් අපට තහවුරු කරන්නේ විවිධ හඬපට පවා ඉදිරිපත් කරමින්. කොහොම වුණත් ජයග්‍රහණයට පියවරුන් ගොඩක් ඉන්නා බව පිළිගත හැකියි. මේ සමඟ දිගින් දිගටම සිටියත් අපට ජයග්‍රහණයේ ගෞරවය අවශ්‍ය නොවනවා මෙන්ම එය ලබාගැනීමට උත්සාහ කිරීමද වැරදියි.

Thursday, March 03, 2016

වෙබ් වලට ඉව කරන ආණ්ඩුවේ ජනමාධ්‍ය පාඨමාලාව

ආණ්ඩුව මේ වන විට ජනමාධ්‍ය පාඨමාලාවක් කරමින් සිටින්නේ ය. මාධ්‍යවේදීන් කටයුතු කළයුතු ආකාරයට කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ ය. අගමැතිවරයා සත්තුන්ගේද යක්කුන්ගේද නම් කියමින් මාධ්‍ය කරන්නට ඉගැන්වීය. ඉන්පසුව කිරිඅැල්ල ඇමතිවරයා නොසරුප් වචන සමඟ මාධ්‍යකරණය ඉගැන්වීය.

දැන් වෙබ් අඩවි වල මාධ්‍යකරණය නියාමනය කරන්නට ආණ්ඩුවට ඕනෑ වී ඇත. ඒ සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කළ යුතුයැයි පසුගිය 26 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් දැන්වීමක් පළ කරමිනි. ඒ නිවේදනයේ අදහස වූයේ දවසට කලින් ලියාපදිංචි නොකළොත් වෙබ් අඩවි වාරණය කරන්නට පවා ඉඩ  ඇති විදියේ තර්ජනයකි.



වෙබ් අඩවි නියාමනය සම්පූර්ණ ජෝක් එකක් බවට දැන් පත්වී තිබෙන්නේ මේ තීරණය දැනගත් විගස වෙබ් වලට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ආ විරෝධය දරාගන්නට නොහැකි වන බව ජනමාධ්‍ය අමාත්‍යංශයට වැටහී ගිය නිසා ය. දැන් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කලින් කී දැන්වීම නිලධාරීන්ගේ වැරදි නිසා සකස් වූ එකක් බව පෙන්වන්නට උත්සාහ දරන්නේ ය.

Monday, February 29, 2016

කිරිඇල්ල අමිත්ට කුණුහරුපෙන් බණියි

ලක්ෂ්මන් කිරිඇල්ල නම් මහාමාර්ග උසස් අධ්‍යාපන ඇමති තමන්ගේ සීමාව ඉක්මවා තිබේ.

නින්දිත ආකාරයට තමන් කළ වැරැද්දක් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තා පමණක් නොව මාධ්‍යවේදීන්ට සද්දය දමන්නටද පටන්ගෙන තිබේ.

අද පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මධුරංග සහෝදරයාට ඔහු බැණවැදී ඇත්තේ මාධ්‍යවේදීන් පෑන පශ්චාත්භාගයේ ගහගෙන ඉන්න එවුන්යැයි හඳුන්වමින් ය.

තමන්ට ඇති බලය පිළිබඳව පවසමින් අයිසේ ඇමතිවරයා පොන්නයෙක් නොවේ වැනි වචන සඳහන් කරමින් කිරිඇල්ල කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නින්දිත ප්‍රකාශයකි.

මේ යකා පාර්ලිමේන්තුවේ සභානායකවරයායි.

අද පුවත්පතේ වාර්තා කර තිබෙන ආකාරයට හා අමිත් මධුරංග සමඟ මා සාකච්ඡා කළ පසු ඔහු පැවසුවේ තමන්ට වක්‍රාකාරව තර්ජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බැණවැදුණු බවයි.

Thursday, February 25, 2016

සංඝයාට වෙනම නීතියක් ද?

පසුගිය 23 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ඇප ලැබුණේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ස්ථාන වල ප‍්‍රකාශ සිදුනොකරන ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප කොන්දේසි ලෙස ඉදිරිපත් කරමිනි. අධිකරණයෙන් පිටතට පැමිණෙමින් ඥාණසාර හිමි අපූරු ප‍්‍රකාශයක් කරමින් මේ රටේ නීතය සම්බන්ධයෙන් පිරිවෙන් අවස්ථාවේදී හෝ ද්විතීය හෝ උසස් අධ්‍යාපනයේදී හෝ භික්ෂුවට අධ්‍යාපනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේ ය. 

