Thursday, December 08, 2016

පොඩි කාලෙ සෙක්ස් සර්ච් කළ හැටි

අපි හතේදීත් වැඩිය සෙක්ස් ගැන දැනගෙන හිටියෙ නැහැ. හතේ මුල් කාලෙත් මම හිතං හිටියෙ ළමයි ලැබෙන්නේ ඇන්මම් බිව්වම කියල. 


හතේදී අපේ පන්තියට අමුතු කොල්ලෙක් ආව. පොර අපි වගේ හද්දා පිටිසර එකෙක් නෙවෙයි. කොළඹ වත්තක ඉඳලා පස්සේ කාලෙක පවුලත් එක්ක ගමට ගිය එකෙක්. ඉස්කෝලේ එකේ ඉඳන්ම හිටපු එකෙක්. හොස්ටල් එකට ආවේ හතේදී. 


පොර අපිව මුල්ලකට එක්කන් ගිහින් කියා දුන්නා ළමයි ලැබෙන විදිය. 

කසාද බැන්දාම වයිෆ්ව ඇඳට දාලා ගැහුවාම ළමයි ලැබෙනවා කියලා තමයි එයා කිව්වේ. මට වැඩේ තේරුණේම නැහැ. කොච්චර දරුනුද. කාන්තාවකට ගහන්නෙ කොහොමද. අනික ගැහුවම ළමයි ලැබෙන්නෙ කොහොමද?

මගේ හරස් ප්‍රශ්ණ හමුවේ එයා කීවේ ගහනව කීවේ එහෙම ගැහිල්ලක් නෙවෙයි මේක අමුතු ගැහිල්ලක් කියලා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න නම් නවය වසරේ සෞඛ්‍ය පොතක් හොයාගෙන වරෙං කියල මිනිහ කිව්වා.

කුතුහලය නිසාම මං නවය වසරෙ අයිය කෙනෙක් හමුවෙන්න ගිහිං අයියෙ සෞඛ්‍ය අච්චු පොත දෙන්න කියල ඉල්ලුවා. 

අයිය මගෙ දිහා අමුතු විදියට බලලා පලයං යන්න කියලා එලෙව්වා. ඉන්පස්සේ මිනිහා මගේ දිහා සැකෙං බලං ඉන්නවා. 

මම තේරුණා නවයේ සෞඛ්‍ය පොත බොහොම රහසිගත ලේඛනයක් බව. මම හොරෙං නවය වසරෙ අයියලගෙ බෑග් චෙක් කළත් මේවයෙ පොත නැහැ. 

අන්තිමේ නවය වසරෙ පෙළපොතක් හොයාගන්න නවයෙ ගුරු විවේකාගාරය කොල්ලකන්නත් මට සිද්ධවුණා. 

කොහොමින් කොහොමහරි හොයාගත්ත නවය වසරෙ සෞඛ්‍ය පොත දිගඇරියම මට හික් ගෑවුණා. 

යකෝ ළමයි හදන තියරිය පට්ට අපභ්‍රංශනෙ.

නව යොවුන් වියලු. ප්‍රජනන පද්ධතියලු. මෙලෝ මලදානයක් තේරෙන්නෙ නැති පිංතූර. මේකෙන් කොහොමද අපට තිබුණු ප්‍රශ්ණයට ආලෝකයක් ලබාගන්නේ.

ඒවයෙ තිබුණු අපභ්‍රංශ මට නවය වසරෙදිවත් තේරුණෙ නැහැ. සෞඛ්‍ය මැඩම් පන්තියට ඇවිත් ඒ පාඩම උගන්වනව වෙනුවට මොනවද නොතේරෙන වැල් බයිලාවක් ගැහුවා. ඒ පාඩම උගන්නද්දී ප්‍රශ්න ඇසීම තහනම් වුණා......... 



කොහොමහරි නවය වසරෙ පොත හොයාගෙන යාළුවත් එක්ක මුල්ලෙ ඉඳන් සෑහෙන අමාරු පාඩමක් ඉගෙනගනිද්දි හොස්ටල් එකේ ලොකු අයිය කෙනෙක්ට අපව අහුවුණා. අපව ගෙනත් එකොළහේ ලොකු අයියලා ප්‍රශ්ණ කළා. අපව අස් කරනව කියලත් කිව්වා.

