Wednesday, January 25, 2017

විල්පත්තු සහ මුස්ලිම් විවාහ - ඉස්ලාමෝෆෝබියා I



රාවය ඉතා වැදගත් ලිපි දෙකක් ලිව්ව පහුගිය සතිවල. (මේ ලින්ක් එකෙන් කියවන්න.) ලිව්ව මාතෘකාව ගැන තිබුණු උනන්දුව හින්ද මමත් තොරතුරු සෙවීමේ වෙහෙසකර වැඩේට උදව් වුණා. පහල තියෙන්නේ ඒ ලිපි දෙක.


1. විල්පත්තුවේ ගෙවල් හදන්නේ මිනිසුන් අතැර ගිය ඉඩම්වලය

2. සිංහල ජාතිවාදීන් හංගන විල්පත්තුවේ දුක්ඛ සත්‍යය

විල්පත්තු වන විනාශය කියන්නේ දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරන මිත්‍යාවක්. පරිසරවේදී තිලක් කාරියවසම් සහ රාවය මේ වෙද්දී ඒ මිත්‍යාවට විරුද්ධව සිංහල භාෂාවෙන් කරුණු දක්වමින් ඉන්නවා.


මීට අමතරව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාත් විල්පත්තු මිත්‍යාව ගැන හොයන්නට මේ ප්‍රදේශවලට ගිහින් තියෙනවා. බොහෝ දෙනෙක් මේ ප්‍රදේශවලට යන්නේ තමන් කලින් හදාගත්ත කතාවක් ඔප්පු කරගන්න කරුණු හොයන්න මිසක් ඇත්ත තත්වය දැකගන්න නෙවෙයි. එහෙත් ඇමතිවරයෙකුට එහා ගිහින් සහෝදරයෙක් විදියට කතාකරන්න පුළුවන් රන්ජන් රාමනායක නම් අවංක දේශපාලඥයා මේ ප්‍රදේශවලට ගියේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න සූදානමින්. ඔහු ඇස් දෙකෙන් දකින්න ඇති මේ මිනිස්සු ජීවත් වෙන්නට ගන්නා මහන්සිය ගැන.

ඔහු සිදුවීමෙන් පසුව කීවේ කැලේ ගස් හිතක් පපුවක් නැතිව කපාදාලා තියෙනවා කියලයි. එහෙම වුණත් ඔහු සාමාන්‍ය ජනතාව එක්ක ඉඳගෙන කීවේ සාමාන්‍ය ජනතාව හිටපු ගම්මාන තියෙන බවයි. ජාතිවාදයට විරුද්ධව ඔහු කතාකළා. විල්පත්තුව තියෙන්නේ කිලෝමීටර් දොළහක් දුරින්. විල්පත්තුව උතුරු රක්ෂිතයේ සීමාව උල්ලංඝනය කළ තැන් තියෙන බවත් ඒකට මේ අහිංසක මුස්ලිම් ජනතාව වගකියන්න ඕනෑ නැති බවත් රන්ජන් කියනවා. ඔහුගේ අදහසට ඒ විදියට අපි එකඟ නැහැ. එහෙත් වෙන අය වගේ මුස්ලිම් විරෝධී ජාතිවාදී මැදිහත්වීමක් නොකිරීම ගැන අපි රන්ජන්ට ගෞරවය දිය යුතුයි.

අනෙක් හේතුව පහුගියදා ෆේස්බුක්හි තබා තිබුණු සටහනක්. ෆේස්බුක්හි ජනප්‍රිය තරුණියක් පහුගියදා සටහනක් තියලා තිබුණා. එයා දැක්කාලු කෑම කන අතරේ මුස්ලිම් පවුලක්. තාත්තා, බිරිඳ, දරුවන් හිටියාලු. බැලුවාම පෙනුනේ බිරිඳට අවුරුදු විස්සක් වගේලු. දරුවාට අවුරුදු පහක් විතරලු. පෙණුන විදියට ඇය මේ ‘පෙණුනු‘ දේවල් ඒ අය එක්ක කතාකරලා හෝ වෙන ක්‍රමයකින් හෝ තහවුරු කරගෙන නැහැ. හැබැයි එයා ෆේස්බුක් එකට ඇවිත් ලියනවා මේ තමයි මුස්ලිම් විවාහ නීතිය. පුංචි දැරියන්ව විවාහ කරගෙන දරුවන් හදන්න ඒකෙන් අයිතිය ලැබෙනවා කියලා.

ඒ සිද්ධිය ගත්තත් අර කාන්තාවට අවුරුදු විස්සක පෙනුමක් තිබුණාට ඇය ඊට වඩා වැඩිමල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කාන්තාව දරුවාගේ මව නොවෙන්නත් පුළුවන්. හැබැයි අර සටහන ලියන තරුණියගේ ඔළුවේ තියෙන මිත්‍යාව නිසා ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඇය ගොඩනඟාගන්නවා මුස්ලිම් පවුල් ගැහැණු දරුවන්ව අවුරුදු දොලහේදී විවාහ කරවන්න බලාගෙන ඉන්නවා කියලා.

