![]() |
| ඡායාරූපය සංකේතයක් පමණි |
Showing posts with label විද්‍යාගෙන් පසු. Show all posts
Showing posts with label විද්‍යාගෙන් පසු. Show all posts
Tuesday, June 19, 2018
ලිංගිකව එක්වූ බාලවයස්කාරයන්..... ( Photos )
ගිය සතියේ අනුරාධපුරයේදී නවයොවුන් තරුණියක් එක්ක ලිංගික ඇසුරක් පවත්වපු තරුණයෙක්ට ඒ දැරියවම විවාහ කරදෙන්න තරුණියගෙ පවුලම මැදිහත් වුණ සිදුවීමක් වාර්තාවෙලා තිබුණා. ඇයට දැරියක් යැයි කීවත් ඇයට වයස අවුරුදු 18යි. ඒ තරුණයාට වයස අවුරුදු විස්සක් ඇති. මේ දෙන්නා නිවසේදී හොරෙන් ලිංගිකව එක්වෙලා. තරුණයා මේ ඇසුර තරුණයා වීඩියෝ කරලා තියෙනවාලු. පොලීසියට ලැබුණු 'ඔත්තුවක්' නිසා මේ තරුණයා සහ තරුණිය සිටි නිවසට ඇතුලුවෙලා. තරුණයාව අත්අඩංගුවට අරන් මොකක්හරි චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් කරලා. මේ මුලු සිදුවීම් මාලාවම හරි විකෘතියි. අපේ සමාජයේම විකෘති බව සිදුවීම් මාලාව ඇතුලේ තියෙනවා.
Monday, July 18, 2016
දෙමළ සිංහල සංහිඳියාවයි මාධ්‍යයි.........
ඔය සිදුවීම වෙන වෙලාවෙ මම හිටියෙ කන්කසන්තුරේ. එහේ හමුදා නිලධාරීන් අවතැන්වූ දෙමල ජනතාවට නිවාස ඉදිකරනවා. අපි එක්ක කතා කරපු හමුදා නිලධාරියෙක් කී කතාවක් වටිනවා... "අවුරුදු විස්සකට කලින් ඉහල අණින් අපි මේ ගෙවල් කුඩුපට්ටම් කළා... දැන් අපිම ඒ ගෙවල් ආයෙ හදනවා."
ඔවුන්ගෙ ඒ කතාව එක්ක මට හිතුණේ ආයෙමත් හමුදාවට මේ තැන්වල ගෙවල් කුඩු කරලා තව අවුරුදු විස්සකින් ආයෙමත් ගෙවල් හදන්න වේවිද කියලා...
කට්ට කන්නේ ගම්වලින් හමුදාවට බැඳුන සිංහල තරුණයන් සහ දෙමළ තරුණයන්.
Wednesday, December 02, 2015
මුස්ලිම් බෞද්ධ ගෝත්‍රිකවාදේ!!!
ම්..
අශිෂ්ඨත්වයට විරුද්ධයි!!
ගෝත්‍රිකත්වයට විරුද්ධයි!!
සිංහල බෞද්ධ ගෝත්‍රිකත්වයට විරුද්ධයි.... ඒ නිසා නැදුන් විහාරයේ නින්දගමක් යැයි කියාගනිමින් දුම්බර ගම්වාසීන්ව අඩවහලුන් කරල තියාගන්න එකට විරුද්ධයි... ඒ මිනිස්සුන්ට පන්සලේ පැවිද්දාගේ උපදෙස් මත කටුකම්බි එතූ කුරුඳු පොලුවලින් පහර දෙන එකට විරුද්ධයි!!
අශිෂ්ඨත්වයට විරුද්ධයි!!
ගෝත්‍රිකත්වයට විරුද්ධයි!!
