‘හාමුදුරුවරු සිරගත කරනවා. පොලිස්පතිවරයාගේ නීතිය නැවීමේ ක‍්‍රමය යටතේ ඉදිරිපත්වෙන බී වාර්තා ගැන පුදුම හිතෙනවා. බටහිර ජාතීන් සතුටු කරන්නට මේ නඩු තීන්දුව දීලා තියෙනවා. ඒ පසුපස ප‍්‍රබල ඇමතිවරුන් දෙන්නෙක් ඉන්නවා’
Showing posts with label ජාතිවාදී නාකි පරපුර. Show all posts
Showing posts with label ජාතිවාදී නාකි පරපුර. Show all posts
Thursday, June 21, 2018
Sunday, December 03, 2017
ඊළාම් සිනමාව චිත්‍රපටි සංස්ථාවට එයි
කේසවරාජන් නවරත්නම්ගෙ පනෛමරක්කාඩු චිත්‍රපටිය දෙසැම්බර් 05 වැනි අඟහරුවාදා හවස 4ට
ජාතික චිත්‍රපටි සංස්ථාවෙදී
පළවැනි වතාවට ප්‍රදර්ශණය වෙනවා.
![]() |
| පනෛමරක්කාඩු හෙවත් තල් වනය |
එන්. කේසවරාජන් නම් ඊළාම් සිනමාවෙ
දැවැන්තයා, ඊළාම් සිනමාව වෙනස් මඟකට ගෙනආ අධ්‍යක්ෂවරයා යුද්ධයක අවසානයෙන් පසුව ශ්‍රී
ලාංකේය දෙමළ සිනමාව වෙනුවෙන් චිත්‍රපටියක් නිර්මාණය කරනවා. උතුරේ සිනමාව වෙනස්කරපු
ඔහු පළමුවතාවට දකුණේ චිත්‍රපටි සංස්ථාවේදී ප්‍රසිද්ධ සිනමා දර්ශණයකට එක්වෙනවා. මේ
සියල්ල සිනමා ඉතිහාසය පැත්තෙන් ගත් කළ ඓතිහාසිකයි. මේ ඓතිහාසික අවස්ථාවෙ ඔහුට
කියන්නට දේවල් බොහෝ ඇති. දකුණේ මාධ්‍ය විසින් ආවරණය නොකරපු, මේ මොහොතේ ඔහුට කියන්න
ඕනෑවුණු දේවල් කිහිපයක් මෙහි සටහන් කර තියන්න ඕනෙ. චිත්‍රපටිය බලන්න කලින් ඔබේ
දැනගැනීමට.
Saturday, August 05, 2017
කාන්දන්ගේ කතාව
තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.
![]() |
| කාන්දන් මහත්තයා |
‘කොතැනින්ද
පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි
පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ.
දෙමළෙන්
බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි.
ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත්
බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො හිතාන හිටියේ. ඒත් ඇත්ත එහෙම නෙවෙයි. අපේ
මිනිස්සු මේ තරම්වත් බේරුණෙ ඇයි දන්නවද. හැම දෙමළම පාල්දිය කියන්නෙ නෑ. අපි
කියන්නෙ බාල්දිය කියල තමයි. මාත් කිව්වෙ බාල්දිය කියල. බණ කියල කියපං කිව්වාම මම
කිව්ව බණ කියලා. ඒ විතරක් නෙවෙයි මං බණ අහලත් තියෙනවා.
Sunday, October 09, 2016
ලංකාවේ ඉසයිප්‍රියා ගැන තමිල්නාඩු ෆැන්ටසිය
ඉසයිප්‍රියා ගැන කරපු ෆිල්ම් එක රිලීස් කිරීම වළක්වන තීන්දුවක් මැඩ්‍රාස් හයිකෝට් එක දීලා.
ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ.
ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ.
Tuesday, September 06, 2016
නපුංසක බලු ගෑණු වැඩ කරන්න එපා ඕයි
බ්ලොග් අඩවියේ හිට්ස් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූවා.
