ගොඩවදින්නෝ

Tuesday, March 22, 2016

මගේ පඩිය කීයද?

මා කිසිදා කියන්නට උත්සාහ නොකරන දෙයක් කියන්නට සිදුවන්නේ කේසව් අයියාගේ චිත්‍රපටිය අවසන් කිරීම සඳහා මුදල් එකතුකරන්නට ගන්නා උත්සාහයට වැරදි අර්ථකථන දීම පිණිස මගේ වැටුප පිළිබඳ ප්‍රශ්ණයක සිව්වෙනි මානය විසින් නඟා තිබීම නිසාය. මෙය ලිවිය යුතු නැතැයි කිහිප වතාවක් සිතුවද මා මෙය ලියන්නට තීරණය කළේ තමන් හෙන කට්ට කන බව හුවා පෙන්වන්නට උත්සාහ ගැනීමෙන් පලක් නැති වුණත් මා මෙය ලියන්නේ කේසව්ගේ ප්‍රශ්ණයට මෙය අදාල කරගැනීම මෙය කියා දමන්නට හොඳ අවස්ථාවක් නිසා ද විය හැකිය.

//උබේ පඩිය පහලොස්දාහද බන්. රුපියල් පහලොස්දාහෙ විසිදාහෙ පඩි ගෙවන මාධ්‍ය ආයතන තියනවද බන්.
පහලොස්දාහකට මෙච්චර වලිකන්නෙ නැතුව ගමේ කුල්ලීවැඩකට යමන්කො .දවස් විස්සක් වැඩ කලොත් 25000 ක්.
බස් එකක කොන්දෙක් වුනොත් ටිකක් කට්ට තිබ්බත් පනහ පන්නනව.
බස් වියදම් ,කෑම වියදම් අරක මේක එක්ක. රුපියල් පන්දාහෙන් කොලබ ජීවත් වෙන්න බෑනෙ.//

මගේ වැටුප දහඅටදහසක් වන අතර දීමනා වලට කපාගත් පසුව දහසයදහසකි. බොහෝ විට පොතක් දෙකක් ආයතනයෙන්ම ගන්නා නිසා අතට ලැබෙන්නේ පහළොස්දහස් ගණනකි. ඒ බව මගේ බැංකු විස්තර වලින් දැනගත හැකිය. 

පහළොස්දාහ මට ජීවත් වෙන්නට වැඩිත් එක්කය. රුපියල් අටදාහක් පමණ හොඳටෝම ඇතිය. කලින් මාසවල ඉතිරි කළ යම් මුදලක් තිබුණු නිසා ගිය මාසයේත් විශාල මුදලක් වෙන වැඩකට යට කළ මොහොතේ පන්දාහෙන් කරගන්නට බැරි මාසය ගොඩදාගැනිල්ලට උදව් වූයේ ඉතිරි වී තිබුණු මුදල්ය.

මධුවිතකට, පොත්පත් වලට, ගමන් වියදම් වැනි දේවල් නිසා එකතුවෙන මුදල නිසා මට බැරිවුණත් ඕනෑනම් රුපියල් පන්දාහෙන් කොළඹ ජීවත් වෙන්නටද පුළුවන් ය. උදේට කන රතුබත් මාළු කෑම එක හැටකි. දවල්ට කන රතු මාළු කෑම එක අසූවකි. ඒ දෙක ගන්නේ මහරගම පිළියන්දල පාරේ දිල්ෂාන් කෑම කඩයෙනි. ඇවිත් ඕනෑම කෙනෙක්ට බලාගත හැකිය. රෑට නොමිලේ දෙන පොල්සම්බෝලය සමඟ ඉඳිආප්ප පහළොව හා වඩයක් රුපියල් හැටකි. ඒ ගන්නේ පිළියන්දල පාරේ ලොරියෙනි. හොද්දක් නැතිව වතුර සමඟ ඉදියාප්ප ගිලදාන්නට හුරුවුණාම හරිය. මුළු මාසයම මේ ක්‍රමයට යා නොහැකි ය. දින පහළොවක්වත් පාන් බාගයේ තියරියට යා යුතුය.  පාන් ගෙඩියක් රුපියල් හැටක් පමණ වේ. රෑට පාන් භාගයක් ගෙන ඉන් බාගයක් රෑට කා ඉතිරි බාගය උදේට කෑමෙන් රුපියල් හැටකට කෑම වේල් දෙකක් ෂේප් කරගත හැකිය. උදේ රුපියල් හැටට ඇති මාළු කෑම එක ගෙන එය තබාගෙන දවල්ට කෑමෙන් රුපියල් හැටේ දිවා ආහාරයක් ලබාගත හැකිය. ඔබට උයන්නට ක්‍රමයක් ඇත්තේනම් රුපියල් දෙදාස් පන්සීයෙන් මාසයේ කෑම වියදම් කවර් කරගත හැකිය. ඒ සඳහා බිඟුන් මේනක ගමගේ හැදූ විශේෂ සැලැස්මක් තිබෙන අතර අමිල චින්තක, කිරිඇල්ල ලඟදී බැණවැදුණු අමිත් මධුරංග ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඒ සැලැස්ම සැබැවින්ම ක්‍රියාත්මක කළේය.

