ඒ දුටු මට මේ තරුණයා ගැන ඇතිවූයේ කණගාටුවකි.
ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සිදුවූයේ නැතිනම් කොයිතරම් ලෙජන්ඩරි මියුසික් කැරියර් එකක් වෙන්නට තිබුණිදැයි කියා දුක හිතුණි.
ලංකාවේ දේශීය රූපවාහිනී නාලිකාවල උදේ හවා වාදනය කරන්නට තිබුණු මේ ගීය යූටියුබ්හි අප්ලෝඩ් කර දවස් ගාණක් තිස්සේ ලයික් දහදාහ වෙනුවෙන් බලා සිටින්නට වීම පිළිබඳව හදවත කීරි ගැසුණි. අනික යූටියුබ්හි ඩිස්රෙස්පෙක්ට්ෆුල් කමෙන්ට්ස් දුටු විට සැබැවින්ම ඇති වන්නේ ආනුභාව සම්පන්න පුතෙකුට අත්ව ඇති ඉරණම ගැන සැබැවින්ම කණගාටුවකි. අපේ වීරෝධාර අයියලා හිටපු ජනාධිපතිගේ පුතා නේදැයි කියාවත් නොසලකා කමෙන්ට් අපහාස කොට ඇත්තේ ය. තාත්තාට බලය තිබුණානම් මෙවන් නොසණ්ඩාලයන්ගේ එකේක කතා අසන්නට සිදුවනු ඇතිද?
දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් වෙතින් මේ ගීයට සම්මානයක් අරන් දෙන්නට තිබුණා නොවේද?
ඉන්පසුව ජැක්සන් ඇන්තනිගේ බරසාර කටහඬින් චිච්චි කුමාරයා විසින්ම ලියා ඇති මේ පදමාලාව ගැන සාරගර්භ විචාරයක් ද කියවාගෙන තව තවත් සිංදු කරන්නට තිබුණා නොවේද?
එතැනින් පසු චිච්චි කුමාරයාට මොන කරදරද? සුනිල් ආරියරත්නයන් පදමාලා ලියනු ඇත. රෝහණ වීරසිංහලා සංගීතය සපයනු ඇත. සුනිල් එදිරිසිංහ, අමරදේවලා පමණක් නොව ප්‍රියංකර, ජගත් වැන්නන්ගෙන් සහාය ගායනයද ලැබෙනු ඇත.
සතිපතා මියුසික් චාර්ට් වල චිච්චිගේ ගායනාවන් රැව් දෙන්නට තිබුනි. කෙල්ලන් චිච්චි පසුපස යනු ඇත. චිච්චි ලයිව් ඉන් කොන්සට් පැවැත්වෙනු ඇත. යෝෂි කොල්ලා රගර් ගසනු දැක අනිත් මහින්ද පැටියන් දෙන්නාද රගර් ගැහුවා මෙන් චිච්චි අනුයමින් යෝෂි හා නාමල් කුමාරවරුන්ද ගායකයන් වන්නට ඉඩ තිබුණි.
ලංකාවෛ් මධ්‍යම පාන්තික කෙල්ලන්ගේ උසස් සංගීත රසිකත්වය අනුව චිච්චි උන්මාදයක් ඇති වන්නට තිබුණි. ඉන්පසුව විශාඛා ගොස් උම්ම උම්ම ඕනේ යැයි ඉරාජ්ගේ සිංදු කියා කිච වෙනවා වෙනුවට සම්මානලාභී සිංදුවක් කියන්නට ඉඩ තිබුණි.
සංගීත් නිපුණ්, සංගීත් විශාරද පමණක් නොව පණ්ඩිත් චිච්චි වැනි ගෞරව නාම ලබන්නට ද තිබුණි.
තාත්තාවරුන්ට බලය ඇති කාලවලට පුත්තුන්ට හැකියා පිහිටන්නේ එහෙමය. ඒවා බලය නැතිවූවාට පසු නැතිව යන්නේ ය. රගර් හැකියාව නැතිවූවා මෙන් ය.
ජනවාරි අට හැමූ පුරවැසි කුණාටුවකින් සියල්ල ගසාගෙන ගියේ ය. දැන් ඉතින් මේ සියල්ල මහින්ද පුතුන් නොව සිරිසේන පුතුන්ට අදාල කාරණා වී තිබෙන්නේ ය.
