Showing posts with label ෆිල්ම්. Show all posts
Showing posts with label ෆිල්ම්. Show all posts

Wednesday, April 11, 2018

කම්මැලියි බන්සාලි!


සංජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටියක් නම් විශිෂ්ඨ වැඩක් කියන එකයි සමාජයෙ මතය. උතුරු ඉන්දියාවටත් ඒ අදහස තියෙනවා. දකුණු ඉන්දියාවටත් මේ අදහස තියෙනවා. ඒත් කුමන හෝ හේතුවක් නිසා බ්ලැක් සහ හම් දිල් දේ චුකේ සනම් හැර සංජේ ලීලා බන්සාලිගේ හැම චිත්‍රපටියක්ම මහා කම්මැලි ටෙලිනාට්‍ය එපිසෝඩ් වගෙයි අපට දැනෙන්නෙ. පද්මාවත් බැලුවාම ඒ අදහස තවත් කොන්ක්‍රීට් වුණා. 


Tuesday, February 27, 2018

තුන්දෙනෙක්



ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම එක්ව නිර්මාණය කළ තුන්දෙනෙක් චිත්‍රපටිය  තව ටික දවසකින් සිනමාහල්වල දකින්නට ලැබේවි. යුද්ධයෙන් පසුව මිනිස්සු’ තුන්දෙනෙක් චිත්‍රපටියෙ තේමාව වුණා. ඇය, ඔහු සහ අනෙකා චිත්‍රපටියේ තේමාව වුණා. යුද්ධයේදී තෝරාගන්නේ මොන පිල වුණත් ඒ මැද සිටින්නේ මිනිසුන්. ආදරය දැනෙන මිනිසුන්, බිය දැනෙන මිනිසුන්, තමන් කළ වරදකට වරදකාරීත්වය දන්නා මිනිසුන්. 


තුන්දෙනා


Monday, December 11, 2017

කොටින්ට ආයුධ කොහෙන්ද? Jagga Jasoos

ජග්ගා ජාසූස් බොලිවුඩ් චිත්‍රපටිය මේ වසරේ අප්‍රේල් මාසයේ තිරගත වූ චිත්‍රපටියකි. ඉහළ ආදායම් උපයන්නට සමත් වූ චිත්‍රපටිය අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයකි.




Monday, July 17, 2017

ඩ්‍රිෂ්‍යම් කතාවට විකල්ප වීරයෝ අටක්




ඩ්‍රිෂ්‍යම් කතාව කියලා කිව්වම ලේසියි. මේ කියන්නේ ධර්මයුද්ධය සහ පාපනාසම් කියන නම්වලිනුත් හඳුන්වපු ඩෘෂ්‍යම් කියා කන්නඩ වලිනුත් ඩ්‍රිෂ්‍යා කියා තෙළිඟු වලිනුත් ඩ්‍රිෂ්‍යම් කියන නමින් හින්දි සහ මලයාලම් භාෂාවලිනුත් නිර්මාණය කෙරුණු කාගේ හෝ ජීනියස් ප්ලොට් එක ගැනයි. භාෂා හයකින් යළි නිර්මාණය වෙන්නට කතාවක් කොච්චර ජීනියස් වෙන්න ඕනද? මේක මීට කලින් දැකලා තියෙන්නේ නිර්මාණ කිහිපයක විතරයි. දෙදාහ දශකෙ මුලින් ප්‍රභූ සහ ප්‍රභූදේවා එකට රඟපු ‘චාලි චැප්ලින්‘ හොඳම උදාහරණයක්. කවුද මේ පසුපස ඉන්න ජීනියස්? ජේතු ජෝසෆ්.

Friday, January 13, 2017

නොන්ඩි ඔටුවෙක්

වාල්කේ ඔරු වොට්ටගොම් නොන්ඩි වොට්ටගොම් (ජීවිතේ එක ඔටුවෙක්, නොන්ඩි ඔටුවෙක්)
වේලේ තර චක්කරෝ - රෙන්ඩ චක්කරෝ ( රස්සාවක් දෙන ලියුම් (චක්‍රලේඛන) - ලියුම් දෙක )



මේ හරි තේරුමක් නැති සිංදුවෙන්ම කතාව පටන්ගන්න පුළුවන්. අනිව මේ සිංදුව බලන්න. පොඩි රහක් තියෙයි.

Saturday, October 22, 2016

ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු

ඊයේ ගියා ෆ්‍රැන්ජිපානි මංගල දර්ශණයට! 

ඇත්ත. පිරිමි පිරිමි දෙන්නෙක් කිස් කරනව දකිනකොට බොහෝ දෙනෙක්ට අප්‍රිය ගතියක් දැනෙනව. 