කොහොම වුණත් කේසව් අයියාට මුදල් දී ඉතිරිවන පන්දහසෙන් මාසය ජීවත් වීමට මා නොසිතුවෙමි. මුහුණ දෙන්නට සිදුව ඇති යථාර්ථය නම් යහළුවන් මුණගැසෙමින් මධුවිතක් තොලගාමින් හෝ නැතිව කතාබහ කරන්නටත්, නාට්‍යයක් බලන්නට, පොතක් බලන්නටත් මුදල් වියදම් වෙන නිසා ය. මාසය පෙර කී සැලැස්මට අනුව හැකි දහංගැට යොදමින් කවර් කරගනිද්දී නිවසෙන් කීයක් හෝ ඉල්ලාගෙන ඉතිරිටික කවර් කරගැනීමට බලාපොරොත්තු වූයෙමි. ගිය මාසයේ මේ පන්දාහේ වැඩේ කරන්නට සිදුවූයේ විශාල මුදලක් සංඝදාසගේ චූටි කළිසම නාට්‍යයට වියදම් වීම නිසා ය.  හැම මාසයේම දහදාහ ගාණේ පුදන්නට සිදුනොවන නිසා පහළොස්දහසෙන් ජීවත් වීම අප හුරුවී ඇති ජීවන ශෛලියට වැඩිත් එක්කය. 


//එහෙමනම් වෙන ආදායම් ඇති. හොබි එකට ජොබ් එක කරනව ඇති.
15,000 පඩියකට කොලබ එන්න බෑ 2010 දිවත්.//

මට තිබෙන වෙන ආදායම ගෙදරින් ඉල්ලාගන්නා මුදලක් වෙන අතර මා රැකියාව කරන්නේ හොබි එකට නොව වෙන කිසියම් බැඳීමක් තිබෙන නිසාය. ඇතැම් විට මාසික පඩියකට වඩා වැඩි යමක් ගැන මේ අප්සෙට් යුගයේ වුණත් මා විශ්වාසය තබාගෙන සිටින නිසා විය හැකිය. කෙසේ වෙතත් අවුරුදු විසිඑකක් වන මට තවමත් තනිවම ආර්ථිකයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය වී නැත. තාම නිවසේ දරුවෙක් ලෙස ඉන්නා නිසාය. පෙම්වතියක්ද නැති නිසාය. සිගරට් බීමටද හුරුවී නැති හින්දාය.

බෝඩිමකට වියදමක් නැත්තේ මිතුරන්ගේ තැන්වල හා එක්තරා පොදු තැනක රාත්‍රිය ගතකරන්නට ඉඩ ලැබී තියෙන නිසා ය. ඒවාට බිම නිදාගන්නට හුරුවුණාම ප්‍රමාණවත් ය.

මෙය කට්ටක් යැයි කෙනෙක්ට කිව හැකි ය. මෙය කට්ටක් නම් මේ කට්ට කන එවුන් බොහොමයක් මේ කොළඹ සිටිනා බව සිව්වෙනි මානය දැනගත යුතුය. ඔබ නම් ලංකාවේ මිනිසුන් ජීවත්වන විදිය දැක නැත. කරුමයකට දකින්න ලැබී තිබෙන නිසා ඒ මිනිසුන් වෙනුවෙන්ද පොඩි කට්ටක් කා හෝ යමක් කළයුතුයැයි මම කල්පනා කළෙමි.

