Showing posts with label මීඩියා ගැන. Show all posts
Showing posts with label මීඩියා ගැන. Show all posts

Thursday, June 21, 2018

සී.අයි.ඩීය 'ලක්බිම'ට



ලක්බිම පත්තරේ පළවුණ මේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරන්න කියලා ඒ ප්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදීන්ගෙයි, අනුමත කරපු කර්තෘවරයාගෙයි තොරතුරු ඉල්ලලා සී.අයි.ඩී.ය ලක්බිම පත්තරයට ලියුමක් යවලා තිබුණා....

ඒ ප්‍රවෘත්තිය මැයි 25 වැනිදා තමයි පළ කරලා තියෙන්නෙ.

Tuesday, October 04, 2016

තොරතුරු දෙන්න බැරිද?

මනෝරි පැලකැටිය.. තොරතුරු පනත... මහානාම ගුරුවරිය... රාජ්‍ය සේවය... දූෂණය... වංචාව....

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත රටේ ඉන්න සියලු දෙනාටම වැදගත් පනතක්. හැබැයි මේකේ වැදගත්කම ගැන වැඩියෙන් කියැවෙන්නේ මාධ්‍ය වලට සම්බන්ධ පනතක් විදියට. පනත ඉදිරිපත් කළෙත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් වීමත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මාධ්‍ය වලට කොටු කරන්න හේතුවක් වෙලා...




තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වගේම මූලික අයිතිවාසිකම් අතරට තොරතුරු දැනගැනීමේ අයිතිය එකතුවීමත් මූලික අයිතිවාසිකම් අතර භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතිය තිබීමත් වැදගත් කාරණයක්.

Thursday, September 08, 2016

එන්න රතුපස්වල කවිය කියවන්න....

මේ පොත් තොග ගණන් එළියට එන මාසය... 

කවි පොත්ද නවකථාද පරිවර්ථනද ගී පද රචනාද එකී නොකී නොයෙක් විදියේ පොත් එළියට එනවා.

ඒ ගොඩක් පොත් එළිදක්වන්න උත්සව සංවිධානය කරනවා..... ගොඩක්ම ස්වතන්ත්‍ර සාහිත්‍යමය පොත්. වැඩියෙන්ම කවි පොත්... 

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් පොතක් එළිදැක්වීමේ වැඩක් සංවිධානය කරනවා.


ජන අරගලයක දිය සලකුණ - රතුපස්වල කියන්නෙ කවි පොතක් නෙවෙයි. ඉතින් අපි මේ ආරාධනාව කරන්නේ කවි පොත් එලිදැක්වීමකට නෙවෙයි. හැබැයි රතුපස්වල කියන්නේම කවියක්.

Sunday, June 26, 2016

ඔව් මම ජර්නලිස්ට් Yes I am Journalist

පහුගිය රාවයක වෛද්‍ය ආරියසේන යූ ගමගේ ලියපු ලිපියක් තිබුණා. ඒකෙ තියෙනව දියවැඩියාවට බෙහෙත් කරන දේශීය වෛද්‍යවරුන් එයා ලඟ දියවැඩියාවට බෙහෙත් ගන්න බව. ඒ වගේ ගොඩක් දේශීය වෛද්‍යවරු රහසේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගන්න බව. ඒ කියන්නේ තමන් කරන දේ එයාලටම විශ්වාස නැහැ. තමන් වෛද්‍යවරයෙක් කියල විශ්වාස නැහැ.
පහුගිය සතියේ මගේ හිතමිත්‍රයෙක් සෑහෙන්න දෝෂාරෝපනය කළා. 'උඹ ජර්නලිස්ට් කෙනෙක් කියල කියන්න එපා. මම එහෙම කියනව දැකල තියෙනවද?? (එයා ප්‍රසිද්ධ වෙබ් අඩවියක මාද්‍යවේදියෙක් විදියට වැඩ කරනව, දේශපාලන පක්ෂ පුවත්පතක මාද්‍යවේදියෙක් විදියට වැඩ කලා..)උඹට තව ගොඩක් දුර  යන්න තියෙනව ජර්නලිස්ට් කෙනෙක් වෙන්න.'

Thursday, March 31, 2016

යාපනේ රෝසමල් මිස බෝම්බ කොහෙද?

මං ෆෝන් එකෙන් ලිරික් බලාගෙන මරියාන් එකේ ටැමිල් සිංදුවක් කිව්ව... මට වරදිනකොට කජීපන්(ශක්ති) කාරයා හදනවා... විනෝජිත් සද්ද නෑ.. හොඳට බොනවා... රමේෂ්(වෙබ්) අහිංසකය.. (මයෙහිතේ උගෙ හිත අපෙ හිටපු කෙල්ලෙක්ට ගියා.. දැං ඌ එහෙ කෙල්ලෙක්ව බැඳල හොඳේ... වෙඩින් එකටත් අපි ගියා.. )

විනෝජිත් හොඳ කොල්ල.. ඌ තමයි යාපනය මාධ්‍ය සංගමේ සභාපති... මගෙ හොඳම යාළුවා මයුරන්(ඩෑන්).. යකෝ උට සිංහල බෑ මට දෙමළ බෑ අපි දෙන්නටම ඉංග්‍රීසි බෑ.. ඒත් උෟ මගේ හොඳම යාළුවෙක්... උං මට කතාකළේ ධනුෂ් කියලා... මං ධනුෂ් වගේ නිසා නෙවෙයි මංම කිව්ව මට ධනුෂ් කියපං කියල. ඒක මගෙ සිඟිති ආතල් එකක්... 

