Sunday, March 26, 2017

සේනකගෙ බිබිල හෙවත් පියවරුණ

නෙළුම් යාය සම්මාන උත්සවය මෙහෙයවපු නිවේදක යුවල රාජිත සේනාරත්න ඇමතිවරයාව නුතන සේනක බිබිලේ විදියට හැඳින්වුවා.. පසුව ඔවුන් කියපු විදියට මෙහෙම හැඳින්වුවේ බ්ලොග් සංසදයේ හරි මොකක්හරි එකක සභාපතියැයි කියන කෙනෙක්ගේ වුවමනාව මතලු.

මෙතැනදීම කතානායකවරයාව තොරතුරු පනතේ පියා කියල හැඳින්වුවා. ඒ හැඳින්වීමටත් හේතුව අර කෙනාගේම වුවමනාව වෙන්න ඇති.




සේනක බිබිලේ සහ රාජිත
කොහොම වුණත් මේ විරුදාවලි,  හැඳින්වීම් අපට අලුත් දේවල් නෙවෙයි. ලංකාවේ හැමදාම පුද්ගලයන්ව හැඳින්වුවේ මේ අනවශ්‍ය නම්බුනාම එක්ක. එක්වරක් මම ජනප්‍රිය ඇමතිවරයෙකුට කතාකළ වෙලාවේ ආන්සර් කළේ ඔහුගේ පෞද්ගලික ලේකම්. මම ‘මිස්ට ....... ඉන්නවාද‘ කියලා ඇහුවාම ආන්සර් කරපු කෙනා එහෙම කෙනෙක් නෑ කියලා ෆෝන් එක තිබ්බා. ඇමතිතුමා නොකී නිසා පොරට තරහා ගිහින්. අපි බොහෝ වෙලාවට එයාලාගේ ක්‍රමේනෙ කියලා ඇමතිතුමා කියලයි කතා කරන්නේ. (මේවා අතුරු කතා.)

කොහොම වුණත් පැමිණි දේශපාලඥයන්ව අධික වර්ණනාවකට ලක් කළ බව පෙනුනා. නිවේදිකාවට කියන්න අමතක වුණ සමසමාජ පක්ෂේ ඉඳන් රාජිත ඇමතිවරයා කළ සේවාව ගැන කෑල්ලක් පසුවත් කීවා. ඒ තරම් ඇමති වර්ණනාව වැදගත් ලෙස සලකලා තිබුණු බව පෙණුනා.



මේ වර්ණනා හේතුවෙන් සභාවෙ හිටපු බොහෝ දෙනෙක්ගෙ හිත් තුල ඇතිවුණ පිළිකුල ටිකක් තුනී වුනේ ඇමතිවරු ගියාටත් පස්සේ වෙලාවක සන්නස්ගල ස්ටේජ් එකට නැඟපු වෙලාවෙ ‘සේනක බිබිලෙ ගියාද?‘ කියල කින්ඩියට අහපු නිසා.

කරූ ජයසූරිය කලින් යන්න නියමිතව තිබුණු නිසා අන්තිමට උත්කර්ෂවත් ලෙස ලබාදෙන තිබුණු වසරේ බ්ලොග්කරු ආදී සම්මාන මැදින් දෙන්නත් සංවිධායකවරුන් තීරණය කර තිබුණේ ඔයා ඕනනම් යන්න, වෙන කෙනෙක් ලව්වා දෙන්නම් කියලා කියන්න විදියක් නොතිබුණු හින්දා විය හැකියි.

කොහොමවුණත් මට කතාකරන්න ඕනෑ බ්ලොග් සම්මාන උළෙලටත් වඩා මේ දේශපාලඥයන්ව විවිධ දේවල්වල පියවරුන් ලෙස හැඳින්වීම ගැනයි.