පන්දාහ? ඊටත් වඩා අඩු මාසික වියදම් තියාගෙන නිවසට ඉතිරිය යවන දුක්ඛිත ජීවිත මේ කොළඹ ඇත්තේය. ඔබ එන්නේනම් ඔවුන් සමඟ කතාබහ කරන්නට ඔබව රැගෙන යා හැකිය. 

මාධ්‍ය ආයතන වලට ගෙවන්නට සිදුවී ඇති වැටුප් ගැන සිව්වෙනි මානය නොදන්නවා විය හැකිය. මාස ගණන් කිසිම වැටුපක් නොගෙවන මාධ්‍ය ආයතන ගැන අසාවත් නැතුවා විය යුතුය. කැහිල්ලම නම් මගේ ගිණුම් පරීක්ෂා කොට සිව්වෙනි මානයට මේ කතාවල ඇත්ත නැත්ත දැනගත හැකිවනු ඇත.


49 comments:

  1. භීබත්ස රසය.....

    ReplyDelete
    Replies
    1. මිරිස් රහක් වගේ මට නං

      Delete
  2. අනේ මන්ද ඉතින්..වලියක් වගේ ...
    නිතර නිතර කොළඹ ආව ගියා වුඅනට අපි කොළඹ රස්සා කරන්නේ නැහැනේ . උඹේ ජීවන රටාව අපි ප්‍රායෝගිකව විඳලා නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහේ අය නෙවෙයි දුක් විඳන්නේ
      වතු කම්කරු මිනිස්සු, යාපනේ අවතැන් කඳවුරු වල මිනිස්සු
      රජරට ගොවියෝ, මඩකලපුවේ මිනිස්සු
      හැමතැනම තියෙන්නේ කටුක වේදනාව

      Delete
    2. ඇත්ත තරිඳු.. ඒ මිනිස්සු විඳින දුක් අමාරුකම්වල හැටියට අපේ අමාරුකම් මොනවද?

      Delete
    3. අපි වේදනාව ගැන දන්නේ මොනවද?
      අපි බොහොම සැපට ජීවත් වෙන මිනිස්සු

      Delete
  3. උඩුවෝ.............

    මේ යථාර්තය උඹ දන්න නිසයි මේ විදිහට කියලා තියෙන්නේ.... වෙන්න බැරි නැහැ තමා. ඒත් මේ කියනකල් දැනගෙන උන්නේ නං නැහැ. ඉතින් අපිට බැරිද එහෙම උන්ට සහයක් වෙන්න.. මහා ගානකින් නොවුණත් උන් යන ගමනට පොඩි එකතුවක් හරහා සහයක් වෙන්න බැරිද???? මේ ඇත්ත කතාව දිගඇරලා ගමුද???

    ReplyDelete
    Replies
    1. සහායක් කියලා මොනව කරන්නද?
      මේ ලංකාවේම යථාර්ථයක් මිසක් මගේවත් මාද්‍ය වේදීන්ගේවත් යථාර්ථයක් නෙවෙයි

      Delete
  4. උඩුවා මේ පඩියට අනුව නම් ඔබ පුවත්පත් හා සම්බන්ද ආයතනයක විය යුතුයි. පලමුවෙන්ම මා මෙවැනි ආයතනවලට විරුද්දයි. හේතුව ඉතා අඩු පඩියට මිනිසුන්ගේ හැකියාවන් කොල්ලාකෑම නිසයි. මා දන්නා තරමින් උප කතෘ කෙනෙකුට ආරම්බයේදී ලැබෙන මුලු පඩිය රු.8000 පමන වන්නේ. ඒ පඩියෙනුත් ජීවත් වන අය මා දන්නවා. දැන් ඔවුන් අතිකාල සහ වෙනත් ක්‍රම මගින් වැඩි මුදලක් සොයා ගත්තත් මුල් කාලයේ ඔවුන් ඔබ ගෙවනවාට වඩා අපහසු ජීවිත ගත කල බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ මාව හූරන් කන තැනක නෙවෙයි!
      මගේ ආයතනයේ අයිතිකාරයා ලොකු බිස්නස් කාරයෙක් නෙවෙයි.
      පිටින් අදින සල්ලි නෑ අපට පඩි දෙන්න...
      ආයතනයේ සේවකයන්ම තමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ
      පුළුවන්නම් පඩි වැඩි කරනවා

