Sunday, December 13, 2015

ඇවන්ගාඩ් ජෝක්ස්...

ඇවන්ගාඩ් සෙල්ලම එකේකාකාරයේ මුහුණුවරවල් වලින් සැරෙන් සැරේ මතුවෙන්නේ ය.


ගෝඨා සහ සේනාධිපති. (මේක එඩිට් කරපු ගතියකුත් තියෙනව. වැරදිනං නිවැරදි කරන්න)
වැඩේ කියන්නේ පුදුමාකාර විදියට ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටින සෙට්  එකකුත් සිටීම ය.

ඒ පෙනී හිටින්නන් ඉදිරිපත් කරන තර්ක රැසක් සත්‍යය සඟවා ඉදිරිපත් කරන ඒවා බව පැහැදිලි ය. 

උදාහරණයක් නං ඇවන්ගාඩ් නීතිවිරෝධී ලෙස ආණ්ඩුවට පවරගත්තා කියනා තර්කය යි.


ආංඩුවට පවරාගත්තේ ඇවන්ගාඩ් නොව ඔවුන් හිටපු ආණ්ඩුව සමඟ තිබූ හිතවත්කං මත පවත්වාගෙන ගිය අවි සම්බන්ධ ව්‍යාපාරයයි. 

මේ ඇවන්ගාඩ් අය එක්වර පැහැදිලි තර්ක ඉදිරිපත් කිරීම වෙනුවට මොනාදෝඒවා ගොඩක් එක්වරම අතෑරිම සිරිත කරගෙන ඇත.

කියන්නට ඕනෑ වරිංවර සේනාධිපති වෙබ් කිහිපයක් හා පුවත්පත් කිහිපයක් හරහා එකේකවෙලාවට ඇදබාද හඬපටයන් ගැන ය.


ඇවන්ගාඩ් කාරයාගෙන් සල්ලි ගත්තායැයි කියන අය සම්බන්ධයෙන් මේ හඬපටයන් එළියට එන්නේ ය. ඒත්  සල්ලිගත්තායැයි චෝදනා ලබන මනුස්සයා සමඟ නොව ඔහුගේ ළඟ වැඩකරන්නේයැයි කියනාවුන් සමඟ කළ සංවාදයන් ය එළියට එන්නේ්‍.

ඔය රාජිතලා, ෆොන්සේකලා, චම්පිකලා වැනි එවුන්ගේ හැටි දන්නා නිසා කිසිසේත්ම ඔවුන් සුදනා ලේබල් එකට දාන්නට බැරි බව හැබෑ ය. ඒත් ඔවුන් සල්ලි ගත් බව කියන්නට හඬපටයක් ගේන්නේ නං ඔවුන් කතා කරන හඬපටයක් එළියට ආ යුතු ය.

වැඩේ කියන්නේ මෙසේ ඔප්පු කරන්නට බැරියාකාරයේ ගෝලයන්ගේ හඬ පට එළියට දැම්මාට පහු ඒ හඬපට වලට අමුතු විදියේ ප්‍රචාරණ දෙන්නට සූදානං මාද්‍ය ටිකක් තිබීමය. (මේ මාධ්‍ය එකිනෙකට සමීප ඒවා. ඇත්තටම මේවා ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටිනවාට වඩා ඇවන්ගාඩ් එකට ගහන ඇමතිවරුන්ට පහර දීමයි කරන්නේ.)
විජේදාස ඇමතිවරයාට මරු පහරක් වැදුණි.

පහුගිය සතියේ ඉරුදින ප්‍රධාන පුවත වුණේ ද ෆොන්සේගාගේ ළඟ වැඩකරන්නෙකුගේ හඬපටයක් සාක්ෂ්‍ය කරගනිමින් ෆොන්සේකා සල්ලි ගත්තායැයි කියන පුවතක් ය. වෙබ් අඩවි කිහිපයක්ම මේ අද්භුත මාධ්‍යකරණයේ නියැලෙන්නෝ ය.

අසාමාන්‍ය ලෙස ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී හිටිනවායැයි පෙනෙන විකල්ප ලයින් එකේ ඉන්න වෙබ් සහ ඉරිදා පත්තර මාධ්‍ය සහෝදරවරුන් සේනාධිපතිගෙන් ජරාව කෑවවුන්යැයි කියන්නට මම සූදානං නොවෙමි. ඒ මාධ්‍යවේදීන්ගෙන් බහුතරයක් මා හොඳින් දන්නා උදවිය ය. ඒ අය අතරින් අතැමුන් සල්ලි වලට යටවුණානං මීට කලින් මහින්දගේ කාලේම ගොඩ ගිහින් ය. මේ අයගෙං බහුතරයකගේ හිස්ට්‍රිය හොඳ ය. ඒවාගේම ඒ අය අතරින් බහුතරය දැන් ජීවත් වෙන විදියත් පෞද්ගලිකවම දන්නා නිසාත්, ළඟින් ආශ්‍රය කරන නිසාත් අල්ලස් ගත් මාධ්‍යවේදීන් යැයි කියන්නට බැරි ය. මං ඉන්නේ එතැන නොවේ.

