Sunday, March 06, 2016
රෙද්දෙ නිදහස නිසා පුතේ දැං මං Jobless
නාඬ ඉඳපං පුතේ
සතපහක් නෑ අතේ
ගොඩක් අයගේ මතේ
මගෙ වැරැද්දලු පුතේ
බඩගින්න උහුලන්න
පුත ටිකක් ඉවසන්න
මුළු රටම දැක තියෙන
මගෙ මූණට
අලුත් රස්සා නැහැලු පුතේ
මගෙ වැරැද්දලු පුතේ
දුවන් යන නෝනලා
බැන්නෙ මට පෙන්නලා
පෙම්වතුන් ලංවෙලා
එලවන්නයැයි කියා
නිදහසට හොඳ නෑලු
ලංවෙන්න ඉඩ නෑලු
ගෞරවය කෙළෙසේලු
ළමයි අරගෙන ආපු
ටීචලා පවසාපු
ඔවුන් මට උගන්නපු
නිදහසයි මං රැක්කෙ
මීට පෙර මං නොදත්
අලුත් නිදහසක් ගැන
අලුත් අදහස් නිසා
ගෙදර යන්නට වුනා
රෙද්දෙ නිදහස නිසා
පුතේ දැං මං Jobless
මට උගන්නා නැති
කවදාවත් අහල නැති
නිදහස ගැන අලුත් කතා
පුතේ උඹ හාමත් කළා
Subscribe to:
Post Comments (Atom)

දුකයි!
ReplyDeletepatta :D
ReplyDeleteනිදහස් චතුරස්‍ර ආරක්ෂකයින් ඉවත් කර නැහැ - සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තහවුරු කරයි
ReplyDeletehttp://sinhala.asianmirror.lk/local-news/item/19796-couple-news
සංඛට ජොබ් එක ආයේ දුන්නා වගේ ඒ මනුස්සයට ජොබ් එකක් දෙන එක හර්ෂගේ යුතුකම...
ReplyDeleteරෙද්දෙ නිදහස නිසා
ReplyDeleteපුතේ දැං මං Jobless+++++++++
මරු ලිවිල්ල, උඩුවෝ
ReplyDeleteKasiye anith peththa.
ReplyDeleteහර්ෂ කෙරුවේ කරන්න ඕනේ දෙයක් නෙමේ.ආරක්ෂකයින් වරදක් කර තියේ නම් පියවර ගන්න ක්‍රමයක් තියෙනවා.මේ වගේ නාට්‍ය පෙන්වන්න නෙමේනේ යහපාලනයක් ගෙනාවේ.
ReplyDelete