උළෙලේ වැඩි අවධානයට ලක් වෙච්ච ෆිල්ම් කිහිපයක්ම බලන්න දිගු පෝලිම් තිබුණ. දීපන්, මෝටර් බයිසිකල්, සයිලන්ස් ඉන් ද කෝට්, නිම්නයක හුදෙකලාව වගේ ෆිල්ම් බලාගන්න බැරිව ආපහු හැරුණු අයත් ගොඩක් හිටිය. ඒවාට විසඳුම් හොයන්න අමාරුයි. සමහර ෆිල්ම් දෙපාරක් පෙන්වනවා වගේ විසඳුමකට යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ. ඒත් මේ සිංහල ෆිල්ම් බලන්න හැදෙන පෝලිම් කියන්නේ අවුල් කතාවක්. සිංහල ෆිල්ම් කවදා හරි සිනමාහල්වල ප්‍රදර්ශනය වේවි.
මේ පෝලිම් අස්සේ සිද්ධ වුණු සිදුවීමක් පිටිපස්සේ තියෙන ඛේදවාචකයක් ගැනයි කියන්නට ඕන වුණේ....
මම, බිඟුන්, උපුල් වික්‍රමසිංහ, සාලිය ඉඳුරුවිතාන ඇතුළු පිරිසක් හතට රීගල් එකේ තිබුණු දීපන් බලන්න පෝලිමට දුවගෙන ආවේ පහයි තිහ වෙද්දී. ඒ වෙනකොටත් පෝලිම ටිකක් දුරට දුවලා..
හයයි කාල විතර වෙනකොට හෝල් එකේ පෝලිම ඉවරයි. ඇතුලේ තියෙන සීට් ගාණට පෝලිමේ ඉන්න අයට ටෝකන් දුන්න. ටෝකන් ඉවර වුණාට පස්සේ අනිත්අයව හරවලා යවනවා ඉඩ නැති නිසා.
එක්තරා අපිළිවෙලට හැඳගත් වියපත් මනුස්සයෙක් මෙහෙම ඇවිත් ටෝකන් ඉවර වීම නිසා ආපහු යන්න ලෑස්ති වෙනකොට සාලිය සහෝදරයා ඔහුව දැක්කා. හඳුනාගත්තා. අජිත් තිලකසේන (රාවය) නම් දැවැන්තයන්ගෙත් දැවැන්තයා. සිංහල සාහිත්‍යයේ විප්ලවකරුවා. අසුනක් නැති හින්දා ආපහු හැරිලා යන්නයි ලෑස්තිය. පන්සිය පනහක් දිගු පෝලිම හෝ වොලන්ටියර්ස්ලා අජිත් තිලකසේනව හඳුනාගෙන තිබුණේ නෑ. ඒකනම් එච්චර පුදුමයක් නෙවෙයි....
මමත් රූපයෙන් අජිත් තිලකසේනව දුටු විගස හඳුනාගත්තේ නෑ... (වොලන්ටියර්ස්ල ඔහුව හඳුනා නොගැනීම ගැන පුදුමයක් නෑ. ඔහු එතරම් මාධ්‍ය වල පෙනී හිටපු කෙනෙක් නෙවෙයි)
චිත්‍රපටිය බලන්න ආපු අය බොහෝ දෙනෙක්ට ආපහු හැරිලා යන්න වුණා. තරාතිරම නොබලා බොහෝ දෙනෙක්ව හරවා ඇරියා. අජිත් තිලකසේනත් හිතේ කිසිදු කහටක් නැතිව හැරිලා යන්න සූදානම් ඇති. ඒත් අජිත් තිලකසේනව ආපහු හරවා යැවීම? ( ඒ අතරේ අපට පෙණුනේ පෝලිමට පිටින් යන්න සූදානම් වුණූ අය ඕන තරම් ඉන්නවා.. වෙන් කළ ආසනත් තිබුණා. )
ඒ නිසා අපි ගිහින් වොලන්ටියර් කෙනෙක් සමඟ කතා කළා...
