Wednesday, May 13, 2015

ගරුතර මැතිඳුනි, තොරතුරු කොයිබද?



නීතීඥ කේ. ඩබ්ලිව් ජනරංජන - 2011-07-05
                                             ජනාධිපතිතුමා කියනවා තොරතුරු දැනගන්න අළුත් නීතියක් ඕන නැහැ. හැමතැනම තොරතුරු තියෙනවා. නැත්නම් මගෙන් අහන්න. එතන හිටපු කෙනෙක් අහලා තිබුණා ඔබතුමාගේ ලේකම්ගේ පඩිය කීයද කියලා. ඉතින් ඒක ඔයා හොයාගන්න කිව්වලු. ජනාධිපතිවරයා කියනවා ලංකාවෙ එහෙම සීමා නැහැ තොරතුරු තියෙනවාලු. දැන් මොනවද එහෙම තියෙන තොරතුරු? සුපර්මාකට් එකට ගිහිල්ලා පැකට් කරලා තියෙන පාන් ගෙඩියක් ගත්තොත් ඒකෙ තොරතුරු තියෙනවා. මේකෙ පිටි මෙච්චරක් තියෙනවා, රසකාරක මෙච්චරයි වගේ. ජෑම් බෝතලයක් ගත්තොත් තොරතුරු ගහලා තියෙනවා.
නැති තොරතුරු වගයකුත් තියෙනවා. මොනවද නැති තොරතුරු...
නීතීඥ කේ. ඩබ්ලිව්. ජනරංජන
       මගේ ගෙදරට යන පුංචි පාරෙ කොන්ක්‍රීට් දාලා තියෙනවා. නගර සභාවේ නාගරික මන්ත්‍රීතුමාගේ කොම්පැනියෙන් තමා දාලා තියෙන්නේ. හැබැයි ඔක්කොම දාලා නැහැ කොටසක් දාලා නවත්තලා. දැන් අඟලක විතර කට්ටයක් තියෙනවා. වාහනේ යනකොට ඩග් ගාලා වැටිලා තමයි යන්නේ. මම කාගරික මන්ත්‍රීවරයාගෙන් ඇහුවා කොන්ත්‍රාත් එක ගන්න තව කවුද දැම්මේ, කොච්චර දුරකට දාන්න බාරගත්තද කියලා. ඒක ඔයා හොයාගන්න ඒක මට අදාල නැහැ කියලා.
කොළඹ පැල්පත් ගෙවල් කඩලා එක රැයින් මිනිස්සුන්ව එළියට දැම්මා. ඒ මිනිස්සු ඇහුවොත් මේ ඉඩම් දෙන්නේ කාටද? කොච්චර මුදලකටද විකුණන්නේ වගේ තොරතුරු ලංකාවේ වෙන දේ දන්නවා...

ඇත්තටම මෙතන මහ ලොකු ප්‍රශ්ණයක් තියෙනවා.

තොරතුරු දැනගැනීම ඕන වෙලා තියෙන්නේ මාධ්‍යකාරයෝ ටිකට එහෙම නැත්තන් පත්තරකාරයොන්ට ඕන වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක ඕන නැහැ කියලා කියනවා. 
ඇත්තටම සමහර මාධ්‍යකාරයන්ටත් මේක ඕන නැහැ. ඒ අය කියන දෙයක් ලියන අය. කියන ටික ඇති. පොලිසියෙන් අහනවා ලියනවා. පොලිසියෙන් අහලා කියන එකක් ලියනවා. අත්අඩංගුවට අරන් රෑ දෙකට විතර ආයුධ පෙන්නන්න යනවා. සැකකාරයා ආයුධයක් පෙන්නන්නගිහින් වෙඩි තියලා මරණවා. අධිකරණයෙන් කියනවා නිර්දෝශී මනුෂ්‍ය ඝාතනයක් කියලා. ඉතින් පොලීසිය කියන විදියට ලියනවා. මිනීමැරුම් අසූ ගාණක් කරපු අහවල් පුද්ගලයා මැරුණා කියලා. අපිත් බලනවා මේ යකා තියන්න වටින්නෑනෙ කියලා. කවුරුත් ප්‍රශ්ණ කරන්නෑ ඇයි මේ පොලිස් අත්අඩංගුවේ ඉද්දී මැරෙන්නේ පොලිස් අත්අඩංගුවේ ඉද්දී මිනිස්සු මැරෙන්න පුළුවන්ද? වගකීම ආණ්ඩුවටනේ. 

මේ මාධ්‍යකාරයොන්ට ඒවා වැඩක් නැහැ. කියන දේ ලිව්වම ඇති.

තව මාධ්‍යකාරයො පිරිසක් ඉන්නවා පැහැදිලිවම කියනවා තොරතුරු දැනගැනීමේ අයිතියක් එපා. කරූ ජයසූරිය මහත්තයා පනත ඉදිරිපත් කරලා පැරදුණාට පස්සේ එක් මාධ්‍යෙව්දියෙක් ලියලා තිබ්බා මේ කරන්නේ හෙණ මෝඩ වැඩක්. කවදහරි දවසක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත් ඒගොල්ලන්ට කෙලවෙනවා මේකෙන්. ඒ නිසා ගේන්න එපා ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා.

මේ අයිතිවාසිකම කොච්චර හොඳට පාවිච්චි කරන්න පුළුවන්ද? අපට කරන්ට් එක ලැබෙන්නේ නැත්තන් පාරට තාර දාන්නැත්තන් ආර්ටීඅයි ෆෝම් එකක් දැම්මම ඒක ලැබෙනවානම් තව මොනාද? පාරේ අන්නාසි විකුණන මනුස්සයා වෙනකන් හැම පුරවැසියෙක්ටම

1 comment:

  1. /* තව මාධ්‍යකාරයො පිරිසක් ඉන්නවා පැහැදිලිවම කියනවා තොරතුරු දැනගැනීමේ අයිතියක් එපා. */

    ලංකාවේ ඉන්න ජඩම ජඩ මාධ්‍යවේදියා නම්කීර්ති වර්ණකුලසූරිය නමැත්තායි!

    ReplyDelete