//ඩොකාලට බණිනකොට බස් කොන්දොස්තරලයි, මීඩියයි, දේශපාලඥයොයි, පොලීසියයි හැම කෙනාම එකතු වෙනවා. බස්කාරයොන්ට බණිද්දී ඩොකාලත් එකතු වෙනවා. පස්සේ අනිත් ඔක්කොම එකතු වෙලා දේශපාලඥයන්ට බණිනවා. ඇයි පොලීසියට? හොඳටම බණිනවා. රණවිරුවො ප්‍රොපගැන්ඩ එක නිසා ආමි එක විතරයි බැණුම් අහන්නෙ නැත්තෙ//
පහුගිය දිනවල අගමැතිවරයාගේ වාග් ප්‍රහාර දරුණු ලෙස වෛද්‍යවරුන්ගේ සංගමය හා ඇතැම් මාධ්‍ය ආයතන වලට එල්ල විය. එ්වා අනිවාර්යයෙන්ම සීමාව ඉක්මවන වාග් ප්‍රහාර විය. තර්ජන විය. එ් නිසා අගමැතිවරයා ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුවා මෙන්ම ඒ තත්වය නිවැරදි කරගැනීම යහපත් ය. ( එට්කා ගැන මට වෙනම අදහසක් තියෙනවා. ඒ ගැන කතාකිරීමට වඩා වෙනස් කාරණයකටයි මම උත්සාහ කරන්නේ. )
එතැනදී අගමැතිවරයා සමඟම ඩොකාලා අපේ ලේ උරා බීලා සැප විඳිනවා. මීඩියාකාරයෝ කියන්නේ කුණු විකුණන තිරිසන්නු පන්නයෙන් දැක්වුණ සමාජ ප්‍රතිචාර සුලභ විය.
වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විශාල විරෝධයක් ඇතිවිය. උදාහරණයක් ලෙස චින්තන ධර්මදාස දක්වා තිබූ අදහසක් උපුටන්නෙමි.
//වෘත්තියට අපහාස කරනවා නොවේ. ඒත් ලංකාවෙ වෛද්‍යවරුන් යනු කිසිසේත්ම මානවවාදී ව්‍යාපෘතියක කොටස්කරුවන් නොවන වග මගේද වැටහීමයි. කිසිදු රජයේ වෛද්‍යවරයෙකුගෙන් රෝගියෙකුට අවශ්‍ය තේරුම් කර දීම, ගරුත්වය වගේම තමන්ගේ සේවය ඉක්මවා ගිය වටිනාකම (වැලියු ඇඩඩ් සර්විසස්) මගේ ජීවිතයේ කිසිදු කලක දැක නැත. ඔවුන් දෛවඥයන් තරම්ම යල් පැනගිය අදහස් දරන පිරිසක් වග මා කියන්නේ අදහසක් ලෙස නොව අභියෝගයක් ලෙසයි.//
මෙය නිකම් උදාහරණයක් ලෙස ගන්නට පුළුවන් ය. මා මේ අදහස් වලට විරුද්ධ වෙනවා නොවේ. මේ අදහස් වලට මා බොහෝසෙයින් එකඟය.
මා කියන්නට යන්නේ වෙනත් දෙයකි.
ලංකාවේ සියළු ක්ෂේත්‍ර පාහේ ඇත්තේ ඉතා අකාර්යක්ෂම තැනකය. අද පොදු ප්‍රවාහනයේ ගමන් කරන ඔබ පෞද්ගලික බස් සේවකයාට බැණ වදින්නේ ය. රජයේ ආයතනයකට ගියොත් එහි සේවකයාට. දේශපාලඥයාට, මාධ්‍ය්‍යට, ගුරුවරයාට ආදී වශයෙන් හැමෝටම බැණ වදින්නේ ය. ප්‍රශ්ණයට මුල අහවලායැයි කියන්නෙමු.
සෞඛ්‍ය්‍ය සංවේදී ක්ෂේත්‍රයක් නිසා ඩොක්ටර්ස්ලා වැඩියෙන් බැණුම් අසන්නේ ය. තවත් නිතර බැණුම් අහන ක්ෂේත්‍රයක් වන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයයි. මේ කේෂ්‍රතවල ඉන්නේ අඟහරුවෙන් ගෙන ආ මිනිසුන් නොවේ. මේ සමාජය තුළින්ම බිහිවෙන මිනිසුන්ය.
ඇත්ත කාරණය ලංකාව නමැති අතිශය අසාර්ථක පසුගාමී රාජ්‍යයේ අතිශය බහුතරය තමන් කරන වෘත්තිය වගකීමක් හෝ සමාජයට සපයන සේවයක් ලෙස නොතැකීමයි. ලංකාවේ බහුතරයක් මිනිසුන්ට වෘත්තිය යනු ජීවිකාව වශයෙන් පඩි ලබන තැන පමණය. ඔවුන්ට වැදගත් වෙන්නේ තමන්ගේ පඩිය හෝ පහසුකම් පමණකි.
