Tuesday, October 13, 2015

නිදහස? ලැබුණද? නිදහසක් තියෙනවාද?

මේ දිනවල සමාජ ජාල අාතල් හිට්ලිස්ට් එකේ ඉහළම තැනක තියෙන්නේ නිදහස ලැබුණු දවස ගැන කතාවයි. ෂනුද්‍රි ප්‍රියසාද් නම් තාත්තගේ පානට එයාගේ තෙල් දැමූ නිළියත්, අර සුපර්ස්ටාර් කොල්ලත් (බොරු නෙවෙයි අම්මප නම මතක නෑ. දසුන් වගේ මතක.) සිරස වැඩසටහනකදී නිදහස ලැබුණු දිනය හා ලංකාවේ අගනුවර වරද්දා ගැනීම ආතල් හිට්ලිස්ට් එක උඩු යටිකුරු කොට චාමරලා, කොණ්ඩයා, සුජීගේ ෆෝන් එක වැනි පීඩිත පන්තියේ මිනිසුන්ගේ කතා වලින් පොඩි පොෂ් සිද්ධියකට ඇදගෙන ගියේ ය. ( යුරේනිගේ ජංගියත් හිට්ලිස්ට් වල තිබුණු ඔයවගේ කතාවක්. )


ඉන්පසුව හුදී ජනයා නිදහස ලැබුනේ අහවල් දිනයේ යැයි කටපාඩම් කරගෙන තිබූ කතාවක් කියමින් ෂනුද්‍රිෙගයි අර කොල්ලාගෙයි පළු අරින්නට වූ අතර අප වැනි පාණ්ඩිත්වයෙන් යුතු අය මෙය එක එක පැති වලට විග්‍රහ කරන්නට විය. කෙසේ වෙතත් අන්තිමේදී ෂනුද්‍රිෙග් ප්‍රසිද්ධිය වැඩි වූ අතර සුපර්ස්ටර් ෆයිනල් එකෙන් පසුව දකින්නවත් නොසිටි (අම්මප මංනං දැක්කෙ නෑ) කොලුවාද අවධානයක් දිනා ගත්තේ ය. (මට හිතෙනව බං මේක උන් ප්ලෑන් කරල හිට් වෙන්න කරපු එකක් කියල) 

ඒ ගැන පමුදිත සෙන් අංජන තැබූ ෆේස්බුක් සටහන මරු ය.

අප් ඇන්ඩ් කමින් "නිළියන්ට" අති විශේෂ;
පමුදිත සෙන් අංජන

ඔබට ඉක්මණින් ප්‍රසිද්ධියට පත් වීමට, ජනාදරය කෙසේ වෙතත් ජනතාව හඳුනන චරිතයක් වීමට වුවමනා ද?
නොමිලේ සැපයෙන ෆේස්බුක් මාකටින්, ටෝටලි ෆ්‍රී, අම්මපා ඔව්, අදම අත්හදා බලන්න.
ඉතාම නිදහසේ ෆැෂන් කරන්න. හැකිතාක් ඡායාරූප ඔය මොකක් හරි ගොසිප් සයිට් එකකින් උස්සා පළ කරන තුරු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වල දමන්න. කමෙන්ට් රස විඳින්න.

ටික දිනක් ගෙවුණු පසු මොකක් හෝ ගොන් කතාවක් ලෙස හැඟෙන යමක්, වැඩිපුර කතාබහට ලක්වේ යැයි, මතභේදයන්ට තුඩු දේ යැයි හැඟෙන යමක්, කැමරාවක් ඉදිරියේ හෝ පුවත්පත් සාකච්ඡාවකදී හෝ ඔහේ ගාණක් නැතුව කියා දමන්න.


දැන් ඉවසා වදාරන්න.