 රාජිත සේනාරත්න ඇමතිවරයාව සේනක බිබිලේ ලෙස හැඳින්වීම දැකිය යුත්තේ සේනක බිබිලේ නාමයේ ගූ බෙට්ටක් තැවරීමක් ලෙසයි. වත්මන් ඖෂධ අධිකාරිය පිළිබඳ පනත ගේන්න රාජිත ඇමතිවරයා පෞද්ගලික මැදිහත්වීමක් කළ බව ඇත්ත. මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා මේ පනත ගේන්න උත්සාහ කරලා මහින්ද රාජපක්ෂ යුගයේ බලපෑම් නිසා ඒක ගෙන්න බැරිවුණා. ඉන්පසුව රාජිත සේනාරත්න ඇමතිවරයාට හැදුණු දේශපාලන පසුබිම පාවිච්චි කරලා පනත ගේන්න හැකිවුණා. ඉන්පසුව පළවැනියට ඖෂධ අධිකාරියට පත්කළේ ලෝකයේම ගෞරවය දිනාගත්ත, ඇත්තටම නූතන සේනක බිබිලේ ලෙස හැඳින්විය හැකි මහාචාර්යවරුන් දෙදෙනෙක්. එහෙත් ඔවුන්ට ලැබිය යුතු ස්පොට්ලයිට් එක ලැබුනේ නැතිවා පමණක් නොවෙයි, ඔවුන්ගෙන් නිසි සේවයක් ලබාගන්නත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට නොහැකි වුණා. දැන් ඖෂධ ප්‍රතිපත්තියයැයි තමාට හිතුණු දේවල් තැනින් තැන කියවීමයි සෞඛ්‍ය ඇමතිවරයා කරන්නේ. බොහෝ අවස්ථාවල සේනක බිබිලේව තමන්ට ඕනෑ විදියට අර්ථදක්වාගෙන කයිවාරු ගැසීම් කරන ඔහුව සේනක බිබිලේ ලෙස අන්වර්ථනාමගත නොකළත් ඔහු බිබිලේ නාමයේ දැළි ගානවා.

ප්‍රා කතා පැත්තකට දැම්මත් සෞඛ්‍ය ක්ෂේත්‍රය උඩුයටිකුරු කරලා අසරණ මිනිස්සුන්ට සේවය සැපයීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඔහු ඒ බව පෙන්වන විදියේ හොඳ තීරණ ගත් බවත් පිළිගන්නට සිද්ධවෙනවා. ගිලන්රථ සේවාවන්, ඖෂධ මිල අඩුකිරීම්, ස්ටෙන්ට් සහ අක්ෂිකාච නොමිලේ ලබාදීම් වගේ දේවල් ඓතිහාසික තීන්දු. ඒවා පිටිපස්සේ තියෙන මාෆියාවන්ට මුහුණදෙමින් කළයුතු දේවල්. විශේෂයෙන් ඇතැම් වෛද්‍යවරු ඇතුළු නිලධාරීන් මාෆියාවන් වල බලයෙන් කරන දේවල්වලට මුහුණදෙන්නට ඔහුට පුළුවන්. හැබැයි මේ හයිය පාවිච්චිකරමින් යන්නට ඕනෑ දුරින් කාලක්වත් ඔහු ගියේ නැහැ. කොටින්ම ඔහුට ලැබුණු අවස්ථාවේ හැටියට ඔහු කිසිදෙයක් කරලා නැහැ. මම නිදහස් සාධාරණ අධ්‍යාපනය පිළිගන්නා කෙනෙක් වුණත් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධ කෙනෙක් නොවුණත් සයිටම් සම්බන්ධයෙන් වුණත් අන්තිම ප්‍රතිගාමී පියවරවල් ඔහු ගන්නා බව කිවයුතුයි. මේ සියල්ල එක්ක ඔහුව සේනක බිබිලේ කෙනෙක් කරන්නේ කොහොමද. සේනක බිබිලේ කියන්නේ මා දන්නා විදියට ලංකාවේ කලාතුරකින් විතරක් බිහිවිය හැකි විදියේ දැවැන්තයෙක්.

කරූ ජයසූරිය මහතා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වෙනුවෙන් ලොකු සේවයක් කළ බව ඇත්ත. එහෙත් ඒකේ පියා ඔහු නෙවෙයි. ඒ පිටිපස්සේ විශාල සමාජ බලවේග රැසක් ඉන්නවා. ලොකු සටනක් කළ පිරිසක් ඉන්නවා. කරූ කළේ ඒ සටන දැක, තොරතුරු පනත දේශපාලන වේදිකාවට ගෙනා එක විතරයි.

අපි ඩීඑස් සේනානායකව අපේ අය හඳුන්වන්නේ නිදහසේ පියා කියලයි. නිදහස් අධ්‍යාපනයේ පියා විදියට කන්නංගරව හඳුන්වනවා..හැබැයි ඉතිහාසය දන්නා අය හොඳින් දන්නවා ඩීඇස්ලා කරපු ලබ්බක් නිසා නෙවෙයි, දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ආපු තත්වය සහ නව යටත්විජිතවාදයේ සංකල්පය වැනි නොයෙක් දේවල් නිසා තමයි ලංකාවට ඩොමීනියන් නිදහසක් ලැබුණේ කියලා. ඒ වගේම ඩීඇස්ලා නිදහස නොඉල්ලපු බවත් එකල උතුරේ ජාතිකවාදී සංවිධාන සහ සමසමාජය පමණක් නිදහස් ඉල්ලූ බවක් දන්නා අය දන්නවා. හැබැයි පළවැනි අගමැති හින්දා ඉතිහාසය ලියද්දී නිදහසේ පියා කියලා ඩීඇස්ව හඳුන්වනවා. නිදහස් අධ්‍යාපනය සංකල්පය ගත්තත් ඒක පිටිපස්සේ සමසමාජ පක්ෂය කරපු කාර්යභාරය ගැන දන්නෝ දන්නවා.