Thursday, March 17, 2016

ජන සටනට ආ ජරාම පුද්ගලයා

අපි අද හඬ නඟපු නිසා නාමල් රාජපක්ෂ බේරිලා ඇවිල්ලා තියෙනවා. නැත්තන් නාමල් මල්ලි ඔයත් හිරේ අද.


උඩුවේ හාමුදුරුවොන්ගෙ පන්සලේ අලි පැටියෙක් දාල ගිහිල්ලා කියලා අත්අඩංගුවට අරගෙන. අලි පැටියාව සන්තකයේ තියාගත්තා කියලා.
 අලි පැටියා පන්සලේ ඉන්නකොට කන්න දීලා විතරයි තියෙන්නේ. මෙහෙම ගියොත් පන්සලේ ඉන්න බලු පැටියයි පූස් පැටියයි ඔක්කොම හාමුදුරුවොන්ගෙ සන්තකයට පත්වෙනවා.

Sunday, March 06, 2016

තක්කඩි ලංකාදීපය හා රතුපස්වල වීරයන්

රතුපස්වල මිනිසුන්ට තිබුණු ප්‍රධානම ගැටලු තුනට විසඳුම් අප්‍රේල් වනවිට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලය විසන් අදාල අංශ වලට නියෝග කළේ පහුගිය දවසක ජනාධිපති කාර්යාලයේදී තිබුණු රැස්වීමකදී. රතුපස්වල සටනේ දෙවැනි අදියරේදී විශාලම ජයග්‍රහණය ලබාගන්න ඒ අනුව රතුපස්වල මිනිසුන්ට හැකි වුණා.

මේ බව සෙනසුරාදා පුවත්පත් වල වාර්තා කර තිබුණා. ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුනේ අදාල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපතිට කියන්න වැඩසටහනට රතුපස්වල මිනිසුන් දුන් දුරකථන ඇමතුමක් මත බවයි. ඉන්පසුව පහුගිය සෙනසුරාදා තෙරිපැහැ සිරිධම්ම හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රතුපස්වල සටනේ ගෞරවය තමන් වෙත හරවා ගන්න උත්සාහ කළා. සැබැවින්ම තෙරිපැහැ හිමියන්ව ගමේ මිනිසුන් සලකන්නේ සටන පාවාදුන් කෙනෙක් විදියට. එය ඔවුන් විසින් අපට තහවුරු කරන්නේ විවිධ හඬපට පවා ඉදිරිපත් කරමින්. කොහොම වුණත් ජයග්‍රහණයට පියවරුන් ගොඩක් ඉන්නා බව පිළිගත හැකියි. මේ සමඟ දිගින් දිගටම සිටියත් අපට ජයග්‍රහණයේ ගෞරවය අවශ්‍ය නොවනවා මෙන්ම එය ලබාගැනීමට උත්සාහ කිරීමද වැරදියි.

Thursday, March 03, 2016

වෙබ් වලට ඉව කරන ආණ්ඩුවේ ජනමාධ්‍ය පාඨමාලාව

ආණ්ඩුව මේ වන විට ජනමාධ්‍ය පාඨමාලාවක් කරමින් සිටින්නේ ය. මාධ්‍යවේදීන් කටයුතු කළයුතු ආකාරයට කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ ය. අගමැතිවරයා සත්තුන්ගේද යක්කුන්ගේද නම් කියමින් මාධ්‍ය කරන්නට ඉගැන්වීය. ඉන්පසුව කිරිඅැල්ල ඇමතිවරයා නොසරුප් වචන සමඟ මාධ්‍යකරණය ඉගැන්වීය.

දැන් වෙබ් අඩවි වල මාධ්‍යකරණය නියාමනය කරන්නට ආණ්ඩුවට ඕනෑ වී ඇත. ඒ සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කළ යුතුයැයි පසුගිය 26 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් දැන්වීමක් පළ කරමිනි. ඒ නිවේදනයේ අදහස වූයේ දවසට කලින් ලියාපදිංචි නොකළොත් වෙබ් අඩවි වාරණය කරන්නට පවා ඉඩ  ඇති විදියේ තර්ජනයකි.



වෙබ් අඩවි නියාමනය සම්පූර්ණ ජෝක් එකක් බවට දැන් පත්වී තිබෙන්නේ මේ තීරණය දැනගත් විගස වෙබ් වලට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ආ විරෝධය දරාගන්නට නොහැකි වන බව ජනමාධ්‍ය අමාත්‍යංශයට වැටහී ගිය නිසා ය. දැන් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කලින් කී දැන්වීම නිලධාරීන්ගේ වැරදි නිසා සකස් වූ එකක් බව පෙන්වන්නට උත්සාහ දරන්නේ ය.

Monday, February 29, 2016

කිරිඇල්ල අමිත්ට කුණුහරුපෙන් බණියි

ලක්ෂ්මන් කිරිඇල්ල නම් මහාමාර්ග උසස් අධ්‍යාපන ඇමති තමන්ගේ සීමාව ඉක්මවා තිබේ.

නින්දිත ආකාරයට තමන් කළ වැරැද්දක් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තා පමණක් නොව මාධ්‍යවේදීන්ට සද්දය දමන්නටද පටන්ගෙන තිබේ.

අද පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මධුරංග සහෝදරයාට ඔහු බැණවැදී ඇත්තේ මාධ්‍යවේදීන් පෑන පශ්චාත්භාගයේ ගහගෙන ඉන්න එවුන්යැයි හඳුන්වමින් ය.