සිංහල බෞද්ධ ගෝත්‍රිකත්වයට විරුද්ධයි.... ඒ නිසා නැදුන් විහාරයේ නින්දගමක් යැයි කියාගනිමින් දුම්බර ගම්වාසීන්ව අඩවහලුන් කරල තියාගන්න එකට විරුද්ධයි... ඒ මිනිස්සුන්ට පන්සලේ පැවිද්දාගේ උපදෙස් මත කටුකම්බි එතූ කුරුඳු පොලුවලින් පහර දෙන එකට විරුද්ධයි!!
Friday, November 20, 2015
චුට්ටි සහ මේනකා
වෙලාව රෑ එකොළහයි!! මරදානේ ඉඳන් මම කොටුව පැත්තට පයින් එනවා!!
නීතිය විසඳන ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තේ ඉඳන් විනිසුරු අක්බාර් වීදිය දිගේ එනකොට ඇයව පේනවා!! ඇය බට්ටී විය හැකියි! චුට්ටි විය හැකියි! තරුණයි පුංචියි!! මම ඇයව දන්නවා... එකොළහේ ඉඳන් දොළහ වෙනකන් ස්ටේෂන් එක ඉස්සරහ ඉන්නේ එයා... මාර කටක් තියෙන්නේ!! ෆුල් එකකට ගාණ තුන්දහයි!! යට විතරක් නං එකහමාරයි!! එයා හරි ගණන්!!
නීතිය විසඳන ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තේ ඉඳන් විනිසුරු අක්බාර් වීදිය දිගේ එනකොට ඇයව පේනවා!! ඇය බට්ටී විය හැකියි! චුට්ටි විය හැකියි! තරුණයි පුංචියි!! මම ඇයව දන්නවා... එකොළහේ ඉඳන් දොළහ වෙනකන් ස්ටේෂන් එක ඉස්සරහ ඉන්නේ එයා... මාර කටක් තියෙන්නේ!! ෆුල් එකකට ගාණ තුන්දහයි!! යට විතරක් නං එකහමාරයි!! එයා හරි ගණන්!!
Thursday, November 19, 2015
චිත්රු තමයි ඩ්‍රීම් ස්ටාර්....
| අතිදක්ශ ගායන ශිල්පීන් වුණත් මේ කලාකරුවන් නොවේ... |
‘හදවත ගැඹුරේ ධීර චේතනා..
මේ සිව් හෙළයේ දසත විසිරුවා..
එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..‘
2009 දී යුද්ධයේ දරුණු මොහොතක ඊනියා යුධ මුක්ත කලාපයක් නම්කොට දෙමළ මිනිසුන් සමූල ඝාතනය කරද්දී කලාකරුවන් කළ යුතුව තිබුණේ ජාතීන් වෙනුවට මනුෂ්‍යත්වය පෙරටු කරගත් නිර්මාණ කිරීමයි. එහෙත් සිංහල කලාකරුවන් දෙමළ ලේ ඉල්ලමින් ඊනියා දේශප්‍රේමයක් වෙනුවෙන් නිර්මාණ කළහ. එතැනින්ම ඔවුන් කලාකරුවන් යන්න අහෝසි විය.
Monday, November 09, 2015
යුරේනිගෙන් වැඩක් ගමු!!!
යුරේනි ගැන ලියන්න හිතාගෙන හිටියා කාලයක් තිස්සේ... ඒත් එයා ගැන තිබුණු උණුසුම පහවෙනකන් ඉන්න හිතුවා...
විද්‍යා මරා දැමීමත් එක්ක ඇතිවෙච්ච උණුසුම් වටපිටාව ඇතුලේ යුරේනි නොෂිකා ගුණසේකර මට මුණගැහුණේ ඇගේ ගෙදරදී. මා බලාපොරොත්තු
වුණේ ඇය සමඟ විනාඩි දහයක පහළොවක කෙටි ඉන්ටවීව් එකක් කරන්න.