2020ත් මුං අපට රැවටෙයිද බං?

දැන් ආණ්ඩුව එයාලාම විසින් හඳුන්වන්නෙ යහපාලන ආණ්ඩුව කියන නමින්.ඒකත් යහපාලනය කියන වචනයේ ගූ බෙටි තැවරීමක්. කෘෂිකර්ම ගොඩනැගිල්ලට හරි මන්ත්‍රී දීමනාවට හරි වචනයක් නොහොල්ලා අගමැති සහ ජනාධිපති මිස්ට රනිල් සහ මිස්ට සිරිසේන ගල් ගිල්ලා සේ ඉන්නා ආකාරයම යහපාලන වචනෙ ගූ ගෑමක්.

දැන් මාධ්‍ය නිදහස දුන්නා, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දුන්නා වගේ දහසක් කතා මේ ආණ්ඩුව යළි යළි කියනවා. ඔවුන්ට කියන්න තියෙන්නේත් එපමණයි. එහෙත් ඒ කිසිවක් ඔවුන් දිනාදුන් දේවල් නෙවෙයි. මේ සියල්ල බ්ලොග්කරුවන් සයිබර් වීරයන් ඇතුළුව මිනිස්සු එක්ක නිදහස වෙනුවෙන් නිර්භීතව සටන්කරපු මිනිසුන් නිසා ලැබුනේ. පුවත්පත්වල මාධ්‍ය සංවිධානවල සිවිල් සංවිධානවල විතරක් නෙවෙයි තනි තනි පුරවැසියන් ලෙස නිර්භීතව නිදහස වෙනුවෙන් කතාකළ බොහෝදෙනෙක් නිසයි රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාද වෙලා මේ ආණ්ඩුව ආවේ.



තොරතුරු පනත්, ව්‍යවස්ථා සංශෝධන, ඖෂධ පනත් වගේ හැම එකක්ම මේ පුරවැසි අවකාශයේ තිබුණ ඉල්ලීම් මිසක් මේ දේශපාලඥයන්ගේ න්‍යායපත්‍රවල තිබුණු දේවල් නෙවෙයි. ඒවා බාගෙට කිරීමක් මිස මේ ආණ්ඩුව අලුතින් කරලා තියෙන්නේ මොනවාද. පුරවැසි අවකාශයෙන් නොආපු, එයාලාම යෝජනා කරපු දේකට තියෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය විතරයි. අලුත්ම අලුත් නවලිබරල් මත කිව්වාට මම අහලා තියෙන විදියට මේ ආණ්ඩුවට තියෙන්නේ නව ලිබරල්වාදයේ හද්ද පරණ අදහස්. හැත්තෑගණන්වල ඒවාලු. (ඕවනං මම දන්නේ නැහැ.)

එහෙම ගත්තාම මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් නෙවෙයි.


වික්ටර් අයිවන් නිතර කියන විදියට ලංකාව මේ වගේ මිනීකඳු ගොඩක් වෙච්ච දුඟඳ හමන කුණුවී ඕජස් ගලන රටක්, සමාජයක් වෙන්න පළවැනි හේතුව ඉතිහාසයේ රාජ්‍යෙය් නායකයන් වුණ සියළුදෙනාම එකවගේ වගකිව යුතුයි. මේ රට දියුණු කරන්න තරම් පුළුල් දැක්මක් කාටවත් තිබිලා නැහැ. එවැනි අයව තමයි අපි පියවරු, රිදී සීනු වගේ රටේ නැති විරුදාවලි වලින් හඳුන්වන්නේ. හන්දි ගාණේ පිළිම හදලා අවුරුද්දකට සැරයක් වඳින්නේ, බිල්ඩින් සහ පාරවල් ඒ වගේ දැක්මක් නැති නායකයන්ගේ නම්වලින් තමයි නම් කරන්නේ.

ඕක තමයි ඇත්ත. ඔය ඇත්ත වෙනුවෙන් කවුරු මොනවා දුන්නත් ඒවා අරගෙන හෝ නෙගෙන මම පෙනී ඉන්නවා. දේසපාලුවන් වෙනුවට පුරවැසියන් සටන්කොට ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ මෙන්ම අනාගතයේත් ජයග්‍රහණ ගන්න ඕනෑය කියන සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්නවා. සියළු ජාතීන් සමාන බවත් ජාතීන්ට අනන්‍ය වූ දුෂ්ඨකම් නැතිබවත් කියනවා. සියළුජාතීන් නියෝජනය කරන නොයෙක් පීඩිතයන් එකතුවිය යුතු බව කියනවා. ඔය දේසපාලුවන්ව ඉතිහාසයේ කුණුබක්කියට දමන ලෙස ඉල්ලනවා.