Tuesday, February 23, 2016

ඩොකාලයි මීඩියායි පලිද?

//ඩොකාලට බණිනකොට බස් කොන්දොස්තරලයි, මීඩියයි, දේශපාලඥයොයි, පොලීසියයි හැම කෙනාම එකතු වෙනවා. බස්කාරයොන්ට බණිද්දී ඩොකාලත් එකතු වෙනවා. පස්සේ අනිත් ඔක්කොම එකතු වෙලා දේශපාලඥයන්ට බණිනවා. ඇයි පොලීසියට? හොඳටම බණිනවා. රණවිරුවො ප්‍රොපගැන්ඩ එක නිසා ආමි එක විතරයි බැණුම් අහන්නෙ නැත්තෙ//

පහුගිය දිනවල අගමැතිවරයාගේ වාග් ප්‍රහාර දරුණු ලෙස වෛද්‍යවරුන්ගේ සංගමය හා ඇතැම් මාධ්‍ය ආයතන වලට එල්ල විය. එ්වා අනිවාර්යයෙන්ම සීමාව ඉක්මවන වාග් ප්‍රහාර විය. තර්ජන විය. එ් නිසා අගමැතිවරයා ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුවා මෙන්ම ඒ තත්වය නිවැරදි කරගැනීම යහපත් ය. ( එට්කා ගැන මට වෙනම අදහසක් තියෙනවා. ඒ ගැන කතාකිරීමට වඩා වෙනස් කාරණයකටයි මම උත්සාහ කරන්නේ. )

එතැනදී අගමැතිවරයා සමඟම ඩොකාලා අපේ ලේ උරා බීලා සැප විඳිනවා. මීඩියාකාරයෝ කියන්නේ කුණු විකුණන තිරිසන්නු පන්නයෙන් දැක්වුණ සමාජ ප්‍රතිචාර සුලභ විය.

Sunday, February 21, 2016

මේ නාට්‍යය ස්වයං වින්දනයක් ගැන නෙවෙයි!! 

මේ සටහන ආරම්භ කරන්න ඕන ආදරණීය ආරාධනයක් එක්ක!!
විවේකී සෙනසුරාදාවේ නාට්‍යයක් බලන්න එන්න....

ඔබ මොන ආකාරයක රසිකත්වයකින් යුතු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම නැරඹුවාට පසුතැවිලි නොවෙන නාට්‍යයක් බලන්න එන්න.

ඒ තමයි සංඝදාසගේ චූටි කලිසම නාට්‍යය!!!

Saturday, February 20, 2016

මහින්ද පැටියගෙ මියුසික් කැරියර් එක හා ජනවාරි අට

මහින්දගේ ෆෙඩරල් පිළිබඳ විශේෂඥ ගගනගාමී පොඩි පුතා වන චිච්චි සිංදුවක් කියා යූටියුබ් දමා ඇත.



ඒ දුටු මට මේ තරුණයා ගැන ඇතිවූයේ කණගාටුවකි.

ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සිදුවූයේ නැතිනම් කොයිතරම් ලෙජන්ඩරි මියුසික් කැරියර් එකක් වෙන්නට තිබුණිදැයි කියා දුක හිතුණි.

Thursday, February 18, 2016

හොඳම නළුවාගේ හොඳම චිත්‍රපටියේ අතුරු විස්මය

ඔහු හොඳම නළුවා කියන එක නම් මට සුවර්. සුවර්ම සුවර්. ( ඔහුගේ සමකාලීනයා වන රැජිනිගේ බෑණා ඔහුව අභිබවා නොගියොත් ) ඒත් ඇත්තටම මේක ඔහුගේ හොඳම චිත්‍රපටිය කියන එකනම් ඒ තරම් හිතලා කිව්ව කතාවක් නෙවෙයි. ඔහුගේ එක චිත්‍රපටියක් බලලා ඊළඟ චිත්‍රපටියට යනවිට එය හොඳම එක වෙනවා. මේක හොඳම එක කී පසු ඔහු නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් හොඳම නළුවා ගත්තු ෆිල්ම් තුන ගැන මොනවා කියන්නද? ( මේ සම්මානය තුන්වරක් අරන් තියෙන්නේ ඔහු, Mammootty සහ Amithab Bacchan විතරයි.  ) අහ්! ඒ තමයි kamal hassan! මේ පුංචි ඉඩේ ඔහුගේ විශිෂ්ඨත්වය ගැන කතා කරන්න බැහැ. කෙටියෙන් කීවොත් ඔහු තරම් රංගනයේ විශිෂ්ඨයෙක් මම දන්නේ නැහැ. මේ කතා කරන්න යන්නේ ඔහු තිරරචනය ලියූ UtthamaVillain චිත්‍රපටිය ගැන.