මේකට උඩගෙඩි දෙන්න තමයි මුස්ලිම් ජනතාවගේ සංවිධානයක් කියාගත්ත පිරිසක් උද්ඝෝෂණයක් කලේ. ඒ සංවිධානය අර මිත්‍යාව ශක්තිමත් කරන්න උදව් කළා. දැරියන්ව විවාහ කරන්න තියෙන අයිතිය නැති නොකරව් වගේ සටන්පාඨ එක්ක තමයි මේ අය එළියට බැස්සේ. හැබැයි තවුහිද් ජමාත් කියන්නේ ලංකාවේ මුස්ලිම් ජනතාව විසින් පිලිගන්නා සංවිධානයක් නෙවෙයි.

මේ කාරණා වලට හොඳම උත්තරයක් දුන්නේ රාවය එක්ක සංවාදයකදී ජමෙයිතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ෆාසීල් ෆාරුක් මවුලවිතුමා. ඔහු ඉතා මිත්‍රශීලී අයෙක්. ඔහු කියන්නේ තමන්ගේ දියණියව කිසිදා අඩු වයසින් විවාහ කර නොදෙන බවයි. ඒ වගේම තමා දන්නා හඳුනන කිසි කෙනෙක් තමන්ගේ දියණියන්ව අඩු වයසින් විවාහ කර දී නැති බව ඔහු විශ්වාසයෙන් කියනවා.

ඇත්තටම මම පෞද්ගලිකව ඒ වගේ අඩු වයසින් විවාහ වුණ මුස්ලිම් දැරියන් ගැන අහලා තියෙනවා. හැබැයි අපේ ගම් පළාත් වලට ගියොත් අඩු වයසෙන් විවාහ වෙලා දරුවන් හදපු සිංහල පවුල් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්. ඒ අය විවාහ වෙලා තිබුණේ මුස්ලිම් විවාහ නීතිය යටතේ නෙවෙයි. මහපොළොවේ ඇවිදින අපට ඕනෑ තරම් අඩු වයසින් විවාහ වුණ සිංහල සහ දෙමළ පවුල් මුණගැහිලා තියෙනවා.

මම පෞද්ගලිකව දැකපු දේවල් පැත්තකට දාමු. අපි දන්නා ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවානේ. එක්තරා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ දරුවාගේ වයසයි ඇයගේ වයසයි ගණන් හදලා දරුවා ලැබෙද්දී වයස මෙච්චරයි කියලා ගණන් හදලා සමාජ මාධ්‍යවල කතාබහ කළානේ. ෂුවර් එකටම ඇයට දරුවා ලැබුණේ මුස්ලිම් විවාහ නීතිය යටතේ නෙවෙයි.

මම කියපු ෆේස්බුක් සටහන ලියපු තරුණියත් අර දරුවෙක් ඉන්න නිළිය වෙනුවෙන් ප්‍රගතිශීලී පෙනීසිටීමක් කළ බව මතකයි.

කොහොම වුණත් ලංකාව මේ වෙද්දී ළමා විවාහ කියන ම්ලේච්ඡ ක්‍රමයෙන් සෑහෙන්න මිදිලා තියෙනවා. හැබැයි ප්‍රතිශතයක් විදියට අඩුවෙන් වුණත් සිදුවෙන ළමා විවාහ මුස්ලිම් විවාහ නීතියේ ප්‍රථිඵලයක් නෙවෙයි පැහැදිළිවම. ඇත්තටම ලංකාවේ සිද්ධවෙලා තියෙන ළමා විවාහ ගැන හරි සංගණනයක් කළොත් ඇතැම්විට මේ මුස්ලිම් විවාහ නීතිය ගැන තියෙන මිත්‍යාව නැති කරන්න වුණත් පුළුවන්.

මුස්ලිම් විවාහ නීතිය කියන කාරණයේදී බොහෝ දෙනෙක් දෙක පටලවාගෙන කෑගහන්න ගත්තා. මම උඩින් කීව ගෑණු ළමයා වගේ. එහෙත් අපි අවබෝධ කරගන්න ඕන මේ වෙලාවේ ජාතීන් අතර ගැටුම් වෙනුවට ප්‍රගතිශීලී වෙනසක් ඇතිකරවාගැනීම වෙනුවෙන් සංවාදයක් පටන්ගන්න ඕන බව.

මුස්ලිම් විවාහ නීතිය කියන කාරණය ගත්තාම ඒකේ තියෙන විවාහ වීමේ වයස සම්බන්ධ කාරණය වෙනස් වෙන්න ඕනනම් ඒ ගැන සාකච්චා කරන්න පුළුවන්. මමත් පෞද්ගලිකව කැමති මුස්ලිම් විවාහ නීතිය ඉක්මවා යන විදියට ළමා විවාහ වැළැක්වෙන විදියේ නීතියක් පනවලා ඒක හරියාකාරව ක්‍රියාත්මක වෙනවානම්.