ළමයි ගැන හොයන එක වැරැද්දක්ද? අපට එදා ආපු ප්‍රශ්ණෙ ඒක....

නවයෙ අන්තිමේදි හොස්ටල් එකේම තව එකෙක් අපේ සෙට් එක වට කරගෙන ස්වයං වින්දනය ඉගැන්වුවා. අටේදී රග්බි ටූනමන්ට් එකකට එළියට ගිය වෙලාවක මුල් වතාවට අයිය කෙනෙක්ගෙ ෆෝන් එකක පෝන් වීඩියෝවක් දැක්ක. ඉන් පස්සෙ ස්පෝට් ටීම් වල එළියට ගිය අවස්ථාවලම පෝන් වීඩියෝ බලන්න ලැබුණ.......

ලිංගිකත්වය ගැන අධ්‍යාපනේ ලැබුවේ පෝන් වීඩියෝවලින්. ඒවායින් ලැබුණේ සෑහෙන කුණුහරුප අධ්‍යාපනයක්. විකෘති කරපු ලිංගික හැසිරීම්.

කවුරුත් අපට ඇවිල්ල ආදරයෙන් ඉගැන්වුවේ නැහැ ලිංගිකත්වය ගැන. විකෘති නොකළ අදහස් දුන්නෙ නැහැ සෙක්ස් ගැන.


සෙක්ස් කියන්නෙ උන්මාදයක් විතරයි අපේ අයට. ඒක ඇතුලේ අවබෝධයක් තිබුණෙ නැහැ. 

ඒක වල් වැඩක් විතරක් වුණා...... 



අපි ගූග්ල් සර්ච් කරලා හෙව්වේ ඒ මිස් වෙච්ච අධ්‍යාපනේ වෙන්න ඇති.

පෝන් වීඩියෝවක් බැලිල්ල මහ වල් වැඩක් කියල හිතන්නත් අමාරුයි. වැඩුනු හැම කෙනෙක්ම වගේ පෝන් වීඩියෝ බලලා තියෙනවා. 

සෙක්ස් කියල සර්ච් කළාම ලිංගිකත්වය සම්බන්ධ ලින්ක් එන්නේ නැහැ. ෆොටෝස් නම් එනවා.

අපට ලිංගිකත්වය ගැන අධ්‍යාපනයකුත් නැහැ. පෝන් හොයන්න ඕන වෙලා සෙක්ස් කියල සර්ච් කරන අපට ලිංගිකත්වය හොයාගන්න විදිය ගැන අධ්‍යාපනයකුත් නැහැ. 


 

56 comments:

  1. හහ්.. හහ්.. හා.. අපිටනං ඉගෙන ගන්න ඕනේ තරං පත්තර තිබ්බ.. පස්සෙ පස්සෙ vhs කැසට් එහෙමත් තිබ්බ.. මයේ හිතේ උඹල කාලේ වෙනකොට ඉන්ටර්නෙට් නිසා ඔය දෙකම නැතිවෙලා.. කොහොමහරි අපි හොයපුවා ඉතිං ජාත්‍යන්තරයට ගියේ නෑ. ඒක නෙවෙයි.. අපිට ඉස්කෝලේදීනං කවදාවත් ඔහිම පාඩමක් කියල දීල නෑ..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපිත් කෝම කෝමහරි ඉගෙනගත්ත

      Delete
  2. අපිට නම් පොඩි කාළේම ඇක්ස්පීරියොන්ස් ලැබුනා... ඒක නිසා ළමා අපචාර, රේප් කේස්, අරවා මේවා කචල් නැතිව බබාලා හම්බ වෙන්නේ නැතිව වැඩේ කොර ගන්න හැටිත් ඉබේම ඉගෙන ගත්තා.. මම ඕක දැන ගත්තේ 4 වන පන්තියේදි විතර අබේරත්න හා ටිරෝන් කියලා මදාවි දෙන්නෙක්ම උන්නා අපේ කැලෑසියේ.. මිශ්‍ර පාසලකට ගියාම තියෙන වාසිය ඒකයි,,,,

    ReplyDelete
    Replies
    1. හොස්ටල් එකේ හිරවෙච්ච නිසා තමයි අපට අජ්ජාපනේ නැතිවුණේ

      Delete
    2. මාතේ ගියේ රජ ඉස්කෝලෙට නේද..