Sunday, February 14, 2016

රනිල්, සංඛ, මාධ්‍ය සංගම්, මාධ්‍ය් නිදහස හා විවේචන

මීට පෙර මාත් සංඛ අමරජිත් සහෝදරයාත් මාධ්‍යෙව්දීන් විදියට සහභාගී වුණ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනකට කුමාර චාපා බණ්ඩාර හා නිර්මාල් රංජිත් දේවසිරි කියන දෙදෙනා අදහස් දක්වන්නන් ලෙසින් එකතු වී හිටියා. එතැනදී සංඛ ඇසූ ප්‍රශ්ණ සුපුරුදු විදියට ජාතිවාදී ස්වරූපයක් ගත්තා. ඒ වගේම චාපාගේ අදහස් දැක්වීම් ජාතිවාදී ස්වරූපයේ වුණා.

පහුගිය දවසක දෙරණ අරුණ වැඩසටහනට සංඛ සහභාගී නොවීමත් කිෂාණි ජයසිංහගේ ගායනය සම්බන්ධයෙන් ඔහු කළ අපහාසයට අගමැති රනිල් අපහාසයකින්ම පිළිතුරු දී තිබීමත් අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ තර්ජනාත්මක ස්වරූපයක් තිබීමත් සංවාදයට ලක්වෙමින් තියෙනවා. 

Thursday, February 11, 2016

බස්සි අක්කට මක් වෙලාද??

බස්සි අතුරුදන් වෙලා... ඇත්තමයි..

මම අද දවල් මොකක්හරි එකක් ටැග් කරන්න බුකියෙ බස්සිගෙ නම සර්ච් කොලා.... ම්හු!! බස්සි එන්නෑ...

මම ඒ වෙලාවෙ ගණන් ගත්තෙ නෑ... මගේ නොසන්ඩාල වැඩ නිසා මාව බ්ලොක් කරන එවුං එමටයි... 

පස්සෙන් පහු හවස් වෙලා තවත් මක්ක හරි වැඩකට බස්සිගෙ නම සර්ච් කොළා... තවත් මක්කහරි ලබ්බක් ටැග් කරන්ට වෙන්නෝනෙ...

Wednesday, February 10, 2016

තාප්පය දෙපස.. ආදරය අභියස


තුන්වරක් එයා දිහා හැරිලා බැලුවත් එයා මාව නොදැක්කා වගේ ඉන්නවා. 
එයා ළඟට යන්න හිතුණත් එළියේ වැඩ වලදී එයාව දන්නවා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියලා තිබුණු නිසා මම ඈතින්ම හිටියා. එයා මගේ දිහා බලාවි.......
මා එක්ක හිනා නොවුණත් අනිත් හැමෝම එක්ක එයා කතාබහ කරන හැටි මට පෙනුනා. මොකක්ද මේ වෙනස????
මම හිටියේ එයාට ආදරේ කියාගන්න බැරිව. ඒ ආදරේද කියලාවත් විසඳගන්න බැරි වෙලාවක කොහොමද මම එයාට ආදරෙයි කියන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Tuesday, February 09, 2016

මගේ ජාතිය ආදරේ... ආදරේ හඳුනන අළුත් පරපුරක්....

හොඳම ආදර කතා ලියැවුණේ ජාතිය ඉක්මවලා යන මොහොතකදී....

දුක්බරම ආදර කතා වලට හරස් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ජාතියක්...... 


වැලන්ටයින් දිනය අතලඟ එනවා..... 

අපි වැලන්ටයින් සමරන්නට සූදානම් වෙනවා..... 

වැලන්ටයින් දවසේ අපි යන්නේ ජාතිය ඉක්මවපු ආදරයක් හොයාගෙන... චින්තන ධර්මදාස කියනවා වගේ ආදරය ජාතියකට වඩා විශාලයි.... 

අපි යනවා ලිංගික අනන්‍යතාවයන්ගේ සිමා නැති ආදරයක් හොයාගෙන... සමලිංගික, විෂම ලිංගික ඔබ හැමෝටම වෙනස් කොට තකන්නේ නැතිව ආදරය කරන්නට ඉඩක් හොයාගෙන.... 