කවදාහරි මේ ප්‍රතිපත්ති මමම පාවාදුන්නොත් මම එදාට මැරෙනවා. එදාට මාව කිසිම දෙයක පියෙක් නොකර මට හිමි ඉතිහාසයේ කුණුබක්කියට මාව දමන ලෙස මම ඉල්ලනවා.

64 comments:

  1. ඇත්ත.එකඟයි.
    ජයවේවා..!!

    ReplyDelete
  2. උඹට කතා කලාට උඹ මාව අඳුනගත්තෙ නෑ කියලනම් තේරුනා , හැක
    එකෙන් කමක් නෑ . මොකෝ මාත් රැවුලක් එහෙම වලලා කෙට්ටුවෙලා හිටපු නිසා ,

    ඔය කියන විධිහට සංවිධායකයෝ සේනක බිබිලේට රජිතව සමාන කරන්න කිව්වද කියලා නම් මම දන්නේ නෑ , මොකද ගියපාර උත්සවේදී මම කරද්දී කවුරුවත් ඇමට එහෙම බලපෑම කලේනම් නෑ ,
    අනික මම කාගේවත් අදහස් විමසන්න ගියෙත් නෑ , එතනදී ස්වාධීනව වැඩේ කළා මිසක්. කොහොමත් උන් වෘත්තීය නිවේදක නිවේදිකාවෝ , ඒ නිසා අනාගත් ආයෝජනයක් කළා වෙන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. අඳුනාගත්තා. ඒත් ටිකක් වෙලා ගිහිනුයි මීටර් වුනේ.... ඇත්තටම කෙට්ටුවෙලා. ඒකයි හේතුව

      Delete
  3. ලොක්කා රුවන්වැලි සෑය හැදුවේ තවුද? ජාතියේ පියා කවුද?

    ReplyDelete
    Replies
    1. රුවන්වැලි සෑය හැදුවෙ කම්කරුවො

      Delete
  4. සේනක බිබිලේ කතාවත් එක්ක බ්ලොග් කරුවන් පිරිසක්ම එළියට ඇවිත් ඉඳලා කතාවෙන් පස්සේ තමා ඇතුළට නැවත ගියේ.

    ReplyDelete
    Replies
    1. අපිට ඉන්ටිබල් එකක් හම්බුනා ඒ වෙලාවේ.. :))

      Delete
    2. අපි අහගෙන හිටිය ඉතිං. අහලම හුරුවෙලා.

      Delete
  5. මට සම්මාන උළෙලක් පැවැත්වීම සහ අගයමින් සම්මාන දීම ගැන ගැටළුවක් නැතත්, ඒ සඳහා ප්‍රධාන අමුත්තන් විදිහට සහබාගි කරගන්න බුද්ධිමත් මිනිස්සු ලංකාවේ නැතිද ?

    දේශපාලුවන් ගාව ගන්න එක කියනවා වගේ දැන දැන ගූ වලකට බහිනවා වගේ වැඩක් ... වැඩේ තියෙන්නේ සමහර අය බැහැල ඉවර වෙලා එක සුවඳයි කියනව විතරක් නෙමෙයි අනිත් අයවත් ඒ තැනටම ගන්න හදනවා.

    අහෝ දුකකි ... ඉරකි ... තිතකි !

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය අවධානය දිනාගන්න නම් දේශපාලඥයන්ට කතාකරන්න වෙනවා. හැබැයි ඒ කතාකරලා මුරුංගා අතුවල තියන්න ඕන නැහැ

      Delete
  6. දේශපාලකයින් අතින් සම්මාන දීම ගැන මගේ විරෝධය මම උළෙලට කළිනුත් කිව්වා. ස්වාධීනව හිතන, ලියන මිනිස්සුන්ට සම්මාන දෙන්න ඊට වඩා සමාජයට අවංක චේතනාවෙන් සේවයක් කළ මිනිස්සු ඉන්නවා. ඒ අය අතින් සම්මානයක් ගන්න එක ගෞරවයක්!!!

