මෛත්‍රී යාපනේ ගිහිං?

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය සහ එහිදී කළ කතාවට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

සැබැවින්ම ඒ කතාව ප්‍රශංසා සහගතය. 

සංචාරයේදී ඔහු මුගාම් වලට ද ගොස් තිබිණි. යාපනයේ අවතැන්වූවන් නැතැයි රාජපක්ෂලා පැවසූ පසුබිමක ඔහු මුගාමයට යෑමවත් හොඳය. හැබැයි ගිහින් බයිල කියවලා එනවා නොව ඒ මිනිසුන් වෙනුවෙන් වැඩ කළ යුතුය. (මුගාම් ගැන ලියූ ලිපි 2  )


මා ලියන්නට යන්නේ වෙනත් කතාවකි. මෛත්‍රී යාපනයේ දැක්වූ සංදර්ශනය සහ මාධ්‍ය වලින් පෙන්වූ සංදර්ශණය පසුපස කතාවකි. වෙනස් විය යුත්තකි.

මෛත්‍රී ආ ඉරිදාවේ මා සිටියේ යාපනයේ ය. මානිපායි වෙත ගොස් උදේ වරුවේ මිතුරෙක් සමඟ හිඳ නැවත නගරය වෙත පැමිණියෙමි.

නගරය පුරා පොලීසිය විශේෂ කාර්ය බලකාය සහ හමුදාවෙන් අරක් ගෙන තිබිණි.

යාපනය ඉස්පිරිතාලයට යන මාර්ගය වසා දමා තිබුණි. එහි වාහන යෑම තහනම් ය. පයින් යන්නට ද ප්‍රශ්ණ විස්සකට තිහකට උත්තර දිය යුතු ය. සිංහලෙන් කතා කළ නිසා පාර වසා දමා තිබූ ඉසව්වට යන්න ඉඩ ලැබුණි. මෛත්‍රී එන්නට නියමිතව තිබූ යාපනය කාගිල්ස් ආයතනය තිබුණේ ඉස්පිරිතාලය අසල ය. ඒ පාර සම්පූර්ණයෙන් වසා දමා තිබුණු නිසා රෝහල ද ඒ ඉදිරිපිට තිබූ ෆාමසි සියල්ලම ද වසා දමා තිබුණි. ලෙඩක් හැදුණහොත් එදා මෛත්‍රී යාපනයේ එන නිසා ලෙස වලට තියෙන්නට ඇර ඉවසිය යුතුව තිබුණි.

මා සිතුවේ ඉස්පිරිතාලයට යන පාර පමණක් වසා ඇතැයි කියා ය. 

එසේ කරන්නේ කෙසේද? උතුරේ ජනතාව බලාපොරොත්තු පොදිබැඳ ඡන්දය දී පත්කරගත් මෛත්‍රී යාපනයේ ඇවිත් ය. එහි රැස් පෙන්විය යුතුමය.

යුද්ධය අවසන්ව වසර පහක් වුණත් යාපනයේ මිනිසුන් ෂුවර් නැත. මෛත්‍රී එන නිසා යාපනයේ කච්චේරිය වන තෙක් ප්‍රධාන මාර්ගය වසන්නට ඇත්තේ ඒ නිසා ය.

පළමු හරස් වීදිය ද වසා ඇත. ඒ ආශ්‍රිත පාරවල් සියල්ල වසා ඇත. කොටින්ම නගරයෙන් භාගයක් පමණ වසා ඇත. වසා ඇත කියන්නේ පයින් යන්නන් හා බයිසිකල් හැරුණුකොට කිසිවෙකුට යා නොහැක. කවුරුන් හෝ වසා තිබුණු පාරකට නොදැන වාහනයක් දැම්මොත් කුණු බැනුම් ය. බැණුම් කුණුහරුපයෙනි. සිංහල කුණුහරුපයෙනි. හමුදාවෙනි. පොලීසියෙනි. මෛත්‍රී යාපනයට ඇවිත් ඇත.