Thursday, October 15, 2015
සම්මතය
පුතා (වයස 14 යි) -
මරදාන හන්දියේ
කොට සාය පටලවං
අපේ හෙට වෙනුවන්ම
ඇය ඉන්නෙ වරු ගණන්
*****************
මගෙ අම්ම බව නොදැන
වල් හැත්ත අපෙ එවුං
අම්මගෙන් සැපගත්ත
මතක පොත කියවමින්
*****************
පාෂාණ ද්වී ශතක
භක්තියෙන් ඔදවැඩී
මරක්කල කඩ දෙකක්
කුඩු කෙරුව සැඳෑවක
දවල් ඩියුටිය ඉවර
අම්ම ඇඳ මත වැටුණ
ලිහා දැමු නිල ඇඳුම
දිගහැරුණු අඟ පසඟ
යහළුවන් දෙසු මතක
*****************
පුදුමයක් නොම දිලුණ
වෙහෙසකර ඇගේ නෙත්
නොබළමින් දිය කළෙම්
පිරිමිකම් මා උගත්
****************
අම්මා (වයස 31යි) -
පොඩි කෙල්ලගේ පුංචි
ජීවිතයෙ රස උරා
දිවිතෙක්ම උළුගෙදර
ගිය නිසා මහඑකා
ගොඩක් ඈතිං ඇහෙන
සාරදම් පින් බයිල
මිනිස් හඬ දුර යද්දි
සැනහුමත් කරතියන්
මුහුණු හඳුනන්න බැරි
පාපතර කළුවරේ
මං හෙව්ව දයාවක්
බුදියන්ඩ හේතුවක්
ඇඟ මතට ගොඩ වුණත්
මහගොඩක් පිරිමි හිත්
ලොකු කොල්ලගෙං තරං
දැණුනෙ නෑ උණුහුමක්
හෙටත් උගෙ උණුහුමින්
අනිද්දාවක් හොයමි
.......................................
මරදාන හන්දියේ කොට සාය පටලවං
අපේ හෙට වෙනුවන්ම
ඇය ඉන්නෙ වරු ගණන්
*****************
මගෙ අම්ම බව නොදැන
වල් හැත්ත අපෙ එවුං
අම්මගෙන් සැපගත්ත
මතක පොත කියවමින්
*****************
පාෂාණ ද්වී ශතක
භක්තියෙන් ඔදවැඩී
මරක්කල කඩ දෙකක්
කුඩු කෙරුව සැඳෑවක
දවල් ඩියුටිය ඉවර
අම්ම ඇඳ මත වැටුණ
ලිහා දැමු නිල ඇඳුම
දිගහැරුණු අඟ පසඟ
යහළුවන් දෙසු මතක
*****************
පුදුමයක් නොම දිලුණ
වෙහෙසකර ඇගේ නෙත්
නොබළමින් දිය කළෙම්
පිරිමිකම් මා උගත්
****************
අම්මා (වයස 31යි) -
පොඩි කෙල්ලගේ පුංචි
ජීවිතයෙ රස උරා
දිවිතෙක්ම උළුගෙදර
ගිය නිසා මහඑකා
ගොඩක් ඈතිං ඇහෙන
සාරදම් පින් බයිල
මිනිස් හඬ දුර යද්දි
සැනහුමත් කරතියන්
මුහුණු හඳුනන්න බැරි
පාපතර කළුවරේ
මං හෙව්ව දයාවක්
බුදියන්ඩ හේතුවක්
ඇඟ මතට ගොඩ වුණත්
මහගොඩක් පිරිමි හිත්
ලොකු කොල්ලගෙං තරං
දැණුනෙ නෑ උණුහුමක්
හෙටත් උගෙ උණුහුමින්
අනිද්දාවක් හොයමි
.......................................
Tuesday, October 13, 2015
නිදහස? ලැබුණද? නිදහසක් තියෙනවාද?