ටික දවසක් තිස්සේ බ්ලොග් ලියන්න වගේම කියවන්නත් මට බැරිවුණා. විජය නන්දසිරි ගැන ලියපු සටහනට ගල් සහ මල් ආවාට පස්සේ. මායා ගැන පෝස්ට් එක දාන්න දවසකට දෙකකට කලින් තමයි බ්ලොගක් කියවන්න කියලා බ්ලොග් අවකාශයට ආවේ. ඒත් එතැන ජරා වලක් බවට පත්ව තිබුණ හින්දා පෝස්ට් එකක් දාන්න අපුලක් ඇතිවුණා. ඒ නිසා නිකම් ඉඳපු මම ෆෝන් එකෙන් ලියපු මායා ගැන සටහන බ්ලොග් අඩවියට එකතු කළා. ඒක බ්ලොග් අඩවියේ පාඨකයන් සංඛ්‍යාව ලක්ෂය දක්වා ගෙනගියා.
මම හිතාගෙන හිටියා හෙමින් හෙමින් ගමන් කරපු බ්ලොග් අඩවිය ලක්ෂය පිරෙන මොහොතේ සටහනක් ලියන්න. බ්ලොග් අඩවියේ අතහිත දුන් අයට ස්තූතියක් කරලා බ්ලොග් අඩවිය පටන්ගන්න හේතුවත් බ්ලොග්කරණයේදී මම හුරුවෙලා තිබුණ විදියත් ටිකක් පැහැදිළි කරන්න. කොහොමහරි පවතින වාතාවරණයේ සීන් එකත් එක්ක මට හිතුණා පොදු වැසිකිලයක් අරින්න. මාතලන්ගේ අර්ථකථනය අනුව. (මේකෙ කොහොමත් ටොයිලට් යන්න ගොඩක් අය එන එකක් නැහැ. මොකද මම වෙන ටොයිලට් වලට ගියත් මුත්‍රා පාරක් ඇර වෙන දේවල් කරනවා අඩු හින්දා)

Saturday, July 30, 2016
උතුරේ ජවිපෙ හඩ
මම කළින් කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් යුධ අපරාධ ගැන හොයන්න පුළුවන් කියල නෙවෙයි.
Monday, July 18, 2016
දෙමළ සිංහල සංහිඳියාවයි මාධ්‍යයි.........
ඔය සිදුවීම වෙන වෙලාවෙ මම හිටියෙ කන්කසන්තුරේ. එහේ හමුදා නිලධාරීන් අවතැන්වූ දෙමල ජනතාවට නිවාස ඉදිකරනවා. අපි එක්ක කතා කරපු හමුදා නිලධාරියෙක් කී කතාවක් වටිනවා... "අවුරුදු විස්සකට කලින් ඉහල අණින් අපි මේ ගෙවල් කුඩුපට්ටම් කළා... දැන් අපිම ඒ ගෙවල් ආයෙ හදනවා."
ඔවුන්ගෙ ඒ කතාව එක්ක මට හිතුණේ ආයෙමත් හමුදාවට මේ තැන්වල ගෙවල් කුඩු කරලා තව අවුරුදු විස්සකින් ආයෙමත් ගෙවල් හදන්න වේවිද කියලා...
කට්ට කන්නේ ගම්වලින් හමුදාවට බැඳුන සිංහල තරුණයන් සහ දෙමළ තරුණයන්.
Thursday, June 02, 2016
රාවය මහේස්ත්‍රාත් ජිනීවා දෙමළ ජනතාව යුක්තිය හා අලිහොරු ඇතුළු තවත් දෑ
අද රාවය පිටවුණේ තීරණාත්මක හෙඩිමක් එක්ක. සුළු සාකච්ඡාවකට පස්සෙ දෙගිඩියාවක් නැතිවම කර්තෘ මණ්ඩලය හෙඩිම තීරණය කළේ අධිකරණයේ අසූචි තැවරූ විනිසුරු ආරක්ෂා කරන්න තවත් විනිසුරුවරයෙකු පෙනී සිටීම ගැන තීරණාත්මක විරෝධයක් පළ කළ යුතු නිසා.
කතාව ඒ ගැන නෙවෙයි.
පහුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාව එකඟ වුණ පොරොන්දුව කඩලා දේශීය විනිසුරුවරයන් විතරක් යොදාගෙන යුධ අපරාද පිළිබඳ පරීක්ෂණය කරන බව. ලංකාවේ ආණ්ඩුව පොරොන්දු වුණේ දේශීය හා අන්තර්ජාතික විනිසුරුවරුන් ඉන්න මිශ්‍ර අධිකරණයකින් මේක කරනව කියල.