පැය කිහිපයක් හෝ දිනක් දෙකක් ඇතුළත ලැබෙන ෆේස්බුක් පේජ් වීව්ස් කමෙන්ට්ස්, කුණුහරුප, ලිංගික අසහනය පිටවන ප්‍රතිචාර හා ඉමහත් නෙගටිව් මාකටින් ප්‍රමාණය සතුටින් අත් විඳින්න.

ඉන් පසු පෙර කී කුණුහරුප ලිංගික අසහනය පිටවන ප්‍රතිචාර දැක කුපිත ව අධි-සදාචාරවාදීන්ට නෙළන්නට එන අප වැන්නවුන්ගෙන් ලැබෙන සබ්ලිමිනල් මාකටින් ද තවත් සතුටින් අත්විඳින්න.

ඉන්පසුව ඔබේ සහයට හෝ අධි-සදාචාරවාදීන්ට නෙළන්නට ආ අය අමතක කොට, අධි සදාචාරවාදීන්ගෙන් පෙර කී ප්‍රකාශය වෙනුවෙන් සමාව අයදින්න.

ඔබට සමාව ලැබෙනු ඇත.

**අධි-සදාචාරවාදීන්ට නෙළන්නට ආ එවුන් තරහ වන්නේ නැත. සහයට ආවුන් මදක් නොමනාප වුවද ඉක්මණින් නැවත යාළු කරගත හැක.

අධි ප්‍රසිද්ධියකට පත් වන ඔබේ ප්‍රකාශය සතියක් හෝ සති දෙකක් ඇතුළත සියල්ලන්ටම අමතක වී යනු ඇත. නමුත් ඔබේ නමට ලැබෙන ප්‍රසිද්ධිය එසේම පැවතෙනු ඇත. ඔබව යන යන තැන ජනී ජනයා හඳුනාගනු ඇත. පාරේ යද්දී පසුපස දුව විත් ඔබේ ගුණ ගායනා කොට සමරු සටහන් ලබාගනු ඇත.
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි!

(මගේ බ්ලොග් එකට පමුදිතගේ කෑල්ලක් ඉස්සීම බුද්ධිමය දේපල අමු අමුවේ සොරා ගැනීමක් නිසා පමුදිතයගෙන් සමාව ඉල්ලනව)

මට කියන්නට අවශ්‍ය වූයේ වෙනස් කතාවකි. හිතුවාට වඩා පමුදිතගේ සටහන දිර්ඝ වූ නිසා දේ කෙටියෙන්ම කියමි.  

අපි නිදහස ලැබුවේ කවදාදැයි මගෙන් කවුරුන් හෝ ඇහුවොත් මා දෙන උත්තරය ඕකටත් වඩා ආතල් ගත හැකි වෙනස් කතාවකි. 

ආ!! අපට නිදහස ලැබුණද? මං දන්නෙ නෑනෙ.... මට දැනෙන්නෙ නෑනේ... නිදහස කියන්නෙ මොකක්ද? (ෂනුද්‍රි ඔයවගේ කතාවක් කිව්ව කියල ඉමැජින් කොරගන්ඩ)

මා දෙන උත්තරය එවැන්නකි. (නිදහස ලැබුණු දවස ගැන මාතලන් )
  
සුද්දා රටින් ගියේ 1948දී ය. ලංකාවට ස්වයං පාලනය සඳහා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සිදුවූයේ 1833 දී ය. ඩොනමෝර් ලැබුණේ 1931 දීය. සුද්දාගේ සිරාවට යන්නම ගියේ 1972 ජනරජ ව්‍යවස්ථාව හදනකොටය. ඒ වුණත් ඒ එකක්වත් නිදහස ලෙස හඳුන්වන එක අමුම අමු ජෝක් එකක් ලෙස මම සලකමි. 

මේ නිදහස ලැබුණ කතාවෙන් මට ඉතිරි වන ප්‍රශ්ණය ඛේදවාචකයකි. අපට නිදහසක් තියෙනවාද?
චානුක කුලසේකර මිත්‍රියා ගත්තු පොටෝ එකක්...