මේ දිනවල සමාජ ජාල අාතල් හිට්ලිස්ට් එකේ ඉහළම තැනක තියෙන්නේ නිදහස ලැබුණු දවස ගැන කතාවයි. ෂනුද්‍රි ප්‍රියසාද් නම් තාත්තගේ පානට එයාගේ තෙල් දැමූ නිළියත්, අර සුපර්ස්ටාර් කොල්ලත් (බොරු නෙවෙයි අම්මප නම මතක නෑ. දසුන් වගේ මතක.) සිරස වැඩසටහනකදී නිදහස ලැබුණු දිනය හා ලංකාවේ අගනුවර වරද්දා ගැනීම ආතල් හිට්ලිස්ට් එක උඩු යටිකුරු කොට චාමරලා, කොණ්ඩයා, සුජීගේ ෆෝන් එක වැනි පීඩිත පන්තියේ මිනිසුන්ගේ කතා වලින් පොඩි පොෂ් සිද්ධියකට ඇදගෙන ගියේ ය. ( යුරේනිගේ ජංගියත් හිට්ලිස්ට් වල තිබුණු ඔයවගේ කතාවක්. )
Friday, September 25, 2015
මරලා දාන දඬුවම ඉල්ලන්නේ පිස්සෝ...
ලියන්න බැරිනම් බ්ලොග් එක දීපන් ළමයෙකුට
දින ගණනක් තිස්සේ පෝස්ට් එකක් නොළිවීම නිසා මිතුරෙකු ෆේස්බුක් හරහා මට එසේ එවා තිබුණි. යාපනයේ ගත කළ සතියත් ඉන්පසුව මඟහැරුණු වැඩ කටයුතු ආවරණය කරන්නට ගතවූ සතියත් නිසා බ්ලොග් එක වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොවීය. මේ නිහඬතාවයෙන් පසුව ලියන ලිවීමකි.
මරණ දඬුවම
ස්ත්‍රී දූෂණ අඩු කරන්න මරණ දඬුවම ඕනෑයයි කට්ටිය හඬ නඟන්නට පටන්ගෙන තිබේ. ඇත්තටම මරන දඬුවම දීමෙන් මේ අපරාධ නැවැත්විය හැකිද? ඒ ගැන ඕනෑ තරම් වාද විවාද තිබිය හැකිය. අපට නම් මරණ දඬුවම වැනි ගෝත්‍රික දඬුවම් ක්‍රම හරහා සමාජය හදන්නට කරන යෝජනා ජෝක්ස්ම ය. ඊයේ පෙරේදා සංවාදයකදී විදර්ශන සහෝදරයා කී පරිදි පිස්සුවකි. සමාජය තියෙන්නේ කොතැනකද? මේ කතා කරන්නේ මොනවාද?
දින ගණනක් තිස්සේ පෝස්ට් එකක් නොළිවීම නිසා මිතුරෙකු ෆේස්බුක් හරහා මට එසේ එවා තිබුණි. යාපනයේ ගත කළ සතියත් ඉන්පසුව මඟහැරුණු වැඩ කටයුතු ආවරණය කරන්නට ගතවූ සතියත් නිසා බ්ලොග් එක වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නොවීය. මේ නිහඬතාවයෙන් පසුව ලියන ලිවීමකි.
![]() |
| මරණ දඬුවම ඉල්ලන ජනතා වීරයා |
මරණ දඬුවම
ස්ත්‍රී දූෂණ අඩු කරන්න මරණ දඬුවම ඕනෑයයි කට්ටිය හඬ නඟන්නට පටන්ගෙන තිබේ. ඇත්තටම මරන දඬුවම දීමෙන් මේ අපරාධ නැවැත්විය හැකිද? ඒ ගැන ඕනෑ තරම් වාද විවාද තිබිය හැකිය. අපට නම් මරණ දඬුවම වැනි ගෝත්‍රික දඬුවම් ක්‍රම හරහා සමාජය හදන්නට කරන යෝජනා ජෝක්ස්ම ය. ඊයේ පෙරේදා සංවාදයකදී විදර්ශන සහෝදරයා කී පරිදි පිස්සුවකි. සමාජය තියෙන්නේ කොතැනකද? මේ කතා කරන්නේ මොනවාද?