තමන්ට ඇති බලය පිළිබඳව පවසමින් අයිසේ ඇමතිවරයා පොන්නයෙක් නොවේ වැනි වචන සඳහන් කරමින් කිරිඇල්ල කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නින්දිත ප්‍රකාශයකි.

මේ යකා පාර්ලිමේන්තුවේ සභානායකවරයායි.

අද පුවත්පතේ වාර්තා කර තිබෙන ආකාරයට හා අමිත් මධුරංග සමඟ මා සාකච්ඡා කළ පසු ඔහු පැවසුවේ තමන්ට වක්‍රාකාරව තර්ජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බැණවැදුණු බවයි.

Sunday, February 14, 2016

රනිල්, සංඛ, මාධ්‍ය සංගම්, මාධ්‍ය් නිදහස හා විවේචන

මීට පෙර මාත් සංඛ අමරජිත් සහෝදරයාත් මාධ්‍යෙව්දීන් විදියට සහභාගී වුණ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනකට කුමාර චාපා බණ්ඩාර හා නිර්මාල් රංජිත් දේවසිරි කියන දෙදෙනා අදහස් දක්වන්නන් ලෙසින් එකතු වී හිටියා. එතැනදී සංඛ ඇසූ ප්‍රශ්ණ සුපුරුදු විදියට ජාතිවාදී ස්වරූපයක් ගත්තා. ඒ වගේම චාපාගේ අදහස් දැක්වීම් ජාතිවාදී ස්වරූපයේ වුණා.

පහුගිය දවසක දෙරණ අරුණ වැඩසටහනට සංඛ සහභාගී නොවීමත් කිෂාණි ජයසිංහගේ ගායනය සම්බන්ධයෙන් ඔහු කළ අපහාසයට අගමැති රනිල් අපහාසයකින්ම පිළිතුරු දී තිබීමත් අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ තර්ජනාත්මක ස්වරූපයක් තිබීමත් සංවාදයට ලක්වෙමින් තියෙනවා. 

Wednesday, January 20, 2016

මාධ්‍යයට බණ කියන මහින්ද!! මේ කළු ජනවාරියයි!!

 එම්කේඩීඑස් ගුණවර්ධනගේ මළගෙදරදී මහින්ද මහත්තයා මාධ්‍ය රස්සාව කරන හැටි උගන්වන ආකාරය අපි දැක්කෙමු. එම සිදුවීමේදී නම් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය පිස්සු ප්‍රශ්ණයක් යැයි මුලින් කිව යුතුය. කොහොම වුණත් එ් සිදුවීම එක්ක මහින්ද හා මාධ්‍ය ගැන කලින් ලියන්නට පටන්ගෙන මඟ නැවතුණු පෝස්ට් එකක් යළි අතට හසුවිය. එහි එක් ඡේදයක් පමණක් ලියා තිබුණි.

මහින්ද මහත්තය මීට කලින් බොහොම වෙනස් කෙනෙක්... මාධ්‍ය එක්ක බොහොම ළඟින් හිටියා.. ඒ කාලේ ඉතින් අපට කලින් පරම්පරාවේ මාධ්‍ය අයියලා කැබිනට් ගොසිප් එකක් කාරිය දැනගන්න කතා කළේ ඒ උන්නැහේට තමයි.. ආණ්ඩුවේ කුණු ගොඩවල් මීඩියා වල කනේ තියන්න රුසියෙක් මහින්ද. අනික දැන් රට බෙදනවැයි කියමින් බෙරිහන් දුන්නට ඒ කාලේ බලය බෙදීම වෙනුවෙන් කතා කළ කෙනෙක් තමයි මහින්ද මහත්තයා. ( බලය බෙදීම සහ රට බෙදීම කියන්නේ එකක් නොව දෙකකි. බලය නොබෙදීම කියන්නේ නම් රට බෙදීමට මාර්ගයක් විය හැකිය.)


ඔහුව සමරන මාධ්‍ය සගයන්
මහින්ද මහත්තයා බලයේ හිටපු කාලයේ මාධ්‍ය සමඟ ගණුදෙනු කළ විදිය ගැන මෙහෙම කතා කර බැරිය. ලසන්ත වික්‍රමතුංගලාගේ, ප්‍රගීත් එක්නැලිගොඩලාගේ, පෝද්දල ජයන්තලාගේ ලේ වලින් ඒවා ලියා ඇත. වෙඩිවර්ධනලා, සනත් බාලසූරියලා, රෝහිත භාෂනලා, අතුල විතානගේලා වැනි පිටුවහල් වූ අයත් ලසන්ත රුහුණගේ වැනි තර්ජන මැද්දේ ජීවිතය අනතුරේ තබාගෙන පොළොවේ සිට සටන් කළ අයත් ඒ කාලයේ මර්ධනය ගැන පිටුගණන් කියනු ඇත. මහින්දගෙන් මචං කියා කැබිනට් තොරතුරු ඉල්ලූ අපට පෙර පරම්පරාවම ඔහු අතට බලය නම් අවිය ආ පසු හැසිරුණු විදියත් කියනු ඇත.


සන්ධ්‍යා එක්නැළිගොඩ සහෝදරිය

අපටත් වඩා මහින්දගේ මාධ්‍ය හිතවත්කම ගැන හොඳින් දන්නේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන් ය. අද අප සමඟ නිදහසේ

Monday, October 26, 2015

මීඩියා මර්ධනේ

යූඅඇන්පී එකට ජනමාධ්‍ය පාලනය කරන්න ඕන. ඒකට මහින්ද වගේ සුදු වෑන් එවලා තග දාන ක්‍රමයක් වෙනුවට යූඇන්පිය පාවිච්චි කරන්නේ වෙනත් ක්‍රමයක්.