Thursday, April 28, 2016
ෆෙඩරල්????????????
මේ වනවිට නැවතත් කොටි,
ත්‍රස්තවාදීන් වැනි වචන සමඟ යන පුවත් දිවයින ඇතුළු ජාතිවාදී පත්තරවල ඉදිරියට එන්නට
පටන් අරන්. ගෙවුණු සතියේ දිවයින පළමු පිටුවේ පළවූ මේ වර්ගයේ පුවත් ප්‍රමාණය
විස්සකට ආසන්න වෙනවා. එම පුවත් ඒක පාර්ශ්වීයයි මෙන්ම සීයට අනූවක් පුවත් සොයා
බැලීම්වලදී කෙප්ප බව හෙලිවෙනවා. දිවයින පාර්ශ්වීයව හා මාධ්‍ය සදාචාරය නොතකමින්
ලියූ මෙවන් පුවතක් තමයි සම්බන්ධන් කිළිනොච්චියේ හමුදා කඳවුරකට බලෙන් ඇතුළු
වූවායැයි ආර්. සම්බන්ධන් පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව. ඒ පුවත
පාවිච්චි කරමින් ඒකාබද්ධ විපක්ෂ නඩය බෙරිහන් දුන්නේ පුළුවන්නම් සම්බන්ධන්ව
අත්අඩංගුවට අරන් පෙන්වන්න කියායි. ෆේස්බුක් නඩය හතුරෙක් හමුදා කඳවුරුවලට ඇතුළු
වුණාක් මෙන් පරල වී තිබුණා. ආර් සම්බන්ධන් කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්
කණ්ඩායමක් විසින් ඡන්දයෙන් පත් කරගත්ත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා
මිස කේතලයක් නෙවෙයි. කේතලයක් මෙන් අනුන් පාවිච්චි කරන විදියට හැසිරෙන්නත් දෙවැනි
පන්තියේ විදියට ජීවත් වෙන්නත් අවශ්‍ය නැහැ.
Thursday, March 24, 2016
හාමුදුරු ගොල්ලගෙ දේශපාලන ආතල්!
ලංකාවේ හාමුදුරු ගොල්ල දේශපාලනේ එක්ක තදින් ගැටගැහිලා ඉන්නේ. කළු සල්ලි ඒ අයට බොහොම ළඟයි. ඒ බව පෙන්නන්න සිද්ධි ගොඩයි.
මේ සිද්ධි දෙක පහුගිය සතියේ එකිනෙකට වෙනස් සිද්ධි දෙකක්....
ආගම මහේශාඛ්‍ය විදියට කරන්න යන්නේ අපට නිර්වාණය හොයලා දෙන එකද?
ආගම මහේශාඛ්‍ය විදියට කරන්න යන්නේ අපට නිර්වාණය හොයලා දෙන එකද?
එයාලගේ සැප ගන්න එකද?
සිරිධම්ම හිමිගේ අමුතු
බණ
Thursday, February 25, 2016
සංඝයාට වෙනම නීතියක් ද?
පසුගිය 23 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ඇප ලැබුණේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ස්ථාන වල ප‍්‍රකාශ සිදුනොකරන ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප කොන්දේසි ලෙස ඉදිරිපත් කරමිනි. අධිකරණයෙන් පිටතට පැමිණෙමින් ඥාණසාර හිමි අපූරු ප‍්‍රකාශයක් කරමින් මේ රටේ නීතය සම්බන්ධයෙන් පිරිවෙන් අවස්ථාවේදී හෝ ද්විතීය හෝ උසස් අධ්‍යාපනයේදී හෝ භික්ෂුවට අධ්‍යාපනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේ ය.
Wednesday, February 10, 2016
තාප්පය දෙපස.. ආදරය අභියස
තුන්වරක් එයා දිහා හැරිලා බැලුවත් එයා මාව නොදැක්කා වගේ ඉන්නවා.
එයා ළඟට යන්න හිතුණත්
එළියේ වැඩ වලදී එයාව දන්නවා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියලා තිබුණු නිසා මම
ඈතින්ම හිටියා. එයා මගේ දිහා බලාවි.......
මා එක්ක හිනා නොවුණත්
අනිත් හැමෝම එක්ක එයා කතාබහ කරන හැටි මට පෙනුනා. මොකක්ද මේ වෙනස????
