සංජේ ලීලා
බන්සාලිගේ චිත්‍රපටියක් නම් විශිෂ්ඨ වැඩක් කියන එකයි සමාජයෙ මතය. උතුරු
ඉන්දියාවටත් ඒ අදහස තියෙනවා. දකුණු ඉන්දියාවටත් මේ අදහස තියෙනවා. ඒත් කුමන හෝ
හේතුවක් නිසා බ්ලැක් සහ හම් දිල් දේ චුකේ සනම් හැර සංජේ ලීලා
බන්සාලිගේ හැම චිත්‍රපටියක්ම මහා කම්මැලි ටෙලිනාට්‍ය එපිසෝඩ් වගෙයි අපට දැනෙන්නෙ.
පද්මාවත් බැලුවාම ඒ අදහස තවත් කොන්ක්‍රීට් වුණා.
Wednesday, April 11, 2018
Saturday, April 07, 2018
කණගාටුවෙන්, කේන්තියෙන් සහ සන්තෝසයෙන් ලියමි,
රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල් නොදී ඉන්නැයි රාවයේ ‘අයිතිකාරයා’ වෙච්ච වික්ටර් අයිවන් රාවයේ ගිණුම් අංශයට නියෝග කරලා. පහුගිය සතියේ දවසක මුදල් ලබාගන්නට රාවය කාර්යාලයට ගිය මට මුදල් නොදුන්නා විතරක් නෙවෙයි, මාව පොලීසියට කතාකරලා එළියට දාන බවට රාවයේ හිමිකරුවන් වගේ දැන් හැසිරෙන සේවකයෙක් තර්ජනයකුත් කළා. ස්තූතියි රාවය. වික්ටර් අයිවන් මහතාටත් ස්තූතියි.
රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල ගැන ඇහුවොත් කෙනෙකුට හිනායන්නට ඉඩ තියෙනවා. වික්ටර් අයිවන් මහතාත් හිතනවා ඇත්තේ ඒ කුඩා මුදලක් කියා වෙන්න ඕනෙ. මොකද ඔහු තමන්ගේ කොලමේ කිහිපවතාවක් ලියලා තිබුණා ඔහුට රාවයෙන් ඉවත් වෙන මොහොතේ ලැබුණේ රුපියල් 65 000ක වගේ සොච්චම් වැටුපක් කියලා. ඒ වගේම දැන් රාවයට සතිපතා පිටුවක් පුරා ලියන ඔහුගේ කොලමට රුපියල් 5000 බැගින් ලැබෙනවා. මාසෙට ලිපි හතරක් ලිව්වොත් රුපියල් 20 000යි. ( මේ ඔහුට ලැබෙන වෙනත් විවිධ මුදල්වලට අමතරව. ඔහු රාවයේ ලියන මේ ලිපිම පොත් විදියට පළ කරනවා. ඉන්පස්සේ ඒ පොත් විකිණීමෙන් ඔහුට දැවැන්ත ආදායමක් ලැබෙනවා. රාවය ප්‍රකාශකයන්ගේ පොත් අතරින් රාවයේ උපරිම අනුග්‍රහය ලැබෙන්නෙ ඔහු ලියන පොත්වලට. )
Subscribe to:
Posts (Atom)