Wednesday, July 08, 2015
සමිත හාමුදුරුවන්ගේ දේවදත්ත වොයිස් එක...
දැන් දැන් සටහන්
ලියැවෙන්නේ අඩුවෙන්ය. ලියන්නට පටන්ගෙන අතරමඟ නවතා දැමූ අවස්ථා බොහෝය. ලියන්නට නම්
මානසික විවේකයක් පිරියක් තිබිය යුතුය. (පිරියක් කියන්නේ එළියේ තියෙන අවුල් ගැන
කල්පනා කළොත්නේ ලියන්නේ... ලියන්නේ ආසාවට නෙවෙයි.. මොකක්හරි දෙයක් ගැන කම්පනයක්
අති වුණොත්නේ...)
දැන් දැන් එළියේ තියෙන
අවුල් විසඳීම වෙනුවට ඇතුළේ තියෙන අවුල් ගැන කතා කර කර ඉන්නට සිදුවී තිබේ. (තේරුමක්
නැති දේවල් ගැන කල්පනා කරන්න සිද්ධ වෙලා... යාළුවෝ එක්ක අවුල්, පවුල් අවුල්, සමාජ
සම්බන්ධතා බිඳවැටීම ගැන අවුල්) කාලය කෙතරම් නාස්ති වී ඇත්ද? තනියම වැඩක් කරගෙන
පාඩුවේ ඉන්න එක හොඳයැයි අවසානයේ හිතෙයි.
මේ සටහන විද්‍යාව දූෂණය
කළ අයට මරණ දඬුවම දෙන්නේ නම් සිවුරු හැර අළුගෝසු කාර්යය කරන්නට සූදානම් යැයි කියූ
බද්දේගම සමිත හිමියන් නිමිති කරගෙනය. හාමුදුරුවන් කියා තිබුණේ ලංකාවේ අළුගෝසු
වෘත්තිය කරන්නට එන අය තනතුර අත්හරින නිසා විද්‍යා දැරියගේ මිනීමරුවන්ට මරණ දඬුවම
දුන්නේ නම් අළුගෝසු කාර්යය කරන්නට තමන් සූදානම් බවය.
(ඒ ප්‍රකාශයෙන් මට නම්
ආවේ බුද්ධපුත්‍ර ෆීලින් එකක් නෙවෙයි. දේවදත්ත ෆීලින් එකක්. මට නිකන් මැවිල පෙනුණ
බුදුහාමුදුරුවොත් සමිත හාමුදුරුවොන්ගෙ මේ අමුතු ධර්මෙ අනුගමනය කළොත් කොහොමද කියල. අංගුලිමාල
එද්දී රටේ දරුවන් වෙනුවෙන් කියල බුදුහාමුදුරුවෝ අංගුලිමාලට ගේම දෙන්න ගියානං?
අනිත් අතට මට මේ ප්‍රකාශය ගැනත් අවුලක් හිතෙනව. විද්‍යා ඝාතනය ගැන මිනිස්සු කතා
කළේ එහේ සිදුවෙච්ච නැගිටීම් නිසා. ලංකාවේ කොච්චර මේ වගේ දේවල් වෙනවද? මෙහේ කට්ටිය සිය ගණන් දූෂණ කරලා පාටි දැම්මා. ඇයි මේ
සිවුරු ඒවා ගැන නිහඬ?)
වෛරයෙන් වෛරය නොසන්සිඳේ
කීවේ බුදුන් වහන්සේය. අපරාදකරුවන්ටත් මිනිසුන් ලෙසම සැලකීම බුද්ධ ප්‍රතිපත්තියයි. සද්ධර්මාලංකාරයේ
පන්සලකින් සිවුරු හොරකම් කරන සොරෙකුට ගමේ මිනිසුන් පහර දුන් විට සොරාව ආරාමයට ගෙන
ගොස් තෙල් ගල්වා බෙහෙත් කලේ බුද්ධ පුත්‍රයෙකි. ඒ සොරා නැවත සොරකම් නොකරන්නට නම්
පහර දිය යුතුයැයි ගැමියන් කියද්දී හාමුදුරුවෝ සිතුවේ ගුටිකෑ මිනිසා සුවපත් කරන
ආකාරයයි.