එයාලා උත්සාහ කළා ලංකාවේ ප්‍රධානම ජනමාධ්‍ය වෘත්තීය සමිතිය (වෘත්තීය සමිතියක් විදියට ලියාපදිංචි කරලා තියෙන්නේ ඒක විතරයි) බලය අල්ලන්න. ඒක ගොඩක් පැතිවලින් වාසියි. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණා.

ඉන් පස්සේ උත්සාහ කළේ අළුත් වෘත්තීය සමිතියක් හදන්න. ඒත් අළුත් එකක් හැදුවොත් ඒකට නිල පිළිගැනීමක් නැතිවෙනවා. ඒ නිසා කළේ  2012 දී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට නම වෙනස් කරගත්ත වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පරණ නම උස්සනන්න උත්සාහ කරපු එක. ඉන්පස්සේ නිල පිළිගැනීම ලැබෙනවා.

ඉන්පස්සේ කරන්න තියෙන්නේ මාධ්‍යවේදීන්ව පාලනය කරන්න යූඇන්පීය ගන්න උත්සාහයන් සාධාරණීකරනය කරන එක. අනිත් පැත්තෙන් ඉඳහිට මහින්දලා කරපු මිනීමැරුමක් අතුරුදන් කිරීමක් අල්ලගෙන සංදර්ශණයක් කරලා යූඇන්පියට වක්‍රාකාර සපෝර්ට් එකක් දෙන එක. (මහින්ද එල්ටීටීඊ බිල්ලෙක් නඩත්තු කළා වගේ මහින්ද බිල්ලෙක්වත් යූඇන්පියට ඕන.)

මේ අළුත් සංගමයේ කට්ටිය මාධය ආයතන වලට ගිහින් කෙළින්ම කියලා තියෙනවා ආණ්ඩුවේ සපෝර්ට් එක ලැබෙන්නේ අපට, අපි එක්ක එකතු වෙන්න කියලා.

අපේ මාධ්‍ය අයියලත් මොකක්හරි වාසියක් ලැබෙනවානං ඕන තැනක ලගින නිසා සංගමයට සාමාජිකයෝ කණ්ඩායමයකුත් හදාගන්න ලැබුණා.

මේ සංගමය එළියට ආවේ පුවත්පත් මණ්ඩලයෙන්. පුවත්පත් මණ්ඩලය මොකක්ද කියලා ගොඩක් මීඩියා අයියලත් දන්නෙ නැහැ. (මොකද එයාලා තමන්ගේ වෘත්තීය පරිසරය ගැන සැලකිලිමත් නෑ.) ඒ තමයි මීඩියා දඬුකඳේ ගහන කැලෑ උසාවිය. කියවන්නක

මේ සංගමය පිළිගන්නේ පුවත්පත් මණ්ඩලය කියන ගෝත්‍රික ආයතනය. අපට තියෙද්දී පුවත්පත් ආයතනය කියන ස්වාධීන ආයතනයක්. මාධ්‍යවේදියෝ ගොඩක් මේ සිද්ධිය දකින්නේ නිකන් වෘත්තීය සමිති දෙකක් අතර සිද්ධියක්... පුද්ගලයන් අතර සිද්ධියක් කියලා විතරයි. ඒත් මේක මාධ්‍ය ස්වාධිනත්වය සම්බන්ධ සිද්ධියක්. ( කොළඹ ප්‍රකාශනය. මේකෙන් තමයි ස්වාධිනත්වය දුන් ආයතනය පිහිටෙව්වේ)

වැදගත්ම කතාව මේකයි. 

මේ යූඇන්පී මෙහෙයුම වෙනුවෙන් එළිපිට පෙනී ඉන්න මාධ්‍ය ආයතන දෙකක් තියෙනවා. එකක් කොහොමත් ආණ්ඩුවේ වෙච්ච සිළුමිණ සහ ආණ්ඩු විරෝධී ජාතිවාදී ස්වරූපයක් පෙන්වන දිවයින. සංගමයේ වැඩි බලයක් තියෙන්නේ දිවයින සම්බන්ධ අයට.

යූඇන්පියත් එක්ක විමල් වීරවංශ, ගම්මන්පිලලාගේ මතවාදී ප්‍රකාශණයක් වෙච්ච දිවයිනට තියෙන ගණුදෙනුව මොකක්ද?

මේ තමයි සෙල්ලම. මහින්ද රාජපක්ෂට බලයේ ඉන්න. මිනිස්සුන්ව සූරාකන්න කොටි අවශ්‍ය වුණා. කොටි බිල්ලා තියාගැනීමට මහින්ද විවිධ දේවල් කළා. ඒ වගේ මේ යහපාලන ආණ්ඩුවට මිනිස්සුන්ව දිගටම සූරා කන්න නම් ජාතිවාදී මහින්ද බිල්ලා දිගටම තියාගන්න ඕන. ජර්නලිස්ට්ලව මර්ධනය කරන පුවත්පත් මණ්ඩලයට දිවයින බය නැත්තේ මේ එකඟතාවය නිසා. 

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන අයට කියන්න තියෙන්නේ සිහියෙන් ඉන්න කියලා. මේ ඩීල් එකත් එක්ක සැබෑ ජනතා ප්‍රශ්ණ වෙනුවට බොරු ප්‍රශ්ණ මාධ්‍ය වලින් මතු කරයි. සැබෑ ප්‍රශ්ණ ගැන කියන මාධ්‍යවේදීන්ව කලින් වගේ සුදු වෑන් එකෙන් නෙවෙයි පුවත්පත් මණ්ඩලෙන්ම නඩු අහලා මර්ධනය කරයි.

