සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා ඉවත් කිරීම හෝ නොකිරීම බරපතල සංවාද මැවූ සාකච්ඡුාවක් බවට පත්විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පෞද්ගලිකවම මැදිහත් වෙමින් අලි දෙදෙනාව ඉවත් නොකරන ලෙස දැනුම් දී තිබුණි. එහෙත් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනාම ඉන්නේ අලි දෙදෙනාව ඉවත් කළ යුතුය යන මතයේය. එසේ නොකළොත් ඇමති ධූරයෙන් ඉවත්වන බව ෆොන්සේකා මහතා කියා තිබුණි. එහෙත් ඔහු ඇමතිධූරයෙන් ඉවත් නොවී, මේ වෙද්දී මාතෘකාව යටපත්වෙමින් තිබෙන බව පෙනෙයි. මාතෘකාව මාධ්‍ය වල යටපත් වුණත් ප‍්‍රශ්ණයෙහි වෙනසක් නැත. එපමණක් නොව අලි පහරදීම් නිසා පසුගිය සති තුන ඇතුලත මනුෂ්‍ය ජීවිත තුනක් නැතිව තිබුණි.