තවදුරටත් ධනුෂ් කැත නැහැ |
එහෙත් දමිළ සිනමාවේ දැවැන්තයෝ වෙන ඉලයරාජා, ධනුෂ්ගේ තාත්ත කස්තුරිරාජා වගේම කුල පිළිබඳව තියෙන බෙදීම් අනුව ගත්තොත් ධනුෂ් දාලිත් කුලයේ කෙනෙක්... හැබෑ නම වෙන්කටේස් ප්‍රභු කස්තුරිරාජා....
කමල් හසන්ගෙ ලොකු දුව එක්ක |
කමල් හසන්ගෙ පොඩි දුව එක්ක |
ධනුෂ්ගේ පෙනුම මුලින්ම දකින කෙනෙක්ට නං මෙයාව හීරෝට ගන්න පුළුවන්ද කියල හිතෙන විදියේ පෙනුමක්... ඒක ඒ ෆිල්ම් එකට වඩා හොඳින් පෙනුනෙ මං දෙවැනියට බැලුව kadhal konden ෆිල්ම් එකේදී....
අනිත් පැත්තෙන් ධනුෂ් තමන් කරන චරිතයේ තිබුණු හැඟීම් පිටකරපු විදිය.. නිදහසේ හැඟීම් පිටකරන්න ධනුෂ් පැකිලුණේ නෑ.. විශේෂයෙන් නර්තනයේදී...
ධනුෂ් කරපු ගොඩක් චරිත හොඳ කියල පිළිගැනීම තියෙන හොඳම අය නෙවෙයි.. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සුදු චරිත නෙවෙයි... ෆිල්ම් කිහිපයකම ධනුෂ්ට රැජිනිල කරපු චරිත වගේ ධනුෂ් සීයකට ගහන මාර ෆයිට්කාරයෙක් නෙවෙයි. ආදුකාලම්හි සහ පොලදාවන්හි ධනුෂ් කරපු චරිත දෙකම වැරදි කරන සාමාන්‍ය කොල්ලන්ගේ චරිත. ඒ ෆිල්ම් දෙක කළේ ධනුෂ්ගේ යාළුවා වෙට්ට්‍රිමාරන් එක්ක. වෙට්ට්‍රිමාරන් සහ ධනුෂ් එකතු වුණු අවස්ථා තුනෙන් දෙකක්ම දාහක් දෙදාහක් ෆිල්ම් හැදෙන ඉන්දියාවේ ලබාගන්න පුළුවන් ඉහළම සම්මානය වන ඉන්දීය ජාතික සම්මානය දක්වා ගියා. එකක් හොඳම නළුවාට හිමි ඉන්දීය ජාතික සම්මානය ආදුකාලම් ෆිල්ම් එකට.
ධනුෂ් ගැන අනිව ඉස්සරහට තව ලියනව....
මේ පොඩි ආරම්භයක් විතරයි.....
කළු කෙට්ටු කැත = KKK.
ReplyDeleteමගේ මිතුරෙක් හිටියා පොර ගේ අන්වර්ථ නම K-7. මොකද නමේ අකුරු දෙකත් K ම තමයි. (කමල් කුරුවිට වගේ!)
මගේ යාළුවොත් හිටිය අකුරු වලින් නම් තියෙන.... මටත් කාලයක් ටී.ඒ. කියල කිව්වෙ... තරිඳු අමිල
Deleteමේ නමේ කතාව මෙහෙමයි.
Deleteකළු කෙට්ටු කැත කපටි කොට කුපාඩි කමල් කුරුවිට - හෙවත් K-7 කුරුවිට
එල! මාත් කැමති නළුවෙක්
ReplyDeleteඇත්තම....... කියන්නද උඩුවත් ටිකක් ධනුෂ් වගේ......බොරු නෙවී.....
ReplyDeleteපොලදාවන්හි කියන වචනේ පොල්ලාදවන් නෙවීද.....
මට මතක ඒ වගේ
ඉස්කෝලේ පන්තියේදී මට ධනුෂ් වගේ කිව්ව බයිට් එකට.. (මොකද ධනුෂ් කැතයි කියල පිළිගැනීම තිබබේ)
Deleteකොලවෙරි සිංදුවෙන් පස්සේ ඒක වෙනස් වුණා... මං ධනුෂ් වගේ කියපු එඑවුං එහෙම කියන එක නැවැත්තුව
මගේ බොක්කක් උන්නා ආමි එකේ ගජභා යුනිට් එකේ 7K මෙන්ඩිස් කියලා... ආමී එකේ නොදන්න එකෙක් නෑ.. දැන් මම හිතන්නේ නවසීලන්තේ..
ReplyDeleteඇත්තටම ගොඩාක් උඹ වගේ...
ආමි එක එක්ක මගෙ ගණුදෙනුව වෙනස් නේ...
Deleteඅපේ සීනියර් ඔෆිසර් කෙනෙක් හිටියා.. මුල් අකුරු KKK- කළු කොට කැත කියල තමයි කාඩ් එක වැදිලා තිබ්බේ.. හැක හැක.. නළුවෙක් වෙන්න නම් ලස්සන වෙන්නම ඕනි නෑ.. පස්සේ මතක් උනේ කොලවරී ඩි සින්දුව කියපු ජොකියා කියල.. වෙන නම් ෆිල්ම් බලල නෑ..
ReplyDeleteඅනිව බලන්න වටින නළුවෙක්...
Delete