ඒ ඔබ විරුද්ධ ලිංගිකයෙක්ව කිස් කරන්න කැමති නිසා. බහුතරය කැමති විරුද්ධ ලිංගිකයෙක්ට ආදරය කරන්න වෙන්න ඇති. 

යශෝ, ජෙහාන් සහ දසුන්



මතක තියාගන්න. කිස් කරන එකවත් සෙක්ස් කරන එකවත් විතරක් නෙවෙයි. බහුතර අප විරුද්ධ ලිංගිකයෙකුගෙන් බලාපොරොත්තු වන ෆැමිලි, ලව්, අෆෙක්ෂන්, ශෙයාරින්, කෙයාරින්, බෝල බෙයාරින් ආදී සියළු දේ සම ලිංගික කෙනෙකුගෙන් බලාපොරොත්තු වීමයි සම සෙනෙහස කියල කියන්නෙ.

Sunday, October 09, 2016

ලංකාවේ ඉසයිප්‍රියා ගැන තමිල්නාඩු ෆැන්ටසිය

ඉසයිප්‍රියා ගැන කරපු ෆිල්ම් එක  රිලීස් කිරීම වළක්වන තීන්දුවක් මැඩ්‍රාස් හයිකෝට් එක දීලා.

ඉසයිප්‍රියා ෆිල්ම් එක ගැන වැඩිය කියවන්න කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ මට. ෆිල්ම් එක ගැන දන්නෙත් නැහැ මම. කොහොම වුණත් වාරණ නියෝග වගේ දේවල් හරහා කලාවට තියෙන නිදහස සීම කිරීම එතරම් සුදුසු නැහැ.

Saturday, September 03, 2016

මායා බලල රංජන්ට විසිල් ගහන්න යං



මායා ඇමතියාගෙ ගෝලයන්ට නෙලද්දි හෝල් එකේ පිටිපස්සෙන් විසිල් සද්දයක් ඇහෙන්න ගත්ත. ලංකාවෙ හෝල් වල සෑහෙන්න ෆිල්ම් බලපු මට ඒ වගේ ඔරිජිනල් විසිල් ඇහුණෙ පළවෙනි වතාවට.
ඒ විසිල් රන්ජන්ගෙ රඟපෑමට වෙන්න ඕන.

Tuesday, June 21, 2016

කතාව ආදරණීයයි ආශිකී වගෙ තමයි කොපි නෙවෙයි



 ආදරණීය කතාවක් චිත්‍රපටියට ගොඩක් අය කැමතියි. මාත් කැමතියි. ඒත් මට තියෙනවා යෝජනා ටිකක්. මට කරන්න තියෙන යෝජනා මම චිත්‍රපටියේ අධ්‍යක්ෂ (නිර්මාණකරුවා) සහ සම නිෂ්පාදක (නිර්මාණය අලෙවි කරන්නා) වන ප්‍රියන්ත කොළඹගේත් අනෙක් සම නිෂ්පාදක චමින්ද ගමගේත් ඉදිරියේ ඔවුන්ට ඉදිරිපත් කළේ චිත්‍රපටිය ගැන තිබුණු සංවාදයකදි. එතකොට මගේ යෝජනා ගැන මේ වැඩේ මට වඩා ප්‍රවීණයෙක් වන ප්‍රියන්ත කොළඹගේගේ පිළිතුරුත් ලැබුණා. (ඒ නිසා මේ සටහන ප්‍රියන්ත දෙන පිළිතුරු වලට ප්‍රතිපිළිතුරුත් එක්කයි ලියැවෙන්නේ.)

Wednesday, March 30, 2016

පාලකයන්ගේ නීතිය හා ඉන්දීය සිනමා සම්මාන උළෙලේ බලාපොරොත්තු කඩවීමක්

දැවැන්තයා
මේ පාර ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල අවසන් වුණේ සම්මාන උළෙලවල් වල සාමාන්‍යෙයන් සිදුවෙනවාක් මෙන් එක් එක්කෙනා හිතපු ඇතැම් දේවල් කඩ කරමින්... සමහර දේවල් සාර්ථක කරමින්...

පළවෙනිම දේ මං හිතුවේ මේ පාර හොඳම චිත්‍රපටියට වෙට්ට්‍රිමාරන්ගේ ජීනියස් වැඩේ විසරනෛ ෆිල්ම් එකට හොඳම චිත්‍රපටිය ලැබෙයි කියලා.. ඒත් ඒක වෙනුවෙන මෙවර හොඳම චිත්‍රපටිය වුණේ වාණිජ වශයෙන් අතිසාර්ථක වුණ අනිත් ජීනියස් වැඩේ බහුබාලි චිත්‍රපටියයි.. විසරනෛ ඒකට වඩා මට නම් හොඳයි.. ඒක් ජජ් බෝඩ් එකේ ඉන්නෙ මං නෙවෙයිනෙ... ආහ්.. මේ සම්මාන උළෙලේදී බන්සාලි උන්දැල එහෙම නවකයන්ට සම්මාන දෙන්න කියලා තරඟයෙන් අයින් වුණේ නැහැ හොඳේ..

