මහින්ද මහත්තය මීට කලින් බොහොම වෙනස් කෙනෙක්... මාධ්‍ය එක්ක බොහොම ළඟින් හිටියා.. ඒ කාලේ ඉතින් අපට කලින් පරම්පරාවේ මාධ්‍ය අයියලා කැබිනට් ගොසිප් එකක් කාරිය දැනගන්න කතා කළේ ඒ උන්නැහේට තමයි.. ආණ්ඩුවේ කුණු ගොඩවල් මීඩියා වල කනේ තියන්න රුසියෙක් මහින්ද. අනික දැන් රට බෙදනවැයි කියමින් බෙරිහන් දුන්නට ඒ කාලේ බලය බෙදීම වෙනුවෙන් කතා කළ කෙනෙක් තමයි මහින්ද මහත්තයා. ( බලය බෙදීම සහ රට බෙදීම කියන්නේ එකක් නොව දෙකකි. බලය නොබෙදීම කියන්නේ නම් රට බෙදීමට මාර්ගයක් විය හැකිය.)
ඔහුව සමරන මාධ්‍ය සගයන් |
සන්ධ්‍යා එක්නැළිගොඩ සහෝදරිය |
අපටත් වඩා මහින්දගේ මාධ්‍ය හිතවත්කම ගැන හොඳින් දන්නේ සහෝදර දෙමළ මාධ්‍යවේදීන් ය. අද අප සමඟ නිදහසේ
කතා කරන යාපනය මාධ්‍ය සමාජයේ සහෝදරවරුන් මහින්ද ආණ්ඩුවේ එකල කෙරුවාවන් ගැන අපට කියන්නේ ය. උදයන් පුවත්පතේ බිත්ති මෙන්ම එහි ගිනිගත් මුද්‍රණාලයද අතීතය ගැන බොහෝ දේවල් කියන්නේ ය.
ගිනිගන්නා උදයන් මුද්‍රණ යන්ත්‍රයක් |
ඕකේම අනිත් පැත්තත් ඇත. මහින්ද මාධ්‍යට කොතරම් ලෙන්ගතුද කියන්නට පිරිසකුත් සොයාගත නොහැකි නොවේ. ඒ අයගේ ආත්මය කොහේදැයි සාමාන්‍ය සමාජයටත් වඩා හොඳින් මහින්ද සමයේ සිදුවුණු දේවල් දුටු අපි නොදනිමු. එහෙත් මහින්ද නිසාම තම ජීවිත ගොඩදමාගත්තවුන් සිටිති. ඔවුන් මහින්දට ගරු කරනු ඇත. නම් නොකියමි.
කොහොම වුණත් මේ කළු ජනවාරියයි. මාධ්‍යවේදීන් වන අපට මේ කළු පැහැයෙන් පිරුණු මාසයකි. අපට ඇත්ත කතා කරන්නට තිබුණු අයිතිය අවියෙන් දේශපාලන බලයෙන් මර්ධනය කිරීමට එරෙහි වන්නට අපි යොදාගත් මාසයයි. මේ මාසය වෙනුවෙන් අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන් ගැන යුක්තිය ඉටු කරන්නට කොමිසමක් පත් කරන්නැයි මාධ්‍යවේදීන් ලෙස අපි ඉල්ලා සිටින්නෙමු. ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමය විසින් ඒ ඉල්ලීම ඉදිරිපත් කරමින් බැනරයක් අත්සන් කිරීම ජනවාරි 26 වැනිදා පවත්වන්නට නියමිත ය.