      Delete
    2. ශ්‍රම සූරාකෑමක් නම් වෙන්නෙ නෑ .අනික රාවයෙ වැඩකරන අය අනික් මාධ්‍ය අයතන වල උන් එක්ක එකට තියන්නත් බෑ. රාවය පත්තර පිටුවකින් බත් ඔතන්න ත් ලෝබයි. මොනව හරි වටින දෙයක් තියන නිසා.
      නමුත් අනෙක් මාධ්‍ය ආයතනවල වැඩකරන අයගෙ හොද්ද බොහොම බොරයි විද්‍යුත් මාධ්‍ය වල හොදටම හොදයි. සමහරුන්ට පඩිය වගේ වගක් නෑ. හැමතැනින්ම සල්ලි එනව. සම්පත්දායකයොත් සල්ලි ගෙවනව. අටහ් මිටමෙලවිලි කෝටියයි. නමුත් ගවේශනාත්මක වගේම එඩිතර මාධ්‍ය කලාවක නියැලෙන රාවයෙ අයට ඒවත් නෑනෙ.

      Delete
    3. //නමුත් අනෙක් මාධ්‍ය ආයතනවල වැඩකරන අයගෙ හොද්ද බොහොම බොරයි විද්‍යුත් මාධ්‍ය වල හොදටම හොදයි.//

      මේ ලංකාවෙ එව්ව වෙන්න නම් බෑ.. දන්නවා නම් කියන්න. මොකද අපේ වළේ උන් ගොඩක් ඉන්නෙ මෙව්වයි හිඟා නොකා හිඟා කකා.. එතකොට අපිට පුළුවන් උන්ට ඔය කියන තැන්වලට යන්න කියන්න.. ඒකයි..

      Delete
    4. මාධ්‍යවේදීන්ගේ හොද්ද බොර වුණේ දේශපාලඥයන් එක්ක දාගන්න ඩීල් නිසා
      අවංකව වැඩ කරන්න උත්සාහ කරනවානම් හැමදාම හොද්ද අප්සෙට් තමයි

      Delete
  5. මෙවන් අය හැන මට නම් ආඩම්බරයි. ඔබ වැනි අය ජීවිතයේ ලබන සතුට බොහෝ දෙනෙකුට ලැබිය නොහැකියි.

    ReplyDelete
  6. පහළොස්දාහ මට ජීවත් වෙන්නට වැඩිත් එක්කය.?????????

    ReplyDelete
  7. උඩුවා මට වඩා අවුරුද්දයි නෙව වැඩිමල්.. සල්ලි වගේද නිදහස!!!
    ලක්ෂයක් පඩි ගන්න හිරකාරයෝ වගේ රස්සා කරන අයට වඩා පහළොස්දාහක් අරන් නිදහසේ ඉන්න එක දාහෙන් සම්පතයි :)

    ReplyDelete
    Replies
    1. රස්සාවේ හිරකරුවකු නොවීමෙන්, හදවතට එකඟව වැඩ කිරීමෙන් ලබන්න පුලුවන් මානසික සුවය තරම් වටින දෙයක් තව නෑ තරිඳු...

      Delete
  8. කෙනෙක්ගෙ හැකියාව මෙච්චරම ලාබද?

    ReplyDelete
    Replies
    1. හැකියාවන් විඳන්න අය නැත්නම් ඒකට මිලක් නියම වෙන්නෙ නෑ
      ලංකාවේ කවුද අපි කියන දේවල් කියවන්නේ. බොහොම ටිකදෙනෙක්!
      ඉතින් කොහෙන්ද ඉහළ මිලක් නියම වෙන්නේ

      Delete
  9. ඔබේ ආදායමෙන් ඔබ කරන මේ ව්‍යාපෘතිය ඇතුළු වැඩ ප්‍රමාණය ගැන මගේ ප්‍රනාමය!

    පත්තරේ පඩිය ගැන කතාව එකක්.

