ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුඟයිලු!! ඒ දේවල් බලල එන්න හීන දකින එක හොඳයිලු!!
ළමයින්ට තේරෙන විදියට ෆිල්ම් එකේ කතා කරන්නේ හීන ගැන. වැඩිහිටියෙක් වුණත් රසවින්දන මට්ටම අනුව ෆිල්ම් එකේ තියෙන ලස්සන කතාව බලන්න පුළුවන්... අම්මා කෙනෙක්ට ෆිල්ම් එක පුරා ළමයින්ගේ හුරතලේ බලාගෙන ඉන්න පුළුවන්... ෆිල්ම් එක කම්මැලි නෑ.. එකම දර්ශනේ පැය ගාණක් තියෙන්නේ නෑ.... කාටවත් නොරෙත්රෙන දෙබස් නෑ... අන්න එහෙමයි ෆිල්ම් එක යන්නේ... ඒ මතුපිට පිටපතේ වුණත් ගන්න දේවල් තියෙනවා.. හීන දකින එක ගැන... හීන හැබෑ කරගැනීම ගැන..
ඒවා පැත්තකින් තිබ්බත් අනසූයා සුබසිංහ නම් පොදු රසිකත්වයට අළුත් මූණත්, ලූෂන් , මනෝරත්න ඇතුළු රංගනයේ විශිෂ්ඨයන්ගේ රංගනය දිහා බලා ඉන්නත් පුළුවන්....
ඉන්දිකගේම කලම්බු කලම්බු හරහා වේදිකාවේ හොඳම නිළිය වුණු අනසුයා... චිත්‍රපටියේම දෙබසක් ඇසුරින් කිව්වොත් අලුත් තමයි.. ඒත් රංගනයට අළුත් නෑ... |
ඒත් ඕනම කෙනෙක්ට ෆිල්ම් එක යටින් ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ තියලා තියෙන යටි පෙළ බලන්න පුළුවන්...
රුපියල් එකසිය අසූවක් දීලා මහරගම අනූෂා එකේ ෆිල්ම් එක බැලුව එක පාඩුයි නෙවෙයි එකසිය අසූව මදි වගේ ෆිල්ම් එකේ හැටියට.. ටිකක් පහු වෙලා අද ඉරිදා තමයි බැලුවේ... ඒක් සන්තෝසෙට කාරණේ තාමත් ෆිල්ම් එක බලන්න සෙනඟ එනවා... ( මේ ගන්න දෙයක් නැති හෝල් ගැන වෙනම කතා කරන්න ඕන)
මට මතක් වෙනවා සායක්කාර සහෝදරයගේ සංඝදාසගේ චූටි කලිසම නාට්‍යය.. (බලල නැති කෙනෙක් බලන්නම ඕන ) ඒකෙත් ඒ වගේ ජෝක් වලට හිනා වෙන්න පුළුවන්...
ලංකාවේ ටිකට් අරන් බලන්න යන ඒ්වා සාර්ථක කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා! 1. සෙක්ස් කෑලි දාන එක 2. ඉතිහාස හරි බෞද්ධ හරි කතාවක් දාන එක 3. ජෝක් දාන එක 4. ළමයින්ව යොදාගන්න සහ ඉලක්ක කරන එක (තව ක්‍රම තියෙන්න පුළුවන් )
ඉතින් මම හිතන්නේ ෆර්ඩිගේ ෆිල්ම් එකෙන් කරලා තියෙන්නේ ළමයින්ව ඉලක්ක කරන එක... සායක්කාර යොදාගත්තේ ජෝක්ස්..
විප්ලවය හෙවත් වෙනස ගැන කතාවක් චිත්‍රපටියේ කියනවා.. අපි ඉතිහාසය වෙනස් කරන මහා විප්ලවයක් ගැන හිතමින් ඉන්නවාද? අපට හමුවන පුංචි පුංචි තැන්වලින් වෙනසක් කරන්න උත්සාහ කරනවා ද? ඒ වගේම අපි විප්ලවය කරනකොට අපි තරම් විප්ලවය ගැන උනන්දු නැති අනෙක් අයව දායක කරගන්නෙ කොහොමද??