වෘත්තිය සමිති ක්‍රියාත්මක වෙන්නේ පඩි වැඩි කරගන්නට ය. ඒ ඒ ක්ෂේත්‍රෙය් තියෙන අඩුපාඩු පිටින් පෙන්වන අතර පිටින් පෙන්වද්දී නිදහසට කරුණු කීමට මිස ඒවා පිළිබඳ කල්පනා කරමින් අඩුපාඩු නිවැරදි කරගන්නට කිසිවෙකුට වුවමනාවක් නැත. අනුන්ගේ ක්ෂේත්‍රයක අඩුපාඩු පෙන්වීම මිස තමන්ගේ ක්ෂේත්‍රෙය් අඩුපාඩු පෙන්වීමට කාටවත් වුවමනා නැත.
ලංකාවේ වෘත්තීය ව්‍යාපාර තමන්ගේ ක්ෂේත්‍රට ප්‍රතිසංස්කරණය ගැන හිතන්නේ කවදාද? ක්ෂේත්‍රෙය් අඩුපාඩු දකින්නේ කවදාද? හැම සාමාන්‍ය පුරවැසියෙකුම රටට කුමක් හෝ සේවයක් සපයයි. තමා විසින් සපයන සේවය උපරිමයෙන් සපයන ආකාරය හිතන්නේ කවදාද?
මෙය ඩොකාලාගේ හෝ මීඩියාවල හෝ පොලිටික්කොන්ගේ ඔළුගෙඩිවල නොව සමස්ථ සමාජයේම වෙනසකින් නිවැරදි කරගත යුතු තත්වයකි.
//ලංකාවේ දැනට ලියපදිංච් වෛද්‍ය වරු ගණන 30,000 කට ආසන්නයි (1926 සිට) මේ වන විට ඉන් 20000 කට ආසන්න ගනනක් සක්‍රිය සේවයේ යෙදෙන අතර, ඉන් 15,000කට ආසන්න ගනනක් රාජ්‍යා සේවයේ යෙදේ. මෙම සංක්‍යාවෙන් 2000 ආසන්න ගනනක් විශේසඤ වරුන් වන අතර චැනල් සේවයේ යෙදිය හැක්කේ ඉවුන්ට පමණි. එයින්ද 500 කට ආසන්න ප්‍රමාණයක් චැනල් සේවයේ යෙදිය නොහැහැකි (non clinical specialists) වෛද්‍ය වරු වේ.
විශේෂඥ වරුන් නොවන වෛද්‍යවරු සමහරුන් පෞද්ගලික සේවයේ යෙදෙති (ඩිස්පෙන්සරි). නමුත් ඒ අය ගණන සැලකිය හැක්කේ මුලින් කී 14,000 න් 2000ක් අඩුකර ලැබෙන 12000න් අඩු තරමින් හරි අඩක් වත්(50% කාන්තා වෛද්‍ය වරු වන අතර ඔවුන් අති මහත් බහුතරයක් පෞද්ගලික සේවයේ නොයෙදෙයි) ඉවත් කිරීමෙනි. එයින්ද සැලකිය යුතු පිරිසක් (මා වැනි) පෞද්ගලික සේවයේ නොයෙදෙන අතර තවත් 1500- 2000 අතර පිරිසක් පස්චාත් උපාදි පුහුණුවේ යෙදේ.// - සංකල්ප මාරසිංහ -
This comment has been removed by the author.
ReplyDeleteමහළු අයටත් කියවන්න පුලුවන් වෙන්න නම් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න
ReplyDeletePlease remove background image.
ReplyDeleteකියවන්න අමාරුයි තමයි...
ReplyDeleteමහළු අයටත් කියවන්න පුලුවන් වෙන්න නම් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න x 2 කියවන්න අමාරුයි. :(
ReplyDeleteසමාවෙන්න ඕන. මම ඒ ගැන කල්පනා කළේ නැහැ.
ReplyDeleteදැන් තියෙන පසුබිම ගැන අදහස් කියන්න
හෑ! මට බැක්ග්‍රවුන්ඩ් එකේ අවුලක් පේන්නෑ නෙව.
ReplyDeleteඋඹ තරුණයිනෙ බොල!!
Deleteලෙඩේ ඇද්දේ වයසක මහත්තුරු
Chinthana Dharmadasa may be a rich person who could take his medical treatments from another country, we ordinary people normally go to our local doctors and they do a greater service.
Deleteමීඩියා වලින් කෙරෙන්න ඕන කාර්ය කෙරෙන්නේ නෑ. ඔවුනුත් කරන්නේ එක්කෝ විකුනන්න පුළුවන් නිව්ස් එකක් දාන එක නැත්නම් බඩ ගෝස්තරවාදීව කඩේයන එක !
ReplyDeleteමම කියන දේ වැටහිලා නැහැ ඔයාට
Deleteසෞඛයය සේත්‍රය කිව්වාම අපිට ඒකෙ රජ්ජුරු ගොල්ලා වගේ පේන්නෙ දොස්තර අය.. සෞඛයය කියන වචනය ලංකාවෙ ඇහෙද්දි ම අපිට මතක් වෙන්නෙම මොනවද ? ඉස්පිරිතාල, ලෙඩ්ඩු සහ දොස්තරලා වගේ දේවල්..