කෝවා කොහොම වුණත් ඇවන්ගාඩ් සම්බන්ධ ඇත්ත හෙළිවිය යුතු ය. මටනං අම්මප ඇවන්ගාඩ් වෙනුවෙන් තියෙන තර්ක ක්ලියර් නැත. 


ක්ලියර් කරගනු පිණිස ඇත්තටම ඇවන්ගාඩ් හොඳනං මං ඉල්ලන්නේ මේ ලිපිවලින් ලසන්ත රුහුණගේ මතුකරන ප්‍රශ්ණ වලට වැල් වටාරම් නොව ක්ලියර් පිළිතුරු දෙන ලෙස ය.

ඇවන්ගාඩ් කොළ කැබලිවලින් ඔබ්බට
ඇවන්ගාඩ් යට යයිද?

(ඇත්තටම බලන්න මේ ඇවන්ගාඩ් විරෝධී කැම්පේන් එක සෑහෙන ඇන්ටි මෛත්‍රී එකක්. ඒ මහින්දගේ පැත්තෙන් එන එකක් නෙවෙයි. රාජිත, චම්පික, අර්ජුන විරෝධයෙන් පෙනෙන්නේ ඒ ඇන්ටි මෛත්‍රී ගතිය. ඒ නිසා මං සේනාධිපතිගෙන් සල්ලි ගත්තා කියන එකට වඩා වෙන එකක් දකින්නේ. හැබැයි ඒක එක්ක මං තරහ නෑ. පොලිටික්ස් යූ නෝ)

14 comments:

  1. දැන් ප්‍රශ්නෙ ඇමැතිවරුන් සල්ලි ගත්ත එකද? නීති විරෝධීව අවි ජාවාරම් පවත්වාගෙන ගිය එකද? ඔය සල්ලි කතාව එන්නේ ඇත්ත කතාව යටපත් කරන්න කියලයි මටනම් හිතෙන්නේ. රාජිත සල්ලි ගත්තාය කිව්වට එලියට ආවේ රාජිතගේ ලේකම් කෙනකුගේ වොයිස්කට් එකක්. ෆොන්සේකා ගත්තාය කිව්වාට එළියට ආවේ ෆොන්සේකාගේ ලේකම් කෙනකුගේ එකක්. චම්පිකගේ කිසිම දෙයක් එළියට ආවේ නෑ. මේ ඇමැතිවරුන් ගැන කතා කරන පිරිස ඇයි විජයදාස ගැන නිහඬ? වජිර අබේවර්ධන ගැන නිහඬ? ඔවුන් ඇමැතිවරුන් නෙමෙයිද? විජයදාස සේනාධිපති එක්ක සවාරි ගිය හැටි ෆොන්සේකා ඡායාරූප සහිතව පෙන්නුවා. ඒවා හරිද? ඇවන්ගාඩ් පැත්තට කතා කරන අයට ප්‍රශ්නයක් නැහැ. ඇවන්ගාඩ්වලට විරුද්ධව කතා කරන අයට ගහනවා. මට නම් හිතෙන්නේ ඇවන්ගාඩ්වලට එරෙහිව තියන හඬ යටපත් කරන්න මොකක් හරි ප්ලෑන් එකක් ක්‍රියාත්මක වෙනවා කියලයි. දැන හෝ නොදැන අපේ මාධ්‍යවේදීන් එහි කොටස් කරුවන් වෙනවාය කියලයි.

    ReplyDelete
  2. විජයදාස සේනාධිපති එක්ක සවාරි ගිහින් අහෙම කෙනෙක් ගැන දන්නේ නැහැ කිව්වා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අන්න ඒ ප්‍රශ්ණ ප්‍රශ්ණ කර නොගත් මාධ්‍ය ඉන්නව

      Delete
  3. ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අඩුයි. අනික ඒක භයානකයි රටේ හැටියට. ඉතින් භාග නිව්ස් තමා යන්නේ.
    http://nelumyaya.com/?p=4796

    ReplyDelete
  4. උඩුවෝ,

    මේක ඔය හිතන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. සිදුවී ඇත්තේ පැවති රජයේ ආරක්ෂක ලේකම් තුමා ඒකාධිකාරයක් අවන්ගර්ඩ් වෙත ලබාදීමයි.
    පවතී රජයේ පැත්තෙන් මේ ක්‍රියාව නීති විරෝදී උනත් නිස්සංක සේනාධිපති අතේ ඔහු කරපු නීති විරෝධී ක්‍රියාවක් නෑ.

    මේ රජයට මිට විරුද්ධව නිතියානුකුලව ක්රියාකරනවානම් මුලින්ම සිදුවන්නේ ගොටාභය මගතාව අත්අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමයි. නමුත් දේසපාලන තත්ත්වය අනුව මෙය සිදු නොවෙයි.