මම හිටියේ එයාට ආදරේ
කියාගන්න බැරිව. ඒ ආදරේද කියලාවත් විසඳගන්න බැරි වෙලාවක කොහොමද මම එයාට ආදරෙයි
කියන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Tuesday, February 09, 2016
මගේ ජාතිය ආදරේ... ආදරේ හඳුනන අළුත් පරපුරක්....
හොඳම ආදර කතා ලියැවුණේ ජාතිය ඉක්මවලා යන මොහොතකදී....
දුක්බරම ආදර කතා වලට හරස් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ජාතියක්......
වැලන්ටයින් දිනය අතලඟ එනවා.....
අපි වැලන්ටයින් සමරන්නට සූදානම් වෙනවා.....
වැලන්ටයින් දවසේ අපි යන්නේ ජාතිය ඉක්මවපු ආදරයක් හොයාගෙන... චින්තන ධර්මදාස කියනවා වගේ ආදරය ජාතියකට වඩා විශාලයි....
අපි යනවා ලිංගික අනන්‍යතාවයන්ගේ සිමා නැති ආදරයක් හොයාගෙන... සමලිංගික, විෂම ලිංගික ඔබ හැමෝටම වෙනස් කොට තකන්නේ නැතිව ආදරය කරන්නට ඉඩක් හොයාගෙන....

Tuesday, February 02, 2016
කොටුව බෝම්බයට වසර අටක් පිරෙන තැන
යුද්ධෙදි මැරුණ සිංහල අය ගැන කතාකරන්නේ නැත්තේ ඇයිදැයි මගෙන් ( ඇතුළු යුධ විරෝධීන්ගෙන් ) ජාතිකවාදීන් අහනවා...
මටනං තියෙන පැහැදිළි හේතුව ඒ ගැන කතා කරන්න ඇති තරම් අය ඉන්නවා.. යුද්ධය ගැන මිනිස්සු කතානොකර හංගන දේ තමයි අපි කතා කළ යුත්තේ කියලා...
එල්ටීටීඊ සංවිධානය තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උපක්‍රමයක් විදියට සාමාන්‍ය සිංහල ජනතාව අතරට බෝම්බකරුවන් යවලා මරා දැමීම යොදාගත්තා... ඔවුන්ව ත්‍රස්තවාදීන් විදියට හැඳින්වුවේත් මේ නපුරු උපක්‍රමය නිසා... එල්ටීටීඊයට එයම පාරා වළල්ලක් වුණා...

වයිෆ්ගෙ වෙඩිම තිබුණත් එන්න!!!!
පහුගිය දවස් වල වැඩ වැඩියෙන් බදාගෙන තිබීම නිසා බ්ලොග් ලොවට පිවිසෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. දැන් හදිසියේ ගොඩවී හදිසියේ යන්නේ වැදගත් කාරණයක් කියලා යන්න.
ඔබ බෞද්ධයෙක් වුණත් හින්දු වුණත් කතෝලික වුණත් ඉස්ලාම් වුණත්
ජාතිකවාදියෙක් වුණත් ජාත්‍යන්තරවාදියෙක් වුණත් සිංහල බෞද්ධ ජාතිවාදියෙක් වුණත්
මහින්දවාදියෙක් වුණත් යහපාලන වාදියෙක් වුණත් දෙකටම නැති සිවිල් පුරවැසියෙක් වුණත් ටොයියෙක් වුණත් බයියෙක් වුණත්
භෞතිකවාදියෙක් වුණත් විඥාණවාදියෙක් වුණත් මාක්ස්වාදියෙක් වුණත්
දීප්ති පිලේ වුණත් දීප්තිගෙන් පහර කන පිලේ වුණත් ඒ බයිල වලට පුකෙන් හිනා වුණත්

Monday, December 21, 2015
මෛත්‍රී යාපනේ ගිහිං?
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය සහ එහිදී කළ කතාවට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.
සැබැවින්ම ඒ කතාව ප්‍රශංසා සහගතය.
සංචාරයේදී ඔහු මුගාම් වලට ද ගොස් තිබිණි. යාපනයේ අවතැන්වූවන් නැතැයි රාජපක්ෂලා පැවසූ පසුබිමක ඔහු මුගාමයට යෑමවත් හොඳය. හැබැයි ගිහින් බයිල කියවලා එනවා නොව ඒ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතුය. (මුගාම් ගැන ලියූ ලිපි 2 )

Monday, December 07, 2015
මැග්නිටෝ සහ ප්‍රභාකරන්.....