 

 

Tuesday, October 13, 2015

මීඩියා මර්ධනය කළාට අපට මොකෝ?

මාධ්‍ය මර්ධනය සාමාන්‍ය කෙනෙක්ට වැදගත් මාතෘකාවක් නොවෙන්න පුළුවන්. මාධ්‍ය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහෙත් දේශපාලනය ගැන උනන්දු වෙන ඕනම කෙනෙක් මාධ්‍ය ගැන උනන්දු වෙන්න ඕන.

මෙහෙම පැහැදිළි කරන්නම්. කැලණි ගඟේ ජලය විෂ වෙලා මිනිසුන්ට පිළිකාකාරක සහිත ජලය බොන්න සිදුවීම, ඉන්දියානු ට්‍රෝලර් ලංකාවට එන නිසා උතුරේ ධීවරයන් දුක් විඳීම, රතුපස්වල මිනිසුන් තවමත් විස වතුර බීම, උමා ඔය නිසා බණ්ඩාරවෙල සිද්ධ වෙන විනාසය, කර්මාන්තශාලාවක් නිසා දැදුරු ඔය මරණාසන්න වීම, මිනිසුන්ගේ ජීවන අර්බුදය වගේ දේවල් විසඳන්න බලය තියෙන්නේ ආණ්ඩුවට. ඒත් ඒ ප්‍රශ්ණ පෙන්වලා ජනමතයක් හදලා විසඳුමක් කරා ගෙනියන්න හැකියාව තියෙන්නේ මාධය වලට.

Wednesday, September 30, 2015

මාධ්‍යයට අත නොතබනු..!!!

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලවරණය පහුගිය අඟහරාවාදා පැවැත්වුණා. එහිදී හිටපු සභාපති ලසන්ත රුහුණගේ නැවත වරක් සභාපති ලෙස පත්වුණා. නිලධාරී මණ්ඩලය ලෙස ලසන්ත රුහුණගේ මහතාට සමගාමීව නාමයෝජනා ලබාදුන් කණ්ඩායමේ සියළුදෙනා තේරී පත්වුණා.

ඡන්දයේදී සංගමයේ බලය අල්ලාගැනීම වෙනුවෙන් දිවයින පුවත්පතේ දීප්ති අධිකාරී සහ උපාලි ද සේරම් ඇතුළු පිරිසක් (හත්දෙනෙක් විතර තමයි හිටියේ) වත්මන් ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි මහතාගේ ආශිර්වාදය එක්ක තරඟ කළා. (ඡන්දය ලබාගන්න සමන් වගආරච්චි මහත්මයා කැම්පේන් කළ බව ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා.) කෙසේ වෙතත් මේ වගආරච්චි මහත්මයා දාපු කණ්ඩායම ඡන්දයේදී අන්ත පරාජයක් ලැබුවා. 

මේ ඡන්දයට පෙර සහ පසු වරින් වර ඉඟි පළවූ ආකාරයට ජනමාධ්‍ය ඇමතිතුමා මාධ්‍ය සහෝදරයන් කිහිපදෙනෙක්වත් අල්ලගෙන දාන්නට යන සෙල්ලමක් ගැන ලියන සටහනක්...

Monday, August 10, 2015

අපි විකුණුවා, රතුපස්වල රාජපක්ෂලාගේ දඩබිම....

රතුපස්වල ගැන අපි ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. සමහර අයට රතුපස්වල ප්‍රශ්ණය අතීතයක් වෙන්න පුළුවන්. රතුපස්වල ලොකු ඛේදවාචකයක් වුණා, දැන් ඒක කාලයත් එක්ක ගෙවිලා ගිහින් කියලා හිතන්න පුළුවන්.

ඒත් ඇත්තටම රතුපස්වල ප්‍රශ්ණ තාමත් තියෙනවා.

පුරවැසි බලයත්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට අපිත් රතුපස්වලට ගියේ තවමත් නොවිසඳුණු රතුපස්වල ගැටලු වලට විසඳුම් ලබාගන්නට සූදානම් වෙන රතුපස්වල සහෝදර මිනිසුන්ව දිරිගැන්වීම සඳහා.

Wednesday, August 05, 2015

අඩෝ රනිල, පොලිසිය එක්ක පිස්සු කෙළින්න එපා....


ප්රජාතන්ත්රවාදය හා යහපාලනය මාස හයකින් උදා වී ඇතැයි අගමැති රනිල් සහ ඇමතිවරුන් තැන් තැන් වල කියමින් යයි. පොලිසියත් ස්වාධීන වී ඇතැයි ජෝන් වැල් ජෝන්ලා කියමින් යයි. මෑත දිනයක හමුවූ කොළඹ පැත්තේ පොලිස් නිලධාරියෙක්ද කීවේ පෙර තිබුණාට වඩා දැන් නිදහසක් තිබෙන බවයි. මෙය සාපේක්ෂව අල්ලා ගත්තේ නැතිනම් තව ටික කළෙකින් යූඇන්පී ආණ්ඩුව ස්ථාවර වූ පසු අපට සිදු වන්නේ නැවතත් අර නිදහස නැතැයි කියමින් දුක් වන්නටය.
ප්රධාන පක්ෂ දෙක අනෙකාගේ වැරදි මාරුවෙන් මාරුවට පෙන්වමින් වසර හැටහතක් ලංකාව පාලනය කොට තිබේ. ඔවුන් උදා කළ ප්රජාතන්ත්රවාදයක් නැත. අප ලබා ගත යුත්තක් මිස ඔවුන් උදා කර දෙන්නක් නොවේ ප්රජාතන්ත්රවාදය.
 අප මහින්ද විරෝධී නිසා රනිල්වාදී වුවහොත් වන්නේ ඉඟුරු දී ඉඟුරුම හෝ මිරිස් ගත්තා වීමය. (දැන් වෙලාවේ හැටියට නම් රනිල් මහින්දට වඩා සිය ගුණයක් හොඳයි. වැඩේ කියන්නේ සාමන්ය පාලකයෙක්ට වඩා මහින්ද දහස් ගුණයක් නරක වීම. එතකොට රනිල් සිය ගුණයක් අවුල් කියල ගණන් හදාගන්න වෙනවා.)