මහින්ද ගැන බරපතලම සහ වැඩිපුරම හෙළිදරව් කළ ගවේෂනාත්මක මාධ්‍යවේදියා වෘත්තීය ජනමාධ්‍යෙවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ. මා හිතන ආකාරයට මහින්ද වැඩියෙන්ම බියවුණු මාධ්‍යවේදියා ඔහු. |
එක් පරපුරකට පසු තවත් පරපුරක්. ලංකාදීප මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ හිංසනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තරුණ මාධ්‍යවේදීන් පිරිසක් සංවිධානය කළ ඉටිපන්දම් දැල්වීමේ අවස්ථාවේදී |
ජනවාරි අට පැරදී ගෙදරට වී සිටි මහින්ද කරළියට ආවේ ද මාධ්‍යවේදියෙක් නිසා බව මේ වෙලාවේ කිව යුතු ය. ඒ සංඛ විදානගමගේ ප්‍රදර්ශනය විවෘත කරන්නට ඔහුගේ ආරාධනය මත මහින්ද පැමිණීම නිසා ය. පළවෙනි වතාවට මාධ්‍යයට කමෙන්ටුවක් දී මටත් මීඩියා වල ඉඩක් දියන් යැයි මහින්ද ඉඟි පෑවේ එදා ය.
කළු ජනවාරිය අවසාන වෙමින් තිබේ. මහින්දට ලැබෙන මාධ්‍ය ඉඩ අඩුවෙමින් තිබේ. මහින්දව වැනූ ලලිත් ද සිල්වාලා දැන් මෛත්‍රීපාලව ලෙනින්ට සමාන කර වැනීමේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන ඇත. මහින්දගේ කාලයේ ගොඩ ගිය මාධ්‍ය වේදීන් යැයි හඳුන්වාගත් බිස්නස් කාරයන් අළුත් ආණ්ඩුවට ළංවෙමින් තිබේ. මහින්දට එරෙහිව ගිය ඇතැමුන්ද ලොකු තනතුරු අරගෙන අළුත් ආණ්ඩුව සමඟ සෙට් වෙමින් තිබේ.
අළුත් ආණ්ඩුව තවමත් අපව මර්ධනයට අවි අතට ගෙන නැත. එහෙත් වෙනාකාරයේ සැලසුම් හදා ඇත. ඒවා සංකීර්ණය. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන තරම් සංකීර්ණය.
මහින්දලාව නිරුවත් කළ ලසන්ත රුහුණගේලා ඉදිරියට එන අය මොනවා කළත් ඔවුන්වද නිරුවත් කරනු ඇත. අපද ඔවුන් පසුපස යන්නට උත්සාහ කරන්නෙමු. කළු ජනවාරි ඉදිරියේද එනු ඇත. එක පෑනක හෝ මුවහත සැමදා තියෙනු ඇත.
2015 මාර්තු 13 සංඛ විදානගමෙගේ ඡායාරූප ප්‍රදර්ශනයට එක්වෙමින් |
// මාධ්‍යවේදීන්ටත් නොතේරෙන තරම් සංකීර්ණය. //
ReplyDeleteබත් පැකට් එකයි රුපියල් දාහයි වගේ?
මිනිසෙකු එකම එක යහපත් ක්‍රියාවක් හෝ කර ඇති නම්, එය අගය කිරීම වරදක් නොවේ. වරෙක ඔබ ප්‍රභාකරන්වත් අගය කල බව මතකයි.
ReplyDeleteයහපත් අරමුණකින් කළානම් අගය කරනවා
Deleteඔබ කියා ඇති දේ සමහර දේ ඇත්තයි. ඔය නම් ලැයිස්තුවෙ ඉන්න සමහරුනම් රට ගියෙ වරප්‍රසාද බලාගෙන නේද. ඒ අය තවම ඇවිත් නෑනෙ. මහින්ද තවම ඇතුලට අරගෙන නැති නිසා එන්න බයයි කියන්නෙ බයිලනෙ.
ReplyDeleteඋදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීලියි තමා. එල් ටී ටී ඊ එකෙන් ප්‍රහාරයක් එල්ල කරල අත ගන්නටත් පෙර ඔක්කොම විස්තර උදයන් එකේ.