ප.ලි. -
උඩුවා වැනිවුන් මේ මංමුලා වී වැනි ගීත දකිමින් ලබන්නේ අපමණ සතුටකි. පසුතැවිලි විරහිත කුරිරු සතුටකි. ඇත්තටම මට කුරිරු සතුටක් ඇති වේ. යෝෂිත බන්ධනාගාර බස්සෙකේ යන අයුරුද ලොක්කා අඬන අයුරුද දැක මට කුරිරු සතුටක් ඇති විය. ඒත් එය එතරම් සුදුසු නැත. ඒ කුරිරු සතුට කොන්ට්‍රෝල් කරගෙන පෞද්ගලික තරහකින් නොව දේශපාලනිකව හිතන්නට උත්සාහ කරමි. එහෙත් කර තිබෙන දේවල් සිහිවෙද්දී. සමහර සිදුවීම් නිසා එකල කඳුලු පිරි දෙනෙතින් හා කෝපයෙන් කිසිවක් කරකියාගත නොහැකිව සිටි අවස්ථා සිහිවෙද්දී මේ කුරිරු සතුට මැඬගත නොහැකි වන්නේ ය.
කලගුන නොදත් ජාතියක් අපේ හාන්දුරුවනේ.
ReplyDeleteනැත්තන් රට බේරා ගත් පියාගේ පුතාගේ විඩියෝ එකට ලයික් එකක් දාන්න අත නැවෙන්නේ නැද්ද.දේශද්රොහියෝ! නැද්ද?
සාධූ සාධු සාධු
Delete"දේශපාලනයේ සදාකාලික මිතුරෝත් සදාකාලික හතුරෝත් නොමැත." කිසිම දෙයක් පෞද්ගලිකව නොගන්න උඩුවා වරුනේ...නුදුරු අනාගතයේ නව නව ආකාරයේ ඩීලයන් පැමින සියලු දෑ දැහැමින් සෙමින් වියැකී විසඳී යනු ඇත. අපිට ඇත්තේ කියනවිටම ඇඳගැනීම සඳහා ලේස්ති වී සිටීම පමනකි.
ReplyDeleteඒක ඇත්ත
Deleteඒ විතරක් ද, රාවය වැනි පුවත්පත්වල මාධ්‍යවේදීන් විසින් බ්ලොග් ලිපි ලියවෙන්නට ද ඉඩ තිබුණි.
ReplyDeleteඇත්ත ඇත්ත
Deleteතාත්තාවරුන්ට බලය ඇති කාලවලට පුත්තුන්ට හැකියා පිහිටන්නේ එහෙමය.++++++++++++++++++
ReplyDeleteදහම්ට මොන මොන හැකියාවන් පිහිටෙයිද දන්නෑ
Deleteචන්නගේ නැටුම් කන්ඩායමේ උන්ට අරලියගහ මන්දිරයේ ගබ්සාවලට ලක් වන්නටද පුළුවන.
ReplyDeleteආයෙත් අහල
Deleteචිචි කුමාරයගේ පලවෙනි සිංදුව විිදයට අවුලක් නෑ..ඒත් ගායනය ගැන තවත් ඉගෙන ගෙන යමක් කමක් දැනගෙන ගොඩ ආවොත් හොදයි...නැත්තං අර සජිත් පේමදා ගිටර් ගැහුව වගේ එක පාරයි ඉන් පස්සෙ ලොවෙත් නෑ..
ReplyDeleteපලවෙනි සිංදුව විදියට අවුලක් නෑ????
Deleteයවපු රොකට් එකට වෙච්ච දේකුත් නැතුව තැවි තැවි ඉද්දී සිංදුවක් වත් කියලා ඉස්සරහට යන්න හිතන්න ඇති. එහෙම එකේ උඹලා මෙහෙම කියන එක හරිද මම අහන්නේ.
ReplyDeleteඅනේ ඉතිං අපි නරකක් කිව්වයැ
Deleteමේ යකාගෙ සිංදුව නෙමෙයි අර උඹලගෙ පත්තරේ නෙට් එකේ අප්ඩේට් වෙන්නෙ නැත්තෙ ඇයි කියල බලල මොනව හරි කරපන්.අපි වගේ අනේවාසික අයට කියවන්න පුලුවන් වෙන්න.
ReplyDeleteඅදාල තැන්වලට දන්වල තියෙන්නෙ... තාම ප්‍රථිපලයක් නෑ
DeleteThanks
Deleteපොර 'මංමුලා වී' කියල කියන්නෙ යවපු රොකට් එක ගැන. පව් බං
ReplyDeleteනිල් අහස අපේ.. මහ පොළොව අපේ.. මහ සයුර අපේ.. මුළු රටම අපේ..
ReplyDeleteමං නැතිදා මේ රට නුඹටයි නුඹේ යහළුවන්ටයි..
යෙහෙළියන්ටයි...