ඇත්තටම මම පෞද්ගලිකව හද්දා පරණ දර්ශණයන් නඩත්තු කරනවාට එකඟ නැහැ. වඩාත් නූතන සහ සංකීර්ණ දර්ශණයන් පිළිගන්න පුළුවන්. එහෙත් කෙනෙක්ට ආගමක් පිළිගන්නත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් තියෙන අයිතිය මම පිළිගන්නවා. ඒක කෙනෙකුට හානිකර නොවෙනවානම්.

ඒ අනුව ඉස්ලාම් ආගම මම අදහන, මම පිළිගන්නා ආගම නෙවෙයි. එහි තියෙන සමහර ඉගැන්වීම් මම කොහෙත්ම පිළිගන්නේ නැහැ. එහෙත් ඒවා පිළිගන්නා අයට පිළිගන්න ඉඩදෙන්න ඕන.
 

බොහෝ ඉස්ලාම් විරෝධී අදහස් ඇතිවෙන්නේ මිත්‍යාවක් මත. අපේ ඔළුවලට මුස්ලිම් ජනතාව දිහා අර්ධ මානුෂික තැනක ඉඳන් බලන්න හුරුකරවලා. උපක්‍රමශීලීව. මේ මිත්‍යාව ලංකාවේ සිංහල බෞද්ධ ජාතිකවාදීන් ගොඩනඟපු එකක් නොවෙන බව පැහැදිළිව කියන්න ඕන. ඇත්තටම සිංහල බෞද්ධ ජාතිකවාදීන් මේකට වගකියන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතන්නේ නැහැ. සිංහල බෞද්ධ ජාතිකවාදීන් යම් ගැටුම් එක්ක වුණත් මුස්ලිම් ජනතාව එක්ක සෑහෙන සමඟියකින් හිටියා. ඔවුන් විරුද්ධ වුණේ මාංශ ආහාරයට විතරයි. මුස්ලිම් ජනතාව ව්‍යාපාරිකයන් වීම ගැන යම් ඊර්ෂ්‍යාවක් තියෙන්නත් ඇති.
 

කොහොම වුණත් ඉස්ලාමෝෆෝබියා කියලා හඳුන්වන්න පුළුවන් මේ මිත්‍යාව අපේ ඔළුවලට දැම්මේ සිංහල ජාතිවාදීනුත් විරුද්ධ වෙන බටහිරයන් විසින්. සිංහල ජාතිකවාදීන් නෙවෙයි අපිත් පිළිගන්න ඕන දෙයක් ලෝකය පුරා මතවාදී ව්‍යාපාරයක් මෙයෙවන්නට බටහිරයන් උත්සාහ කරන බව. ලෝකයේ මුස්ලිම් විරෝධී අදහස් සූක්ෂමව පතුරවන්න කටයුතු කෙරෙනවා.
 

පරිසරය ආරක්ෂා කිරීම කියන හොඳ කාරණයත්, ළමා විවාහ වලට එරෙහි වීම කියන හොඳ කාරණයත් ඉස්ලාමෝෆෝබියාවට හසු නොවිය යුතුයි.
 

අර ෆේස්බුක් සටහන තබපු තරුණියව විවේචනයට හසු වෙන්නත්, රන්ජන් ඇමතිවරයාට ගෞරවය හිමිවෙන්නත් ඕන ඒ අනුවයි.
 

විවේචන ඔක්කෝම මෙතැන කියන්න. ඉස්ලාමෝෆෝබියාව ගැන ඉදිරියේ වෙලාව ලැබෙන විදියට ලියන්නම්. මම හිතන්නේ මේ ගැන අපි අතරේ සංවාදයක් ඇතිවුණොත් හොඳයි.




41 comments:

  1. ජාති වාදය, ආගම් වාදය, කුල වාදය නැති කරන්න හරි අමාරුයි උඩුවා......මිනිස්සු බෙදෙන්න හරි ආසයි...... අනිත් සියළුම ආගම් වල ජාතින් වල මිනිස්සු දැනුවත් ව හෝ නොදැනුවත්ම සංස්ක්‍ර්තිම වශයෙන් පරිවර්තනය වෙනවා.ඉස්ලාම් ආගම තුළ තිබෙන දැඩි නීති නිසා ඉස්ලාම් ආගමේ මිනිස්සු පරිවර්ථනය වෙන්නෙ හරි හෙමින්.නැත්තම් වෙන්නෙම නෑ. ඉතින් අනෙකුත් ආගම් වල මිනිස්සු ඉස්ලාම් ආගම දකින්නෙ දැඩි මූලධර්මවාදී ආගමක් විදියට. ඕක අපේ රටේ වගේම වෙනත් රට වලත් සමහර විට අපිට වඩා දැඩි ව්දියට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ ගැන මම ඉදිරියේදී ලියන්නම්

      Delete
  2. අපිට ඉස්ලාමෝෆෝබියාව මුස්ලිම් හරි චෝයි අනේ පලයං උඩුවෝ යන්ඩ

    ReplyDelete
    Replies
    1. කවුරුත් චෝයි නැහැ අයියෙ.
      නරක මිනිස්සු සහ හොඳ මිනිස්සු ඉන්නවා.
      ඕකට ජාතියේ සම්බන්ධයක් නෑ

      Delete
    2. මෙයාට තියෙන්නේ Sihalophobia සහ
      Tamilomania ලෙඩ දෙක.