ඒ නිසානෙ ඉලයරාජා උන්නැහේ, බන්සාලි උන්නැහේ වගේම තමන් ඉන්දියාවේ බිහිවුණ ගෞරවණීයම නළුවා බව පෙන්නන්න වගේ හතරවෙනි වතාවටත් හොඳම නළුවා සම්මානය අමිතාබ් උන්නැහේ ඉස්සුවේ...

ඒ අනුව කමල් හසන්ට වඩා අඩියක් ඉස්සරහට අමිතාබ් එනවා... මේ පාර කමල් හසන්ට වුණත් හොඳම නළුවා වෙන්න ඉඩ තිබුණා.. ඔහුගේ විශිෂ්ඨ රංගනයක් ගිය අවුරුද්දේ දකින්න ලැබුණා.. ඔය කතා ගැන මං ලිව්වනේ... 

Monday, November 16, 2015

ෆිලුම් බැලිල්ල....

චිත්‍රපටි බැලිල්ලේ ගොඩක් දුර ගියපු පොරක් නෙවෙයි මං.. ෆිල්ම් වල හයහතර විතරයි දන්නෙ... උණක් තියෙන නිසා ෆිල්ම් බැලිල්ල ගැන පොඩියට ලියන්න හිතුව... 

මේ දවස්වල ෆිල්ම් ෆෙස්ටිවල් හින්ද ෆිල්ම් බලන්න කට්ටිය සෙට් වෙනව.. ෆිල්ම් ගැන කතා වෙනව...

පෝලිම් දැක්කම පිස්සු හැදෙනව... 

තිලකසේන ඇවිත් හැරෙන්න.....

උඩින් මෙසේ ලිව්වට මුලින්ම කියන්න ඕන සිනමා උළෙල ගැන කිසිම විවේචනයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එය අනිව අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක්. ඉදිරියට යනකොට තව තවත් ලංකාවේ සංස්කෘතියට හුරු කරලා සිනමා උළෙල ලංකාවේ හැමෝම බලන් ඉන්න වැදගත් වාර්ශික අංගයක් බවට පත්වෙනවා නං හොඳයි... බුක් ෆෙයාර් වගේ ගොං ආතල් එකක් නොවී හොඳ වැඩක් විදියට එය ජනතාව අතරට යන්න ඕන.

Sunday, November 15, 2015

අඩෝ රන්ජා මෙන්න ෆිල්ම්

රන්ජා යන සුරතල්(?) නාමයෙන් හැඳින්වෙන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය කලාකාරයෙකි(?). කලාකාරයෙක්ට ගැඹුරු සමාජ දැනුමක් සහ මනුෂ්‍යත්වය ගැන උණුසුම් හැඟීමක් තිබිය යුතු ය. සමාජය ගෝත්‍රිකත්වය දෙසට නොව නවීනත්වය දෙසට ගෙන යා යුතු ය. රන්ජා අපරාධ නවත්වන්නට අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයැයි කියන කාලාකාරයෙක් යැයි හඳුන්වාගන්නා අයෙකි. දුනේෂ් ප්‍රියශාන්ත ගැන රන්ජා කියූ දේවල් මෙතෙක් අඩුගානේ හිතහොඳ එකායැ‘යි ගෞරවයක් ලද රන්ජන් ගැන අපුලක් ඇති කරන්නට සමත් විය.

වීරයන් සිව්දෙනෙක් - එක් අයෙකුට වීරයෙක් තවත් අයෙක්ට දුෂ්ඨයෙක්

Tuesday, November 10, 2015

කළු කෙට්ටු කැත ධනුෂ්

තවදුරටත් ධනුෂ් කැත නැහැ
ධනුෂ් කියන්නේ දෙමළ සිනමාව ඇතුලේ ගත්තම කුලීනයෙක්. එයාට සිනමා තිරයේ පෙනී හිටින්න ලොකු කට්ටක් කන්න ඕන වුනේ නෑ.. තාත්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක්.. සහෝදරයා අධ්‍යක්ෂවරයෙක්.. සිනමාවට ඇවිත් ටික කාලෙකින්ම බාලුමහේන්ද්‍ර එක්ක වැඩ කරන්න ලැබුණ... අන්තිමට බැන්දෙත් සුපර්ස්ටාර් රැජිනිගෙ දුවව... එයත් ෆිල්ම් හැදුව... දිගටම තමන්ගේ සමීපතමයන්ගේ ෆිල්ම් වල වැඩ කරන්න ලැබුණ. ඒ නිසා ධනුෂ් සිනමාවේ කුලීනයෙක්....