Monday, August 21, 2017

එම්.ජී. නිදහසේ පියඹා යා යුතුය

 



‘සංගීත ක්ෂේත්‍රයේ උඩට එන්න හරි අමාරුයි. රැඳී ඉන්න නම් යමක් කළ යුතුයි. මට ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියට තියාගන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ.‘ මේ එම්.ජී. ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් වූ පසුව පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකි. 

Sunday, August 20, 2017

සයිබරීය කලාකරුවා ප්‍රසාද් අලුත්වත්ත

රාවයේ පලවීම නිසා ආන්දෝලනයකට ලක්වූ නිර්මාණයක්.

ප්‍රසාද් අලුත්වත්ත කියන්නෙ ජනප්‍රිය ඩිජිටල් කොලාජ් කිහිපයකම හිමිකරුවා.  පහුගිය සතියක රාවයේ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පළවුණා. ඒ සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් කවුද නීතීඥයෙක් කියලා කෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබුණේ ප්‍රසාද්ගෙ නිර්මාණවලින් ආගමට අපහාස කරන හින්දා ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ මොහොතෙ මම ඔහුගෙන් ආදරයෙන් ඉල්ලුවා පැමිණිල්ලක් දාන්න කියලා. ඒත් තවම දාලා නැහැ වගේ.

Saturday, August 19, 2017

මම රෙස්ලින් බලන්නෙ ඇයි?



‘ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.‘ අපි ඉස්කෝලෙ යන කාලෙ ඔන්න ඔහොම සිංදුවක් ජනප්‍රිය වුණා. ඒ ලංකාවේ වැඩියෙන්ම රෙස්ලින් ජනප්‍රිය වුණ කාලයක්. හැබැයි ඔය ලෝකයෙ ගත්තම රෙස්ලින්වල ජනප්‍රියත්වය බහිමින් තිබුණු කාලයක්. මං මේ කියන්නේ ඔලිම්පික් යන රෙස්ලින් ගැන නෙවෙයි, ප්‍රොෆෙෂනල් රෙස්ලින් හෙවත් ප්‍රෝ රෙස්ලින් ගැනයි. බොහෝ විට ඇමෙරිකාව, මෙක්සිකෝව, ජපානය සහ මේ වෙද්දී ඉන්දියාව ඉලක්ක කරගත්ත විනෝදාස්වාදය වෙනුවෙන් කලින් සැලසුම් කළ මල්ලවපොර තමයි රෙස්ලින් කියන්නේ. 
 
ඩබ්.ඩබ්.ඊ. කම්පැණියෙ ඉන්න දක්ෂ රෙස්ලර්ස්ල තුන්දෙනෙක්

Saturday, August 05, 2017

කාන්දන්ගේ කතාව

තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.

කාන්දන් මහත්තයා


‘කොතැනින්ද පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ.

දෙමළෙන් බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි. ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත් බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො හිතාන හිටියේ. ඒත් ඇත්ත එහෙම නෙවෙයි. අපේ මිනිස්සු මේ තරම්වත් බේරුණෙ ඇයි දන්නවද. හැම දෙමළම පාල්දිය කියන්නෙ නෑ. අපි කියන්නෙ බාල්දිය කියල තමයි. මාත් කිව්වෙ බාල්දිය කියල. බණ කියල කියපං කිව්වාම මම කිව්ව බණ කියලා. ඒ විතරක් නෙවෙයි මං බණ අහලත් තියෙනවා.

බ්ලොග් විවාහය

විවාහයක් කියන්නෙ මොකක්ද කියල සැබෑ පැහැදිළි කිරීමකුත් නෑනේ. කොහොම වුණත් විවාහයකින් පස්සේ දෙන්නෙක් එක වහලක් යටට එනවා.

ඉතින් මේ මොහොත බ්ලොග් දෙකක් අතර විවාහයක් කියල කියන්න පුළුවන්.

රේඛා නිලුක්ෂිගේ ලිප්ස්ටික් බ්ලොග් අඩවිය මෙතැන් පටන් උඩුවාගේ සටහන් බ්ලොග් අඩවිය සමඟ විවාහ වෙනවා. මේ බ්ලොග් දෙකම සැමියාගේ නිවස වන uduwaage.blogspot.com ලිපිනයෙහි පදිංචි වනු ඇති.

මේ දෙදෙනාගෙන් කාව මුණගැහෙන්න වුණත් මේ ලිපිනයට ඇවිත් පුළුවන්.

ස්තූතියි.......!