මා මේ කතා කරන්නේ විද්‍යාගේ
ඝාතකයන් වෙනුවෙන්ද?
විද්‍යාගේ ඝාතකයන් කළේ සමාවක්
දිය නොහැකි අතිශය බරපතළ අපරාධයකි. සමාජයක් යහපත් කරන්නේ නීතිය හා සදාචාරය විසින්ය.
නීතිය රකින්නට නම් නීතිය කඩකළොත් ලැබෙන දඬුවම් ගැන බියක් ඇතිවිය යුතුය. සදාචාරය
රකින්නට නම් සදාචාරය කඩකළොත් එන අපවාද ගැන බියක් ඇතිවිය යුතුය. අපේ තියෙන්නේ
සදාචාරයක් නීතියක් නැති සමාජයකි. අවුල තියෙන්නේ එතැනය. හාමුදුරුවන් වහන්සේලා ගහන්න
ඕනෑ එතැනටය.
විද්‍යා දැරියට වුණු
අපරාධය වැනි තැන්වලදී අප කතා කළ යුත්තේ සමාජයේ මෙවන් අපරාධ වෙන්නේ ඇයි? අවුල
කොතැනද? වැනි දේවල් ගැනය. එහෙත් අපි කතා කරන්නේ අපරාධකාරයාට දෙන දඬුවම ගැනය.
(මරණ දඬුවම මේවාට විසඳුම නෙවෙයි. මරණ දඬුවම නිසා අපරාධ අඩු වෙනවාය කියලා කිසිම තැනකින් ඔප්පු වෙලා නැහැ. අපරාධ වුණු පසුව දඬුවම් දෙන තැනට නෙවෙයි නැවත ඒ වගේ අපරාධ නොවෙන තැනටයි අපි වැඩ කරන්න ඕන)
විද්‍යාගේ සිදුවීමෙන් පසු රාවය හා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට මේ මාතෘකාව සම්බන්ධයෙන් මමත් මැදිහත් වුණු තැන් කිහිපයක් මේ. (රාවයෙහි පලවූ සංවාදයක් , විවෘත සංවාදය විද්‍යාෙගන් පසු අපි ,
ලංකාවේ චීවරය දැන්
පාවිච්චි වෙන්නේ බෞද්ධ ආකල්ප වෙනුවෙන් නොවේ.
අළුගෝසුවෙක් වෙන්නෙමියි
කියූ බෞද්ධ හිමිනමකට බෞද්ධ ශාසනයේ සිටිය හැක්කේ ද?. සිංහල බෞද්ධ සංස්කෘතියක්
වෙනුවෙන් අවංකවම පෙනී සිටින මිනිසුන් ප්‍රථමයෙන් කළ යුත්තේ බෞද්ධ නොවන සංකල්ප ප්‍රචලිත
කරන චීවරධාරීන්ගෙන්ද, බෞද්ධකම හිස තබාගෙන යන දේශපාලඥයන්ගෙන්ද රට ගලවාගැනීමය.
Wednesday, June 10, 2015
තරුණ මාධ්‍යවේදියෝ විද්‍යාව විකුණුවා...
උඹලත් විද්‍යා ව
විකුණනවනේ, ඒ ගෑණු ළමයව විකුණගෙන කන්නේ නැතිව පාඩුවේ ඉන්න දෙන්න..
ඊයේ තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ
සංවිධානය විසින් විද්‍යාෙගන් පසු අපි යන තේමාව යටතේ සංවේදී සිදුවීම් වාර්තාකරණය
ගැන කරපු සංවාදය ගැන කෙනෙක් එහෙම ලියලා තිබුණා.