මේ රටේ යුද්ධයක් තිබුන කියන එකත් අමතක කරන්න එපා. ඔබ සාමාන්‍ය කාලයක මාධ්‍ය භාවිතය යුද්ධ කාලෙටත් ගලපලා. දෙවන ලෝක යුද්දෙ කාලෙ බ්‍රිතාන්‍යයෙත් සීමා කිරීම් තිබුනා.
මාධ්‍යවේදීනුත් වගකීමෙන් ක්‍රියා කරන්න ඕන.සේයා සිද්ධියෙදි මාධ්‍ය හැසිරුන හැටි ඔබ දුටුවනෙ. අර සිසුවයි එක් දරු පියාවයි සමාජය ඉදිරියෙ වැරදිකාරයො කලා.ඩී එන් ඒ සාක්ෂි නොතිබුනානම් අද මොකද වෙන්නෙ.
මහින්දට එරෙහිව භාවිතා කලෙත් ඔය සම්ප්රදායමයි.
රජයක් මාධ්යැවේදීන්ගෙ සිරකරුවන් විය යුතුත් නෑ. බොහොමයක් සමහර මාධ්‍යකරුවන් එන් ජී ඕ මත යැපෙන බවත් ඔබ දන්න දෙයක්නෙ.
කෙසේ නමුත් මාධ්යකරුව සුවිශේෂ පුද්ගලයෙක්. ඔහුට ඕනම ලොක්කෙකුට බං බොලන් කියල කතා කරන්න පුලුවන්. සාමාන්‍ය හඩක් නැති මිනිහගෙ හඩ මාධ්‍යවේදිය තමා. අන්න ඒ නිසයි වගකීමෙන් යුතු මාධ්‍ය කලාවක් ඕන වෙන්නෙ.
//උදයන් පුවත්පත නම් සීමාව ඉක්මවා යන තරම් ගවේශන ශීලියි තමා. එල් ටී ටී ඊ එකෙන් ප්‍රහාරයක් එල්ල කරල අත ගන්නටත් පෙර ඔක්කොම විස්තර උදයන් එකේ.// ඒ නිසා උදයන් එකට ගහපු එක හරි???
Delete//මේ රටේ යුද්ධයක් තිබුන කියන එකත් අමතක කරන්න එපා.// යුද්ධයක් තියෙන නිසා ලසන්තව මරන්න ප්රගීත්ව උස්සන්න පුළුවන්??
//මහින්දට එරෙහිව භාවිතා කලෙත් ඔය සම්ප්රදායමයි.// ලසන්ත හරි ප්‍රගීත් හරි සදාචාර විරෝධී මාධ්‍ය භාවිතාවක් ගෙනිච්චා කියලා ඔප්පු කරන්න පුළුවන් නම්..
//රජයක් මාධ්යැවේදීන්ගෙ සිරකරුවන් විය යුතුත් නෑ. බොහොමයක් සමහර මාධ්‍යකරුවන් එන් ජී ඕ මත යැපෙන බවත් ඔබ දන්න දෙයක්නෙ.// ලංකාවේ නං වැඩියෙන් ඉන්නේ ආණ්ඩුවෙන් යැපෙන අය.
//සමහරුනම් රට ගියෙ වරප්‍රසාද බලාගෙන නේද.// සමහරුනංං කියන කෑල්ල එක්ක එකඟයි.. ඒත් එහෙම නොවෙන අය අතේ ඇඟිලි ගාණට වැඩියි.. භාෂණ, පෝද්දල, සනත්, අතුල, ශාන්ත වගේ අය ගියේ ඇත්තටම තර්ජන නිසා..
මේ අය අතරින් ඇතැම් අය රට ඉඳන් බොහොම දුක් විඳිනවා... ඇතැම් අය විඳින වේදනාව අපි පෞද්ගලිකවම දන්නවා
උදයන් පුවත්පතට පහරදීම වැරදියි.තාරකීව මරපු එකත් වැරදියි. විනාශ කලා මැරුව කියා රජයට ලැබුන දෙයක් නෑ.
