Friday, May 15, 2015

විජයග්‍රහණය මේකද?

යුද්ධයකින් ජයග්‍රහණයක් ඉතිරි නොවෙන බව අපේ සිංහල බෞද්ධයන් තේරුම් ගත යුතුය. ප්‍රභාකරන් මැරූ දවස බල්ලා මරපු දවස කියා පාසල් මිතුරෙක් මගේ ෆේස්බුක් පෝස්ටුවක ලියා තිබුණි. හරි, ප්‍රභාකරන් බල්ලා.. (කියල හිතමු) බල්ලන් මැරීම කිරිබත් කා සැමරිය යුතු පින් වැඩක් යැයි බුදුන් ඉගැන්වූවේ කවදාද? ඒක අප පසුව අටවාගත් සිංහල බෞද්ධකමකි.
එල්ලාලන් (අපේ සාහිත්‍යයේ එළාර) යුද්ධයෙන් මිය ගිය පසුව දුටුගැමුණු ඔහුට රාජ්‍ය ගෞරව ලබා දුන්නේ ය. එළාර මැරුවා කියා විජයග්‍රහණයේ සමරු පැවැත්වුවේ නැත. (දුටුගැමුණු මාර ආදර්ශවත් ශ්‍රේෂ්ඨ රජා කියල මම කියන්නෑ) විජේවීරව අපි තවමත් සමරන්නෙමු. (මේ කාරණා අපි කතා කරනවනේ... යුධ ජයග්‍රහණ සමරුව ම්ලේච්ඡ ගෝත්‍රික ක්‍රියාවක් කියල කොච්චර උදාහරණ වලින් පෙන්නනවද?)

මගේ විදියට මට කියන්නට අවශ්‍යයි මීටම අදාල පෞද්ගලික අත්දැකීමක්...

ඉසිප්‍රියා හමුදාව අතින් මිය ගිය (ඔහ් ඉසිප්‍රියා මට සමා වෙන්න.. හමුදා සෙබළුන් විසින් කුරිරු ලෙස මරා දැමූ) විමුක්ති කොටි සංවිධානය සමඟ සිටි තරුණ නිළියකි, ගායිකාවකි, ප්‍රවෘත්ති නිවේදිකාවකි, සියල්ලටම වඩා අහිංසක ප්‍රියමනාප තරුණියකි. (බොහෝ දෙනා ඇය ගැන දන්නවා) ඉසිප්‍රියා මැයි 18 වැනිදා වන විට මතකයට නැඟෙන ඛේදජනකම මතකයකි. චිත්‍රපට අධ්‍යක්ෂ කේසවරාජන් නවරත්නම් ඉසිප්‍රියාගේ ගුරුවරයා ය. ඔහු මගෙන් බිඳුනු හඬින් මෙසේ අසයි.

මට ඇයව අමතක කරන්න බැහැ. රැයක් දවාලක් ගාණේ මට ඉසිප්‍රියාව, ප්‍රභාගේ පුතා බාලචන්ද්‍රන්ව මතක් වෙනවා. කවදාවත් මගේ වේදනාව නැති කරන්න බැහැ. බාලචන්ද්‍රන් මට ගොඩක් ආදරෙයි. ඉස්සර මම දරුවව බලන්න යනකොට මොනවහරි අරගෙන යනවා. ඇයි ඔවුන් එහෙම කළේ? මේ අහිංසකයන්ව මරාදාලා ඔවුන් ලබාගත්තේ මොනවාද? ආසියාවේ ආශ්චර්ය මේකද?

ඉසිප්‍රියා නම් සුන්දර තරුණිය
කේසවරාජ්ගේ වචන මහත් වැරදිකාර හැඟීමක් මා තුල ඇති කළේය. මීට වසර පහකට පෙර අවුරුදු පහළොවක ජාතිවාදී තරුණයෙක් ලෙස මැයි දහඅට වෙනිදා කිරිබත් කෑ හැටි මට සිහිවිය. (පසුව ලෝකය පෙනෙන්නට වූ විට මගේ අදහස් වෙනස් වීය)
කේසවරාජ්ගේ ප්‍රශ්ණයට මටද පිළිතුරු නැත. මට මගේ නැගෙණියන් තිදෙනා සිහිවිය. පසුගිය දවසක කේසවරාජ් මුණගැසෙන්නට ගිය අවස්ථාවෙහි ඔහු සමඟ සිටි සුන්දර ශිෂ්‍යාව ප්‍රියා සිහිවිය. සියුමැලි තරුණියක් ආයුධ අතට ගත් හදවතක් නොමැති පිරිමින් ගොඩක් මැද නිරුවත් කොට වධ දී මරා දමනු ලැබීම......  