Tuesday, August 04, 2015

පාඨලී 'බනිස් බෙදනවා! ස්මාට් ෆෝන් බෙදනවා!'

ජාතික හෙළ උරුමයේ නායක ජාතික චින්තනයේ පෙරමුණු ගැසූ බයිසිකල් වලින් මැතිවරණ කැම්පේන් කළ පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය (ආරංචි වුණ විදියට) ඊයේට යෙදී තිබුණි.
මැතිවරණයකුත් ළඟ නිසාදෝ චම්පික මෙවර උපන්දිනය ජනමාධ්‍ය සමාජය සමඟ පවත්වන්නට තීරණය කොට තිබුණි. ඒ චොකලට් ගෑ බනිස් (ඩෝනට්මත් නෙවෙයි ඩෝනට් හැඩේ එකක්) මාධ්‍ය ආයතන වලට බෙදමිණි. 

හැබැයි චම්පිකයා එවූ බනිස් වල අමුතු එකකුත් තිබුණි. ඒ අයිසින් වලින් බනිස් උඩ අංක එක ගසා තිබීමයි. එක චම්පිකගේ මැතිවරණ අංකයයි. චම්පිකගේ පළවෙනි උපන්දිනයද නොවන නිසාය. (උපන්දිනෙත් අපි එක්ක සමරන නිසා චම්පිකයා කියල මිත්‍ර ලීලාවෙන් කතා කොරන්නං) 
රාවයට බනිස් ආවේ අමුතු විදියකටය. 

රාවයට ආ බනිස් වල එක ගසා නොතිබුණි. එව්වේ කා විසින්ද කියා නොතිබුණි. කර්තෘ මණ්ඩලයටද  නොව පිළිගැනීම් අංශයට ‍බනිස් ලබාදී තිබුණි. (කොහොමහරි පාඨලී රාවයටත් බනිස් කැව්වා)

Wednesday, July 22, 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)
එක්ව කරන ප්‍රකාශනයකි.
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.
මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.
කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.
මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.
(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)
1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.
2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.
3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.
4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.
6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.
7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.
9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.
10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Wednesday, July 08, 2015

සමිත හාමුදුරුවන්ගේ දේවදත්ත වොයිස් එක...



දැන් දැන් සටහන් ලියැවෙන්නේ අඩුවෙන්ය. ලියන්නට පටන්ගෙන අතරමඟ නවතා දැමූ අවස්ථා බොහෝය. ලියන්නට නම් මානසික විවේකයක් පිරියක් තිබිය යුතුය. (පිරියක් කියන්නේ එළියේ තියෙන අවුල් ගැන කල්පනා කළොත්නේ ලියන්නේ... ලියන්නේ ආසාවට නෙවෙයි.. මොකක්හරි දෙයක් ගැන කම්පනයක් අති වුණොත්නේ...)

දැන් දැන් එළියේ තියෙන අවුල් විසඳීම වෙනුවට ඇතුළේ තියෙන අවුල් ගැන කතා කර කර ඉන්නට සිදුවී තිබේ. (තේරුමක් නැති දේවල් ගැන කල්පනා කරන්න සිද්ධ වෙලා... යාළුවෝ එක්ක අවුල්, පවුල් අවුල්, සමාජ සම්බන්ධතා බිඳවැටීම ගැන අවුල්) කාලය කෙතරම් නාස්ති වී ඇත්ද? තනියම වැඩක් කරගෙන පාඩුවේ ඉන්න එක හොඳයැයි අවසානයේ හිතෙයි.

මේ සටහන විද්‍යාව දූෂණය කළ අයට මරණ දඬුවම දෙන්නේ නම් සිවුරු හැර අළුගෝසු කාර්යය කරන්නට සූදානම් යැයි කියූ බද්දේගම සමිත හිමියන් නිමිති කරගෙනය. හාමුදුරුවන් කියා තිබුණේ ලංකාවේ අළුගෝසු වෘත්තිය කරන්නට එන අය තනතුර අත්හරින නිසා විද්‍යා දැරියගේ මිනීමරුවන්ට මරණ දඬුවම දුන්නේ නම් අළුගෝසු කාර්යය කරන්නට තමන් සූදානම් බවය.

(ඒ ප්‍රකාශයෙන් මට නම් ආවේ බුද්ධපුත්‍ර ෆීලින් එකක් නෙවෙයි. දේවදත්ත ෆීලින් එකක්. මට නිකන් මැවිල පෙනුණ බුදුහාමුදුරුවොත් සමිත හාමුදුරුවොන්ගෙ මේ අමුතු ධර්මෙ අනුගමනය කළොත් කොහොමද කියල. අංගුලිමාල එද්දී රටේ දරුවන් වෙනුවෙන් කියල බුදුහාමුදුරුවෝ අංගුලිමාලට ගේම දෙන්න ගියානං? අනිත් අතට මට මේ ප්‍රකාශය ගැනත් අවුලක් හිතෙනව. විද්‍යා ඝාතනය ගැන මිනිස්සු කතා කළේ එහේ සිදුවෙච්ච නැගිටීම් නිසා. ලංකාවේ කොච්චර මේ වගේ දේවල් වෙනවද? මෙහේ කට්ටිය සිය ගණන් දූෂණ කරලා පාටි දැම්මා. ඇයි මේ සිවුරු ඒවා ගැන නිහඬ?)

