Friday, March 25, 2016

සංගයියෙ තිරිමාන්න අවුල්ද අවුල් කරලද?

දැන් මම රිටයර්ඩ් ක්‍රිකට් ෆෑන් කෙනෙක් වෙලා!

ඉස්කෝලේ කාලේ මම වෘත්තිමය ක්‍රිකට් රසිකයෙක් විදියට හිටියා.... දැන් දැන් මැච් බලන්න වෙලාවක් නැහැ. වර්ල්ඩ් කප් එක පටන්ගන්නකොට මට හිතුණේ මේකේ එක මැච් එකක්වත් බලන්න වෙන එකක් නැහැ කියාල...

ඒත් විශ්‍රාමික වෘත්තිකයෙක්ට පරණ වෘත්තිය අභිමුඛ වෙනවා ඉඳහිට... රිටයර්ඩ් ටීචර්ලට උගන්වන්න වෙනවා වගේ!

සති එකහමාරකට විතර කලින් ඉන්ග්ලන්ඩ් සවුක් අෆ්‍රිකා මැච් එක වෙලාවේ අපි සලාක එකේ සෙට් වුණා.. නූතන, නින්දිත, උපුල්, බිඟුන්, තරිඳු, සුධාරක, සංඛ, වරා සහ බියර් ඇතුළු සෙට් එකක්! සෙට් වුණේ ගොඩක් දේවල් කතා කරන්න. ගොඩක්ම දේශපාලනේ ගැන. අපට එක්වෙලා කරන්න පුළුවන් වැඩ කිහිපයක් ගැන කතා කරන්න ඕන වුණා. ඒත් මැච් එක උණුසුම් වෙද්දී දේශපාලනේ කැලේ.... සලාක එකේ හිටපු අනිත් එවුන් එක්ක අපිත් සෙට් වෙලා මැච් එකට චියර් කරන්න ගත්තා. මේ දේශපාලනික සත්වයො ටික තමයි සද්දෙන්ම මැච් එක වින්දේ...


පහුගිය සතියේ බන්ග්ලාදේශ් ඉන්දියා මැච් එක වෙලාවේ මාධ්‍ය ලෝකයේ යාළුවෝ කිහිපදෙනෙක් සහ බියර් එක්ක අපි සලාකා එකේ හිටියා! ටීවි එකේ මැච් එක.... අපි එදා සෙට් වුණෙත් කතාබහකට.. සතියකට සැරයක් වගේ අපි එකතුවෙලා මීඩියා සහ දේශපාලනය ගැන කතාකරන එකේ කොටසක්. ඒත් එදත් දර්ශනයයි දේශපාලනයයි පැත්තකට ගිහින් ක්‍රිකට් කතාබහ ඉස්සරහට ආවා.... ඉතිං ඔය සිද්ධි දෙකෙන් පස්සේ රිටයර් වෙලා හිටියත් තාවකාලිකව වර්ල්ඩ් කප් රසිකයෙක් වෙන්න මම තීරණය කළා.....

මම මේක පටන්ගත්තේ මේ තිරිමාන්න විරෝධයෙ සීන් එක නිසා නේ...

ඔය තිරිමාන්න විරෝධය එද්දී මට මුලින්ම මතකෙට එන්නේ අපි දිනපු වර්ල්ඩ් කප් එකේ ෆයිනල් දවස... එදා රෑ අපි හිටියේ දියවන්නාව අසබඩ ලොකු තිරේ කෑගහමින් මැච් එක බලන අතරේ.... මිර්පූර් ෂෙර් බංග්ලා ක්‍රීඩාංගනයේ ඉන්න කෝලිට කුණුහරුපෙන් බැණීමත්, අපේ අයව දිරිමත් කිරීමත්, සංගාට බැට් කරන විදිය සහ හේරත්ට බෝල් කරන විදිය ගැන උපදෙස් දීමත් දියවන්නාවේ ඉඳන්ම සිද්ධ වුණා.

ඉතිං ඒ සංගා මහේල සමුගන්න කාලය.... කට්ටිය සංගාට මහේලට විකල්ප ගැන හෙන කතාව ඉතිං.... එදා කට්ටියට අනුව සංගා කෙනෙක් හිටියා! ‘තිරිමාන්න මරු බැටා‘ සංග වගේ තමයි! හිට්ටොත් හිට්ටා! අවුට් කරනව බොරු... අන්න ඒ වගේ ටෝක් කට්ටිය අතරේ කැරකුණා....

මාත් පෞද්ගලිකව තිරිමාන්නට හෙණ ප්‍රිය කළා.... මිනිහ වයිස් කැප්ටන් වුණා...

ඒ කාලේ ජෝ රූට්, කේන් විලියම්සන් වගේ අයත් තරුණයෝ! තිරිමාන්න වගේ තමයි! දැවැන්ත ෂොට් වලට ගියේ නෑ... හොඳ ස්ථාවරත්වයක් තිබුණා....