 මේ කුමන ජයග්‍රහණයක් ද?

ඉසිප්‍රියා මරා දැමූ පසුව ( ඇයව දූෂණය කොට ඇතැයි පෙනේ)
ඉසිප්‍රියා දරා සිටි අදහස් දරන්නට බැරිනම් (ඇය මිය යා යුතුයැයි මොකෙක් හෝ කියනවානම්) මට තවත් මතකයක් ඇත. ඒ අපේ ගමේ තරුණ හමුදා සෙබලෙක් සහ තරුණියක් සම්බන්ධ එකකි. වත්සලා අක්කි සහ විරාජ් අයියා....වත්සලා අක්කාට දරුවෙක් ලැබෙන්නට සිටියදී අවසාන යුද්ධයෙන් විරාජ් මිය ගියේය. ඔහු මා දන්නා අහිංසකම තරුණයෙකි. දිළිඳු තරුණයෙකි. යුද්ධය කොහෙත්ම දරන්නට බැරි විය. විරාජ් අයියාගේ මරණය වත්සලාටද දරන්නට බැරි විය. ඇය සියදිවි නසා ගත්තාය. කුඩා දියණිය මිත්තණිය සමඟ අනාථ විය.

මේ විජයග්‍රහණයක්ද? මෙවන් කතා කොතරම් ඇත්තේද?

ඉසිප්‍රියා යුද්ධයේ වේදනාකාරී සංකේතයයි. මෙවන් ජීවිත ලක්ෂ ගණනින් භෞතික වස්තු ගණනට දමා විනාස විය. කේසව් අයියාගෙන් මම සමාව ඉල්ලමි. මනුෂ්‍යත්වයෙන් මම සමාව ඉල්ලමි. මට දෙන්නට පිළිතුරු නැත. යුද්ධය විජයග්‍රහණයක් යැයි කියනු මට දරන්නට බැරිය.
                                                                                                                                           


                                                                                                                                            2015-05-15

13 comments:

  1. මේවා ගැන සතුටුවෙන්නේ අමනුස්සයින් පමණයි. තිරිසන්නුටත් දුක තේරෙනවා!

    ReplyDelete
    Replies
    1. දින කිහිපයක් කොළඹින් පිට ඉන්න වුණා.. අදයි බ්ලොග් එක පැත්තේ ආවේ.... ඇත්ත, මේක දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් බව තේරුම් ගත යුතුයි. අපි පරාජය කළ යුත්තේ ජාතිවාදය කරපින්නාගත් දේශපාලනය. නැත්නම් තව කොච්චර ලේ හැලෙයිද?

      Delete
  2. කැළැල් සැමරිය යුතු නැත තව දුරටත්. එවිට තුවාල පෑරෙනු ඇත

    ReplyDelete
  3. අදයි ඔබේ බ්ලොගය පැත්තට අාවේ..... දිගට ම ඒන්නම්.. අපේ කුරුටු සින්ඩියටත් අැතුළත් කරගත්තා.....

    ගිහින් බලන්න

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතිය. ඒක මගේ අදහස් වලට පාලමක් වේවි

      Delete
  4. චිත්‍රපට අධ්‍යක්ෂ කේසවරාජන් නවරත්නම් ඇතුළු දහස් ගණන් කොටින්ට සම්බන්ද සහ නොවූ දහස් ගණනක් හමුදාව කිසිම කරදරයක් නොකර බේරා ගත්තා. හිටපු කොටි සාමාජිකයන් දහස් ගණනක් පුනුරුත්තාපනය කර නිදහස් කළා. බොහෝ හමුදා සාමාජිකයන් තම ඉතා අවධානම් සහිතව මෙන්ම දිවි පුදා කොටින්ගෙන් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි සාමාන්‍ය දෙමල ජනයා බේරා ගත් බව ඔබලාට අමතකද? එසේම තම ග්‍රහණයෙන් මිදී යන්න තැත්කළ සාමාන්‍ය දෙමල ජනයාට වෙඩි තැබූ සහ කකුල් කැපු කොටි සාමජිකයන්න් සිටි බව ඔබලාට අමතකද? එසේම දැරුවන් දෙකට පලා, ගැබිණි මවුරරුන්ගේ බඩ කපා. මිනිසුන්ගේ බෙලි අතපය කාපා ISIS ලාටත් වඩා මිලේච්ච ලීස හැසිරුනේ රජයේ හමුදාවද කොටිද?

