Friday, January 15, 2016

කම්මැලි පෝස්ට් එකක්

ව්‍යවස්ථාව ගැන ලියන ඒවාට හිට්ස් අඩුයි. ඒත් කියවන අඩු පිරිසට හරි ලියන්න එපායැ... 
ඒවා කියවලා කමෙන්ට් දාන එකට ගෞරව කරන්න ඕන ඒ නිසා!! 
අදහස් අතර සංවාද කිරීම හොඳයිනේ!!
මේ කලින් ලියපු පෝස්ට් එක දාපු කමෙන්ට් එකක් සහ ඒකට දුන්නු පිළිතුර
අගමැතිවරියක්

ජනාධිපතිවරියක්
ලාංකික සිතුවිලි

// උඩුවෝ,

විදායක ජනාධිපති ඉස්සලත් දැනුත් කරන්නේ රගපෑමක් පමණයි එය අගමැති වුනත් එකයි අමතිමන්ඩලයක් කලත් එකයි

//ටීබීට අනුව හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපතිවරයා විවේචන වලට ඇහුම්කන් දුන් නිසාය.//

මෙරටේ මිනිසුන්ව ඇන්දවීමට කරන උප්පරවැට්ටියක් පමණයි. මේක මහින්දත් කලා, මතකද මර්වින් සිල්වා ගේ ඇමතිකම අයින්කලා.
රටේ ජනාධිපති කමට ඔයකියන ස්වාදීන සමාජය අකමැති රට අස්තාවර කිරීමට පහසු නිසා George Soros ගේ open society foundation වැනි ආයතන මගින් කරන්නේ මෙයයි. 

ජනාධිපතිවරයෙක්
අගමැතිවරයෙක්



එහෙම නැතුව ඒකාධිපති කම අගමැති ක්‍රමය තුලත් සිදුවෙනවා 1970 ත 1977 කාලයේ මැතිනිය ක්‍රියා කලෙත් මේ ලෙස තමයි.
අඩුගානේ දැන් ජනාධිපති කම නිසා රට යම් පාලනයකට නතු කලහැකියි, සිතන්න මෙවැනි පාර්ලිමේන්තුවක ජනාධිපති නොසිටියානම් සිදුවන තත්වය
පසුගිය කාලයේ දැනට ගන්නා ලද තීරණ වත් ගත්තේ ජනාධිපති බලය නිසයි. //



පිළිතුර -


//එහෙම නැතුව ඒකාධිපති කම අගමැති ක්‍රමය තුලත් සිදුවෙනවා 1970 ත 1977 කාලයේ මැතිනිය ක්‍රියා කලෙත් මේ ලෙස තමයි.//
මම මේ කෑල්ල එනකන් හිටියේ බැට් කරන්න... මේක කුහකයෝයි ව්‍යවස්ථා ගැන ගැඹුරු දැනුමක් නැති අයයි ගේන තර්කයක්...
පළවෙනි ජනරජ ව්‍යවස්ථාව ආපහු හදන්න කියලා නෙවෙයි අපි ඉල්ලන්නේ..
ඒ ව්‍යවස්ථාව තුල ඒකාධිපති බලයක් ගොඩනඟාගන්න පුළුවන් තමයි... හැබැයි එතන ගැටලුව තිබුණේ අගමැති ක්‍රමය නෙවෙයි...
72 දී පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙනුවට ජාතික රාජ්‍ය සභාව කියලා එකක් හැදුවේ සමස්ථ බලය ඒකට පවරාගනිමින්!!
එතැනදී විධායක බලය විතරක් නෙවෙයි රාජ්‍ය සේවය හා අධිකරණ බලයත් පවරාගත්තා!!
පත්කිරීම් සියල්ල ජාතික රාජ්‍ය සභාව හරහා කළේ!! ඔවුන් උත්සාහ කළේ සමාජවාදී කොමියුනිස්ට්වාදී මූලධර්ම මිශ්‍ර වෙච්ච සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් ව්‍යවස්ථාව හදන්න...
අනික ඒ ව්‍යවස්ථාවේ මානව හිමිකම් සඳහන් වුණත් ඒවා ආරක්ෂා කරන්න ක්‍රම තිබුනේ නැහැ.
ඉතින් දැන් අපි ඉල්ලන්නේ එහෙම එකක් නෙවෙයි ස්වාධීන අධිකරණ සේවය හා රාජ්‍ය සේවයකටත් පොලීසියකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කෙරෙන පසුබිමක්.. මැතිවරණ කොමිසමක් තියෙන තත්වයක්..
එහෙම එකක් ඇතුලේ වුණත් කාට හෝ ඒකාධිපති තත්වයකට යා හැකියි කියලා තර්ක කරන්න පුළුවන්. ඒත් ඒක ව්‍යවස්ථාවෙන් හදලා දෙන තත්වයක් නෙවෙයි!!
විධායක ක්‍රමය හරහා ව්‍යවස්ථාව විසින්ම ඉල්ලනවා ඒකාධිපති තත්වයක්..
අගමැතිවරයෙක්