      Delete
    3. ///මෙයාට තියෙන්නේ Sihalophobia සහ
      Tamilomania ලෙඩ දෙක.///

      ++++++++++++++++++++

      Delete
  3. හරි... ඉස්ලාම් නොවන අයට තියෙන්නෙ ඉස්ලාමෝෆෝබියාව කියමු.එතකොට ඔය ඉස්ලාම් ව්‍යාප්තවාදීන්ට තියෙන්නෙ මොකද්ද? උඹ තවදුරටත් ගවේශනශීලී උනොත්,ඊනියා රැඩිකල් කියන කන්ණාඩිවලින් නැතුව මහපොලොවේ ඇත්ත බැලුවොත් තව තව කාරණා පෙනෙයි.
    සාමාන්‍ය මිනිහා අතරෙ ජාතිවාදයක් ඇත්තෙ නෑ.ඊලඟ වේල වෙනුවෙන් අරගලයක ඉන්න මේ මිනිස්සු අතරට ජාතිවාදය වපුරන තැන් ගැන පොඩ්ඩක් හොයල බලපන්.
    එක පල්ලියක් ලඟට වෙලා අහගන හිටපන් එතෙන්ට පල්ලි කීයක සද්දෙ එනවද කියලා.
    නැගනහිර පැත්තෙ ලාවට රවුමක් ගහල බලපන්.. මචෝ ඒ යනකොට කණ්න්ඩි ගලෝලාම යමන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ව්‍යාප්තවාදය ගැන මම ඊළඟට කතා කරන්නම්..
      අනිවාර්යයෙන් මම නැගෙනහිර ගියා. ඉස්සරහටත් යනවා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. තර්ක වෙනුවට ජනවර්ගවලට අපහාස වෙන විදියේ බාල කමෙන්ට් ඉවත් කරනවා

      Delete
    4. මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් විය්‍යප්තිවාදය දිහා අත්බැදගන බලාගන හිටපු සහ තමන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පාවිච්චි කරපු උනුත් සහ ඊනියා සමානත්මතාවයයි ...මානුෂිය අයිතිවාසිකම් ...ආගමික නිදහස අරව මේවා ගොඩක් ඉස්සරහට දාපු උනුත් ඇත්ත දැනගන පස්ස හරවනකොට උඹලා මේ කොහෙද බං යන්නේ ....ඇත්තටම හිතට එකගවද ....කාගේ උවමනාවටද ....හිත් රිදෙන හන්දා මං මේවාගේ දේවල ගැන කතා කරන්නේ නැ ..කාවවත් ඉලක්ක කරගන ...ඒත් උඹ හින්දා මොකවත් නොකායා ඉන්න බැ .... උඹ ඉන්නේ මුලාවක ....තව ටිකක් ජීවත් වෙලා බලපං මලයා....උඹ තාම පැහිලා නැ ....( අපහාසයක් උපහාසයක් කියල හිතන්න එපා ...ආදරේට කියන්නේ ....උඹට ලොකු ගමනක් යන්ඩ පුලුවන් ... දෙකයි පනහේ සූපින් ටෝක් ඉෂුකරල උඹටම වල කපාගන්ඩ එපා )

      Delete
    5. අටමෝ තමන්ගේ ජාතිය එක්ක ඇරියස් තියෙන පාහරයින්ගෙන් තමයි වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ...
      උන් හරියට ශරීරයක තියෙන පිළිකා සෛල වගේ...
      ඇඟ ඇතුලේ ඉඳගෙන උන් කරන්නේ ශරීරය විනාශ කරන එක...
      ඒකෙන් උන්ට ඇති වැඩකුත් නැහැ...
      නියමිත වෙලාවල සමහන් පාවිච්චි නොකිරීමේ පලවිපාක...

      Delete
    6. අටම් අයියේ. මම ලියන්නේ හිතට එකඟව.
      මේක දෙකයි පණහේ එකක් නෙවෙයි. ගොඩක් කියවලා කල්පනා කරලා ලියන්න පටන්ගත්ත දෙයක්.

      Delete
  4. සාමාන්‍යයෙන් අපි හැම දේදිම හරි කොටු කරගත් විදියට නෙව හිතන්නේ.. දැන් අවුරුදු 40කට පෙර ඒ තැන්වල හිටපු එක පවුල දැන් පවුල් 3-4ක් වෙලා ඇති. ඉන්න ඔක්කෝම ජනතාවට වගාකරන්න ඉඩමයි ගේයි දෙන්න ගියොත් අත්තටම රටේ තව ඉතාම නොබෝ කලකින් වනාන්තර කියන ජාතිය නැතිවෙනවා..
    අනික වනාන්තර කියන්නේ මායිම් ගහල තියෙන රක්ෂිත විතරක්ම නෙමෙයි නෙව..
    ආන්ඩුවට වත් නිවාස ඇමතිටවත් මහල් නිවාස හැදිමේ වැදගත් කමක් ගැන වගේ වගක් නෑ.. ජන ඝනත්වය වැඩි වෙද්දි නගර ගම් නිර්මාණය කරන්න ඕනි ඉස්සර කාලේ තිබුනා..දැන් තියෙන්න ඕනි කියන පදනමින් නෙමෙයි වෙන වෙන සාධක අනුව..