Wednesday, February 03, 2016

ලංකාවටම ජාතික ගීයක්... සැබෑ නිදහසක්

මේ සියල්ලන්ටම සතුටු විය හැකි අවස්ථාවකි. ඓතිහාසික අවස්ථාවකි. ජාතික ගීය භාෂා දෙකෙන් ගැයූ පළියට සංහිඳියාව බිහි වන්නේ නැත. එහෙත් මෙය ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් පණිවුඩයකි.



ජාතික ගීය දෙමළෙන් ගැයීම අලූතෙන් ගෙන ආ නීතියක් හෝ අලූත් යෝජනාවක් නොවේ. එය යුද්ධය හේතුවෙන් අභියෝගයට ලක්වුණු නමුත් ලංකාවට ජාතික ගීයක් ලැබුණු කාලයේ පටන්ම තිබුණු එමෙන්ම වත්මනෙහි ක්‍‍්‍රියාත්මක වන දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් නීත්‍යනුකූලව පිළිගත් සම්ප‍්‍රදායකි. වත්මන් ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවෙහි භාෂා පිළිබඳව සඳහන් වන සිව්වෙනි පරිච්ෙඡ්දයෙහි ලංකාවේ ජාතික භාෂා ලෙස සිංහල සහ දෙමළ භාෂා පිළිගෙන තිබේ. රටක ජාතික ගීය ගැයෙන්නේ ජාතික භාෂාවෙනි. ව්‍යවස්ථාවේ සිව්වෙනි පරිච්ෙඡ්දයෙන්ම පිළිගන්නා ආකාරයට ලංකාවේ ව්‍යවස්ථා සහ අණපනත්වල දෙමළ පිටපත් තිබෙන අතර ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවේ පස්වෙනි වගන්තියෙහි ශ‍්‍රී ලංකා ජාතික ගීය පිළිබඳව සඳහන්ව තිබේ. තුන්වැනි උපලේඛනයෙහි ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය සඳහන්ව ඇත. දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සිංහල පිටපතෙන් ජාතික ගීය ලෙස සිංහලෙන්ිශ‍්‍රී ලංකා මාතා අප ශ‍්‍රී ලංකා’ යනුවෙන් ජාතික ගීය සඳහන් වන අතර එහි දෙමළ පිටපතෙහි එම සංගීතයට අදාළ එම ජාතික ගීයම දෙමළ භාෂාවට පරිවර්තනය වී සඳහන් වන අතරිශ‍්‍රී ලංකා තායේ’ යනුවෙන් එම පරිවර්තනය ආරම්භ වේ.

Tuesday, February 02, 2016

කොටුව බෝම්බයට වසර අටක් පිරෙන තැන

යුද්ධෙදි මැරුණ සිංහල අය ගැන කතාකරන්නේ නැත්තේ ඇයිදැයි මගෙන් ( ඇතුළු යුධ විරෝධීන්ගෙන් ) ජාතිකවාදීන් අහනවා... 

මටනං තියෙන පැහැදිළි හේතුව ඒ ගැන කතා කරන්න ඇති තරම් අය ඉන්නවා.. යුද්ධය ගැන මිනිස්සු කතානොකර හංගන දේ තමයි අපි කතා කළ යුත්තේ කියලා... 


එල්ටීටීඊ සංවිධානය තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උපක්‍රමයක් විදියට සාමාන්‍ය සිංහල ජනතාව අතරට බෝම්බකරුවන් යවලා මරා දැමීම යොදාගත්තා... ඔවුන්ව ත්‍රස්තවාදීන් විදියට හැඳින්වුවේත් මේ නපුරු උපක්‍රමය නිසා... එල්ටීටීඊයට එයම පාරා වළල්ලක් වුණා... 


ඇය නැතිව ඒ මොහොත

කළුපාට!!!! ඔයා අඳන්නෙම කළුපාට!!! 
එයා මගේ දිහා නොබලා බිම බලාගෙනම කීවා!! උත්තර දෙන්න ගියේ නැහැ මං!!! 

දවස් ගාණක ඉඳන් එයා ගැනම හිතුවත් මට පෙන්වන්න ඕන මං එයාව ගණන් ගන්නෙ නෑ කියලා!! 

ඇයි කළුපාට අඳින්නේ???? 
දෙවැනි පාර අහද්දී නුරුස්නා හඬකින් මං උත්තර දුන්නා..... ‘මට ඕන නිසා‘

වයිෆ්ගෙ වෙඩිම තිබුණත් එන්න!!!! 