      Delete
  3. අපේනං සවුක්කිය ටීචර් ඔය පාඩම අපට උගන්න පෙරසූජානමක් ලෙස හස්බන්ඩ එක්ක ප්‍රැක්ටිස්කොරන්න ගිහිං බඩවෙලා නිවාඩු ගිහිං හිටිය. ඒ නිසා අපිට ඒ පාඩම මග ඇරුන. ඒ උනාට මරදානේ වීඩියෝ පෙන්නන කඩ කාමර වල දෙමල ‍ෆිලිම් අස්සෙ අපිගැන අනුකම්පා කොරල ඔය අද්යාපොනේ පුංචි සුපියල් දහයකට ලබලදුන්න. මරදානෙ ඉස්ටේසොමේ ගේට්‍ටුව ගාවහිටි පත්තර ලෑල්ලෙ අයියත් අපි ගැන අනුකම්පා කොරල හොරෙන් හොරෙන් පුවත්පත් මාද්දිය හරහා ඔය දැනුම් සම්බාරය ලබල දුන්න.ඒ කාලෙ පුවත්පත් මාද්දිය ඕං ඔහොමයි සමාජෙට සේවය කොරේ. සික්.. ඒකට උඹල...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. I also got that knowlege from your way.haka haka.

    ReplyDelete
  6. /////Sex and relationship education
    Sex and relationship education (SRE) is compulsory from age 11 onwards. It involves teaching children about reproduction, sexuality and sexual health. It doesn’t promote early sexual activity or any particular sexual orientation.

    Some parts of sex and relationship education are compulsory - these are part of the national curriculum for science. Parents can withdraw their children from all other parts of sex and relationship education if they want.

    All schools must have a written policy on sex education, which they must make available to parents for free.///////

    මෙන්න මෙහෙමයි සුද්දගේ රටේ සෙක්ස් පිලිබඳ රජයේ මතය. උපුටාගත්තේ මෙතැනින්. https://www.gov.uk/national-curriculum/other-compulsory-subjects

    ReplyDelete
    Replies
    1. එහෙම ඉගැන්නුවත්:

      Britain still has the highest rate of teenage pregnancy in Western Europe despite being one of the world's biggest users of contraceptives.
      The figures, which emerged yesterday in a large- scale international study, appeared to explode claims by the sex education lobby that the UK's sky-high teenage birth rate is down to ignorance.
      It showed that four out of five females between the ages of 15 and 44 in Britain - 80 per cent -use some form of contraception.

      Britain, nevertheless, has a sky-high level of teenage pregnancies, with 2.9 out of every 100 girls aged between 15 and 19 giving birth every year.


      http://www.dailymail.co.uk/news/article-28860/UK-tops-league-teenage-pregnancy.html#ixzz4SGck9oob

      http://www.dailymail.co.uk/news/article-28860/UK-tops-league-teenage-pregnancy.html

      අලේ හුකේ නන්නානේ කිවුවලු හිටන්!

      Delete
    2. //////ලේ හුකේ නන්නානේ කිවුවලු හිටන්! //////

      අනේ මන්දා සරසයෝ.....දැන් ඉතින් කරන්න තියෙන්නේ බිජ්ජ තිබෙන්නේ හුජ්ජ කිරීමට බවත්, හුත්ත තියෙන්නේ ඒත්, ඒ වැඩේටමත් කියා හිතාගන්නට ඉඩදී, දැනුවත් නොකිරීමද? මම සුද්දාගේ සියල්ල හරි කියන පද්දෙක් නෙමේ. මම පොඩි කතාවක් පටන් ගත්තා....කොහෙද ඩෝ උඹ පොඩි පඩ ටෝක් එකක් දීලා අයියලගේ ආතල් කඩනවනේ :D