    වයස විසි එකක කොල්ලෙකුට ජීවත් වෙන්න කීයක් ඕනැද කියන එක වෙනම කතාවක්.

    හිතන්න මේ විශ්ව විද්‍යාල සිසුවෙකු කියලා. එහෙනම් යැපෙන්න ඕනෑ ගෙදරින් දෙන මුදල් හෝ ශිෂ්‍යාධාර හෝ ශිෂ්‍යත්වයකින් ලැබෙන මුදලින් නේද? එහෙම අේ‍රකුට රුපියක් 15,000 ක් ලැබෙනවාද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි!
      ලංකාවේ ජීවිතය කොයිතරම් කටුකද කියන එකයි ඇත්ත ප්‍රශ්ණේ

      Delete
  10. මේකත් එක්තරා දුරකට වාමාංශික පක්ෂයක ෆුල්ටයිම් වැඩ කරනවා වගේ තමයි. හැබැයි, ෆුල් ටයිම් කරන එවුන්ට පිනට දෙන්නට ඉන්න එවුන් අමාරුවෙන් යමක් හම්බ කරගෙන වැඩ කරන ඔබ වැනි අයට සලකන්නේ නැහැ. මිනිස්සු සාමාන්‍යයෙන් කැමතියි හිඟන්නන්ට දන් දෙන්න. ඒ වුණාට අමාරුවෙන් යමක් උපයා ගන්න හදන මිනිහාට අකුරට ගණන් බේරන්න හදනවා.

    රැකියාවක් කරන ගමන් දේශපාලනය කරන එක ගැන මගේ අත්දැකීමුත් මේ හා සමානයි. ගුරුවරයකු ලෙස අවුරුදු 22ක් වැඩ කර විශ්‍රාම යන විටත් මගේ මූලික වැටුප රු. 18,000යි. ඒ සියලු වැටුප් ගැටලු විසඳීමෙන් පසුවයි. අවසන් කාලය වන විටත් අතට ලැබුණේ රු. 25,000ක් විතර. අමතර මුදලක් හොයාගන්න පට්ට කට්ටක් කන ගමන් තමයි අතින් වියදම් කරගෙන දේශපාලනයට මැදිහත් වුණේ.

    ඒත්, මිනිස්සු කියන්නේ එන්ජීඕවලින් ඩොලර් ගලා එනවා ය කියලායි. සාමාන්‍යයෙන් ඔහොම තමයි හැටි.

    හැබැයි මලේ හැමදාම ඔහොම බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම මෙහෙම බැරිවීම ඇත්ත.
      මම හිතාගෙන ඉන්නවා නීති විද්‍යාලයට යන්න. ඒ වෙනුවෙන් මේ දිනවල මහන්සි වෙනවා.
      එන්ජීඕ කතාවනම් ඇත්ත.
      ඒවා විහිළු විදියට සලකනවා ඇරෙන්න මොනවගේ ප්‍රතිචාරයක් දක්වන්නදැයි මට තේරෙන්නේ නෑ

      Delete
    2. හැමදාම ඔහොම බැරිවෙයි කියලයි මටත් කියන්න තියෙන්නෙ. ලෝ කොලෙජ් යන එක නම් කෝකටත් හොදයි.
      උබ දැන් ගෙයක් දොරක් හදාගන්න ඕන නේද.වාහනයක් ගන්න ඕන නේද . ලෙඩක් දුකක් හැදුනම් නිසි ප්‍රතිකාර ලබාගන්න මුදලක් ඉතිරි කරල තියෙන්න ඕන නේද

      Delete
  11. මචන් උඩුව කියන්නෙ මම ආදරය කරන ගෞරව කරන බොක්කක්. ඇහැට දැකල නැතිවුනාට කතා කරල නැති උනාට ලොකු බැදීමක් තියනව. ලොකු බොන්ඩ් එකක් තියන උන් එක්ක තමා මම ඔය විදියට බාසාව දාන්නෙ.
    උඹ එක්ක ඒ සහෝදරකම ඇතිවුනේ උබ ආරක්ෂක සේනාවක් එක්ක වලියක් ගිය හැටි ලියපු දා. උබ අපේ එකෙක් කියන හැඟීම ආව. බ්ලොග් වලත් මම හැමතැනටම යන්නෙ නෑ බන්. උබේ එක මම නොවරදවාම එන එකක්.අපේ අදහස් බොහෝ දුරට සමානයි.