    ඒ මිනිස්සු දුප්පත් සල්ලි නැහැ.. ආදායම් මාර්ග නැහැ..කතාව ඇත්ත..
    රාජපක්ෂලා ගේ ගොදුරිබිම වෙච්චි හම්බන්තොට පවා අද වෙද්දි කුලියක් මලියක් වත් හොයාගන්න බැරුව ගොයිතැන් අනාත වෙලා මිනිස්සු දුක් විදිනවා..ඕක මේ ඔ්‍ය පලාතට ආවේනික දෙයක්‍නෙමෙයි..අද වෙද්දි කොළම ඉන්න උදේ හවා රස්සාවට යන අයට නොදැනුනාට 30%ක් විතර ඉන්න ගොවිතැනින් ජීවත්‍වෙන මිනිස්සු ඔක්කෝම ඉන්නේ එකම තැනක..

    අපි හරි දුප්පත්..අපේ මාධ්‍ය දුප්පත්..අපේ රජය..ඒක ඊඨ වඩා දුප්පත්..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හිටපු ඉඩම්වල කොච්චර කැලෑ වැවුණත පෞද්ගලික ඉඩම් පෞද්ගලික ඉඩම්මයි. ආණ්ඩුවට අයිතියක් නෑ ඒවාට අයිතිවාසිකම් කියන්න

      Delete
  5. ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය ස&


    ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්රින්තය ආශ්රි්තව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය.
    ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.
    ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි.
    ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රෙසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්රිමාණවත් වූවිටයි.
    දේශපාලනිකව නිරවද්යන, සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්ර සාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.
    එය සිදුවන්නේ මේ ආකාරයට:
    යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
    උදා:
    United States — Muslim 0.6%
    Australia — Muslim 1.5%
    Canada — Muslim 1.9%
    China — Muslim 1.8%
    Italy — Muslim 1.5%
    Norway — Muslim 1.8%
    2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
    පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:
    Denmark — Muslim 2%
    Spain — Muslim 4%
    Thailand — Muslim 4.6%
    5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රිතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීමට සිදුකරති.
    හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිම ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).
    උදා:
    France — Muslim 8%
    Philippines — Muslim 5%
    Sweden — Muslim 5%
    Switzerland — Muslim 4.3%
    The Netherlands — Muslim 5.5%
    Trinidad & Tobago — Muslim 5.8%
    මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.
    මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරල කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).
    උදා:
    Guyana — Muslim 10%
    India — Muslim 13.4%
    Israel — Muslim 16%
    Kenya — Muslim 10%
    Russia — Muslim 10-15%
    20%
    ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-ය සුනන්ද
    ( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
    ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
    උදා:
    Ethiopia — Muslim 32.8%
    40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්රරස්තවදී යුද්ධ ආදිය දැකගත හැක.
    උදා:
    Bosnia — Muslim 40%
    Chad — Muslim 53.1%
    Lebanon — Muslim 59.7%
    60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්ර.මය මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
    උදා:
    Albania — Muslim 70%
    Malaysia — Muslim 60.4%
    Qatar — Muslim 77.5%
    Sudan — Muslim 70%
    80% ඉක්මවූ පසු, රාජ්යම අනුග්ර්ය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක.
    උදා:
    Bangladesh — Muslim 83%
    Egypt — Muslim 90%
    Gaza — Muslim 98.7%
    Indonesia — Muslim 86.1%
    Iran — Muslim 98%
    Iraq — Muslim 97%
    Jordan — Muslim 92%
    Morocco — Muslim 98.7%
    Pakistan — Muslim 97%
    Palestine — Muslim 99%
    Syria — Muslim 90%
    Tajikistan — Muslim 90%
    Turkey — Muslim 99.8%
    United Arab Emirates — Muslim 96%
    මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
    උදා:
    Afghanistan — Muslim 100%
    Saudi Arabia — Muslim 100%
    Somalia — Muslim 100%
    Yemen — Muslim 99.9%
    ප්රeතිශතය 100% උවත් ප්ර ශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්යක මුස්ලිම ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.

    ReplyDelete
    Replies
    1. අර 80% උපකල්පනයට සංසෝධන සහිතව එකඟවෙනවා, මොකද අපිත් කොරන්නට තනන්නේ 80% වත් නැතුව තියෙද්දි, තව පොඩ්ඩෙන් සංසෝධනේ අමතක වෙනවා: ලිස්ට් එකට මේ රූලත් එකතු කරන්න ශ්‍රිලංකා - සිංහල 76%

      Delete
    2. තමන්ගේ ජාතිය එක්ක ඇරියස් තියෙන කුළී ලියන්නෝ මේ වගේ දත්ත හීනෙන්වත් දකින්නේ නැහැ රංග...
      උන්ට තියෙන ඇරියස් එකට හේතු උන්වත් දන්නේ නැහැ...
      තමන් පොරවල් කියල පෙන්නන්න එහෙම කරනවා වෙන්නත් ඇති...