‘මොන අජිත් තිලකසේනද මචං? ඊයේ මොහාන් රාජ් මඩවලවත් හරවලා යවන්න වුණ එකේ. කරන්න දෙයක් නෑ. සාහිත්‍යකාරයෝ ඔක්කොම පෝලිමේ ගිහින් තමයි ෆිල්ම් බැලුවේ.‘
(මොහාන් රාජ් සහෝදරයාට අගෞරවයක් කරන්න අවශ්‍ය නොවුණත් වොලන්ටියර් මිත්‍රයාගේ මේ කතාවට ඔහු වුණත් ඔළුවේ අත ගසාගනීවි)
කෙසේ හෝ අවසානයේදී අජිත් තිලකසේන නම් නූතන සාහිත්‍යයේ අනුපම කැරැලිකරුවාට දීපන් බලන්න පුළුවන් වුණා. සාලිය සහෝදරයාගේ මහන්සිය නිසා.... ( අනෝමා රාජකරුණාටත් ස්තූති කරන්න ඕන)
වොලන්ටියර් මිත්‍රයා උසස්පෙළ පන්තියේ මගේ මිත්‍රයෙක්. අපි උසස්පෙළට සිංහල සාහිත්‍යය හැදෑරුවා. නූතන සාහිත්‍යය යටතේ සිංහල කෙටිකතා සංග්‍රහයත් ඒ අතර තිබුණා. දැන් ඔහු සිනමා උණක් එක්ක සිනමාකරණය ඉගෙනගන්නවා. ඒ උණ නිසාමයි වොලන්ටියර් විදියට මෙතැන වැඩ කරන්න එන්නේ.
‘චිත්‍රපටිය අවසන් වෙලා යන ගමන් ඔහු මගෙන් ඇහුවා සිරාවට කවුද මචං අජිත් තිලකසේන කියන්නේ? ඇත්තටම දැනන් හිටියේ නෑ බං.‘ කියලා.....
තිලකසේනව උසස්පෙළට සිංහල සාහිත්‍යය හදාරපු මිත්‍රයා නොදැන සිටීම ඔහුගේ වැරැද්දක්ය කියලා මට හිතෙන්නේ නෑ... වැරැද්ද කොතැනද? දීපන් චිත්‍රපටියට තිබුණු දිග පෝලිම තවත් ඛේදවාචකයක් ගැන කල්පනා කරන්න අපව යොමු කළා....
මං අජිත් තිලකසේන ගැන දැන ගත්තේ උසස් පෙළ සහ තෘතියික අධ්‍යාපනය අතර කාලේ සංයුක්ත කවි සහ තවත් කෙටිකතා පොතක් කියවලායි. ඊට කලින් පොර සිංහල අකුරු වෙනස් කරලා ලියපු ලිපි නම් කියවන්නම බැරි වුනා!
ReplyDeleteනමින් හැඳිනීමයි, අයිඩී කිරීමයි දෙකක්!
මාත් උසස්පෙළ කාලේ ලයිබ්‍රියකින් තමයි මුලින් දැක්කේ..
Deleteමුණගැහිල කතා කරන්න වාසනාව ලැබුනේ දීපන් පෝලිමේදී තමයි
වෙන් කල ආසන!
ReplyDelete"සාහිත්‍යකාරයෝ ඔක්කොම පෝලිමේ ගිහින් තමයි ෆිල්ම් බැලුවේ."
හැරිලා ගිය උන් අතර ඕකෙන් වැඩක් ගන්ඩ පුළුවන් උන් කොච්චර ඉන්ඩ ඇත්ද?? ඒ වගේම ඇතුළට ගිහින් බලපු උන්ගෙන් කීයක් නිකන් හින්දා විතරක් බලන්ඩ ඇත්ද?
ඒක හැබෑව...
Deleteඒත් අරමුණ මනින්න මීටරයක් නෑනෙ!!!
සල්ලි අයකළ යුතුයි.
ReplyDeleteතිලකසේන මහත්තයාට මටත් කාලයක ඉදන් කියන්න එකක් තියෙනවා..
ReplyDelete“තිලකසේන. ආයි හැරෙන්න“ කියලා
එයා හැරෙන්න ලෑස්තියි
Deleteඅජිත් තිලකසේන නමි වු දැවැන්තයා මාගේ ප්‍රියතම රචකයා වේ. මට ඔහු ගැන උණක් ඇත. මට ඔහුව දැක ගැනීමට වරමි නොවීම මහා වු දුකකි
ReplyDeleteසමහර විට යන එන ගමන් ඔයා දැකලත් ඇති....
Deleteමං තාම හිතනවා බං මේකට දාන්න ඕන කමෙන්ටුව මොකද්ද කියල... (ඒක මගේ වැරැද්ද වෙන්න ඇති බං)
ReplyDeleteඋඹට අදාලම නෑ බං මේක!!
Deleteමම ලිව්වේ ක්රමයේ තිබණ අවුලක්!!
අපට සිංහල උගන්වපු එකා තිලකසේන ගැන වචනයක් කියලා තියෙනවද?