    මේ සටහන එක්ක එකඟයි මල්ලී...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මම සතුටුවුණා නාලක අතින් සම්මානයක් ගන්න ලැබීම ගැන. ජනමාධ්‍ය සම්මාන උළෙල පවත්වන්නේ දේශපාලඥයන්ගේ සහභාගීත්වයෙන් නෙවෙයි කියලත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. එතැන සම්මාන දෙන්නේත් මාධ්‍ය ලෝකයේ දැවැන්තයෝ

      Delete
  7. සම්මාන උල්ලෙ බලල් අත් ගැන පැහැදිලී. නිදහස් අධ්‍යාපනයෙ පියා කන්නංගර කිවුවට නිදස් අධ්‍යාපනයේ අවශ්‍යතාව ගැන පලමුව සටන් කරන්නෙ සමසමාජ පක්ෂය(බෝල්ශෙවික් ලෙනින්ස්ට්). කොල්වින් ඒ ගැන පොත් පිංචක් ලියනව ඉන්දියාවෙ හිරගෙදරක ඉඳන්. ඔය ඉල්ලීම ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට ගෙනාවම පලමුවර ඔය පියා කියන කන්නගරත් ඉන්නෙ ඊට විරුද්ධ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒක තමයි මම සිහිපත් කළේ.

      Delete
  8. මේ අපි භුක්ති විඳින හැම අයිතිවාසිකමක්ම ජනතාව ලබාගත්තෙ පන්තියක් විදිහට සටන් කරල මිසක මොන ආන්ඩුවක්වත් ආ මෙන්න ගන්න සුදෝ කියල දුන්නෙ නෑ සුභසාධන රාජ්‍ය උනත්. සම සමාජ වැනි කම්කරු පක්ෂ කම්කරු පීඩිත ජනතාවට පස්සහරවපු නිසා ජනතාව අතරමං උනා. දෙමල ප්‍රශ්නෙටත් මුල වෙන්නෙ සම සමාජ වැනි කම්කරු පක්ෂ අන්තිමේ ජනතාවට පුක පෙන්නපු එක. එකල සිංහල දෙමල සියලුම ජනතාව ඒකරශීවෙලා හිටියෙ මේ පක්ශ වටේ. ඒ මහා පාවාදීමත් එක්ක ජාතිවාදී කන්ඩායම් බිහිඋනා උතුරෙ. දකුනෙ ජාති වාදී කන්ඩායම ජවිපෙ. ජවිපෙ කම්කරු සටන් තරුන සටන් වලට ඌනනය කල නිසා ජනතාව සටන්කල දිනාගත් ජයග්‍රහන පවා නැති වෙන්න පටන් ගත්ත. දැන් සුභසාධන රාජ්‍ය ලොවෙත් නෑ.

    ReplyDelete
  9. උන් වෘතිය නිවේදකයෝ නෙවෙයි.. උන් වෘතිය කොළ කියවන්නෝ.. ඉවානයා කොච්චර හොඳට ගිය පාර ස්ටේජ් එක බැලන්ස් කරාද?

    ReplyDelete
    Replies
    1. හම්මේ දැනෙන ආඩම්බරේ :) :D

      Delete
    2. හම්මේ... දැනෙන ආඩම්බරේ... //

      මෙයා හිටිය නම් කණෙන් ඇදල හරි කියන්න තිබුණා, ‘‘මේ ටික කියනු.‘‘ කියල...

      Delete
    3. ගියපාර මට මතකයි. ලෝකෙ හොඳම සම්මාන උළෙල... නෙළුම් මල එක්කනෙ හිටියෙ හිටං

      Delete
    4. යකෝ අසනීප වෙච්ච මනුස්සය ආයෙත් මුරුංග අත්තෙ නග්ගල කොන්ද කඩන්නද හදන්නෙ..

      Delete
  10. //ප්‍රා කතා පැත්තකට දැම්මත් සෞඛ්‍ය ක්ෂේත්‍රය උඩුයටිකුරු කරලා අසරණ මිනිස්සුන්ට සේවය සැපයීමේ හැකියාවක් ඔහුට තියෙනවා.//
    එහෙම ලේසියෙන් PRRAජිතගෙ ප්‍රා කතා අමතක කරන්නෙ කොහොමද? 

    ReplyDelete
    Replies
    1. එහෙම අමාරුනම් සිහි තබාගෙන ඉන්න.... ඒකේ කිසි වැරැද්දක් නෑ