    කොහොමත් උබට මට වඩා අත්දැකීම් තියනවනෙ. ඔය රුපියල් පන්දාහෙන් ජීවත් වන මිනිස්සු ගැන වෙනම ලියන්න වටිනව. අනේ මන්ද.මාධ්‍ය වලින් කතා කරන්න ඕන ඔය වගෙ දේවල්.

    මේ රටේ පත්තරවලින් සල්ලි දීල අරන් කියවන්න වටින එකම පත්තරේ රාවය. රාවයෙ වැඩකරන එවුන් මේ වගෙ කැපකිරීම් කරන බව රටම දැනගන්න ඕන.

    කේසව් ට සල්ලි දෙන්න මට පුලුවන්කම තිබුන නම් මම මේ මුලු මුදලම දෙනව. ඔහොම යන් .උබේ ලිවිල්ල වගේම උබත් සුපිරියි. ජය

    ReplyDelete
  12. තරිඳු ගෙ ලිවිල්ලට සහ ආකල්පවලට ශීර්ෂ ප්‍රණාමය! ටික දෙනෙක් ඉහළ වැටුප් ගනිද්දි විශාල ප්‍රමාණයක් ඉන්නෙ මේ අරගලයෙ තමයි. කොච්චර වැටුප් ගත්තත් ජීවන රටාව සංකීර්ණ නිසා හුඟ දෙනෙකුට තරිඳු කියන විදිහිට ‘ මේක මට වැඩිත් එක්ක‘ කියන්න බෑ. ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා වෙනුවෙන් ආදායමක් නොලැබීම නිසා බොහෝ දෙනක් ගෙවන ජීවත් මීට අන්තයි තියලා තරිඳු කියන්නෙ ඇත්ත. ඒ වගේම ලොකු වැටුප් ලැබුණත් කළමනාකරණය කරගන්න බැරිකම බොහෝ විට ඇති වෙන්නෙ පරිභෝජනවාදයේ ඛේදවාචකය නිසා.

    ReplyDelete
    Replies
    1. අනිවා
      මම ඒ ගැනත් ලියන්න ඉන්නෙ
      භාණ්ඩ වන්දනාව මේ විෂමතාවයන් වැඩි කරන්න ප්‍රධාන හේතුවක් වෙලා

      Delete
  13. Welenda Danweemaki...
    thun wela kaama samaga nawathan. widuliya ha jalaya paribojanaya sandaha kisidu neethireethi dameemak nomatha. hadisiyakata mithurek dennek pawa nawathaganeemata pawa hakiya. masaka kuliya 6000/= pamani. japura campus 1 asala. (me danweema dameema sandaha mudal laba nogath athara ada rathree aharayata chicken kallak amathara ekathuweemata ida atha.)

    ReplyDelete
  14. තරිඳු
    ඔබේ අවංක සටහනට ප්‍රණාමය - දිගු කාලීන රාවය පාඨකයෙක් වශයෙන් කියන්න පුලුවන් ඔබේ පුවත් පත් කලාවේදී දිවියට රාවය මඟින් හොඳ පන්නරයක් ලැබී ඇති බව - අපේ රටේ අද මාධ්‍යවේදීන්ට වඩා ලියන්නන් හා අබිලිංලා වැහි වැහලා ඉන්නේ - එවැනි පසුබිමක වෘත්තීයවේදී පුවත් පත් කලාවේදියෙක් වශයෙන් ඉදිරියටම යෑමට ඔබට අවස්ථාව ලැබේ යැයි ප්‍රාර්ථනා කරනවා - එසේම හැකිනම් ඉංගිලිසි වෙබ් මාධ්‍යට ද පිවිසෙන්න බලන්න - තවත් පාඨකයන් පිරිසකට ඇමතීමට හැකිවෙයි .

    ReplyDelete
  15. දුකකුත් දැනුණා.. ඒත් තව පැත්තකින් සතුටුයි. මේ යථාර්ථය මං දැනන් උන්නා වුණත් මේ වගේ විවෘතව ලිවීම තව තරුණ ජීවිතවලට හයියක් වේවි...