      Delete
    3. අනිත් එක සරස පුතා...ඔය ටීනේජ් ප්‍රෙග්නන්සි ගැටළුව. ඕක එඩියුකේශන් කතාවක් නෙමේ. ඒක මානුශික කතාවක්. හැමිනෙන්න පෙර කොපුවක් දාගත්තාම ආරක්ශිතයි කියන්නේ ඩෝස් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ගැනත් හිතලනේ. ඔය පොඩි කෙල්ලෝ ප්‍රෙග්නන්ට් වෙන්නේ ඕවා නොදැන නොවේ. ඒත් ඒ වයසේ නලියන හෝමෝන, ඔය සියලු ඉගැන්වීම් අමතක කරවනවා. (මට වඩා උඹ ඕවා දන්නවා) ඕක ලෝකේ හැම පාලන ක්‍රමයක් තුලම සිද්ධ වෙනවා. සත්ව ලෝකේ කොහොමද මන්දා. මම කියන්නේ වෙන දෙයක්.

      Delete
    4. සාරසාගේ ළමයි පවු

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. http://www.martinacole.co.uk/book-Broken.html

      Delete
    7. සරසා එංගලන්තේ තරුණ කෙල්ලෝ බඩ හදා ගන්නවා ගෙයක් ගන්න කවුන්සිල් එකෙන්. හුඟක් අඩු ආදායම් පවුල් වල ප්‍රෙග්නන්සි වැඩි ඒකයි.

      Delete
    8. අනික සමස්තයක් වශයෙන් අවරේජ් එකට .8 , 1000 කට 6 - 7 කියන්නේ ලොකු ගානක් නෙමෙයි.
      http://www.fpa.org.uk/news/uk-has-highest-teenage-birth-rates-western-europe
      Live births per 1,000 women aged 15 to 17 in EU28 countries, 2014

      Bulgaria 35.5
      Romania 29.2
      Slovakia 15.9
      Hungary 15.4
      Latvia 8.9
      United Kingdom 6.8
      Estonia 6.7
      Malta 6.5
      Greece 6.4
      Lithuania 6.1
      EU28 average 6.0
      Poland 5.5
      Czech Republic 5.3
      Portugal 5.3
      Spain 4.6
      France 4.4
      Croatia 4.3
      Germany 3.6
      Ireland 3.2
      මේක සෙක්ස් එඩියුකේෂන් එකේ ප්‍රශ්නයකටත් වැඩිය ගෙවල් හොයන ප්‍රශ්නයක්.

      Delete
  7. ළමයි ලැබෙන්නේ ගමේ මාතෘ නිවාසෙට ගියාම. ආයේ මං නොදන්න දෙයක්යැ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට දරු මුණුපුරෝ බලන්න වාසනාවක් නෑ

      Delete
    2. විචා කිව්වනන් ඒක එහෙම වෙන්න ඕන. ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙච්චි.

      Delete
  8. 3 වසරෙදී ඉස්කෝලේ පිට්ටනියේ බල්ලෝ දෙන්නෙක් ඇලිලා.ඉතින් අපේ එවුන් ගල් ගහනවා මුන් දෙන්නව ගලෝගන්න.ඔන්න  එකපාරටම එතන්ට ආපු සුමේද, ගල් ගහන්න එපා.ඒක පවුලු.ඔහොම කලහම තමයිලු උන්ට ප්පැටවු හම්බවෙන්නේ... කියලා කියපි.දැන් උහතකෝටික ප්‍රශ්නේ බල්ලෝ ඇලුනහම පැටවු හම්බවෙන්නේ කොහොමද කියලා.ගෙදර එනගමන් අම්මගෙන් ඇහුවම හරි උත්තරයක් හම්බවුනේ නෑ.හය වසරෙදී විතර "නිරුවත් වානරයා" පොත හම්බුනා. හම්මේ ඒකේ තිබුන දේවල්... ඒත් දැණුම ප්‍රමානවත් නෑ.සම්පූර්ණ දැණුම දුන්නේ පිටකොටුවේ සහ මරදානේ පත්තර ලෑලී තමයි.ඒත් 11වසරෙදී වගේ පත්තරයක් අම්මට අහුවුනා.ඒ කාපු කෑමේ හැටියට පත්තරයක් තියා කොල කෑල්ලක්වත් ආපහු ගෙදර ගෙනාවේ නෑ.ඔහොම ඉන්න කොට අපේ එහාගෙදරට එකෙක් ආවා පදිංචියට. ඒකා තමයි ඒ කාලේ xx සිංහල පත්තර දෙකක්වුන ප්‍රියාදරී සහ විවාහය පත්තර දෙකේ පොටෝ එඩිටර්.ඉස්සල්ලම පෝර්න් ෆිල්ම් එකක් බැළුවේ උගේ කොම්පීතරෙන්.අන්න ඒ වගේ සෑහෙන්න උනන්දුවකින් , කැපවීමකින් ඉගනගත්තු විශයක් ඕක.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳා....
      මාත් හරි කැපවීමෙං ඉගෙනගත්තෙ