මේ ඉන්නේ වැඩකාරයා |
මේ ගැන ඉන්දික ඉන්ටවීව් වලදී කියන නිසා තවත් ඒක ලියන්න ඕන නෑ... ( අනුරාධා කෝදාගොඩ සමඟ මෑතකදී කළ එක බලන්න මෙතැනින් යන්න , චමිල ප්‍රියංක එක්ක 2014 දී කළ ඉන්ටවීව් එක මෙතැනින් යන්න )
ඈත ගමකට යන අළුත් ගුරුවරියක් පාසලේ ළමයින්ව මුහුද බලන්න එක්කගෙන යන්න බාධක ගොඩක් තනියම නෙවෙයි ළමයින් සහ ගමේ මිනිස්සු ක්‍රමයෙන් එකතු කරගනිමින් ජයගන්න හැටි චිත්‍රපටියේ තියෙන්නේ... ඒ වගේම චිත්‍රපටිය තුළ ඒ ටීචර් සැරෙන් සැරේ කෝල් කරන පෙම්වතෙක් ඉන්නවා.. එයා විප්ලවවාදී පක්ෂෙක මහා විප්ලවය කරන්නට ජීවිතය කැප කළ කෙනෙක්... ( ජේවීපී, පෙරටුගාමී, අන්තරේ )
ෆිල්ම් එකේදී උමා ටීචර් එයාගේ විප්ලවවාදී රැඩිකල් ( රැඩිකල් මොඩ්ල් එකේ සාම්ප්‍රදායික) පෙම්වතාගෙන් අහන්නේ ඔයාලා මිනිස්සු වෙනුවෙන් විප්ලවේ කරනවා සාමාන්‍ය මිනිස්සුන්ට ඒක ගාණක්වත් නෑ කියලා.. ඒ කියන්නේ පාරට බැස්සාම මිනිස්සුන්ගෙන් බැණුම් අහනවා.. මිනිස්සුන්ට විප්ලවේ තේරෙන්නේ නෑ... (බූපති නලින් මේ සතියේ රාවයට ලියපු රිවීව් එකත් කියවන්න වටිනවා.. ඒකේ ඔහු පෙන්වනවා නිතර තම පෙම්වතාගේ මහා විප්ලවයට කෝචොක් කරමින් ගමක පුංචි විප්ලවයක් කරන පෙම්වතියව. ඔහු කියන්නේ මහා විප්ලවේ නොකර පුංචි ඒවා කරන අයත් මේ ක්‍රමය පිළිගන්නා අයම තමයි කියලා. වැඩියෙන්ම පෙන්වන්නේ ටීචර්ගේ පුංචි විප්ලවය හරි වුණත් කෝචොක් කිරිල්ල වැරදියි කියලා.)
ඒත් මට හිතෙන්නේත් විප්ලවය කරන එකට කෝචොක් කිරිල්ල වැරදි වුණත් අපි කරන දේ මිනිස්සුන්ට ගාණක්වත් නැත්තන් වැඩක් නෑ කියලා... මගේ අදහස මහා විප්ලවය කරන්න මාදිලියක් විදියට චූල විප්ලව යොදාගන්න ඕන කියලා... පාරවල් වල පෙලපාලි යනවාට වඩා එහා ගිය පොදු සමාජය දායක කරගන්න විදියේ වැඩ ගැනයි අපි හිතන්න ඕන...
ඒ වගේ වැඩකට යන්න අපිත් ට්‍රයි කරනවා... මිනිස්සු අතරේ මිනිස්සුන්ව සංවිධානය කිරීම මේ මොහොතේ වැදගත්... මිනිස්සුන් ශිෂ්ඨත්වය කරා යන ගමනේ අතිශය ප්‍රාථමික අවධියක ලෝකය තාමත් ඉන්නේ.. ඊටත් පිටිපස්සේ ලංකාව ඉන්නේ... හෝමෝ සේපියන් ෆොසිල් පරණම ඒවා අවුරුදු 195,000 කට වඩා පරණයි. මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙන්න පටන් අරන් අවුරුදු 10 000 ක්වත් ගිහින් නෑ... තාමත් අපි ඉන්නේ ශිෂ්චාරගත වීමේ මුල... ඒක ඉස්සරහට තල්ලු කරන්න සබුද්ධිමත්ව වැඩ කරන්නයි ඕන...