    ReplyDelete
    Replies
    1. තරුණයන් සටන් කරන තරමට මේක වෙනස් කරගන්න පුළුවන් වේවි

      Delete
  16. //නමුත් අනෙක් මාධ්‍ය ආයතනවල වැඩකරන අයගෙ හොද්ද බොහොම බොරයි විද්‍යුත් මාධ්‍ය වල හොදටම හොදයි.//

    ලංකාවෙ මීඩියාවලට මේක කොච්චර අදාළද කියලා උඩුවාම කියනවා නම් මම සතුටුයි.. මේක නම් අම්මපා යකාගෙ කතාවක් ඒකයි..

    ReplyDelete
    Replies
    1. මම දැම්මේ පොදුවේ මාධ්‍යවේදීන්ගේ තත්වේ..
      මම කලින් කීවා වගේ මාස ගණන් පඩි ලැබිල නැති මාධ්‍යවේදියොත් ඉන්නවා!
      සල්ලිනං මට වුණත් හොයන්න පුළුවන් ඇමතියෙක් දෙන්නෙක් අල්ලගත්තොත්....
      ඒත් අවංකව වැඩ කරන්න යනවානම් කෙලින් කතා කරනවානම් ආයතන ඇතුලෙත් අසාධාරණ විදියට අඩු වැටුප් ලැබිලා හොම්බෙන් යන්න වෙනවා

      Delete
    2. විද්‍යුත් මාද්‍ය වේදීන්ට පැයට උඩුවගෙ දවස් දෙක ක පඩි ලැබෙනවා. ඒව විෂාල ලාබ ලබන බිස්නස්.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. උඩුවා ඔබට මගේ ප්‍රණාමය!

    ReplyDelete
  19. රාවය online බලනවා වෙනුවට මිලදී ගැනීමට තිරණය කලෙමි.

    ReplyDelete
    Replies
    1. කවදාවත් පසුතැවිලි නොවෙන තීරණයක්

      Delete
  20. උඩුවා,
    වැඩේ හොඳයි. උඹේ ආකල්පත් එසේමැයි. නමුත් කාලය ඉස්සරට තියනවනෙ කියල "අද" දිනය නාස්තිකරන්න එපා. උඹටත් බලාපොරොත්තුවක් තියන බව අහපු නිසා මීට වැඩිය මොකුත් කියන්නෙ නෑ.

    ReplyDelete
  21. පිස්සු හැදුනා මට නම් උඹේ පෝස්ට් එක කියවලා මල්ලි......!

    බලාගෙන යනකොට මමත් ජීවිතේ තනිකඩ කාලේ පටන් ගත්තේ රුපියල් 1250ක පඩියෙන් (ඕටී එක්ක 2000ක් 2250ක් විතර ලැබුනා ) . ඒකෙන් කලේ බයික් එකට පැට්‍රල් ගහපු එකයි, මගේ ගම හාමිනේ එක්ක ෆිල්ම් බලන්න, නාට්ටි බලන්න ගිය එකයි, එයාගේ උපන්දිනේට ස්කර්ට් එකක් බ්ලව්ස් එකක්, එහෙම නැතිනම් අම්මට ස්කර්ට් එකක් බ්ලව්ස් එකක් අරන් දීපු එක තමයි.

    ජීවිතේ නගින්න ඕනේ පඩියෙන් පඩිය (මාසේ පඩිය නෙම්යි, මේ පියගැට පෙල ), එහෙම උඩට නැගලා ආපු දුර බැළුවම කවද හරි පුදුම හිතෙයි.....!

    ReplyDelete
  22. මමත් පටන් ගත්තේ නම් ඔය විදිහට තමයි.... හැබැයි ඒ අවුරුදු 10 ට කලින්. ඒත් ඔය තරම් කට්ට කෑවේ නැහැ. ඒත් දැන් මම බැඳලා දරුවෙක් ඉන්නවා. මටනම් 18000 කියන්නේ සතියකට යන්තම් ඇති මුදලක්. මාසයක් ජීවත් වෙන්න මට අඩුම ගාණේ 80,000 යනවා.

    ReplyDelete

Search This Blog