      Delete
  9. අපි නම් 6-7 වසර වලට එනකොට ළමයි හම් බවෙන්නෙ කොහොමද කියලා දන්නවා. ඒ නවලිය පත්තරේ බලලයි අක්කලාගෙන් අහලයි තමයි. ඒත් 9 වසරට යනකන් හිතාගෙන හිටියෙ ගෑණු ළමයි ඉපදෙනකොටම පොඩි බබාලා බඩේ ඉන්නවා පස්සෙ අපි ලොකු වෙනකොට එයාලා ලොකුවෙලා එලියට එනව කියලා තමයි. 9 වසරෙදි තමයි ඒක එහෙම නෙවෙයි කියලා දැනගත්තේ. විළි ලැජ්ජාව කියන්නේ ඒක දැනගන්න කලින් මට boy friend කෙනෙකුක් හිටියා. සෙක්ස් ගැන දැනගත්තේ හස්බන්ඩ් එක්ක ඉන්නකොට තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි බබාල කොච්චර ඉන්න ඇත්ද බඩේ. :)

      Delete
  10. දෙමළ වැල බලලා නැද්ද?
    මමනම් ජාතිවාදියෙක් තමයි ඒත් සෙක්ස් වලට ජාතිවාදය ගාවන්න හොඳනෑ පව් සිද්ධ වෙනවා.

    ReplyDelete
  11. අනේ මන් දන්නේ නෑ. කමෙන්ට් දමන්නදෝ නැද්දෝ වගේ. මොනවා කීවත් කට්ටිය හිනාවෙයි.

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා... හිතෙන එකක් කියන්න

      Delete
  12. /* සෞඛ්‍ය මැඩම් පන්තියට ඇවිත් ඒ පාඩම උගන්වනව වෙනුවට මොනවද නොතේරෙන වැල් බයිලාවක් ගැහුවා. ඒ පාඩම උගන්නද්දී ප්‍රශ්න ඇසීම තහනම් වුණා.........*/

    මේ ඉතිං ලංකාවේ වඩා හොඳ යැයි සැලකෙන පාසලක ඉගැන්වීම නේද?

    මං නමයේ පන්තියේ හිටිය මධ්‍යම විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා නම් ඒ පාඩම උගන්වන්නේ නැති බව කෙලින් ම කීවා. නමුත් ඒ පරම්පරා දෙකකකට කලින් නේ!

    ReplyDelete
  13. අපිට ප්‍රජනන සෞඛ්‍ය පාඩම කලේ මැඩම් කෙනෙක්. හැබැයි සයන්ස් ලැබ් එකේ දොරත් ලොක් කරලා. අපි මේවා ඉගෙනගත්තේ නව රස, අර රස මේ රස බලලා.

    ReplyDelete
    Replies
    1. අපට නම් පන්ති කාමරේ....