වෛරයෙන් වෛරය නොසන්සිඳේ කීවේ බුදුන් වහන්සේය. අපරාදකරුවන්ටත් මිනිසුන් ලෙසම සැලකීම බුද්ධ ප්‍රතිපත්තියයි. සද්ධර්මාලංකාරයේ පන්සලකින් සිවුරු හොරකම් කරන සොරෙකුට ගමේ මිනිසුන් පහර දුන් විට සොරාව ආරාමයට ගෙන ගොස් තෙල් ගල්වා බෙහෙත් කලේ බුද්ධ පුත්‍රයෙකි. ඒ සොරා නැවත සොරකම් නොකරන්නට නම් පහර දිය යුතුයැයි ගැමියන් කියද්දී හාමුදුරුවෝ සිතුවේ ගුටිකෑ මිනිසා සුවපත් කරන ආකාරයයි.

මා මේ කතා කරන්නේ විද්‍යාගේ ඝාතකයන් වෙනුවෙන්ද?

විද්‍යාගේ ඝාතකයන් කළේ සමාවක් දිය නොහැකි අතිශය බරපතළ අපරාධයකි. සමාජයක් යහපත් කරන්නේ නීතිය හා සදාචාරය විසින්ය. නීතිය රකින්නට නම් නීතිය කඩකළොත් ලැබෙන දඬුවම් ගැන බියක් ඇතිවිය යුතුය. සදාචාරය රකින්නට නම් සදාචාරය කඩකළොත් එන අපවාද ගැන බියක් ඇතිවිය යුතුය. අපේ තියෙන්නේ සදාචාරයක් නීතියක් නැති සමාජයකි. අවුල තියෙන්නේ එතැනය. හාමුදුරුවන් වහන්සේලා ගහන්න ඕනෑ එතැනටය.

විද්‍යා දැරියට වුණු අපරාධය වැනි තැන්වලදී අප කතා කළ යුත්තේ සමාජයේ මෙවන් අපරාධ වෙන්නේ ඇයි? අවුල කොතැනද? වැනි දේවල් ගැනය. එහෙත් අපි කතා කරන්නේ අපරාධකාරයාට දෙන දඬුවම ගැනය.

(මරණ දඬුවම මේවාට විසඳුම නෙවෙයි. මරණ දඬුවම නිසා අපරාධ අඩු වෙනවාය කියලා කිසිම තැනකින් ඔප්පු වෙලා නැහැ. අපරාධ වුණු පසුව දඬුවම් දෙන තැනට නෙවෙයි නැවත ඒ වගේ අපරාධ නොවෙන තැනටයි අපි වැඩ කරන්න ඕන)

විද්‍යාගේ සිදුවීමෙන් පසු රාවය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට මේ මාතෘකාව සම්බන්ධයෙන් මමත් මැදිහත් වුණු තැන් කිහිපයක් මේ. (රාවයෙහි පලවූ සංවාදයක්  , විවෘත සංවාදය විද්‍යාෙගන් පසු අපි ,

ලංකාවේ චීවරය දැන් පාවිච්චි වෙන්නේ බෞද්ධ ආකල්ප වෙනුවෙන් නොවේ.

අළුගෝසුවෙක් වෙන්නෙමියි කියූ බෞද්ධ හිමිනමකට බෞද්ධ ශාසනයේ සිටිය හැක්කේ ද?. සිංහල බෞද්ධ සංස්කෘතියක් වෙනුවෙන් අවංකවම පෙනී සිටින මිනිසුන් ප්‍රථමයෙන් කළ යුත්තේ බෞද්ධ නොවන සංකල්ප ප්‍රචලිත කරන චීවරධාරීන්ගෙන්ද, බෞද්ධකම හිස තබාගෙන යන දේශපාලඥයන්ගෙන්ද රට ගලවාගැනීමය.

Friday, July 03, 2015

කටවහගං සුසිල් ප්‍රේම්ජයන්ත් පරයා...



(පරයා යනු පකයා යන්නට වඩා හොඳ සාහිත්‍යමය වචනයක්. පිට එකා යන්නට පරයා යෙදිය හැකියි.. මේක කුණුහරුපයක් කියලා කියනවනං කියන්න තියෙන්නේ හා..... කුණුහරුපයක් තමයි.. සුසිලට විතරක් නෙවෙයි අපටත් කුණුහරුප කියන්න පුළුවන් නේ.)

මේ සටහන මාධ්‍යවේදීන් දෙකේ කොළයට දමමින් සුසිල් කියූ කතාවට පිළිතුරු ලෙස ලියැවුණකි.  (එතැන සිටි මාධ්‍යෙව්දීන් කවුද, ඔවුන්ගේ අලය මොකක්ද කියලා හොයන්න ඕන නැහැ)

මේ සටහනේදී සුසිල්ට කිසිදු ගරු යෙදුමක් නැත. ඌ දේශපාලඥයා නම් වෘත්තිය තෝරාගත් එකෙකි, මම මාධ්‍යෙව්දියා නම් වෘත්තිය තෝරාගත් එකෙක්මි. 