උත්තරයක් දෙන්න ඕන නැහැ ඒකට... ඒත්
කරපු වැඩේ ගැන සටහනක් ලියන්න හිතුණා. වෙලාවේ ප්‍රශ්ණයක් නිසා දැන් කෙටියෙන් මෙහෙම කියන්නම්. පස්සෙ දිගට ලියමු.
අපි විද්‍යාව විකුණුවා..
විද්‍යා විකුණලා අපට ලැබුනේ මොනවාද?සොච්චම් වැටුපයි කාලයයි යට කරලා තමන්ගේම ආයතන
විවේචනය කරන විදියේ වැඩක් සංවිධානය කරලා අපට ලැබුණේ මොනවද? ආයතන ලොක්කන්ගේ
බ්ලැක්ලිස්ට් වලට එකතු වෙන එක... ඒක තමා විද්‍යාව විකුණලා අපට ලැබුණු දේ.
හැබැයි අපි විද්‍යාව
විකුණපු එකෙන් සමාජයට දේවල් ටිකක් ගන්න පුළුවන් වේවි කියලා හිතුවා.. විද්‍යාෙගන්
පස්සෙවත් සමාජය කලඹවන සිදුවීම් වාර්තා කරද්දී අපට ඔළුවේ තියාගන්න අදහස් ටිකක්
සම්පාදනය කරන්නයි ඕන වුණේ. අපි නවතින්නේ නැහැ. මේ විවේචනය දිගටම තියාගන්නවා.
අපට ලැබෙන අවකශය තුල
මාධ්‍ය භාවිතය ගැන අපට තියෙන විවේචනය ඉදිරියටත් තියාගන්නවා. ඒකෙන් ලංකාවේ මාධ්‍ය
මාර දියුණු වෙන එකක් නැහැ. ඒත් මොනවත් නොකර ඉන්නවාට වඩා හොඳයි.... අපි යමක්
කරනවා..... විද්‍යාව විකුණුවේ ඒ නිසා...
ඉස්සරහටත් මේ වගේ මාතෘකා
අපි විකුණනවා.. මේ පාර සැලකිය යුතු පිරිසක් අපි විකුණපු දේ ගත්තා.. එතැන සිදුවෙච්ච
නිෂ්පාදන වීඩියෝ හරහාත් සටහන් හරහාත් අන්තර්ජාලයේත් විකුණන්න අපි හිතාගෙන ඉන්නවා..
ඉදිරියටත් අපි විකුණන දේ ගන්න මාධ්‍ය සමාජයට හැකිවේවි කියල හිතනවා....
Tuesday, June 02, 2015
විත්‍යාගෙන් පසුව අපි...
මෙතැන අපි කීවේ ජනමාධ්‍ය
වලටය. එහෙත් එතැනින් එහාට විත්‍යාගෙන් පසු සමාජය ගැන කතා කළ යුතුය.
විත්‍යාගේ සිදුවීම
හර්තාල් කිහිපයකින් පමණක් අවසන් වීද? විත්‍යා ගැන ආණ්ඩුවට තිබෙන වගකීම ඉටිපන්දම්
පත්තු කරන සංදර්ශණයකින් අවසන් වීද? විත්‍යා ගැන ජනමාධ්‍ය වලට තිබෙන වගකීම ඇයව
දූෂණය කළ ආකාරය ලුණු ඇඹුල් ඇතිව වාර්තා කිරීමෙන් පමණක් නවතීද? විත්‍යා ගැන
ජනාධිපතිවරයාට තිබෙන වගකීම විශේෂ උසාවියක් දමන බව කීමෙන් පමණක් නවතීද?
(කියන්න ඕන විජයානන්ද
ජයවීර මහත්මයා මට පෙන්වලා දුන්න කරුණක්. විත්‍යාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරේ
ඇතිවුනු විරෝධය දකුණට තේරුම්ගත නොහැකි වුණේ කොහොමද කියලා. උතුරේ මිනිස්සු වැඩියෙන්
බලන්නේ ඉන්දියානු ටෙලිවිෂන්. ඉන්දියානු ජනමාධ්‍ය. නිර්භයාගේ සිදුවීමත් එක්ක
ඉන්දියාවේ ඇතිවුණ විරෝධතා රැල්ල අපට එතරම් සමීප නැතත් උතුරේ මිනිස්සුන්ට සමීපයි.