මැග්නිටෝ හමුවෙන්නේ එක්ස් මෙන් සිනමා කතා මාලාවේදී ය. ප්‍රභාකරන් හමු වන්නේ ලංකාවේ දේශපාලනය තුළදී ය.
මැග්නිටෝ යනු එක්ස් මෙන් කතා මාලාවේ දුෂ්ඨයා ය. එහෙත් මේ දුෂ්ඨයා සැබැවින්ම දුෂ්ඨයෙක්දැයි තේරුම් ගැනීම අපහසු ය. ඔහු ප්‍රතිවීරයා යි.
මැග්නිටෝ යනු එක්ස් මෙන් කතා මාලාවේ දුෂ්ඨයා ය. එහෙත් මේ දුෂ්ඨයා සැබැවින්ම දුෂ්ඨයෙක්දැයි තේරුම් ගැනීම අපහසු ය. ඔහු ප්‍රතිවීරයා යි.
Friday, November 27, 2015
ත්‍රස්තවාදියා...
ප්‍රභාකරන් ඔබට ත්‍රස්තවාදියෙක් විය හැකියි. මට ඔහු කැරලිකරුවෙකි. මම එසේ කීවෙමි... එය මගේ පැරණි පාසල් මිතුරන්ගේ, ෆේස්බුක් සගයන්ගේ සහ මාධ්‍යවේදී සහෝදරවරුන්ගේ කෝපයට හේතු වී තිබුණි. ඒ නිසා මේ සටහන අරඹන්නේම කියවා තේරුම් ගත නොහැකිනම් නොකියවන ලෙස සාදරයෙන් ඉල්ලා සිටිමිනි!!
Thursday, November 19, 2015
චිත්රු තමයි ඩ්‍රීම් ස්ටාර්....
| අතිදක්ශ ගායන ශිල්පීන් වුණත් මේ කලාකරුවන් නොවේ... |
‘හදවත ගැඹුරේ ධීර චේතනා..
මේ සිව් හෙළයේ දසත විසිරුවා..
එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..‘
2009 දී යුද්ධයේ දරුණු මොහොතක ඊනියා යුධ මුක්ත කලාපයක් නම්කොට දෙමළ මිනිසුන් සමූල ඝාතනය කරද්දී කලාකරුවන් කළ යුතුව තිබුණේ ජාතීන් වෙනුවට මනුෂ්‍යත්වය පෙරටු කරගත් නිර්මාණ කිරීමයි. එහෙත් සිංහල කලාකරුවන් දෙමළ ලේ ඉල්ලමින් ඊනියා දේශප්‍රේමයක් වෙනුවෙන් නිර්මාණ කළහ. එතැනින්ම ඔවුන් කලාකරුවන් යන්න අහෝසි විය.
Tuesday, October 13, 2015
නිදහස? ලැබුණද? නිදහසක් තියෙනවාද?
මේ දිනවල සමාජ ජාල අාතල් හිට්ලිස්ට් එකේ ඉහළම තැනක තියෙන්නේ නිදහස ලැබුණු දවස ගැන කතාවයි. ෂනුද්‍රි ප්‍රියසාද් නම් තාත්තගේ පානට එයාගේ තෙල් දැමූ නිළියත්, අර සුපර්ස්ටාර් කොල්ලත් (බොරු නෙවෙයි අම්මප නම මතක නෑ. දසුන් වගේ මතක.) සිරස වැඩසටහනකදී නිදහස ලැබුණු දිනය හා ලංකාවේ අගනුවර වරද්දා ගැනීම ආතල් හිට්ලිස්ට් එක උඩු යටිකුරු කොට චාමරලා, කොණ්ඩයා, සුජීගේ ෆෝන් එක වැනි පීඩිත පන්තියේ මිනිසුන්ගේ කතා වලින් පොඩි පොෂ් සිද්ධියකට ඇදගෙන ගියේ ය. ( යුරේනිගේ ජංගියත් හිට්ලිස්ට් වල තිබුණු ඔයවගේ කතාවක්. )
Subscribe to:
Posts (Atom)