සිරසේදීම ඔය කතාව සෙට් වෙච්ච එකෙනුත් අමුතු හිතාගැනීමක් හිතාගන්න පුළුවන්. සිරස කියන්නෙත් අපට නැති නිදහස ගැන හොඳ සංකේතයක්.

(අතුරු කතාවක්; අම්මප බං හිතපං එතැන අර කොල්ලයි ෂනුද්‍රියි දෙන්නම හිටිය. දෙන්නම වැරදි උත්තර දුන්න. ඒත් වැඩියෙන් හිට් වුනේ ෂනුද්‍රියා. දීප්ති ලොක්කගේ ගෝලබාලයෙක්ට හරි කියල ත්‍රිමාණ එකට වෙන්ටැ ඒක ගැන ලියවගන්න ඕන. ඇයි බං අසහනේ අසහනේ.)

රාජ්ගෙ නවාතැන පැත්තට යනකොට දැක්ක. තව කට්ටිය මේක ලියාල තියෙන බව රාජ්ගෙ නවාතැන
 

9 comments:

  1. Replies
    1. ස්තූතියි!!! ටිකක් දිග නිසා මේ වෙලාවේ කියවන්න අමාරුයි... කියවන්න ඕන

      Delete
  2. රසික පෙන්නුව ලිපිය බැලුවා ඒක නම් මරු තමයි

    ReplyDelete
  3. මේකෙත් හිතන්න දේවල් ගෙනල්ලා තියනවා.

    ReplyDelete
  4. කියන විදිහට නම් නිදහස ලැබුණේ 1948 දි. ඒත් ඒක නොදන්න අය ඉන්න පුළුවන්.

    ReplyDelete
  5. "නිදහස"එක එක්කෙනාට එක එක විදියයි.මේ වගේ වැඩකට නැති ගොසිප් හිට් වෙන එකෙන් වෙන්නේ රටේ කතා කලයුතු සැබෑ ප්‍රශ්න යට යන එකයි.බොන්න වතුර ඉල්ලන මිනිස්සුන්ට වතුර ගහනකොට ඒ ගැන කතා නොකර,ඇවන්ට්ගාඩ් නැව ගැන කතිකාවක් ඇති නොකර මේ වගේ දේවල් ගැන අවධානය යොමු වෙන එක ආණ්ඩුවටත් අර ප්‍රශ්න මග හරින්න හොඳ ක්‍රමයක් වෙනවා නොදැනුවත්ව.

    ReplyDelete
  6. ඇත්තටම උනේ මෙන්න මේක,,
    (https://www.youtube.com/watch?v=75rGjyWCHLo)

    මාස්ටර් බයිලා අපි ගෙතු රසකරලා
    ඇහිඳ ගනිල්ලා මේවා නිදහස් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එලිසම නොමරා ගයමු නිදහස සමරා .....

    නිදහස ලැබුණා මල්ලි නිදහස ලැබුණා
    තලු මරන්ට මිහිරි අකුරු හතරක් ලැබුණා
    ගීයක් ලැබුණා ජාතික කොඩියක් ලැබුණා
    එළි වෙනකොට නිදහස අහසින් ගෙට වැටුණා......

    කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ
    ලණුව සුද්දගේ උනත් කොඩි ගහා අපගේ
    නෑ බැට කැවේ නේරු පාතෙල් වාගේ
    නැ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ.......

    ලේ හැලුනේ නැ සුද්දා තරහා උනෙත් නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරි අද ඒ පානේ මිතුරනේ

    හිතන්ට හිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති මේ උත්තම රට
    බයිලා කියා පුද දෙමු අපි ස්වයිරි සිරිලක
    නිවන් දකිත්වා අපගේ ජනනායක කැල....

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං.... අපි ඇවිල්ල පරණ හු@_*$)වල් තළු මරන්ඩ පුරුදු වෙචච ජාතියක් අම්මප....

      Delete