      Delete
  14. අපේ සයන්ස් මැඩම් ප්‍රජනනේ උගන්නන්න කැමැතිම වුනේ නෑ. කොල්ලො ඒ තරන් හොද එවුන්. අනික මැඩම් හරි ලස්සනයි..ඉතින් මැඩම් අපේ සයන්ස් කරපු අනික් සර්ට පැවැරුවා. පන්ති හතරක් එකට ...හෝල් එකේ..ප්‍රින්සිපල් ගුරු මේසේ..සර් හිටගෙන ප්‍රජනනේ ...අන්තිමට ප්‍රශ්න තියනවනන් චිට් ලියලා එවන්න කිව්වා..දවසක්ම ගතවුන්නා දැනුනේ වත් නෑ...අර චිට් වල තිබ්බ ප්‍රශ්න බාගයක්ම දැවෙන ප්‍රශ්න..සර් මාර පොරක් ඔක්කොටම උත්තර දුන්නා...කෙලින් වෙන හැටි .ඇද වෙන හැටි, අර අමුතුම එකක්ය කියල හිතන් ඉන්න එකේ තත්වෙ.. මේ ඔක්කොම වෙන විදි සර් අතිරේකවත් කියල දුන්නා.. ප්‍රින්සිපල් ඔලුවෙ අතගහගෙන අහන් හිටියා...එයත් ටක්කෙටම මොකක් හරි ඉගෙනගන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඇතැම් ගුරුවරු ඉන්නවා... මේව ගැන අවබෝධයක් තියෙන

      Delete
  15. බොරුනේ, හු*** කියල කියන්නේ මොකක් කරනවාටද කියලා අහලාම තිබුනේ නැත්ද ඒ වෙනකම්. ඇත්තටම අහලා නොතිබ්බ නම්, ඒක පසුගිය අවුරුදු 20ක විතර කාලේ සිද්ධවෙච්ච සාදාචාරාත්මක දියුණුවේ ප්‍රතිපලයක්.

    දැනට අවුරුදු 5 කට විතර ඉස්සෙල්ලා වයිෆ් ගේ ඉස්කොලෙට අපි එම් ඕ එච් ව ගෙන්නලා 7-10 පංතිවලට කතන්දරේ අමුවෙන්ම කියලා දෙන දේශනයක් තියෙව්වා, දැන් ඒක සම්මතයක් වෙලා පාලාත් අධ්‍යාපනෙන්ම කරවනවා, ඒ දේශනය යන අතරෙ ටීචර්ලා විවේකාගාරෙට වෙලා කන්වල ඇඟිලි ගහගෙන විස්සෝප වෙනවා ලු, හපොයි නොදරුවෝ දූෂණය කරනවා කියලා. .

    ReplyDelete
    Replies
    1. අහපු අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා.... සමහරු මුලින්ම දකින්නෙ අම්මයි තාත්තයි ඕක කරන හැටි තමයි.... ලෝකෙ හරි රලුයි

      Delete
  16. මට තේරෙන් නෑ බන් ඔය ලිංගිකත්වයේ උබ කියන විකෘති හැසිරීම් මොනවද කියලා...??? එක උසවියකින් දඩයක් ගහලා තිබ්බා පහත් ඉරියව් සහිත ලිංගික දර්ශණ ලග තබා ගත්තා කියලා.මොකද්ද බන් ඔය සෙක්ස් වල තියෙන ඉරියව් වල උස් පහත් බේදය......සමහර විට උබ ඔතැනදි කියන්නෙ ඔය විකෘති දර්ශණ කියලා ඒ පහත් ලිංගික දර්ශණ වලටද ද?

    ReplyDelete
  17. ඉස්කෝලේ නම් මෙව්වා ඉගැන්නුවේ නැද්ද කොහෙද! වැල් බැලීම තමා ඇරඹුම!

