Showing posts with label ආට්. Show all posts
Showing posts with label ආට්. Show all posts

Tuesday, June 26, 2018

ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ අපූරු ජීවිතයෙන් බිඳක්

නූතන නවකථා කලාවේ කතාන්දර රජු ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා. විසිවැනි සියවසේ මුල්ම යුගයේදී සිංහල නවකථාව වර්ණයෙන් පුරවාලන්නට ඔහු සමත්වෙනවා. 1890 උපත ලබා 1957 දී මෙලොවින් සමුගත් වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා විසින් රචනා කළ විජයබා කොල්ලය, සිරියාලතා, හිඟන කොල්ලා, කැලෑ හඳ, හඳපාන, දෛවයෝගය, සුනේත්‍රා ඇතුළු නවකථා කෘති ගොන්නක් වගේම කෙටිකතා එකතු රැසක් සිංහල සාහිත්‍යයට අපූරුවට පාර පෙන්වන්නට සමත් වුණා. සිල්වා ශූරීන්ගේ සංස්කෘත මිශ්‍ර භාෂා ශෛලියද අපූරු ලෙස පාඨකයාව ග්‍රහණය කරගන්නට සමත් වූ බව විචාරකයන් ලියනවා.

Sunday, June 24, 2018

සනුකගේ චාඕ මල්ලී

සනුකගෙ අලුත්ම සිංදුව තමයි චාඕ මල්ලි කියන්නෙ. දැනටමත් බොහෝ අය සිංදුව අහලා ඇති. ඉතාලි පිස්සුව ගැනයි සිංදුව තියෙන්නෙ. මේක ලංකාවෙ පළවැනි ඉතාලි සිංදුව නොවන බව දන්නවානෙ. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සහ පිටරට විස්තර මෙව්වා වගෙ සිංදු මීට කලින් යුරෝප පිස්සුව ගැන හැදිලා තියෙනවා. දැන් ඉතාලියට වඩා කොරියන්, ජපන් පිස්සුව වැඩිවෙලා තියෙන බව ඇත්ත. ඒත් තාමත් ඉතාලි පිස්සුව හැදුණ කොල්ලො කෙල්ලෝ ඕනෑතරං ඉන්නවා. මොනවා කරන්නද? අවස්ථාවක් නැති කරුම දේශයක කොල්ලො කෙල්ලොන්ට ඒ වගෙ පිස්සු හැදෙන එක සාධාරණයිනෙ.

Sunday, March 18, 2018

කූඹියෝ ඉෆෙක්ට් එකෙන් පසුව



කූඹියෝ අවසාන වීමත් සමඟ ඒ ගැන වර්ණනා වගේම ඒ ගැන විවේචනත් ගොඩක් දකින්න ලැබෙනවා. හැබැයි වැඩේ කියන්නේ කූඹීයොන්ට පට්ටපල් බණින අය පවා කූඹියෝ පැල් බැඳගෙන බලපු අයයි.
විවේචන පැත්තකින් තිබ්බොත් අවසාන කොටස බැලුවාම හිතපු තරම් හිත පිරුණු ගතියක් දැනුණු නැති බව හැමෝටම පිළිගන්න වෙනවා. අවසාන එපිසෝඩ් එකක් කියන්නේ ක්ලයිමැක්ස් එකක්. ඒත් අපි අවසාන එපිසෝඩ් එකකට සැදී පැහැදී බලාගෙන හිටියේ ක්ලයිමැක්ස් එකෙන් බාගයක් ඉවරවෙලා, වෙන දේ අපි දැනගත්තාට පස්සෙ. ඉතින් හිත පිරෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක්. කොහොමවුණත් මේ සටහන ලියන්නේ කූඹියෝ ගැන කතාකරන්න නෙවෙයි. කූඹියෝ ඉෆෙක්ට් එක ගැන කතාකරන්නයි.