යාපනයේ දූෂණයට ලක්වූ ගැහැණු ළමයා ගැන සටහනක් ලිවීමට අවැසි වුණත් තත්වය ගැන ප්රවේශමින් ලියන්නට කල්පනා කළෙමි. මේ සිදුවීම සිදුවූ ප්රදේශය ඩග්ලස් දේවානන්දාගේ බලය තිබෙන ප්රදේශයකි. දූෂණ ක්රියාව කළ පිරිස ඔහු සමඟ සම්බන්ධයක් පවතින බව සැලවිය. (ඇත්ත හරියටම දන්නෙ නැහැ) එමෙන්ම යාපනයේ විරෝධතා සංවිධානය කළේ ඔහුගේ පාර්ශ්වයෙන් බවද සැලවිය. (අනිවාර්යයෙන්ම යම්කිසි දේශපාලනික බලවේගයක් පිටිපස්සෙ ඉන්නවා.) මේවා පැහැදිලි කරගන්නට උත්සාහ කළෙමි.
සිදුවීම ගැන මට කිව යුතු කරුණු කිහිපයකි.

ජාතිවාදී නාකියන්ට කියන්නට දෙයක් තිබේ. (වයසින් තරුණ අය වුණත් ජාතිවාදී නම් නාකියෝ තමයි)

විමල් ගොනාට දෙන්නට උත්තරයක් තිබේ.
මහින්දගේ කාලයේ මෙවන් ස්ත්රී දූෂණ ගැන අහන්න නොතිබුණු බව ඔහු කියා තිබුණි. නැදුන්කානි වල දහසය හැවිරිදි දැරියක් දූෂණය කෙරුණේ මහින්දගේ කාලයේ අගය. කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදී පාසල් දැරියක් දූෂණය විය. (ඉසිප්රියා යුද්ධයේදී දූෂණය කළා) විමල්ගේ කතාවේ ඇත්ත කොටසකුත් තිබේ. මෙහේ මිනිසුන්ට අහන්නට නොලැබුනු තවත් සිදුවීම් රැසකි. මහින්ද යුගයේ මිනිසුන් මෙසේ කලබල නොකළ බව ඔහු කියා තිබුණි. ඇත්තය. මහින්ද කාලයේ කළානම් හමුදාව ඇවිත් දහපහලොස් දෙනෙක් බාවා තත්වය සමනය කරනු ඇත. මෙහේ නාකියන් විසින් මැරුණේ ත්රස්තවාදීන් යැයි හමුදාවට පින් අනුමෝදන් කරනු ඇත. ගොන් හරකුනි!! මිනිසුන් කැරලි ගැසීමට හැම විටම බියවිය යුතු නැත. සමහර විට මේ පිට වෙන්නේ මහින්ද යුගයේ පීඩනය විය හැකිය. රබර් බෝල කෙතරම් කල් ජලයේ ඔබා සිටින්නද? මේ පීඩනය ටී පනස් හය දෙසට නොව ඡන්ද පත්රිකාව දෙසට යොමු කරන්නට ආණ්ඩුව පියවර ගත යුතුය.උතුරේ මිනිසුන් ගැන ආඩම්බර වෙමි. පහතින් තිබෙන්නේ මා ෆේස්බුක්හි තැබූ සටහනකි.
සිංහල ගෑණු ළමයෙක් දූෂණය කළාම මිනිස්සු කලබල වෙනවද මේ වගේ....... (දවසකට කීයක් දූෂණය වෙනවද?) මේ මිනිස්සු කුපිත කරවලා වගේ තමයි, ඇත්ත... ඒත් දකුණෙ මිනිස්සුන්ව මේ වගේ හේතුවක් මත ෆෝම් කරන්න පුළුවන්ද? ස්ත්රී දූෂණය මෙතරම් ප්රතික්ෂේප කරන උතුරෙ මිනිස්සු ගැන බයවෙන්න නෙවෙයි පුදුමයක් එක්ක ආඩම්බර වෙන්න ඕන.වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් කරන්නට ඉඩ නොදී උසාවි පොලීසි වලට ගල් ගැසීම ආඩම්බරයට කාරණයක්දැයි මිතුරෙක් අසා තිබුණි. මා උසාවියට ගල් ගහන අයව වීරයන් කරීම වැරදියයි කියා තිබුණි. මේ මා තැබූ පිළිතුරු සටහනයි. නීතිය ගැනත් නීතිය රකින ආයතන ගැනත් උතුරේ තිබෙන ආකල්පය වෙනස් බව මට කියන්නට අවැසි විය.
උතුරේ නීතිය රකිනවට වඩා පොලීසිය තියෙන්නෙ මිනිස්සුන්ට තග දාන්න... උතුරෙ නීතිය තියෙන්නෙ එහේ මිනිස්සු වෙනුවෙන් නෙවෙයි මෙහේ මිනිස්සු වෙනුවෙන්..... ඒක වෙනස් වෙන්න ඕන. තමන් වෙනුවෙන් නීතිය තියෙන බව ඒ මිනිස්සුන්ට ඒත්තු යන්න ඕන. ඒකට එහේ මිනිස්සුන්ට අරගල කරන්න හයියක් නැහැ දැන්. මේහේ අපි තමා අරගල කරන්න ඕන.

මෙතන බොරදියේ මාලු බාන්න හදනවා ම.රා. සහ ඔහු ගේ ගෝලබාලයෝ රොත්තම.
ReplyDeleteපොලීසිවලට පහරදීම් පසුගයි කාළේ අඟුලානේ සහ තවත් තැන්වල සිදුවුණා.
මෙතැනදී මට හදතෙන භායනක තත්වය තමයි, උද්ඝෝෂකයින් ඉල්ලන්නේ සැකකරුවන්ව මරන්නට තමන්ට බාර දෙන්න කියා වීමයි. අර ග්රීස් යකා තත්වය!
Superb analysis. Can i share this article on social media.
ReplyDeleteThankz... I'll try to translate this to tamil and english
ReplyDeleteඋසාවිවලට ගල් ගහන එක හොද වැඩක්. දෙමළු කොහොමත් සිරා පොරවල් . ඒකෙනෙ ඔයා ලියන ඒවට සල්ලි දෙන්නෙ
ReplyDeleteමම ලියන ඒවට සල්ලි ලැබෙනවනම් මම සතුටින් බාරගන්නව. ඒත් අපේ ආර්ථික තත්වය දන්නෝ දන්නව...
Deleteමම ලියන්නේ දෙමළු සිරා පොරවල්ය කියල කියන්න නෙවෙයි. දෙමළ සිංහල මුස්ලිම් මොකක්හරි ජාතියකට ආගමකට අයත්වුණ පළියට කවුරුත්සිරා පොරක් වෙන්නෙ නැහැ කියල