    වෙනම රාජ්ජයක් ඉල්ලන්නේ දැන් දෙමල ජනයාට ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ලංකාවේදී ලැබෙන්නේ නැද්ද?

    දහස්ගණන් කොටි සෙබලියන් දුෂණය කර මරා නොදමා පුනුරුත්තාපනය කර නිදහස් කර ඇති හමුදාවක්. කොටි ප්‍රධාන නායකයන් ඔවුන්ගේ බිරින්දෑ වරුන් හා ළමයින් නොමරා නිදහස් කල හමුදාවක්. ඉසිප්‍රියා හා බාලචන්ද්‍රන් පමණක් අමානුෂිකව ම්ලේච්චාව මරා දමුවායයි ඔබට පිළිගත හැකිද?

    ReplyDelete
    Replies
    1. ඔබට පිළිතුරක් ලීවා සහෝදරයා

      Delete
    2. ගැබිනි මවුවරු දෙකට පැලූ දරුවන් දෙකට ඉරා දැමූ ම්ලේච්ඡයන් මුදලට වුනත් පෙනී සිටින මේ පුද්ගලයා මීට වඩා පොල දවසට ලේන්සුවක් එලා ගත්තානම් නරකද

      Delete
  5. කල්ලරාව වගෙ ගම් වලට පැනල පොඩි ළමයි මැරුවෙ එකපාර වෙඩි තියල නොවෙයි. කපල කොටල. පොඩි ළමයි දෙකට ඉරල .ඔවුන් ඊට කලින්දා කාල තියෙන්නෙ වට්ටක්ක තම්බල. ත්‍රස්ත නායකයන්ගෙ ළමයින්ට වැගෙ සැප දෙපැත්තෙම ළමයින්ට තිබුනෙ නෑ.
    කොටින්ගෙ ම්ලේච්ඡත්වය සහ සෙබලුන්ගෙ මනුස්සකම ගැන කියවන හොද ලිපියක්.
    විශාල මන්නා ගත් කොටින්ගෙන් තම දරුවන් තිදෙනා බේරාගන්න වෙහෙස වුන මවක් ගැන කතාවක් අහල මට ඇඩුන. එක ළමයෙක් ඇද යට හංගල අනික ළමය වෙන තැනක හංඅග තිඋයෙන්නෙ කිරි දරුව කිහිලි ගන්නගෙන . ඉස්සරහ දොරෙන් ගෙට ආපු කොටිය කිරි දරුව දෙකට පලල තියනව. එතකොටම ජනේලෙන් ආපු කොටිය ඇදයට ළැමයව එලියට ගන්නව දැකල ඒ දිහාට යනකොට අනික ළමයවත් අහුවුනා.

    තව කතාවකදි කොටි ගෑනු වගයක් ගෙදරකට එනකොට ඒ ගෙදර හිටියෙ අම්මයි කිරි දරුවයි .කොටි ගෑනු තේ ඉල්ලල තියනව. ගෙදර තේ නොතිබූ නිසා කඩේට ගියෙ දරුව ගෙදර දාල. තේ කොල අරන් එනකොට ගෙදර දොරවල් ඇරල දාල. අර ළැමයව කපල වළදක තිබුනලු.

    මේ ළමයි හැමෝගෙම තාත්තල කුලී වැඩ කරපු අය . ප්‍රභාකරන් වගෙ ම්ලේච්ඡයන් නොවෙයි. ඒ නිසා බාලචන්ද්‍රන් වෙනුවෙන් හඩන කදුළු මේ අය වෙනුවෙනුත් හලන්න පුළුවන් නම් අපේ මනුස්සකම නිර්ව්‍යාජයි

    ReplyDelete
  6. ම්ලේච්ඡයන් වෙනුවෙන් ලියනවාට වඩා ඔබේ සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක් සොයාගන්න බැරි වුනාද
    ඔබට ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද
    කොටින්ට සුදුහුනු ගෑම ගැන

    ReplyDelete
  7. හැමදාම අපි කියන්නේ LTTE එක මිනි මාරුව කියල විතරයි . හමුදාව සිල් රෙදි ඇඳගෙන හිටියද? JVP එක කපා කොට මැරුව . හමුදාව ගෙදරට ආව අරන්ගියා. රැට වද දීල මැරුව උ. පාන්දර ගිහින් පිච්චුව . අන්න එහෙම තමයි යාපනේ උනෙත් .

    ReplyDelete
  8. මේ උඹලගෙ පත්තරේ වෙබ් එක හදන්නේ නැද්ද?

    ReplyDelete