ReplyDeleteසෞඛයය කියන එක එහෙම ලඝු දෙයක් නෙමෙයි...රජයක වගකීම විය යුත්තේ මහජනතාවගේ සෞඛ්‍යය තත්වය වර්ධනය කිරීම.. එතනදි රජය මහජනතාවට හැදෙන ලෙඩ වලට නිකං බෙහෙත් නිකුත් කිරීම කියන්නෙ එක කාරණාවක් පමණයි..
අපේ රටේ මහජනයාගේ ආහාර රටාවන් වෙනස් කිරීම..ව්‍යායාම වලට යොමු කිරීම..මානසික සෞඛ්‍යය දියුනු කිරීම.. රෝග ගැන මහජනයා දැනුවත් කිරීම.. සෞඛ්‍යය අධ්‍යාපනය ඉහල නැංවීම.. ලිංගික දේවල් මැජික් නොකිරීම වගේ බොහෝ දේ අයිති වෙන්නෙ සෞඛ්‍යයට.. මහජනයාගේ සෞඛ්‍යය ගැන දත්ත බැංකුවක් වත් තාම අපේ සෞඛ්‍යය සේවාවට නෑ.. සමීක්ෂණයක් කලොත් රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න බොහෝ දෙනාට සත්‍ය වශයෙන්ම ඇත්තෙ ලෙඩක් නෙමෙයි මානසික ලෙඩක්ය කියලා හොයාගන් බොහොම හැකියාවක් තියේවි..
කොහෙන් හරි සෞඛ්‍යය ගැන කතාකරද්දි වෛද්‍ය සංගමය යල් පැන ගිය දත්ත ටිකක් අරගෙන දොස්තර ගොල්ලා නිසා ඉස්පිරිතාල නිසා සහ තවත් දේවල් නිසා මේන්න මේවා දියුනු වෙලා තියේය අපි හරි ලොකුය කියලා දත්ත ටිකක් අරං පෙන්වනවා.. ඒත් ඇත්තටම හිතා බලන්න.. අපේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යය කියන එක.. ඇත්තටම දියුනුයිද? ඒක දියුනු කරන්න ඔය කයි කෙලින දොස්තර උන්දැලා සහ ආන්ඩුවෙ උන්දැලා දැන් කොරමින් යන්නෙ මොකද්ද? එයාලට ඒ ගැන තියෙන පුලුල් දැක්ම සහ වැඩපිලිවෙල මොකද්ද?
මොකුත් නෑ.. අවසානෙ එයාල මෙයාල බැනගන්නවා විතරයි..
අපි තවත් එහාට හිතන්න වෙනවා
Deleteදියුණු වෙමින් පවතින රටවල් අතර සවුක්ය දත්ත වලින් ඉහළම ඉන්න රටක් තමයි ලංකාව ඒක බොරුවක් නෙවෙයි. රටේ රෝහල්/ ගිලන්රථ පහසුකම් ආදිය හොඳම තත්වයේ නොතිබෙද්දීත් එවැනි හොඳ දර්ශක තිබීමට හේතු රාශියක් තිබෙනවා.. එතැනදී දොස්තර වරුන් , හෙදියන් , වින්නඹු මාතාවන් ඇතුළු සියළුම සේවක සේවිකාවන්ගේ සේවය අගය කලයුතුමයි
Delete// සෞඛයය සේත්‍රය කිව්වාම අපිට ඒකෙ රජ්ජුරු ගොල්ලා වගේ පේන්නෙ දොස්තර අය.. //
ReplyDeleteඒ ගැන සන්තෝසයි....
:D
ඕනම වෘත්තියකට ගරු කළ යුතුයි. ප්‍රශ්ණේ ඒ වෘත්තීන් කරන්නේ සාමාන්‍ය මිනිස්සු
Deleteඅගමැතිවරයා කරන්නේ විවේචනයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් බැලලි කියල කෙනෙකුට බැන්නම අගමැති ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන වෙන්නත් පුළුවන්. ඉතින් අපට සහ උඩුවේ වගේ යට අගමැති විවේචනය කරනන් පුළුවන්. ප්‍රශ්නේ මේ මේ මේ විමල්ල බන්දුල පද්මකුමාරලා හඩ්සන් ල එහෙමත් විවේචනය කරන එකනේ.
ReplyDeleteවිවේචනය කරන්න පුළුවන්
Deleteඒත් ෆ්ලැට් විදියට නෙවෙයි. තර්ජන විදියට නෙවෙයි..
බලය තියෙන කෙනෙක්ට කට පරෙස්සම් කරගන්න වෙනව ගොඩක්
මෙතනදී නම් චින්තක ධර්මදාස ගේ අදහස් වලට බොහෝදුරට එකඟ වෙන්න පුළුවන්
ReplyDelete