      Delete
    3. මේ දත්ත සහිත කතාවට ඊළඟ සටහනෙන් පිළිතුරක් දෙන්නම්

      Delete
    4. ජාතියත් එක්ක ඇරියස් තියෙන එවුන් නම් හැමතැනම ඉන්නවා. හැබැයි සමාජයට පෙනෙන්නේ උන් හෙන රැඩිකල් උන් වගේ. ඒක තමයි කරුමේ

      Delete
  6. /**මේ කාරණා වලට හොඳම උත්තරයක් දුන්නේ රාවය එක්ක සංවාදයකදී ජමෙයිතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ෆාසීල් ෆාරුක් මවුලවිතුමා. ඔහු ඉතා මිත්‍රශීලී අයෙක්. ඔහු කියන්නේ තමන්ගේ දියණියව කිසිදා අඩු වයසින් විවාහ කර නොදෙන බවයි. **/

    ගැටළුව තියෙන්නේ සාම්ප්‍රදායික ඉස්ලාම් බැතිමතුන්ගේ නෙවෙයිනේ. ඔවුන්ගේ බලය මැඩගෙන නැග එන අන්තවාදී බලවේග වල. යහපත් මවුලවීතුමා එහෙම කිව්ව කියලා, ගැටළුවක් නෑ කියලා හිතහදා ගන්න පුළුවන් ද ? එතුමාගේ ප්‍රකාශෙන් ප්‍රශ්නේ විග්‍රහකරන්න පුළුවන් ද ? රාවය මාරයි!!

    කාලයක් යුරෝපෙත් ඔය විදිහටම ඇස් වහගෙන හිටියා. ඉස්ලාම් අන්තවාදය ගැන ප්‍රශ්ණ කරපු මිනිස්සුන්ටයි ෆෝබියාකාරයෝ කියලා පහර ගැහුවේ.

    ReplyDelete
    Replies
    1. රාවය මාරයි කියල දන්න නිසානේ බං බත් එකක් ඔතල ආපු රාවය පත්තර කොල කෑල්ලක්වත් අපි බලන්නේ නැත්තේ...

      Delete
    2. අසංගගේ කතාවට පිළිතුරක් දෙන්න පුළුවන්.

      Delete
  7. //එහෙත් අපි අවබෝධ කරගන්න ඕන මේ වෙලාවේ ජාතීන් අතර ගැටුම් වෙනුවට ප්‍රගතිශීලී වෙනසක් ඇතිකරවාගැනීම වෙනුවෙන් සංවාදයක් පටන්ගන්න ඕන බව.

    එතකොට යුධ අපරාධ වලට ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ ජාතික සමගිය ඇතිකරවන්නද? නැත්නම් සිංහල දෙමළ වෛරයක් ඇතිකරවන්නද?

    ReplyDelete
    Replies
    1. යුධ අපරාධ වලට ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන්නේ කිසි අපරාධයක් වෙලා නැහැ කියලා හරියට ඔප්පු කරන්න මහත්තයෝ.
      දේශීය පරීක්ෂණයකින් දෙන තීන්දුවක් ඇත්ත වුණත් පිළිගන්න බැහැනේ. අපේ අධිකරණයේ හැටි අපි දන්නවානේ

      Delete
    2. දැන් කවුරු කවුරු අතින්ද යුද අපරාධ වෙලා තියෙන්නේ? මෙයාලා කෑගහන්නේ කොටි කිසිම යුද අපරාදයක් කරලා නැති ගානට.

      Delete
  8. බලන්න,
    http://transyl2014.blogspot.com/2017/01/blog-post_55.html

    සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශය පිළිබඳව සඳහන් කොට ඇත.​තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​.


    උඩුවා තුල ඇති අවිඥාණික දෙමළ පිළිකුල නිසා ඔහු ඔහු දෙමළ ජාතිවාදයට කඩේ යාමට පෙළඹී ඇත.

    ReplyDelete
    Replies
    1. මට කිසි දෙයක් ගැන පිළිකුලක් නැහැ මහත්තයෝ...
      අපි අපට ඇතිවන ආශාවන් සංතෘප්ත කරගන්නවා මිසක් ලෝකෙට බයේ ආශාවන් හංගගෙන ඉන්නේ නැහැ.

      Delete
  9. මේ ලෝකේ පවතින සියලු ජාතිවාදී ක්‍රියා පටන් ගත්තේ යුදෙවු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බක්තිකයන් අදහන එකම දෙවියන් වහන්සේ බව ඔහේ දන්නවැයි?

    Genesis
    11

    The Tower of Babel

    1 And the whole earth was of one language, and of one speech.

    2 And it came to pass, as they journeyed from the east, that they found a plain in the land of Shinar; and they dwelt there.