අපි ප්‍රෙස් තියනවා, මාධ්‍ය නිවේදන දානවා. ඒව ඇති. (තව අහන්න එන්න ඕන නැහැ.) මින්පස්සේ දෙන්නෙ නැහැ කිසිදෙයක්. මගෙන් කුණුහරුප අහගන්න එපා කියා සුසිල් එතැනදී කියා තිබුණි.

(ගොන් හරකො උඹල දාන දාන එක ලියන්න නං ජර්නලිස්ට්ලා ඕන නැහැනේ. දෙන දෙන එව්ව කොපි කරල පල කරන්න පිටපත් ලියන ලිපිකරුවො ටිකක් ගන්න කියල උඹලගෙ ගජ යාළුවො වෙච්ච මාධ්‍ය හිමිකරුවන්ට කියපං)

සුසිල් එතැන මාධ්‍යවේදීන්ට සැර දමන්නේ ඔහුගෙන් කටු කන්නට ආ බල්ලන් පිරිසක් ගාණට මාධ්‍ය වෘත්තිකයන්ව දමමිනි.

වත්මනෙහි ලංකාවේ හැම වෘත්තියක්ම දූෂණය වී තිබේ. එවන් තත්වයක මාධ්‍ය වෘත්තියේ පමණක් සුපිරි වෘත්තිකයන් පිරිසක් බලාපොරොත්තු විය නොහැකිය.  (වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය විතරක් නෙවෙයි පැවිදි අයත් අන්තිම දූෂිතයි. මෙහෙම කියනනේ සටහන ඉවර වෙලා කට්ටිය මාධ්‍යවේදීන්ගේ අලේ ගැන ප්‍රශ්ණ කරලා මාධ්‍යවේදී මුව හමට තලලා සුසිල්ව අමතක කරන්න ඉඩ තියෙන නිසා )

ලංකාවේ මාධ්‍ය වේදියාට ලැබී තිබෙණ තැන කුමක්ද? අපි තොරතුරු සොයමින් හිඟා කන බල්ලන් නොවේ. අපි දේශපාලඥයන්ව හො වෙනත් කෙනෙක්ව ප්‍රශ්ණ කරන්නේ අපේ ඇම්මක් සුව කරගන්නට නොවේ. අපේ රස්සාව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සන්තර්පණය කිරීමයි. (ඒක සිද්ධ වෙන විදිය ගැන විවේචන ඕන තරම්. කුණු වෙලා ගඳගහන ලංකාවේ හැම වෘත්තියකම ඒ වගේ ප්‍රශ්ණ තියෙනවා. ඒත් මම කියන්න යන්නේ අපි කරන්නේ දෙකයි පණහේ රස්සාවක් නොවන වග)

මෙවන් සිදුවීම් ඕන තරම් සිදුවී ඇත. මර්වින් සිල්වාද මාධ්‍යවේදීන්ට කිහිප වරක්ම සද්දය දමා තිබුණි. රන්ජන් වරක් රාජපක්ෂලා සම්බන්ධයෙන් සෝමා එදිරිසිංහගෙන් හෝ බුද්ධික කුලසේකරගෙන් ඇසිය යුත්තක් ධම්මික යටිකිඳගෙන් අසමින් පොර විය. සමාජයටද මාධ්‍යවේදීයා කටු කන බල්ලන් පිරිසකි. මාධ්‍ය හිමිකරුවා සහ මාධ්‍යවේදියා යනු දෙදෙනෙකි. බොහො තැන්වලින් තැලෙන්නේ මාධ්‍යවේදීන්ය.

මට කියන්ට ඇත්තේ මෙයයි.

අපි දේශපාලඥයන්ට වඩා පහත් වෘත්තියක් කරන, උන් වරෙන් කියන විට එන පළයන් කියන වට යන පිරිසක් වෙන්නට කැමති නැත. ඇමතිතුමා කියමින් විස්සට තිහට නැවෙන්නට අපට අවැසි නැත. දේශපාලඥයා සේම අපි ගරුත්වයක් ඇති වෘත්තියක් කරන්නෙමු. (දේශපාලඥයා මොනවද කරන්නේ?)

මාධ්‍යවේදී සහෝදරයන්ටද යමක් කිව යුතුය.

එතැන සුසිල් එසේ කෑ ගසන විට ඔයා කවුද අපට කුණුහරුප කියන්න? වගේ සද්දයක් දමන්නට අපට හැකි විය යුතුය. (ඒක එච්චරම ප්‍රායෝගික නෑ. අයිවන් මහත්තයගෙ රාවයේ ඉඳන් මට එහෙම කියන්න පුළුවන් වුණත් වෙන ආයතනයක කෙනෙක් එහෙම කීවොත් උඩින් පණිවිඩේ ගිහින් ජොබ් එකටත් කෙළවයි)
අපේ වෘත්තියට හිමිවිය යුතු ගරුත්වය දිනාගැනීම එතරම් පහසු නැත. එහෙත් මේ හිඟන පඩියක් ලබන හැම තැනින්ම බලු වන අපේ වෘත්තියට මීට වඩා ගරුත්වයක් දිනාගත යුතුය. මීට වඩා තත්වයක් ලබාගත යුතුය.  

(එ්කට අපේ පැත්තෙන් වෙන්න ඕන දේවලුත් තියෙනවා. අපි දැනගන්න ඕන අපේ කොලටි එක හදාගන්න)

සුසිල්ලාගන් මෙවැනි කතන්දර අප ඇසිය යුතු නැත. අප නැතුව ඕකුන්ට බැරිය. පර දේශපාලඥයන්ට මාධ්‍යවේදීන් දෙවැනි විය යුතු නැත.