‘ජෝන් සීනා
අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.‘ අපි ඉස්කෝලෙ යන කාලෙ ඔන්න ඔහොම සිංදුවක් ජනප්‍රිය
වුණා. ඒ ලංකාවේ වැඩියෙන්ම රෙස්ලින් ජනප්‍රිය වුණ කාලයක්. හැබැයි ඔය ලෝකයෙ ගත්තම
රෙස්ලින්වල ජනප්‍රියත්වය බහිමින් තිබුණු කාලයක්. මං මේ කියන්නේ ඔලිම්පික් යන
රෙස්ලින් ගැන නෙවෙයි, ප්‍රොෆෙෂනල් රෙස්ලින් හෙවත් ප්‍රෝ රෙස්ලින් ගැනයි. බොහෝ විට
ඇමෙරිකාව, මෙක්සිකෝව, ජපානය සහ මේ වෙද්දී ඉන්දියාව ඉලක්ක කරගත්ත විනෝදාස්වාදය
වෙනුවෙන් කලින් සැලසුම් කළ මල්ලවපොර තමයි රෙස්ලින් කියන්නේ.