      Delete
  11. මේ ලිපියේ බොහෝ කරුණු හා එකඟ වන අතර.. ලිපියේ කෙටියෙන් අඩංගු .. X-Porter විසින් විස්තර ඇති කරුණ සම්බන්ධව තරමක් වෙනස් අදහසක් දරමි. බන්දේසියේ තබා දෙන්නේ නැතැයි කීම සාධාරණ නොවන්නේ.. අප මොනවා කීවා කළත්.. ඔවුන් තීරණය කරන්නේ නම්.. ඔවුනට කැමති දෙයක් දී.. කැමති දෙයක් නොදීමේ.. වරය තිබෙන නිසා ය. ඒ නිසා සාපේක්ෂ සංසංදනයේදී එම කරුණු වල වැදගත් කමක් නැත්තේ නැත.. මහින්ද කරපු යුද්ධයත් මහින්ද හදපු පාරවලුත් වගේ ම .. වත්මන් ආණ්ඩුවෙන් දීපු නිදහසත්.. ප්‍රජාතන්ත්‍රවාදයත් වටිනවා.. (ඒත් ඔය කියපු කාරණා.. අංග සම්පූර්ණ වෙන්ට තව බොහෝ දේ විය යුතුව තිබුණා.. විය යුතුයි.. ) .. ඔවුන් කළේ ඔවුන්ගේ රාජකාරිය ය කියා.. ඔවුන්ව හෑල්ලුවට ලක් කරන එක හරි නෑ.. කලින් ඒ රාජකාරිය කරන්නට තිබූ අය ඒවා නොකිරීමෙන්.. පෙනී යන්නේ අදාළ කෙනා සාපේක්ෂව එම කාර්යයේදී සාර්ථක බවයි.. එයට හිමි නිසි ගෞරවය හිමි වීම සාධාරණයි.. ඒ අතර ම ඔවුන් කරන වැරදි වලට විරුද්ධ විය යුතුයි..

    ReplyDelete
  12. උඩුවෝ, උඹ තාම පොඩියි බන්, ඒ නිසා තමයි මේ රැඩිකල් අදහස්. හැබැයි උඹ වගේ පත්තරකාරයෙකුට (තාත්තගෙ දේපල නැත්නම්, වෙන ජොබක් හරි බිස්නස් කටුවක් හරි නැත්නම් ) උඹට කවදාවත් තාරුණ්‍ය සිහිනයවන හොඳ කාර් එකක් ( ඉන්දියන් ලබ්බක් නොවේ ), නගරයට යාබද පෙදෙසකින් තට්ටු දෙකේ ගෙයක්, මිනිස්සු දෙපාරක් බලන ලස්සන බිරිඳක් ලැබීම සිහිනයක් පමණයි. උඹට ළමයි ලැබිලා උන් එක්ක ඩිස්නි ලෑන්ඩ් පැත්තෙ එක්ක යන්න, බැංකොක් පැත්තෙ ගිහින් පොඩි සැපක් ගන්න අදහසක් නැද්ද ? එහෙම තියේ නම් උඹ මේ වගේ දේසපාලුවො මුරුන්ගා අත්තෙ තියන්න ඕනෙ. උන් ආසයි මේ වගේ ඇන්දෙන්න. එහෙම කරන්න බැරිනම් කකා වගේ ඔස්ට්‍රේලියා පැත්තට පැනපන්. රුසියාවෙ ඉගෙනගෙන ලංඩන් පැනපු කොටාලත් මෙහෙමනම් තව මොන කථාද බන් ?

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙනස්වෙන්න ඉඩ තියෙනවා... කවුද දන්නේ ලෝකෙ හැටි.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. පෝස්ට් එකට අදාල නැති උනාට උඩුවෝ බොලාත් පිලිම් බලන්න පෙරේතයනෙ. බලල නැහ්නං මේක බලහං ස්ටාර්ලිං ගෙ වැඩ කිඩ - bitter harvest

    http://cmovieshd.com/movie/bitter-harvest/watch/

    ReplyDelete
  15. දේශපාලකයෝ නැතිව අපි කවුරුත් ගරු කරන චරිත කිහිපයකට ආරාධනා කළා නම් වඩා හොඳයි කියල මාත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. මමත් දේශපාලඥයෝ ගේන්න යෝජනා කරපු කෙනෙක්. හැබැයි එහෙම නැතිව කරන්නත් තිබුණා.

      Delete
    2. මහින්ද දේශප්‍රියව විතරක් ගෙනාවනං නියමයි. නැත්තං මායාදුන්නෙ වගේ කෙනෙකුත් ගේන්න තිබ්බා.මේ හාල්පාරුවො නැතිව.

      Delete
  16. හිතුනා එදා ඒ වෙලාවෙම . මේ ගැන මෙහෙම ලියැවෙයි කියලා. කතාව ඇත්ත. ඔබේ පැමිණීමත් , ඇස් දෙකට දැකල ,වචන දෙකක් කතා කරන්න ලැබීමත්. මේ වැනි ලිපියක් ලිවීමත් අගය කරමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඊළඟ පාර හරියට කතාකරන්න ඕන.