විත්‍යා සම්බන්ධයෙන් පොලීසිය මන්දගාමී වීමත් අර ආභාෂයත් නිසා තමයි උතුරේ විරෝධතා
ඇතිවුණේ. අපේ ගොන් ජනමාධ්‍ය වලට බැරිවුණා ඒක තේරුම් කරන්න. උතුරේ ජාතිවාදී
නැගිටීම්ය කියලා මහින්දගේ ප්‍රොජෙක්ට් එකට පොහොර දැම්මා අපේ මාධ්‍ය. ඒකෙන් වුණේ
මෙතැනින් පටන්ගත්ත ස්ත්‍රී දූෂණ විරෝධය ජාතිවාදයට පටුවීම.)
විත්‍යාෙගන් පසුව ගතවුණු
කාල සීමාව තුල ස්ත්‍රී දූෂණ කීයක්නම් සිදුවීද? ස්ත්‍රීදූෂණයක් ගැන ජනමාධ්‍ය වාර්තා
සැකසෙන්නේ එය සිදුවූ හැටි දැනගෙන මඳක් කම්පා වී ඊළඟ ප්‍රවෘත්තිය දක්වා මාරුවීමට
පමණක්මය.
අප සිටින්නේ අශීලාචාර
සමාජයකය. කාන්තාවට, ස්ත්‍රීත්වයට ගරු නොකරන සමාජයකය. මෙය පිටුදැකීමට සමාජය තුළින්ම
පුළුල් සංවාදයක් ඇතිවිය යුතුය. දේශපාලයන් ඕවා කරන්නේ නැත. එදා සටනේදී රෝසි,
විජයකලා ඇමතිවරියන් හැසිරුනු ආකාරය ලජ්ජා සහගතය. මෙහි බරපතලකම ගැන කිසිදු වැටහීමක්
ඔවුන්ට නැත.
විත්‍යා පුද්ගලයෙක්
නොවේ. සමාජ අර්බුදයක සංකේතයකි. විත්‍යාෙග් කතා පුවත යට යන්නට ඉඩ දිය යුතු නැත. සමාජ
ව්‍යාපාරයන් අතරින්
විත්‍යාෙගන් පසු අප ගැන සංවාදයක් මතුවිය යුතුය.
එයට වේදිකාවක් තරුණ
ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සූදානම් කර ඇත. ජුනි නවවෙනි අඟහරුවාදා හවස 4ට
බොරැල්ල නගරෝදය ශාලාවෙහි (කැම්බල් පිටිය පහු කරලා ටිකක් දුර ගියාම බොරැල්ල
බන්ධනාගාරයට පාරෙන් එහා පැත්තේ) විත්‍යාෙගන් පසු සමාජය ගැන කතා කරන්නට වේදිකාවක්
නිර්මාණය වී ඇත.
සුමිත්‍රා රාහුබද්ධ,
ආචාර්ය හරිනි අමරසූරිය, නාලක ගුණවර්ධන, චන්දන සිරිමල්වත්ත, ධර්මසිරි බණ්ඩාරණායක, නීතීඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
ඇතුළු ජනමාධ්‍ය, සිවිල් සමාජය, කාන්තා සංවිධාන නියෝජනය කරමින් බුද්ධිමතුන් රැසක්
එයට සහභාගී වීමට නියමිතව ඇත.
විත්‍යා ගැන කතාකර විසිර
යන්නට නොව විත්‍යාෙගන් එහාට තිබෙන බරපතල ප්‍රශ්ණය ගැන කතා කරන්නට එදිනට පැමිණෙන
ලෙස ආරාධනා කරන්නෙමු.
Subscribe to:
Posts (Atom)