    ReplyDelete
  18. අපිටත් මුලින්ම ඔය පාඩම කියාදුන්නේ හතරේ පන්තියේ යාළුවො දඹේතැන්න වත්තේ වත්තේ මහත්තයාගේ පුතා අපිත් එක්ක හිටියේ මිනිහා අය්යලා බලන බ්ලු එකක් බලල විස්තරේ අපිට කිව්වා . හතරේ පහේ පන්තිවල ( නගරයේ මිශ්‍ර පාසලට ගිය ගමන් ) මම හිටියේ ඒ මදාවි සෙට් එකත් එක්ක . ඒ කාලේ ගැන ලියපු බ්ලොග් පොස්ට් මෙන්න
    1. http://helmalu.blogspot.com.au/2015/04/blog-post.html
    2. http://helmalu.blogspot.com.au/2015/04/blog-post_22.html

    ReplyDelete
  19. අපි වගේම මෙතන කොමෙන්ට් කරල තියෙන වැඩි දෙනෙක් මේ ගැන ඉගෙන ගෙන තියෙන්නෙ සෙල්ෆ් ස්ටඩි වලින්. අන්නේකයි ලංකාවෙ අධ්‍යාපනේ තියෙන සුපිරි බව. හැක්..

    ReplyDelete
    Replies
    1. සෙල්ෆ් ස්ටඩි තමයි හරි ක්‍රමය. නැතුව ඕක උගන්වන්න අවශ්‍ය නෑ ඔබට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව.

      Delete
  20. නියමයි.. ළමයි හම්බවෙන්නේ ්මම් බිව්වම..හිකිස් ..අපේ රට ලිංගික නිදහසක් තිබුණු රටක්..ඒත් සුද්දන්ගෙන් ආපු සමහර දේවල් අපි වැලද ගත්තා ..සුද්දො ඒව අතහැරියා අපි එල්ලන් බෙලලේ.. විවෘත බාවයක් නැති කම නිසා තමයි සමහර කේදවාචකත් සිද වන්නේ..

    ReplyDelete
  21. අපි ගූග්ල් සර්ච් කරලා හෙව්වේ ඒ මිස් වෙච්ච අධ්‍යාපනේ වෙන්න ඇති.///////////////////// +++++++++++++++++++++++++++

    ReplyDelete
  22. ඩීමන් ආනන්දගේ, අසෝක කරුණාරත්නගේ පොත් කියෙව්වේ මම විතරද? මගේ අර පහේ පන්තියේ බ්ලොගේ කිව්වා වගේ මම මුලින්ම දැනගත්තේ පහේ පන්තියේදී අර ගිය කොල්ලුපිටියේ ඉස්කෝලේ කොල්ලෝ සැට් එකෙන්. අටේ පන්තියේදී හතේ පන්තියේ ගෑනු ළමයකුට ලියුමකුත් ලිව්වා කියහන්කෝ.

    ReplyDelete
  23. සෞඛ්‍ය මිස් ඇවිත් පුරුෂ ලිංගයක් කළු ලෑල්ලේ අන්ද විතරයි කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව හිනා වෙන්න ගත්තා... මිනිස්සු සෙක්ස් කුණුහරපයක් කරගෙන නැත්නම් විහිළුවක් කරගෙන...

    ReplyDelete
  24. අපි තුනේ පංතියට එද්දි ෆේල් වෙච්චි එකෙක් හිටියා සේනාරත්න කියලා. මේ හාදයා තමයි අපට මේවා ගැන අධ්‍යාපනයක් ලබාදුන්නේ. කොහොම වුනත් මිනිහා කොන්ඩොම් ගැනත් කිව්වා. කොන්ඩොම් එක හඳුන්වලා දුන්නේ ප්‍රීති කොක්ක කියලා. බබාලා ලැබෙන කොට දොස්තර පාවිච්චි කරන එකක් කියලා තමයි මිනිහා මේක ගැන කිව්වේ. ඉතින් අපි හිතුවේ බබාගේ බෙල්ලෙන් ඇදලා ගන්න යොදා ගන්න උපකරණයක් කියලා. පස්සේ කාලෙක තමයි දැනගත්තේ මේක ප්‍රීති කොක්ක නොවයි ප්‍රීති කොපුව කියලා. අයියෝ සල්ලි!

    ReplyDelete
  25. අපි ගූග්ල් සර්ච් කරලා හෙව්වේ ඒ මිස් වෙච්ච අධ්‍යාපනේ වෙන්න ඇති.

    ReplyDelete
  26. ඉස්කෝල ගුරුවරුත් පාඩම පන්නලා ඊළඟ එකට යන කාලෙක ගූගල් එකෙන් නතර උන එක හොඳා..

    ReplyDelete