      Delete
  17. බොරුවට රාජිතට බනින්නේ අනික් අය අති පිරිසිදුයි ද? ඔහෙලට සම්මාන දුන්නෙ හොර ඔප්පු ලියලා පොලිසියට මාට්ටු වෙලා නඩු වැටුනාම ඊට මූන නොදී පිට රට පැනලා ඉන්නා ජ්‍යාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුදාරියෙක් ට අයිති කොම්පැණියකින් කියලා දන්නවද?

    වෙලේ සුදා දුන්නත් ඔහේ සම්මානෙ ගන්නවද?

    ReplyDelete
    Replies
    1. වෙලේසුදා දුන්නොත් ගන්නේ නැහැ. මහින්ද දුන්නොත් ගන්නේ නෑ

      Delete
    2. ඔබට මේ සමීකරණය තේරෙනවද ?
      රාජිත = මහින්ද රාජපක්ෂ

      Delete
  18. එදා රාජිතව හඳුන්වා දෙන වගන්ති ලියලා දීලා තියෙන්නේ චතුර ලු!

    ReplyDelete
    Replies
    1. හැබැයි බා බා බා කියලා තිබුණේ නං නෑ

      Delete
  19. මේ ටෙම්ප්ලේට් එකේ අවුලක් ඇත. මොබයිලයෙන් නම් කියවීමටත් අමාරුයි. සාමාන්‍ය පරිගණකයින් කමෙන්ට් කිරීමේ දී අවුලක් ඇතිවේ!

    ReplyDelete
  20. අකුරු යාන්තමින් වගේ පොඩි කරොත් නරකද....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතාම සරල එකකට මාරුවුණා.

      Delete
  21. හපොයි ඇත්ත තමයි.දේශපාලනයට සම්බන්ද නැති මං දකින ආකාරයට ජෙනුයින් කෙනෙක් අතිං සම්මානය ගන්ට ලැබීම මගේ අහඹු වාසනාවකි.ඔවුන් ගෙන්වීමට වඩා සිවුමංසලේ කොළු ගැටයා කොළඹ ගමයා හෝ ප්‍රවීන බ්ලොග් කරුවන් අතින් සම්මාන ලැබීම ඊට වඩා වටීය
    හුප්...නූතන සේනක බිබිලේ...උන්දැගෙ උණ බැස්සද දන්නෑ ඒක ඇහිල

    ReplyDelete
    Replies
    1. උණ නැගල පැරකුම්ගෙ.. ඒක අහලද දන්නෑ හැබැයි

      Delete
  22. ආවත් නෙලුම් සිරි දැකුමට එදින මම
    තාමත් උඹව මුණ නොගැහුණු එක පුදුම.....

    සුභ පැතුම් උඩුවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නෙක්ස්ට් පාර මීට් වෙමු

      Delete
  23. //බ්ලොග් සංසදයේ හරි මොකක්හරි එකක සභාපතියැයි කියන කෙනෙක්ගේ//
    අනිත් දේවල් පැත්තකටම කරල තිබ්බට පස්සෙත් හෙනම අවුලක් තියන සීන් එකක් තමයි මේක . . . . කවුද මේ බ්ලොග් සංසදයෙ ඉන්නෙ කියන දේ්‍.

    ReplyDelete
  24. හැබැයි මේ හයිය පාවිච්චිකරමින් යන්නට ඕනෑ දුරින් කාලක්වත් ඔහු ගියේ නැහැ. Habayi me kathawata nam mama ekanga neha.Epamana dura giye nathnam nav gananawak ayithiyi kiyana kathawa boruwakda?

    ReplyDelete
  25. ඔය දේශපාලුවන්ව මහජන නියෝජිතයෝ විදහට පත් කෙරලා අපේ බදුමුදලින් සුර සැප දෙනේනේ මහජනයාටම සේවක් කොරන්න තමයි. ඉතිං වැඩක් කලොත් ඌ අර වැඩේ පියා මේ වැඩේ නිර්මාතෘ. ඒ කරන දේවල් කොහොමද උගේම සංකල්පයක්වෙන්නේ. දේශපාලුවන් ඉන්නේ අපිට සේවයක් කරන්න මිසක් අපි උන්ට සේවක් කරන්නවත් උන් ලග දෙකට නැමෙන්න නම් නොවෙයි. මේ රට ගොඩගන්න බෑ උඩුවෝ

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ. ගොඩගන්න වෙනවා;