සමාජය ගැන හිතන්න... මිනිස්සු හිතන විදිය ගැන හිතන්න... ඒ අයට ගැලපෙන විදියට යමක් කරන්න.... ( ද්විතීය මට්ටමේ ගැඹුරු දේවල් කරන අයත් ඒ අයගේ වැඩේ කරගෙන යන්න... )
තමන් කරන්න හිටපු ෆිල්ම් එක පැත්තකට දාලා වෙනත් කෙනෙකුගේ ඉල්ලීමක් ඇතුලත සති දෙකක් ඇතුලත ළමා චිත්‍රපටියක් ලියලා ෆර්ඩි කරන්නෙත් පොදු ජනයා ගැන හිතීමක්... (ප්‍රේක්ෂකාගාරය ගැන හිතලා නිර්මාණය කළ යුතු නෑ කියලා හිතන විශිෂ්ඨ නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ අයටත් රෙස්පෙක්ට් කරන්න ඕන.)
ප.ලි. - මෙතන මගේ අලුත් අදහස් වලට වඩා චිත්‍රපටිය ගැන ඇතිවුණු සංවාදය ඇසුරින් සරල සටහනක් ලියන්නයි ඕන වුණේ...
මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක් !!!
ReplyDeleteඅන්තිමට මාත් ඇඬුවා...සතුටටද මන්දා
ඇඬෙන එක කෙසේ වෙතත් ෆිල්ම් එක හොඳ බව ඇත්ත..
Deleteමට ඇඬුනේ හෝල් එකේ තත්තේ නිසා
මොකෝ මකුණෝ උඹේ පුක කෑවයි...
Deleteමම නම් ටී වී එකේ පෙන්නනකන් ඉන්නේ. හෝල් එකක බලපු අන්තිම හින්ගල සෝ එකවත් මතක නෑ..
ඔක්කෝටම වඩා රහයි උඹේ ලිවිල්ල... මම මේ සෝ එක ගැන කියවපු ආතල්ම පෝස්ට් එක...
මටත් හිතෙනවා බලලා විචාරයක් ලියන්න....
මකුණොනං කෑවත් කමක් නෑ..
Deleteවීඩියෝ එකේ ෆ්‍රේම් එක අවුට්... සවුන්ඩ් බස් එකක සෙට් එකක් වගේ!!!
මහරගම ඔය හෝල් එක ලඟින් දින දෙක තුනක්ම ගියා. නමුත් චිත්‍රපටියක් ඔය වගේ තැනක නරඹන එක තේරුමක් ණැති බව 2008 දී විතර වටහාගත් නිසා ඇතුලට ගියේ නෑ. නිෂ්පාදන යුවල ඉන්නේ මෙල්බර්න්වල නිසා සිඩ්නි දර්ශණයක් තියේවි කියා හිතෙනවා!
Deleteබොහෝවිට තියේවි....
Deleteහෝ ගාන පොකුණ බලන්න දින ගනිමින් ඉන්නේ. ටික දවසක් දුවයි නේද..
ReplyDeleteදැනට පේන්නේ ටික දවසක් යයි වගේ... ඒත් හැකි ඉක්මනින් බලන්න
Deleteහෝ ගාන පොකුණ බලන්න දින ගනිමින් ඉන්නේ. ටික දවසක් දුවයි නේද..
ReplyDeleteමමත් ආසාවෙන් ඉන්නේ බලන්න ඒත් තාම වෙලාවක් හම්බ වුනේ නෑනේ..
ReplyDeleteවෙලාවක් හොයාගෙන බලන්න වෙයි
Deleteමමත් හින්න ඉන්නේ ටීවී එකෙන් බලන්න.
ReplyDeleteමම සාමාන්‍යයෙන් හෝල් එකකට ගිහින් බලන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටි විතරයි.
මොකද මන්දා මට නිතරම ජයන්ත චන්ද්‍රසිරි සහ අශෝක හඳගම සංසන්දනය කරන්න හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ චිත්‍රපටි පබිලිස් සිල්වාගේ කෑම වගේ. අශෝක හඳගමගේ චිත්‍රපටි ලොයිඩ් ඕපාතගේ කෑම වගේ. පබිලිස් සිල්වා පොලට ගිහින් ගේන්න පුලුවන් එළවළු වලින් අමුතු රස කෑම හදනවා. ලොයිඩ් මහත්තයා ලෝකෙ එහා කෙළවරින් ගේන අමුද්‍රව්‍ය වලින් අමුතු කෑම හදනවා.