Deleteයුද්දයක් තිබුන කියල ලසන්තල මරන්න ප්‍රගීත්ල උස්සන්න බෑ. මම හිතන්නෙ රජුගෙ සිරුරෙ වහපු මැස්සට කෙටුව වගෙ මහ මෝඩ වදුරෙක් ඉන්න ඇති. රජයට පක්ෂව සිටි උපාලි තෙන්නකෝන්ටත් ගැහුවනෙ.
ලංකාවේ නං වැඩියෙන් ඉන්නේ ආණ්ඩුවෙන් යැපෙන අය.// එකඟයි.
පෝද්දල ගවේශනශීලී මාධ්‍යවේදියෙක්.ඔහු කල හෙලිදරවුකිරීම් අතිසුවිශේෂ වුනා. භාශනත් එහෙමද.ඔහු දෙමල කාන්තාවක් විවාහ කරගෙන ඔරිජිනල් දෙමලෙකුටත් වඩා දෙමල වෙලා ඩයස්පෝරාවෙ අන්තවාදී පාර්ශ්වය එක්ක ඉන්නව නේද. සමහරවිට තම දෙමලකම වැඩියෙන් උලුප්පා දක්වන්න එහෙම කරනවත් ඇති.
තමන් ජාතිවාදී නොවන බව පෙන්වීමට නලලෙ පොට්ටු තිබ්බ දෙමල ක්‍රමයට සාරි ඇන්ද මීඩියා අයත් ඉන්නව නේද
ඇයි දෙමළ අය වෙනුවෙන් කතා කළාම මාද්‍යවේදියෝ අපරාධකාරයෝ වෙනවද??
Deleteඅද කරපු දේට රෙස්ක්පෙට්... මිනිහටත් තේරෙනවා ඇති ඔක්කොම එයාව අන්දනවා කියලා..
ReplyDeleteඉදිරිය මීට භයානක විය හැකියි...
මේ සිදුවීම ගැන නම් දන්නේ නැහැ මම , නමුත් රටක ජනමාධ්‍යයට කළ හැකි දේ ඉහළයි , නිකම්ම පත්තර කාරයෙක් නොව රට කරවන තැන , රට කරවන්නන් සහ රට කරවන මග පෙන්වන්නට නැත්නම් පෙරලන්නට හැකියාව ඇති කොටසක් වෘත්තීය මාධ්‍යෙව්දීන් කියන්නේ නම් , නමුත් අපේ රටේ ඇත්තේ “ වැල යන අතට මැස්ස ගසමින්“ තමන් ලොක්කා හෝ තමනගේ චැනලයේ රේටිනං වැඩි කරගන්නා මාධ්‍යයක්ද කියන සැකය මතුවෙනවා .
ReplyDeleteමේ මගේ අදහස විතරයි , මම මේ ගැන ගැඹූරට කතා කරන්නට තරම් ප්‍රවීණයෙන් නොවෙයි.
ස්තුතිය ඔබට
මේකත් ඇත්ත. ලසන්ත ගේ මිනිමරුඔ තවම නිදැල්ලේ.
ReplyDeleteකාලෙකින් මාධ්‍යවේදීන් ගෙන කතා කරනවා ඉස්සර නම් මෙහෙම නිදහසේ කතා කරන්න ඉඩ ලැබුනේ නෑ.
ReplyDeleteකතා කරන අය ඉස්සරත් කතා කළා.. දැනුත් කතා කරනවා...
Deleteසමහර අය අළුතින් කතා කරන්න පටන් අරගෙනත් තියෙනවා
මේ වගේ ජනමාධ්‍ය වේදින් අතරේ අර වගේ ඕන නැති දේවල් අහන අයත් ඉන්න එකයි අවුල.
ReplyDeleteජනමාධ්‍ය ප්‍රතිසංවිධානය කරන්න ඕනෙමයි
Deleteයස වැඩේ මාධ්‍ය අයියලට. ඕන්නැති ලබ්බක් නෑ.
