අතිදක්ශ ගායන ශිල්පීන් වුණත් මේ කලාකරුවන් නොවේ... |
‘හදවත ගැඹුරේ ධීර චේතනා..
මේ සිව් හෙළයේ දසත විසිරුවා..
එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..‘
2009 දී යුද්ධයේ දරුණු මොහොතක ඊනියා යුධ මුක්ත කලාපයක් නම්කොට දෙමළ මිනිසුන් සමූල ඝාතනය කරද්දී කලාකරුවන් කළ යුතුව තිබුණේ ජාතීන් වෙනුවට මනුෂ්‍යත්වය පෙරටු කරගත් නිර්මාණ කිරීමයි. එහෙත් සිංහල කලාකරුවන් දෙමළ ලේ ඉල්ලමින් ඊනියා දේශප්‍රේමයක් වෙනුවෙන් නිර්මාණ කළහ. එතැනින්ම ඔවුන් කලාකරුවන් යන්න අහෝසි විය.
ශ්‍රී ලංකා මාතා ගීතයේ වීඩියෝවෙන් |
ඒ අතරින් ඉදිරියෙන්ම තිබුණු ගීතයකි 2009 පෙබරවාරි සමයේ උතුරේ ඝාතනයන් දරුණුවටම සිදුවෙද්දී එළියට ආ
දැන් නැවතත් දේශපාලනිකව බිඳවැටී සිටින පරාජිත ඒකාධිපති රාජපක්ෂලාගේ පෙරමුණට ඊනියා දේශප්‍රේමය අත්‍යාවශ්‍ය මොහොතකි.... මේ දේශප්‍රේමය මිනිසුන්ගේ ලේ වලට කැවීම සඳහා ඉදිරියෙන්ම කටයුතු කරන මාධ්‍ය ආයතන වන්නේ දෙරණ රූපවාහිනිය, දිවයින පුවත්පත, රිවිර පුවත්පත වැනි මාධ්‍යයයි....... කළු කුඩ විරෝධතා එන්නේ ඒ සඳහා ය.
උදේට පත්තර කියවන චතුර, සංඛ අමරජිත් වැන්නන් එළිපිටම ජාතිවාදී වාගාලාප දොඩවන්නේ ඒ නිසා ය....
දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැනි ජනප්‍රිය වැඩසටහනක තියුණු තරඟකාරී මොහොතක චිත්රු ද සිල්වා වැනි ප්‍රබල කටහඬකින් ශ්‍රී ලංකා මාතා වැනි ඊනියා දේශප්‍රේමී ගීත ගැයවීම ඒ ව්‍යාපෘතියට ඍජුව හෝ වක්‍රව උදව් කරන්නකි...
මීට පෙර ද අපි වෙනුවෙන් අපි නම් වූ සෙබළුන්ව රණවිරුවන් කළ ගීතය චිත්රුගේ කටහඬින් ගයවා තිබුණි..
චිත්රු |
චිත්රු දක්ෂයෙක් නිසා ඇයට තරඟය ජයග්‍රහණය කිරීමට සුභ පතමි....
තරඟයකදී එක් ගීතයක් ගැයූ පමණින් එය මහා ලොකු ඉෂූ එකක් කරගැනීම ඇතැමෙකුට විහිළුවක් විය හැකි ය.
බොබ් ඩිලන් |
ඇය ඩ්‍රීම් ස්ටාර් විය යුතු ය.
‘උරෙනුර ගැටිලා, බලය විහිදුවා..
ඩා බිඳු හෙලලා, සවිය පාමිනා..
සැම දනා.. දිවි දෙමූ, හෙළ භූමියේ නාමිනා..
ඔද තෙද පාලා, සිංහ ධජ හොවා..
ළය පුද කරලා, තේජසින් සැමා..‘
චිත්රුට අසාධාරණයක් විය හැකැයි සිතුණු නිසා හෙඩිම වෙනස් කළෙමි.....
අදයි ඇහුවේ....වොයිස් එක පට්ට!!
ReplyDeleteසංගීතේ කියන්නේ දැන් බිස්නස් එකක්නේ බන්? වැඩිම ලංසුවට...වැඩිම වාසියටයි තමයි කැරකෙන්ේන...
ඒත් මේ වගේ සිංදුවකින් ආණ්ඩු පෙරලන්නේ කොහොමද කියලා නම් අයිඩියා එකක් නෑ!!!