    3 And they said one to another, Go to, let us make brick, and burn them thoroughly. And they had brick for stone, and slime had they for mortar.

    4 And they said, Go to, let us build us a city, and a tower, whose top may reach unto heaven; and let us make us a name, lest we be scattered abroad upon the face of the whole earth.

    5 And the LORD came down to see the city and the tower, which the children of men builded.

    6 And the LORD said, Behold, the people is one, and they have all one language; and this they begin to do: and now nothing will be restrained from them, which they have imagined to do.

    7 Go to, let us go down, and there confound their language, that they may not understand one another's speech.

    8 So the LORD scattered them abroad from thence upon the face of all the earth: and they left off to build the city.

    9 Therefore is the name of it called Babel; because the LORD did there confound the language of all the earth: and from thence did the LORD scatter them abroad upon the face of all the earth.

    ReplyDelete
  10. මුස්ලිම් කියන්නේ අනිත් ජාති මතින් නීති විරෝදීව හෝ තම ජාතිය ගොඩනන්වාගෙන් මුල් ජාතිය සමූල ගාථනය කරන ආගමක්...මේක ඇමති වරයෙක් විදිහට දැන සිටිය යුථුයි..ලෝක ඉතිහාසය දැනගන්න ඕන​..

    ReplyDelete
  11. හැම කෙනාටම උපතින දුර්වල කමක් තියනවා මේ ඔබතුමාගේ ලොකුම දුර්වල කම​.

    ReplyDelete
  12. කල්ලරාව මුරිච්චිකට්ටුව ඒකාලෙ මිනිස්සු පදිංචි වෙලා හිටියනං ඒකත් වැරැද්දක් .. ඒක නිවැරදි කරගන්ඩ ඕනෙ...අනික ජනගහනය වැඩි වෙනකොට ඉතුරු කැලෙත් කපල ගෙවල් හදාගන්නෙ නැති වෙයි කියල උඹට සහතික වෙන්ඩ පුලුවන්ද ..?
    දුක් විඳින්නෙ එහෙ ඉන්න මුස්ලිම් උං විතරක් නෙමේ කියල උඹට තේරෙනව කියල ඇති කියල මම හිතනව ... ඔය මිනිස්සු කොලඹට වෙලා සැප ගන්න මුස්ලිම් දේශපාලුවන්ගෙ ඉත්තෝ කියල උඹට තේරෙනව ඇති කියලත් මම හිතනව .. පුලුවං නං ඒ ගැනත් ලියපං .. මුස්ලිම්ෆෝබියාව කියල එකක් තියනව තමා ... ඒක මිනිස්සුන්ට හැදෙන්ඩ මූලික හේතුව මොක්ද්ද කියලත් හොයල ලියපං .. රාවයේ ඒව දාන්ඩ දෙයිද කියල මම දන්නෙ නෑ හැබැයි ... හැම පැත්තම බැලන්ස් කරල ලියන එක තමයි දක්ෂකම කියල මම හිතන්නෙ ..
    අපේ ඕලෙවල් පන්තියෙ හිටිය මුස්ලිම් කොල්ලෙක් උගෙ අම්මට ඒ වෙනකොට වයස 30යි .. අපි දන්නෙ ඌ කියපු හින්ද .. බුවා හම්බ වෙනකොට අම්මට 14යි ලු .. ඒ අම්ම පේරන්ට්ස් මීටිං වලට එනකොට අපි විතරක් නෙමේ අනිත් තාත්තල, සර්ල හිටං කොර...
    මං ඒ කතාව කිව්වෙ ඒ කාලෙත් ඔය නීති එහෙම්මම තිබ්බ කියන්ඩ .. හැබැයි ඒ අම්ම ආවෙ ලෝගුවක් දාගෙන නං නෙමේ ... ටයිට් ඩෙනිමයි අත් නැත් බ්ලවුස් එකකුයි ඇඳගෙන කොන්ඩෙ කඩාදාගෙන ...

