Showing posts with label ක්‍රීඩාව. Show all posts
Showing posts with label ක්‍රීඩාව. Show all posts

Tuesday, June 28, 2016

තාම ක්‍රිකට් බලනවද? Are U ක්‍රිකට් Fan?

මම කොටුවෙ ඇවිදිනවා.. ඒ අතරෙ මැසේජ් එකක් ආවේ ඉන්ග්ලන්ඩ් මැච් එක දිනල කියල.
ලී කරත්තයක් තල්ලු කරගෙන යන අයිය කෙනෙක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීෂර්ට් එකක් ඇඳගෙන යනව. හොඳට බැලුවම ඒක පරන ටීෂර්ට් එකක්.
කොටුවේ ක්‍රිකට් ටීෂර්ට් ගොඩක් යනව එනවා මට පෙනුනා. හැබැයි ඒ අතර අළුත්ම ඒවා තිබුණේ ටී20 වර්ල්ඩ්කප් කාලේ වගේ ඒවා.
ක්‍රිකට් කියන්නෙ ලංකාවේ කල්චර් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පන්තියේ ගුරුවරු නැති වෙලාවෙ වන්බම්ප් ගැහිල්ලෙ ඉඳන් බිග්මැච් දක්වා පාසැල් ඇතුලටත්, ගමේ සල්ලි ඔට්ටුවට කොල්ලො ගහන මැච් වලටත්, ෆ්‍රස්ට් ක්ලාස් වලටත් ක්‍රිකට් පිස්සුව දුවද්දි ක්‍රිකට් ඇසුරින් සාහිත්‍යයක් හැදෙද්දි ක්‍රිකට් මැච් බැලිල්ලත් ඔය පිස්සුවෙ තියෙනව.



Thursday, March 31, 2016

වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයි

ලෝකෙ ඕනම ක්‍රීඩාවක ඉන්න පුළුවන් යුනික්ම ටීම් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක... හකා දාන බ්ලැක් කැප්ස් රග්බි ටීම් එකත් ඒ වගේ යුනික් ටීම් එකක්නෙ... ඒ වගේ කන්ඩායම් වල ඇටිටියුඩ් ඒ ක්‍රීඩාවම ලස්සන කරනව...  වෙස්ට් ඉන්ඩීස්ල මේ පාර වර්ල්ඩ් කප් එකේ දැම්මෙ චැම්පියන් ඩාන්ස් එක. ඇෆ්ගනිස්ථාන්ට පරාද වුණාම මූණවල් එල්ලගන්නෙ නැතිව ඇෆ්ගනිස්තාන් කොල්ලො එක්කලත් චැම්පියන් ඩාන්ස් එකක් දාල ෆොටෝ එකකට පෙනී ඉන්න වෙස්ට් ඉන්ඩීස්ල ප්‍රමාද වුණේ නෑ..



Friday, March 25, 2016

සංගයියෙ තිරිමාන්න අවුල්ද අවුල් කරලද?

දැන් මම රිටයර්ඩ් ක්‍රිකට් ෆෑන් කෙනෙක් වෙලා!

ඉස්කෝලේ කාලේ මම වෘත්තිමය ක්‍රිකට් රසිකයෙක් විදියට හිටියා.... දැන් දැන් මැච් බලන්න වෙලාවක් නැහැ. වර්ල්ඩ් කප් එක පටන්ගන්නකොට මට හිතුණේ මේකේ එක මැච් එකක්වත් බලන්න වෙන එකක් නැහැ කියාල...

ඒත් විශ්‍රාමික වෘත්තිකයෙක්ට පරණ වෘත්තිය අභිමුඛ වෙනවා ඉඳහිට... රිටයර්ඩ් ටීචර්ලට උගන්වන්න වෙනවා වගේ!

සති එකහමාරකට විතර කලින් ඉන්ග්ලන්ඩ් සවුක් අෆ්‍රිකා මැච් එක වෙලාවේ අපි සලාක එකේ සෙට් වුණා.. නූතන, නින්දිත, උපුල්, බිඟුන්, තරිඳු, සුධාරක, සංඛ, වරා සහ බියර් ඇතුළු සෙට් එකක්! සෙට් වුණේ ගොඩක් දේවල් කතා කරන්න. ගොඩක්ම දේශපාලනේ ගැන. අපට එක්වෙලා කරන්න පුළුවන් වැඩ කිහිපයක් ගැන කතා කරන්න ඕන වුණා. ඒත් මැච් එක උණුසුම් වෙද්දී දේශපාලනේ කැලේ.... සලාක එකේ හිටපු අනිත් එවුන් එක්ක අපිත් සෙට් වෙලා මැච් එකට චියර් කරන්න ගත්තා. මේ දේශපාලනික සත්වයො ටික තමයි සද්දෙන්ම මැච් එක වින්දේ...

Thursday, August 27, 2015

සංගා ක්‍රීඩකයෙක් මහේල නායකයෙක්....

කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පහුගිය කාලයේ කතාබහේ ප්‍රධාන මාතෘකාව විය. ආණ්ඩුවේ ඇමති ධූර පොරයටත් වඩා මාධ්‍ය වල අවධානය දිනාගන්නට මේ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා සමත් විය. ඉතින් ජාතික ආණ්ඩු බයිලාවන් ගැන කතා කිරීම කාලයට බාර දී ලැබුණු විවේකයේදී මේ සංගා සිද්ධිය  ගැන යමක් ලියන්නට සිත්විය.

මම ක්‍රීඩාවට ප්‍රිය කරමි. ක්‍රිකට්, පාපන්දු සිට රෙස්ලින් දක්වා ක්‍රීඩාශීලීත්වය රසවිඳින්නට කැමැත්තෙමි. හැබැයි මතකතබාගත යුත්තකි. ක්‍රීඩා කිරීම සහ ක්‍රීඩාව රසවිඳීම පැහැදිලිවම දෙකකි. මම ක්‍රීඩා කරන්නට වැඩියෙන් ප්‍රිය කරන්නෙමි. (ඒ ගැන වෙනම ලියන්න ඕන. මම ලෝකෙ වඩාත්ම ප්‍රිය කරන්නේ තැන අංක අට ජර්සි එක ඇඳගෙන පාපන්දු ක්‍රීඩාංගනයක් මැද ඉන්න එක.) ක්‍රීඩාව රසවිඳීමත් මරු ය. දැන් කාලයේ ක්‍රීඩාව යනු වීරයන් සහ දුෂ්ඨයන් අවැසි ටීවී ෂෝ එකකි. ලංකාවත් සෙල්ලම් කරන නිසා ක්‍රිකට් මා වැඩියෙන්ම නරඹන ක්‍රීඩාවයි. (ඒත් මං කැමතිම පාකිස්ථාන් ක්‍රිකට් ටීම් එකට. පකිස්ථාන්ක්‍රීඩකයන්ගේ ඇසිවල පවා මාර විදියට ක්‍රීඩාශීලීත්වය තියෙනවා. රට ඇතුලෙත් පිටත් අභියෝග ගොඩක් මැද්දේ ඕනෑම ටීම් එකක් දණගස්සන්න පකිස්ථාන් කොල්ලන්ට පුලුවන්. ගොඩක් අය පකිස්ථානයට අකමැති වීමත් මං කැමති වෙන්න හේතුවක්.)


සංගා වෙතට ආ යුතුය.