කොහොමත් සිංදුවකින් බ්ලොග් පොස්ට් එකකින් ආණ්ඩු පෙරළෙන්නේ නෑ
Deleteමම සාමාන්‍යයෙන් ටීවි බලන්නෑ.. බුකියෙ කොතන හරි චිත්රූ උලත එකයි පිලත් එකයි සිංදුව ක්යනව ෂෙයා කරල තිබ්බ.. සිරාවටම කටහඬ නං පට්ට.. උන්දැගෙ සිංදු ඔක්කම ඇහුව.. මං කීවෙ චිත්රු කියන අනුන්නෙ සිංදු ගැන ඈ.. හිතනව සමහරව්ටදිනයි කියල.
ReplyDeleteමට නං ඒක සිංදුවක් විතරයි.. එතනිං එහා දෙයක් හිතුවෙ නෑ.. අඩු ගානෙ උඹෙ මේ පෝස්ට් එක කියවන කං.. ක්යෙව්ව කියල වෙනසකුත් නෑ බොලං..
සිංදුව ඇහුවට පස්සෙවත්..???? නෑ.. සමහරවිට.. ම්හූ...
Deleteඒත් බොගෙ මේ පෝස්ට් එක නං සෑහෙන්න බලපායි.. සමහරවිට...
උදේ හවා ඔය සිංදුව එක එක අය කියනව ඇහුනට අවුලක් නෑ.!!
Deleteඒත් මානවවාදී පාරක යා යුතු කෙනෙක් කියද්දී පොඩි අවුලක් එනවා
මහ පොළොවේ නැති සිංහල ජාතිවාදයක් ගැන වෙළුම් ගණන් කතා කරන කිසිවෙක් දෙමළ ජාතිවාදය පිළිබඳ පවත්වන නිහඬතාව කෙනෙක් පුදුම කරන සුළු ය. මේ වන විට වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ සිංහල ජනතාවට එහි සිටින බහුතර දමිළ ජනතාවගෙන් සිදුවන අසාධාරණයෙන් කියා පාන්නේ යම් හෙයකින් මේ රට බහුතර දෙමළ රටක් වූවානම් එවිට එහි වෙසෙන සුළුතර සිංහලයා මුහුණ දෙන ජාතිවාදී පීඩනයේ ස්වභාවයයි. අද කිසිවෙක් කතා නොකරන සත්‍යයක් තිබේ. එනම් ජනසංඛ්‍යා දත්තවලට අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වෙසෙන දමිළ ජනයාට වඩා වැඩියෙන් දෙමළ ජනයා වෙසෙන්නේ ඉන් පිටත ය.සිංහල බහුතර ප්‍රදේශවල ය. එහෙත් එම ප්‍රදේශ ඔවුන්ගේ නිජබිම් නොවන බව කියමින් සිංහලයා ඔවුන් ඉන් පිටමන් කළේ නැත. කරන්නේ ද නැත. ඔවුන්ට කැමති පරිදි ජීවත්වීමේ අයිතිය තිබේ. අඩුම තරමින් යුධ සමයේදීවත් ඔවුන්ට නියපිටින් අසාධාරණයක් සිදු නොකිරීමට සිංහලයා වග බලා ගත්තේ ය. එහෙත් ප්රභාකරන් නැමැති ජාතිවාදී ත්රස්තවාදියා විසින් සිංහල උතුරු නැගෙනහිරින් පන්නා දැම්මේ තුවක්ක්කුව හිසට තැබීමෙනි. අද දෙමළ දේශපාලකයා කරන්නේ ද එයම ය. අපි නිතර ම කියන්නා සේ ලංකාවේ ජාතීවාදී වන්නේ බහුතර සිංහලයා නොව සුළුතර ජනයා ම බව මින් තහවුරු නොවන්නේ ද? ලංකාවේ අර්බුදය නියම තැනින් හා මාත්‍රාවෙන් තේරුම් ගන්නාතුරු ඊට විසඳුම් නැත. ආචාර්ය Nirmal Dewasiri වැනි දමිළයාගේ ප්‍රශ්න පමණක් හුදකලා කොට කතාකරන්නන්ට මේ සමබන්ධයෙන් කිමට ඇත්තේ කුමක් ද?
ReplyDelete//අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්සු කුලියක් කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් ටිකක් ගන්න බෝගස්වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්වැව ගමේ විතරක් වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක් ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක් දුකක් හැදුණහම යන්න පාරක් නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.//