තුන්වරක් එයා දිහා හැරිලා බැලුවත් එයා මාව නොදැක්කා වගේ ඉන්නවා.
එයා ළඟට යන්න හිතුණත්
එළියේ වැඩ වලදී එයාව දන්නවා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියලා තිබුණු නිසා මම
ඈතින්ම හිටියා. එයා මගේ දිහා බලාවි.......
මා එක්ක හිනා නොවුණත්
අනිත් හැමෝම එක්ක එයා කතාබහ කරන හැටි මට පෙනුනා. මොකක්ද මේ වෙනස????
මම හිටියේ එයාට ආදරේ
කියාගන්න බැරිව. ඒ ආදරේද කියලාවත් විසඳගන්න බැරි වෙලාවක කොහොමද මම එයාට ආදරෙයි
කියන්නේ?
මට බැහැ එයාට මොනවත්
පහදන්න.
මම තේරුම් කරන්නෙ කොහොමද
ඇත්ත තත්වෙ??
අම්ම කියපු දේවල් මගේ
කන්වල ආයෙ ආයෙත් රැව්දෙනවා.....
‘උඹ සිංහල කොල්ලෙක්
බඳිනවානං මම මැරුණා කියලා හිතාගනින්‘ අම්ම ඒ ටික කිව්වෙත් සිංහල බාසාවෙන්....
මට සිංහල කතා කරන්න හුරු
කළත්..... සිංහලෙන් ඉගැන්වුවත්.... අම්ම සිංහලට කොච්චර වෛර කරනවද කියල මම
දන්නව....
මං අම්මගෙ කුසේ ඉද්දි
තාත්තගෙ ජීවිතේ උදුරගත්තු ජාතියට අම්ම කොච්චර වෛර කරනව ඇතිද?? අම්මගෙ ජීවිතේ
ලස්සනම කොටසක් උදුරගත්තු ජාතියට අම්ම කොච්චර වෛර කරනව ඇතිද??
මං සිංහල කොල්ලෙක්ව
බඳිනව කියල විහිළුවට කිව්ව වෙලාවෙ අම්මගෙ ඇස්වල තිබුණ බය? ඒක ගැන එයාට තේරුම් කරන්නෙ
කොහොමද????
මම එක්කෝ අම්මාට
කියාදෙන්න ඕන හැම සිංහලයම එකවගේ නැහැ කියලා. නැත්නම් එයාට කියාදෙන්න ඕන අම්මා හිතන
විදිය.....
මම කොහොමද එයා එක්ක කතා
කරන්නේ??????????????????????????????????????
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ෙ
මම හැමදාම පරක්කුයි....
එයාට මාව එපා වෙන්න ඇති.
මම කම්මැලි මිනිහෙක්...
මම එයාට ආදරෙයි කියලා කියල තිබුණනම් එයා කැමතිවෙලා ඇති...
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
එයා කොච්චර හොඳද?
එයා කොච්චර හොඳද?
සිංහල මිනිස්සු අතරෙම
ඉඳපු මට කවුරුහරි හොයල දෙන කෙනෙක්ව මිස එයා වගේ හොඳ කෙනෙක් ලැබෙයිද?
එයා කොච්චර හොඳට මගේ බාසාව කතා කරනවාද?එයා කොයිතරම් මගේ ජාතියට ගෞරව කරනවාද? මේ දේවල් අම්මා තේරුම් ගනීවිද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
එයාගෙ හීතල කටහඬ ලඟින්ම ඇහෙනවා... ඒ කටහඬ වෙව්ලනවා...
එයාව මුලින්ම දැකපු මොහොතට මට යන්න පුළුවන්. කොණ්ඩයේ තිබුණු මල! කා ලඟවත් නැති එයාටම උරුම සුවඳ!
එයා මගේ උරහිසේ නිදාගෙන හිටි දවසට යන්න පුළුවන්. මුළු රෑම ඇහැරිලා එයා දිහා බලා හිටපු දවස!

