Friday, December 11, 2015

අඩෝ බස්සි

බදුල්ල පාක් එකේ තමයි මං මුලින්ම බස්සෙක්ව දැක්කේ..

ඩයල් එක බස්සෙක්ද බස්සියෙක්ද කියල නිච්චි නෑ සිරාවට..


කූඩු කළ බස්ස හීන දැක්කට බ්ලොග් ලියන්න නෑ නිදහසක්!!!
පාක් එකේ සත්තු කිහිපදෙනෙක් හිටිය.. ගිරවො, වඳුරෝ, හාවෝ, ලේනෝ...

ගිරව හෙණ පණ්ඩිතයි.. වඳුර දිහා බලං ඉන්න ආසයි.. හාව හුරතල්..  අම්මප බං ඒ ඔක්කොම හරි බස්සද බස්සිද කොහෙද ඩයල් එක හෙණම කම්මැලියි.. පොර ඇහැරිලාද නිදාගෙනද



කියලවත් තේරෙන්නෙ නෑ.. මට හෙණම මළ පොර එක්ක.. පොඩි එකා කාලේ මං පොරගේ කූඩුව ළඟ ඉඳන් උට බණිනව.. අඩෝ බස්සි කියලත් ඒ කාලේ කියන්න ඇති...

ඊට පස්සේ ඉතිං මට බස්සො බස්සියො මුනගැහිල නෑ.. මුණගැහෙන්න ඕන වුණෙත් නෑ.. හෙණ කම්මැලි සතෙක්නෙ අප්ප..

බදුල්ලේ හිටපු බස්සා නිහඬව හිටියේ පොර ගොඩක් හීන දැකපු නිසා කියල මට තේරුණේ බ්ලොග් ලෝකෙට බලෙන්ම කඩාපාත් වුණාට පස්සෙ..... බස්සෙක්ට බස්සියෙක්ට නිහඬව ඉන්න ගමන් කොච්චර හීන දකින්න පුළුවන්ද කියල තේරුං ගියා මට..
ලස්සන බස්සිගෙ කැත පොටෝවක්

කතන්දර මවන්න පුළුවන් අපි වගේ අපත කොල්ලෝ බණිද්දිත් සද්ද නැතිව ඉන්න බස්සියොන්ට තමා කියලා මට තේරුම් ගියා... 

බ්ලොග් කියවන්න කම්මැලි නිසා අධ්‍යාපන අවශ්‍යතා උදෙසා ප්‍රධාන ධාරාවේ බ්ලොග් කිහිපයක් කියෙව්ව මිසක් බැහැලා බ්ලොග් කියවන්න මට ඇම්මක් තිබුනේ නෑ..

ඒත් සිකුරාදාවක හවස් වරුවේ බලෙන්ම බස්සෙිගේ නවාතැනට ගොඩ වෙලා එක හුස්මට බස්සගේ විස්මලන්තය පුරාම සැරිසැරුවා... අවුරුද්දක්ද දෙකක්ද කොහෙද තිස්සේ ලියපු බසු හීන කියෙව්ව....

ඕන් ඕකයි වැඩේ
ඒ බයිල වලින් කාටවත් වැඩක් නෑනේ!! හැමෝම බලං ඉන්නේ හෙට බස්සි තමන්ගේ හීන වලින් තෝරගත්ත එව්ව කොළවල තියලා අපේ ඇඟේ ගහන මොහොත වෙනකං... බස්සි ඒක වෙනුවෙන් ආතල් වීඩියෝ එකකුත් දාල තිබුණ නෙව...

එහෙනම් නංගිලා මල්ලිලා අත් උස්සලා දෙන්න හොඳ හූවක් බස්සිගේ වීඩියෝවට... (ඔන්න මටනං ඒ වීඩියෝ එකේ අවුලක් තිබ්බෙ නෑ.. බස්සි මැසේජ් කරල අහනව ඒක අවුල්ද කියල.. ඉතිං දෙතුන් වතාවක් විශ්ලේෂණය කරලා මාත් තීරණය කළා බස්සිගේ අදහසට එකඟ  වෙන්න)

මේ! ඔහොම තැන් තැන්වල හූ කිව්වට හරියන්නේ නෑ.. හෙට එන්න මහවැලි කේන්ද්‍රයට.. වහල උඩ යන්න හූ කියමු!!

යශෝධ අක්කව රට්ටු දන්නෙ මේ රූපෙන් බස්සි නමෙන්
--- බස්සිගේ හීන කියවුවාම මට හිතුණේ යශෝධා සහෝදරිය මෙහෙම බ්ලොග් ලිය ගිය ඉන්න ඕන නෑ මිට වඩා ලොකු දෙයක් බස්සිට ලිවිල්ල ඇතුලේ කරන්න පුළුවං කියල. මාකේස්ල එදා දැකපු හීන අපි තාමත් කියවනවා.. බස්සි දැකපු හීන පොතකට නාවොත් ගොඩක් අය අවාසනාවන්ත වෙන්න ඉඩ තිබුණා.. ඒ නිසා ඉතා කෙටි කලබල හීන බස්සිගේ වැඩේ ඇතුලේ කාලීන අවශ්‍යතාවයක්. තව ලියන්නැයි බැගෑපත්ව ඉල්ලනවා ---

8 comments:

  1. ...//කතන්දර මවන්න පුළුවන් අපි වගේ අපත කොල්ලෝ බණිද්දිත් සද්ද නැතිව ඉන්න බස්සියොන්ට තමා කියලා මට තේරුම් ගියා//...

    ඒක හොඳටම තේරෙනවනේ බස්සිගේ කතා බැලුවම.හැමදාම වගේ අදත් බස්සිට සුභපැතුම්...!!!

    ReplyDelete
  2. එන්න නොහැකි උනත් හදවතින්ම සුබ පතනවා අපේ යශෝ.

    ReplyDelete
  3. ලියන එක කෙසේවෙතත් හෙට හොදට කන්ඩ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා!
    යමන් කන්ඩ!!

    ReplyDelete
    Replies
    1. කන්ඩ නොදුන්නොත් බස්සිව කමු!!

      Delete
  4. බොහොම ස්තූතියි උඩුවා!

    කතා කරන්න බැරිවුන එක ගැනනම් දුකයි, :/

    ReplyDelete
    Replies
    1. අයියො!! ඉක්මනට මුණගැහෙමු

      Delete