    ReplyDelete
  13. උඩුවා මමත් ඔය විලපත්තු වන සංහාරයට විරුද්ධව බුකියේ හෙම ගොඩක් පොස්ට් ශෙයාර් කලා. මොකද මොන පක්ෂේ වුනත් වැඩේ වැරදියි කියල හිතන නිසා. නමුත් ඉහල ඇතැම් කොමෙන්ට් කරුවන් උදාහරණ අපේ හිත මිත්‍ර (මම එහම් හිතන් ඉන්නවා වැරදි වෙන්න පුළුවන්) ලොකු පුතා සහ අටමා හෙම දන්නවද දන්නේ නැහැ මහින්ද මහත්මය තමයි බදුර්දීන් ට ඕක ඉස්සෙල්ලම දුන්නේ. ඒ කලේ මේ විරුද්ධතාවය ආවේ නැත්ටෙහ් ඇයි කියල කවුරු හරි කියනවද? මම එතකොටත් නැගෙනහිර මුස්ලිම්කරණයට විරුද්ධයි. මම අදත් විරුද්ධයි. ඔන්න ඔතන තමයි අපේ දේශපාලන කාරයෝ වැරදි. බැරි වෙලාවත් හෙට අනිද්දට මහින්ද ආපහු බලයට පත් වුනොත් ඔය කෑ ගහන කට්ටිය කියයි කිසි වැරැද්දක් නැහැ කියල. මොකද බදුර්දීන් තොණ්ඩමන් වගේම වහාම ඒ පැත්තට යන නිසා. ඔය මිනිසුන්ට ඔප්පු තියනවා නම් හොයල , ආණ්ඩුවේ අය ගිහින් බලල හරියටම ඒ තැන්වල විතරක් දෙන්න ඕනේ. නමුත් උඩුව තව පැත්තක් තියනවා. ඔය කියන කතාව බොරු. එක පැත්තක රක්ෂිත වනය කපල ගෙවල් හදල තියනවා. රන්ජන් ගිහිල්ලත් නැහැ. රාවය ගිහිල්ලත් නැහැ. මම හොයල හරියටම දෙන්නම් පස්සේ තැන ඒක ඇත්තනම්. ඒ පැත්තට කාටවත් යන්න දෙන්නේ නැහැ කියල කියන්නේ. අලුත් ගෙවල් ලයින් එකක්ම හදල තියෙනවා . ඔය රාවයේ කියන දුප්පත් ගම්මානය නෙමේ. . කාත්තන්කුඩි වගේ. මම ඔන්න එකට විරුද්ධයි. බෞද්ධ අන්තවාදයට වගේම උතුරේ හිස ඔසවන ශිව සේනා හින්දු අන්තවාදයට වත් කාත්තන්කුඩි සිට දිගටම යන ෂරියා අන්තවාදයටත් විරුද්ධ විය යුතුයි. මොකාගේ රජයක් තිබුනත. මහින්දත් එකයි. රනිලුත් එකයි. මෛත්‍රී ත් එකයි.

    ReplyDelete
  14. මේ ලින්ක් එකට ගියාම බලන්න පුලුවන්. අපේ ජාතිවාදි අයියලා කරන්නේ එතනින් අරන් copy paste කරන එක.

    http://www.aljazeera.com/indepth/features/2016/06/report-islamophobia-multi-million-dollar-industry-160623144006495.html

    ReplyDelete
  15. එකැස් වික්ටර් විජේවීර දුටුවේය. විජේවීර ගේ ගුණ ගායනාකරමින් පොර සමග බුදියගත්තේය…32000 ක් වලපල්ලට ගියේය. මගේ විප්ලවය පරාදයි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ජේ ආර් දුටුවේය. ජේ ආර් ගේ ගුණ ගායනාකරමින් පොරට පුක දුන්නේය … උතුර ගිනිගති, දකුනේ 40,000 ක් වලපල්ලට ගියේය. යූඇන්පී ජේවීපී නෝටි බබාලා කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් ප්‍රේමදාස දුටුවේය. ප්‍රේමදාස ගේ ගුණ ගායනාකරමින් පොර කටට ගත්තේය … උතුර ගිනිගනිද්දී, දකුනේ තව 40,000 ක් වලපල්ලට ගියේය. රනිල් බට ලන්දේ කිංකි සෙක්ස් කලේය. මගේ ප්‍රෙමය අවසන් කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. වික්ටර් අයිවන් චන්ද්‍රිකා දුටුවේය. චන්ද්‍රිකා ගේ පුක සෝදා වතුර බිව්වේය. ගුණ ගායනාකරමින් පොර දිව දැම්මේය … උතුරේ දෙමලු දකුනට කෙලියේ මහා පරිමානයෙනි. රට මයිනස් විය. සිංහල 10,000 ක් හා දෙමල 12000 වලපල්ලට ගියේය. අපට පුක නැතිවිය. මගේ චෞර බේබි කියා ලිවුම් කරදහියක් ලියා එකැස් ෂේප් විය. එකැස් වික්ටර් මහින්දගේ ගුණ ගායනාකලේය. රට යන්තං ගොඩ ගියේය. නමුත් මහින්දගේ පුකත් මුලු රටක ජනතාවගේ ඇට ඔක්කෝම ගැලවී වැටින. එකැස් වික්ටර් දැන් රනිල්ගේ ගුණ ගායනාකරමින් සිටී. රට අගාධයට යමින් තිබේ. නැවත දෙමල ජාතිවාදය අැවිලෙමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ පුක නැති වෙමින් ඇත. රනිල් ගේ හා ග්‍රාමසේවක සිරිසේන ගේ පුක පමනක් නොව ඇට දෙකද ගැලවී යාමට පටන්ගෙන ඇත. එකැස් වික්ටර් ගේ දේශපාලන කතරේ රනිල් ගේ ගූ (රා)ශ්‍රාවය වී ක්ෂේම භූමියක් හැදෙනවා කීම ගැන විශ්ව විද්‍යාල ආචාරීන් කට පුක ඇර ඇත. ප්‍රජාතන්ත්‍ර විසින් ලියා ඇත

    ReplyDelete