    අනෙක් අතට රජය දැන් ඉහත ක්‍රියාවලියට නොගොස් අවන්ගර්ඩ් සමාගම සතු වෙළදාම රජයට ගැනීම නීති විරෝධියි, මන්ද මේ පිළිබද අන්තර්ජාතිකව ඇතිකරගන තිබෙන එකගතාවයට අනුව එංගලන්තය සහ සින්ගප්පුරුව ප්‍රදනකොට පවතින අන්තර්ජාතික වාණිජ අධිකරණය මහින් නිස්සංක සෙනධිඅප්ති මහතාට වන්දි ලෙස ඩොලර් බිලියන 3 වැනි මුදලක් ගෙවීමට සිදුවනවා.
    " to file action in the International commercial courts of England and Singapore to claim compensation. "
    http://lankaenews.com/news/985/en

    මොකද කියන්නේ මේවිදියට නීතිය ක්‍රියාත්මක කර අපි වන්දි ගෙවනවාද එහෙම නැත්නම් තව ඩීල් එකක් දමල මේකෙන් බේරෙනව්ව්ද ?

    මේ වෙලාවේ රටේ නිතිය ක්‍රියාත්මක කිරීමයි නිස්සංක සේනාධිපතිට ඕනේ මොකද ඔහුට ඩොලර් බිලියන 3 කල්ල මරේ නිසා !!

    මොකද උබ කියන්නේ ? (මේක තමයි කියන්නේ උභතෝකොටිකය කියල "මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අබු නසී "_

    ReplyDelete
  5. වන්දි ගෙවන්න සිද්ධ වෙන කතාව ඊනිව්ස් ප්‍රවෘත්තියක් නං ඒ ගැන හොයන්න වෙනව.. මොකද මං මූලාශ්‍රයක් විදියට ඊ නිව්ස් පිලිගන්නෙ නෑ

    ReplyDelete
  6. සිරාවට ඔය සීන් එක ගැන මුකුත් ම දන්නේ නෑ!! එහෙන් මෙහෙන් ඇහුන ඒවායින් මම හිතාගෙන හිටියේ ඇවන්ගාඩ් කියන්නේ නැවක් කියලා....දාහන්කෝ ඕක ගැන ෆුල් විස්තරයක්!!!
    තොපි කලින් ම මාරු වුනා නේද එදා?

    ReplyDelete
    Replies
    1. මම සටහනත් එක්ක දාලා තියෙන ලින්ක් එකෙන් ඇවන්ගාඩ් ගැන විස්තර කරල තියෙන ලිපියකට යන්න පුළුවන්

      Delete
  7. ඇවන් ගාඩ් හරි මොන ගාඩ් හරි දැන් තියන ට්‍රෙන්ඩ් එකේ හැටියට මිඩියා වල බලය සහ සල්ලි වලින් මීඩියා බලය අල්ලන්න පුළුවන් එකා ගොඩ යනව.. මට පේන්නෙත් මේක එහෙම සීන් එකක්... අල්ලස් ගත්ත එකා වගේම දෙන එකත් වැරදි කාරයනේ...

    ReplyDelete
    Replies
    1. අපි උත්සාහ කරනව ඒ වගේ රටක උඩුගං පීනන්න

      Delete
  8. http://www.divaina.com/2015/12/16/news05.html
    දැන් උඩ ප්‍රශ්නයට පිළිතුරු දිය හැකියි

    ReplyDelete
    Replies
    1. //ඇවන්ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව හා ව්‍යාපාරික කටයුතු නාවික හමුදාවට බාර දී ඇතත් රජය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇති ගිවිසුම අවලංගු කර නැති බවත් එම ගිවිසුම ඒකපාර්ශ්වීයව අවලංගු කරන්නේ නම් රජය ඇවන්ගාඩ් සමාගමට ඩොලර් මිලියන 40,000 ක්‌ ගෙවිය යුතු බව එම සමාගමේ හිටපු වාණිජ්‍ය නෞකා මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා සඳහන් කළේය.//

      ගිවිසුම කෝඩ් කරලත් නෑ නිව්ස් එකට.. ගිවිසුමේ තියෙනවනං ගිවිසුමේ මොන වගන්තියේද ඒ මුදල සඳහන් කරලා තියෙන්නේ කියල සඳහන් වෙන්න ඕන..

      එහෙම නැතිනම් ඇවන්ගාඩ් එකට වන්දි ගන්න නඩඩු ගිහින් යම් කිසි අධිකරණයකදී තීරණය වෙන්න ඕන ගිවිසුම කඩ කරලා තියෙනවා මෙහෙම වන්දියක් ගෙවන්න ඕන කියල..

      එකේක පුද්ගලයන්ට ඕන විදියට වන්දි තීන්දු කරන්න බෑ.. පුද්ගලයන්ගේ ප්‍රකාශ කෝඩ් කරලා නිව්ස් ගැහුවට පිළිගන්නත් බෑ.. මං කරන්නෙත් නිව්ස් කෙරුවාව නිසා නිව්ස් එකක් පිළිගතහැකි එකක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙනවා..

      පුළුවන් නම් ගිවිසුම හොයාගන්න.. වන්දිය සඳහන් වන වගන්තිය මොකක්දැයි කියන්න

      Delete