විලියම්සන්ල, ජෝ රූට්ල ඉන්දැද්දි! තිරිමාන්නව දැං එළවන්න යන්නෙ ඇයි???????


මං දන්නෙ නෑ! මං රිටයර්ඩ් නෙ....

ඒත් ඒ කාලේ තිරිමාන්නට අපි ඉගැන්නුවේ පහ හරි හය හරි ඇවිත් හිරවෙලා විකට් ගිහිල්ලා ඉන්න ටීම් එකේ විකට් ආරක්ෂා කරගෙන ඉන්න මිසක් තුනට ඇවිත් ගහන්න නෙවෙයි! තිරිමාන්නට ෂොට් තෝරගන්න නෙවෙයි විකට් එක බේරගන්නයි හුරුවෙන්න වුණේ...

අපේ හෙණම අයියා සංගා ඒ කාලේ කළ යුතුව තිබුණේ තිරිමාන්නට වඩා නිදහසේ සෙල්ලම් කළහැකි තුන්වැනි තැන දෙන එක... මොකද සංගා වගේ කන්ෆිඩන්ස් ෂොට් තියෙන එක්ස්පීරියන්ස් ක්‍රීඩකයෙක් තමයි විකට් වැටුනු වෙලාවක පහ හය ඇවිත් ටීම් එක ගොඩගත යුතුව තිබුණේ.... ඒත් සංගා තමන්ගෙ තැන අතාරින්න කැමති වුණේ නෑ වගෙයි පෙනුනේ... !



තිරිමාන්න ගැන ඉස්කෝලේ කාලේ මං අහලා තිබුණා... මුලින් ඩොමෙස්ටික් වලදී තිරිමාන්න වේගෙන් ගහපු ක්‍රීඩකයෙක්! ඔහු පළවෙනිම මැච් එකක සෙල්ලම් කරද්දී රේඩියෝ එකෙන් විස්තර විචාරය අහනකොට පාලිත පෙරේරා ඔහුව හැඳින්නුවේත් වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙක් විදියට....

තිරිමාන්නලා වගේ ටෙක්නීෂියන්ලව වේගයෙන් ගහන්න පුරුදු කිරීම අතිශය වාසිදායකයි... කවදාවත් ගලවන්න අමාරු හාඩ් හිටර්ස්ල... ලෝකයේ හොඳම අත්හදා බැලීම විරාට් කෝලි... දෝනිට තුන්වෙනියා ගහන්න උණක් නොතිබීමේ වාසනාව නිසා වෙන්න පුළුවන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මට ඕවා ගැන වැඩිය කියන්න බෑ... මං රිටයර්ඩ්නෙ

3 comments:

  1. අනිවාර්යයෙන්ම උඩුවා සහෝ අද අපිට සාර්ථක මුල් පෙළක් නැති වෙන්න ප්‍රධාන හේතුවක් මේක සංගාලා තමන්ගේ ස්ථානේ ක්‍රිඩා කරන්න තරුණ ක්‍රිඩකයෙක්ව හුරු කරේ නැ එක පාරටම විශ්‍රාම ගියා,කණ්ඩායම අනාථයි,අදටත් තිරිමාන්නට චන්දිට ශේහන්ට කපුට කණ්ඩායමේ ක්‍රිඩා කරන්න ස්ථිර ස්ථානයක් නැ,එක එක තැන් වල එක එක දවසට,මේකෙන් වෙන්නේ ක්‍රිඩයන්ගේ දක්ෂතාව පිරිහිමක්,නායකත්වයෙත් පැහැදිලි දුර්වලකම් තියෙනවා වර්ල්ඩ් කප් එකක් පැරදුන හැටිය නායකත්වයෙන් ඉවත් විම විරකමක් නෙමෙයි,කණ්ඩායම ගැනත් හිතන්න තිබුනා,කවදාහරි ඩිල්ශාන් අයින් වෙච්ච දවසකත් මේ දේම වෙයි,

    ReplyDelete
  2. මුන්ට ගහන්න බැරුවට සංඝලා පලිද බං..... උන්ට කොච්චර චාන්ස් දුන්නද.... ඕකුන් ඔක්කොම එලවලා අළුත් ටීම් එකක් හදන්න ඕන ඊළඟ එකටවත් අඩු ගානේ ෆයිට් එකක් දෙන්න...

    ReplyDelete
  3. Mahela also batted 5 down and some times 6 down from 1997. He got the opportunity to bat at no 04 after Arjuna and Aravinda retired. From the very beginning both Mahela and Sanga started playing well and averaged 50 in Tests. Even in T20, both of their average is more than 32 and strike rate more than 120-130. So, youngsters did not have the same talent like Sanga and Mahela and also they are also not consistent like them having played more than 5 years now :( . Look at the way Chandimal got out in England match. Just awful!
    As Maathalan said, we have to look at totally new players who could be groomed in these all important positions.

    ReplyDelete