      Delete
  26. සේනක බිබිලේ ????
    හුකෑස් :P :P

    ReplyDelete
    Replies
    1. සනෝජා බිබිලේ වගේ වෙලා දැං

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. මා දන්නා පරිදි මේ පුද්ගලයා මේ ඖෂධ ප්‍රතිපත්තිය ස්ථාපනය කිරීමට හෝ දුම්වැටි මත්පැන් වලට විරුද්දව මේ තරම් කෑ ගහන්නේ අත ලෙව කෑමට නොවේ. ඔහු අමාත්‍ය දූර දරමින් ඇති තරම් ධනය මේ වන විට උපයාගෙන ඇති. ඔහු එයින් මුල්‍යමය ලාභයක් බලාපොරොත්තු නොවුනත් ඔහු බලාපොරොත්තු වන දිගු කාලින ලාභයක් තිබේ. ඒ ඔහුගේ පුතුන්ගේ අනාගත දේශපාලන ගමනයි. ලංකා දේශපාලන ඉතිහාසයේ දුරධර්ශි හා කාර්යශුර දේශපාලකයකු ලෙස තම නම සටහන් කිරීමට දැන් ඔහු උත්සහ කරමින් සිටින්නේ එම හේතුව නිසාවෙනි.

    ReplyDelete
  29. උඩුවෝ දෙසපාලුවොන්ට කඩේ ගිහින් පච උනාම තමුන්ගේ හැදී වතත් ගලවල සිතම්බර පට පෙරවගන ඩෑමෙජ් කොන්ට්‍රෝල් කරනවා දකිනකොට හිනා යනවා හිටන්.

    http://www.w3lanka.com/2017/03/blog-post_76.html
    මේ තියෙන්නේ සේනක බිබිලේ ගැන ප්‍රවීන බ්ලොග් ලියන්නකු වෙන අජිත් පැරකුම් කියන දේ
    //සේනක බිබිලේ ගැන මට ගැඹුරු හැදෑරීමක් නැහැ//

    ඔබ මගේ කොමෙන්ටුවට ඔහු දීල තියන උත්තර ටික බලපුවහම පේනවා දෙසපාලුවෝ එක්ක ලැග්ගහම ස්වාදිනත්වය කියන මෙව්වා එකට වෙන දේ.

    මේ නෙළුම යය හරි පොහොට්ටුව හරි කරපු එව්වන් ගෙන් අගහන්න ඕනේ එකයි මේ දෙසපාලුවූ ගෙවාවේ බ්ලොග් කරුවන්ගේ මොනවගේ දියුණුවක් බලාපොරොත්තු වෙන්ද කියන දෙයයි.

    ReplyDelete
  30. උඩුවාගේ සම්මානයට මගේ සුභ පැතුම්

    ReplyDelete
  31. කොටින්ම මම නම් රාජිතගේ කතාව අහන් හිටියෙ නෑ. ඒත් ගොඩක් අය හිටියෙ අප්‍රසාදයෙන් බව පෙනුනා. මට ඇහුණ එකම දේ " මට උණ හැදිල ඉන්නෙ.." කියපු එක විතරයි.

    ReplyDelete
  32. රාජිතයගෙ කතා යද්දි අපි පහළ .. මොන මගුලක් කිව්වද ඇහුනෙ නෑ... ඌව සේනක බිබිලේ කළේ නිවේදකයො නෙවේ මං හිතන්නෙ. අජෙන්ඩා එකෙන්. උන් ගිරව් වගේ කියල දීපුවා කියවන්න ඇති. උඹව හම්බුනු එක සහ කතාකල එක ගැන සන්තෝෂයි බං. ජයවේවා...

    ReplyDelete
  33. මේ රටේ දේශපාලනය හැම අස්සක්ම රිංගලා තියෙන්නේ.දේශපාලකයින්ගේන් මේක විතරක් වියුක්ත කරගන්න බැහැ.ඔය දේශපාලකයෝ ගෙන්නලා උන්ගේ අතින් සම්මන දෙන්නවාට වඩා හොඳයි කියලා හිතෙනවා උන් එක්ක සංවාද කරන්න මණ්ඩපයක් හැදුවා නම්.

    ReplyDelete
  34. ගම්වල සැම තැන ඇවිද ගොසීන්නේ
    වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ
    සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ
    පේඩිහමාවද සාබේ නටාන්නේ

    මේ රට සිටිනා මහතුඟ අණටා
    ආමි වියන් බඳිනා ලෙස මෙරටා
    පේඩිහමා කියමින් කෙළිකවටා
    තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා

    නාද අසා සිට බෙර නද ඝෝසා
    ආද පාද තබමින් නෙක විලසා
    බේද නොවී සබයේ සිතු විලසා
    පේඩි රාළ නටතිය සබෙ සතොසා

    ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට
    ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට
    ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට
    මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට

    ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින
    සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන
    මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින
    පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන

    නා‍ට්‍ය‍ය‍ - ජසයා සහ ලෙංචිනා (දයානන්ද ගුණවර්ධන)

    ReplyDelete
  35. සුභ පැතුම් !

    ReplyDelete