ReplyDeleteමම අදහස් කලේ හැමෝම නෙමේ. හපන්න දෙයක් නැතිව හොය හොයා යන අයියලට.
Deleteහැබැයි මේ ලිපියේ එක තැනක කියනවා සමාජ ජාල වලටත් නිව්ස් දුන්නේ මාධ්‍යවේදියෝ කියල. ඒක එච්චරම හරි නැහැ. බට්ටියගේ සිද්ධියේ පටන් හුඟක් එවැනි සිද්ධීන් සමාජ ජාල අතරේ මුලින් ගියා මාධ්‍ය කරු පොළොවේ අමාරු කාර්යයක් කරන බව ඇත්ත. නමුත් සමාජ ජාලා හා බ්ලොග් අඩවි හෙම තව දුරටත් අදාල නැහැ කියන්න බැහැ . රජය ට විරුද්ධ වීමේ දිද මාධ්‍ය වලට වඩා නිර්භීත වුනේ බ්ලොග්ස් සහ සමාජ ජාල. නිර්නාමිකව ලියන්න පුළුවන් නිසා වෙන්න පුළුවන් . නමුත් ගිය ආණ්ඩුවෙන් නිර්නාමිකව ලිව්ව සමහරුන්ව පවා සොයා ගත්ත. ඔබ වැඩ කරන රාවය පුවත් පතත් මහින්දට ආරාධනා කලා නේද සමරු උත්සවයකට.
ReplyDeleteඅර මාධ්‍ය වේදියාට ආපහු අහන්න තිබ්බෙ " ඉතිං ඔහේ පන්සල් ගානෙ දේශපාලනය කතා කරන එකේ මලගෙදරකදි කතාකලාම මොකද?" කියල
ReplyDelete"එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි දෙවෙනි කොට පැන හසුරන මාධ්‍ය ගවේශකයන් එදාත් හිටියා අදත් ඉන්නවා හෙටත් බිහි වෙයි,ඔවුන්ගේ පැන් අනාගතයේදි ඉතිහාසයට සාක්ෂි සපයනු ඇත,ඔවුන් ඉදිරියටත් එකාධිපතියන් හා සටන් වදිනු ඇත,
ReplyDelete"එක පැනක හො මුවහත සැමදා තිබෙනු ඇත" දිවි දෙවෙනි කොට පැන හසුරන මාධ්‍ය ගවේශකයන් එදාත් හිටියා අදත් ඉන්නවා හෙටත් බිහි වෙයි,ඔවුන්ගේ පැන් අනාගතයේදි ඉතිහාසයට සාක්ෂි සපයනු ඇත,ඔවුන් ඉදිරියටත් එකාධිපතියන් හා සටන් වදිනු ඇත,
ReplyDeleteඔතන මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමු කවුරුහරි දේශපාලන බලවතෙක් ඔයාව මැරුවා කියලා. මම වගේ සිංහලයෙක්ට ඒ ගැන තියෙන අමාරුව මොකක්ද? ලංකාවේ වාමාංශිකයන්ටත් මේ තත්වය අදාලයි. සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස දැනෙන්නේ නෑ. ඒ නිසාම ඝාතකයාට මාර වාසියි.
ReplyDeleteඉහත සඳහන්කල මාධ්‍ය වේදීන් මර්ධනය ගැන සිද්ධි වලට විරුද්ධ වෙන්නෙත් එකම ගැන්සියක් එයාලා සමාජය වෙනුවෙන් සිටින්නේ නෑ නමුත් සමාජය එයාලා වෙනුවෙන් සිටිය යුතුයැයි ඔවුන් හිතාගෙන ඉන්නවා.
මුලින් කිව්ව උපමාව වැරදියට තේරුම් ගන්න එපා.
//සිංහල නිර්ධනයින්ට මෙයාලා අපි වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් විදියට දැනෙන්නේ නෑ.... //
Deleteකතා කරල වැඩක් තියෙනවද??