පහුගිය දවස් වල වැඩ වැඩියෙන් බදාගෙන තිබීම නිසා බ්ලොග් ලොවට පිවිසෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. දැන් හදිසියේ  ගොඩවී හදිසියේ යන්නේ වැදගත් කාරණයක් කියලා යන්න.


ඔබ බෞද්ධයෙක් වුණත් හින්දු වුණත් කතෝලික වුණත් ඉස්ලාම් වුණත්

ජාතිකවාදියෙක් වුණත් ජාත්‍යන්තරවාදියෙක් වුණත් සිංහල බෞද්ධ ජාතිවාදියෙක් වුණත් 

මහින්දවාදියෙක් වුණත් යහපාලන වාදියෙක් වුණත් දෙකටම නැති සිවිල් පුරවැසියෙක් වුණත් ටොයියෙක් වුණත් බයියෙක් වුණත්

භෞතිකවාදියෙක් වුණත් විඥාණවාදියෙක් වුණත් මාක්ස්වාදියෙක් වුණත් 

දීප්ති පිලේ වුණත් දීප්තිගෙන් පහර කන පිලේ වුණත් ඒ බයිල වලට පුකෙන් හිනා වුණත්


Wednesday, January 20, 2016

මාධ්‍යයට බණ කියන මහින්ද!! මේ කළු ජනවාරියයි!!

 එම්කේඩීඑස් ගුණවර්ධනගේ මළගෙදරදී මහින්ද මහත්තයා මාධ්‍ය රස්සාව කරන හැටි උගන්වන ආකාරය අපි දැක්කෙමු. එම සිදුවීමේදී නම් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය පිස්සු ප්‍රශ්ණයක් යැයි මුලින් කිව යුතුය. කොහොම වුණත් එ් සිදුවීම එක්ක මහින්ද හා මාධ්‍ය ගැන කලින් ලියන්නට පටන්ගෙන මඟ නැවතුණු පෝස්ට් එකක් යළි අතට හසුවිය. එහි එක් ඡේදයක් පමණක් ලියා තිබුණි.

මහින්ද මහත්තය මීට කලින් බොහොම වෙනස් කෙනෙක්... මාධ්‍ය එක්ක බොහොම ළඟින් හිටියා.. ඒ කාලේ ඉතින් අපට කලින් පරම්පරාවේ මාධ්‍ය අයියලා කැබිනට් ගොසිප් එකක් කාරිය දැනගන්න කතා කළේ ඒ උන්නැහේට තමයි.. ආණ්ඩුවේ කුණු ගොඩවල් මීඩියා වල කනේ තියන්න රුසියෙක් මහින්ද. අනික දැන් රට බෙදනවැයි කියමින් බෙරිහන් දුන්නට ඒ කාලේ බලය බෙදීම වෙනුවෙන් කතා කළ කෙනෙක් තමයි මහින්ද මහත්තයා. ( බලය බෙදීම සහ රට බෙදීම කියන්නේ එකක් නොව දෙකකි. බලය නොබෙදීම කියන්නේ නම් රට බෙදීමට මාර්ගයක් විය හැකිය.)


ඔහුව සමරන මාධ්‍ය සගයන්
මහින්ද මහත්තයා බලයේ හිටපු කාලයේ මාධ්‍ය සමඟ ගණුදෙනු කළ විදිය ගැන මෙහෙම කතා කර බැරිය. ලසන්ත වික්‍රමතුංගලාගේ, ප්‍රගීත් එක්නැලිගොඩලාගේ, පෝද්දල ජයන්තලාගේ ලේ වලින් ඒවා ලියා ඇත. වෙඩිවර්ධනලා, සනත් බාලසූරියලා, රෝහිත භාෂනලා, අතුල විතානගේලා වැනි පිටුවහල් වූ අයත් ලසන්ත රුහුණගේ වැනි තර්ජන මැද්දේ ජීවිතය අනතුරේ තබාගෙන පොළොවේ සිට සටන් කළ අයත් ඒ කාලයේ මර්ධනය ගැන පිටුගණන් කියනු ඇත. මහින්දගෙන් මචං කියා කැබිනට් තොරතුරු ඉල්ලූ අපට පෙර පරම්පරාවම ඔහු අතට බලය නම් අවිය ආ පසු හැසිරුණු විදියත් කියනු ඇත.


සන්ධ්‍යා එක්නැළිගොඩ සහෝදරිය

අපටත් වඩා මහින්දගේ මාධ්‍ය හිතවත්කම ගැන හොඳින් දන්නේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන් ය. අද අප සමඟ නිදහසේ