දාහත්වැනි වතාවටත් එයා දිහා හොරැහින් බලද්දි මාව වෙව්ලලා ගියා.
තවමත් එයා මගේ දිහාම බලාගෙන ඉන්නවා...
මගේ හිස් මුදුනේ ඉඳන් සීතලක් ගලාගෙන ගියේ එයා මට ආදරය කරන බවත් මම එයාට ආදරය කරන බවත් තේරුම් කරල දෙමින්....

ඊළඟ මොහොතෙ කවුරුත් පේන්න නැති ඉසව්වකදී මම එයාව තදින් අල්ලාගත්තා.
එයා මගේ දිහා බැලුවේ කඳුලුත් මිශ්ර වුණ ආදරය පිරුණ ඇස් දෙකකින්. ‘ ඔයා සිංහල. මම සිංහල නෙවෙයි.‘ එයා කීවේ ඒ ඇස් දෙක මහා කලබලයකට හරවමින්.

‘ඔයාගෙ ජාතිය මට මොකද? මගේ ජාතිය සිංහල නෙවෙයි. ඔයා වගේම මමත් කතා කරන බාසාව විතරයි සිංහල‘ එයා අහන්නෙ සෙල්ලම් කරනවා වගේ. එයා මහ ජාතියෙ පිරිමියෙක්. එයාට තරම් ලේසියෙන් තීරණ ගන්න පුළුවන්ද? මම පුංචි ජාතියේ කෙල්ලෙක්. හීන නෙවෙයි යථාර්ථය එයාට තේරෙන්නෙ නැද්ද?

ඇයි එයා ජාතිය ගැන කතා කරන්නෙ? මට තේරෙන්නෙ නැහැ.
‘ඔයා හරි නපුරුයි. මම ඔයා ළඟට ආවොත් මගේ මාමලා අයියලා මාව මරලා දායි‘

‘මේක ප්රජාතන්ත්රවාදී රටක්. කාටවත් කාවවත් එහෙම හිතෙන විදියට මරන්න බැහැ.‘
එයාගේ කතාව පළවෙනියට ඇහුණේ ආදරණීයව. ඉන්පස්සේ සමච්චලයක් විදියට. තුන්වෙනි පාරත් මගේ හිතේ ඒ කටහඬ දෝංකාර දුන්නේ භයානක ස්වරයක් එක්ක.
‘කාටවත් කාවවත් හිතෙන විදියට මරන්න බැහැ‘
මොනතරම් උත්ප්රාසජනකද? මට පණපිටින් ගිණිගත්ත තාත්තව මතක් වුණා.
එයාගෙ අත ගසා දාපු මම ටිකක් ඈතට ගියේ එයා එක්ක තරහකින් නෙවෙයි. මම විවාහ වෙන්නේ එයා එක්ක විතරමයි කියල හිතාගෙන.

දෙතුන් දෙනෙක් කරන පහර වැඩ නිසා මුලු සිංහල ජාතියට ඇගිල්ල දිගු වෙනවා..
ReplyDeleteආදරේට ජාති ආගම් ප්රශ්නයක් නොවුනි නම් කොච්චර හොද්ද???
ආදරේට ජාති ආගම් සීමා නැහැ...
Deleteඒත් ආදරේ ආවම ජීවිතේට ජාති ආගම් සීමා එනවා...
මරු........මං කිෙයෙව්ෙවෙ එක හුස්මට....දැකපු මුල්ම වචන ටික ඇදලා ගත්තු මෙගෙේ හුස්ම ටික ආයිත් අරගනි්න....
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteඅනේ මන්දා ආදරේ නම්.. කතාව ලස්සනයි මල්ලි...
ReplyDeleteකාටවත් කාවවත් හිතෙන විදියට මරල දාන්න, අතුරුදහන් කරල දාන්න බැරි ආදණීය සමාජයක් වෙනුවෙන් දිගටම ලියන්න.
harima hageembarai.
ReplyDeletesidhuwiya yuththe eayai, misra wiwaahayan....