Showing posts with label සමාජ විචාර. Show all posts
Showing posts with label සමාජ විචාර. Show all posts

Sunday, July 08, 2018

බස් වල යනවානම් කියවන්න ( Bus Passenger's Rights )


වසරකට සැරයක් බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා. යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තිය නිසා. තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප්‍රමාණය මදි කියලා බස් සංගම් විරෝධතාවය දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ඒ සඳහා පැහැදිළි අයිතියක් තියෙනවා. බස් කර්මාන්තය මහා ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බවත් අපි දන්නවා. බස් ගාස්තුවේ 12.5ක වැඩිවීමක් වෙලා තියෙන්නෙ ඔය සියල්ලම අනුව.

Friday, July 06, 2018

Angoda, Wimal, Anura and පිස්සෝ

වීරවංශගෙ මෑත ඉතිහාසය තුළ විවිධාකාර අපහාස වචන රැසක් දකින්න පුලුවන්.
හැබැයි එහෙම වුණ පළියට විමල් වීරවංශට කවුරුහරි කෙනෙක් කරන අපහාසයක් සාධාරණීකරණය වෙන්නෙ නැහැ.

කොහොම වුණත් අපහාස කිරීම මාතෘකාවේදී මෙතෙක් කල් චූදිතයා වූ විමල් වින්දිතයා වෙනවා. අපි වින්දිත විමල් දෙස මධ්‍යස්ථව සහ සාධාරණව බලමු. අනුර කුමාර දිසානායක විමල් වීරංවශට චෝදනා කරන්නෙ මානසික රෝගියෙක් බව කියමින්. ඒ සිද්ධියේදී අනුරට කේන්ති ගිය එක සාධාරණයිද? විමල්ටත් මේවා උරුමයිද වගේ සංවාද ඔක්කෝම පැත්තක තියෙද්දි අපි නම් ඉදිරියට ගන්නේ මෙතැන පැසවන මාතෘකාව. දැවැන්තම ප්‍රශ්ණය.

Thursday, July 05, 2018

විජයකලාගේ කතාව

'දැන් හරි විජයකලාව ඇමතිකමෙනුත් එළෙව්වා. දැන් තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් එළවන්න. ආයෙමත් ඔයවගේ කතා නොකියන්නම දෙමළු පාඩමක් ඉගෙනගනීවි......' කෙනෙක් එහෙම හිතනවා ඇති.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය උතුරේ බහුතර මතය කියලා අපි පෝස්ට් එකක් දැම්මාම බොහෝ දෙනෙක් ඒක දැඩිව විවේචනය කළා. ඒක වැරදියි. ඒක බොරුවක්. උතුරේ ගියේ කවදාද? සමීක්ෂණය කළාද වගේ නොයෙකුත් ප්‍රශ්ණ ඇහුවා. අපිත් කල්පනා කළා ඒ ප්‍රශ්ණ ඇසීම සාධාරණයි නේද? කියලා.

Tuesday, June 26, 2018

අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් ගැන නීතීඥයා කී කතාව

'සර් මං අයාලෙ ගියා තමයි. මේ මහත්තයා එක්කම තමයි හිටියෙ.' උසාවියකට ඉදිරිපත් කරපු සංක්‍රාන්ති ලිංගික සහෝදරියක් වරක් මහේස්ත්‍රාත් ඉදිරියේ එහෙම කියලා තිබුණා. ඒ තමන්ව අල්ලගෙන ඉදිරිපත් කරපු පොලිස් නිලධාරීන් අතරින් කෙනෙක්ව පෙන්වලා. එකපාරම කරපු ඒ ප්‍රකාශයෙන් මුළු අධිකරණයම කලබල වෙලා තිබුණා. පොලිස් නිලධාරියාත් බයවෙලා තිබුණා. අන්තිමේ ඒ කාන්තාව නිදහස් කරන්නත්, අධිකරණයේ අවවාද ලබන්නත් පොලිස් කණ්ඩායමට සිද්ධවෙලා තිබුණා. 'සමහරු බයටම වැරැද්ද පිළිගන්නවා. මං පිළිගත්තෙ නෑ. මං මොකටද නොකරපු වැරැද්දක් පිළිගන්නෙ. මාව අයාලෙ ගියා කියල ඇරෙස්ට් කරනවානම් මාත් එක්ක හිටපු කෙනෙක්ව පෙන්වන්න ඕනෑනෙ.' ඒ සිදුවීම ගැන ඇය අපි එක්ක එහෙම කීවා. ඒක පරණ සිදුවීමක්.

ජුනි 25 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරපු කාන්තාවන් දෙදෙනෙක් ලිංගික ශ්‍රමිකයන්යැයි කියමින් පොලීසියෙන් කරුණු ඉදිරිපත් කරලා තිබුණා. ඒත් ඒ කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වුණ නීතීඥයා නලින් දිමුතු විසින් එයට විරුද්ධව හඬනඟලා. ඒ නිසා අධිකරණයේදී උණුසුම් තත්වයක් ඇතිවෙලා තිබුණා.

Sunday, June 24, 2018

ඝාතනයට පෙර!

හොස්ටල් එකේ. අපි එතකොට එකොළහේ සෙට් එක. හොස්ටල් පහසුකම් තිබුණෙ ඕලෙවල් වෙනතුරු විතරයි. ඉතින් එකොළහේ සෙට් එක තමයි හොස්ටල් එකේ ලොක්කෝ. ප්‍රසිද්ධ කොළඹ ඉස්කෝලෙක. හොස්ටල් එකේ බැජ් විදියට තමයි කල්ලි තිබුණෙ. පොඩි උං ඉන්න ඕනෑ ලොකු උන්ට ඕනෑ විදියට. ඇතුලේ යන වලි ගැන සර්ලාට කේලම් කිව්වොත් කේලමෝ අල වෙනවා. ඉතින්, අපට චණ්ඩිපාට් දාන්න නිදහස තිබුණා.

අපේ සෙට් එකේ  හයක්. අපි පොඩි උං කාලෙ ලොකු උං ඉස්සරහ බලු වුණාට, අපි එකොළහේදී මම තමයි ලොකුම කෙරුමා. පොඩි උංට වැඩිම පාට් දැම්මෙ මම. පණ්ඩිත පාට් දාන උන්ට රිදෙන්න දුන්නෙ මම. පොඩි උං මගේ ඉස්සරහදී ටිකක් බය පෙන්නුවා. මං නැති වෙලාවට මට හොරෙං මාව බලු කාඩ් එකට දානවා ඇති.

Saturday, June 23, 2018

කඳුකරයම කාමරයක

ජෙට්වින් ආයතනයට අයත් නුවරඑළිය වෝවික් වතුයායේ පවත්වාගෙන යන හෝටල් සංකීර්ණය තුල වතුකරයේ තේ දළු නෙලන ජීවිතවල සැබෑ අත්දැකීමක් ලබා දීම සඳහා "මීන අම්මාගේ ලයින් කාමරය" නමින් කාමරයක් නම් කිරීම සම්බන්ධයෙන් මුහුණු පොත සහ ට්විටර් මාධ්‍ය හරහා මහජනතාව කරනු ලැබූ විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස එහි ප්‍රධාන අධ්‍යක්ෂක හිරාන් කුරේ පවසා ඇත්තේ (https://www.facebook.com/jetwinghotels/posts/2030827963617564) ඇත්ත වශයෙන්ම මෙම කාමරය නම් කිරීමේ යෝජනාව එම වතු යායට ප්‍රධානව අවරුදු 12 ක් මෙහෙකාර සේවයේ නියැලුණු මීන අම්මා විසින්ම කල බවයි.