ජනාධිපතිවරයෙක්
ඔබ ගෙන ආ තර්ක පෙන්වන්නේ ඔයා කුහක නැත්නම් තව ටිකක් මේ ගැන අධ්‍යනය කළ යුතුයි කියලා විතරයි... අගමැති ක්‍රමය කිව්වාම ලෝකයේ හැම එකක්ම එකක් නෙවෙයි.. 72 ව්‍යවස්ථාව යළි ගේන්න කියලා කවුුරුත් කියලා නැහැ...
ඔබ කීව අනිත් දේවල් හුදු විශ්වාසයන් මිස තර්ක විදියට සලකන්න බැහැ.. ඒකයි මම තර්කයක් යැයි පෙනෙන කරුණට පමණක් පිළිතුරු දුන්නේ... බොරුවට ඔබේ කාලයත් මගේ කාලයත් වැය නොකර පිළිතුරු දෙනවානම් තර්ක වලින් උත්තර දෙන්න...

// සිතන්න ජනාධිපති නොසිටියානම් සිදුවන තත්වය//
//පසුගිය කාලයේ දැනට ගන්නා ලද තීරණ වත් ගත්තේ ජනාධිපති බලය නිසයි.//
කියන විශ්වාස ( තර්ක නෙවෙයි ) දෙකට උත්තර දෙන්න පුළුවන්... ජනාධිපති නොහිටියානම් සිදුවන තත්වය ගැන කල්පනා කරන්න කලින් ජනාධිපති ඉඳලා මේ වෙච්ච දේවල් ටික අපට පේනවා.. හිතන දේට වඩා ඇහැටම පේන දේ ගැන කල්පනා කරන්න...
පහුගිය කාලයේ තීරණ ගත්තේ ජනාධිපති ක්‍රමය නිසා ලු!! හරියට හරි! හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තියන එක! !අගවිනිසුරුව බලෙන් ගෙදර යවන එක !! අල්ලස් විදියට ඇමතිකම් දෙන එක!! රටේ හමුදාව තමන්ගේ පක්කලි වැඩ කරන කුලී හමුදාවක් කරගන්න එක!! තව ගොඩාක් දේවල්.........................



4 comments:

  1. ජනාධිපතිද අගමැතිද කියන එක නෙමෙයි වැදගත්, නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වීම.. ඒක් සිද්ද වෙන්නේ නෑ කියලා පේනවානම් ආයෙත් කැරැල්ලක් එයි..

    සයිබර් කැරැල්ලත් කැරැල්ලක් කියන දේ අමතක කරන්න එපා.. බුකිය නිසා ලේ ගල යෑම නැවතුනා..

    ReplyDelete
    Replies
    1. නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ජනාධිපතිද අගමැතිද කියන එකත් වැදගත්

      Delete
  2. අලුතෙන් ගෙන්න හදන එක මොකක්ද කියලා හදන එවුන්වත් දන්නේ නැති නිසා අපිට කියන්න කිසි දෙයක් නැහැ.
    තිබ්බ දෙකේත් හොඳ වගේම අන්තිම තුප්පහි දේවලුත් තිබුනා. මදාවියෝ අතට ඒ බලය ගියාම සිද්ද වෙන දේ අපි අපේ ඇස පනාපිට දැකලා තියෙනවා.
    අලුතෙන් හදන්න යන එක ඒ අඩුපාඩු මග අරවලා හැඩයි කියෝලා හීනෙන් හරි බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙන්නේ...

    ReplyDelete