බස් ගමනාගමනය පරංගියා කෝට්ටේ යෑමක් කර ඇත. පළමු හරස් වීදිය නුවර පාරට වැටෙන තැන හිටගෙන විනාඩි දෙකක් බලාගෙන සිටි මට කොළඹින් පැමිණි  බස්රියක් පාර වැරදී දෙවරක්ම එතැනින් ගිය ආකාරය දකින්නට හැකි විය. සුපුරුදු ප්‍රධාන පාර වසා ඇත. මෛත්‍රී යාපනයේ ඇවිත් ඇත.

මෙවන් මිනිසුන් අපහසුතාවයට පත් වූ අවස්ථා මෙන්ම ආරක්ෂක අංශ සිංහලෙන් දෙමළ මිනිසුන්ට බැණවදින අයුරු ද මම දුටුවෙමි. සිදුවීමකදී දෙකකදී මගේ විරෝධය පෑවෙමි. 




(අතුරු කතාවක් - එදා ඉරිදාවකි. උත්සවය යාපනය කාගිල්ස් එකේ ය. විවේකී ඉරිදාව චිත්‍රපටියක් බලන්නට වෙන් කළ හැකිය. ධනුෂ්ගේ තංග මගන් ආවා විතරය. ඒත් මේ විවේකී ඉරිදාට චිත්‍රපටි බැලීමට තහනම් ය. තමන්ගේ වැඩක් බලාගැනීම හොඳය. අප ඡන්දය දී පත්කරගත් මෛත්‍රී යාපනයට පැමිණ ඇත.)

දකුණේ කොහේ හෝ යන්නේ නම් මෛත්‍රීගේ ආරක්ෂක අංශ මෙසේ පාරවල් වසා දමනු නැත. කොළඹ පාරවල් මෙසේ වසන්නට බැරි ය. (ඇතැම් විට මෙය මෛත්‍රීගේ අනුදැකුමින් නොවූවක් විය හැකියි)

මෙසේ උතුරේ පාරවල් වැසීමෙන් ඒ මිනිසුන්ට යන පණිවුඩය කුමක්ද? යාපනයේ මිනිසුන් ෂුවර් නැති බවද?

යාපනයේ ගියේ මෛත්‍රී විතරක් නොවේ
එසේනම් කියන්නට තියෙන්නේ ජනාධිපතිතුමා තුන්නූරු ගාගෙන බොරු ෂෝ දාලා පාරවල් වහලා මිනිස්සු අපහසුතාවයට පත් නොකර ගෙදරට වෙලා ඉන්න කියා ය.
 

23 comments:

  1. මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්ගේ අදහස්ද?

    ReplyDelete
    Replies
    1. අපි වෙලාවක මුණගැහෙමු... එතකොට මට පුළුවන් වෙයි ඒක පැහැදිළි කරන්න. නැත්නම් වෙන ක්‍රමයක් කියන්න. මම පෙන්වන්නම් ඔයා ඔය කියන්න යන කතාව බොරු කියල.

      Delete
    2. Jagath pathirana
      // මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්ගේ අදහස්ද?//
      මචං මේ උඹේම අදහස්ද? නැත්තම් උඹව පුක්ෂණය කරන කෙනෙක්ගේ අදහස්ද?

      Delete
  2. ලංකාවේ ලොකු දේශපාලුවෙකු පාරක සාමාන්‍ය එකෙකු සේ යන දවස තව දශකයක් විතර දුරයි, අඩු වශයෙන්.

    මෛත්‍රී කතාවේ එඩිටඩ් කොටසක් ඇහුවා. පොර ගේ කතාව නම් හොඳයි. හැබැයි ඉදිරි වසර හතර සඳහා වැඩ පිළිවෙලක් තාම පේන්න නෑ. එය සහ ඉන් පසු නිතිපතා ප්‍රගති වාර්තා දෙනකල් ඕවා වචන විතරයි!

    ReplyDelete
  3. Harima watina lipiyak!Sahathika aththa!Hama deshapalakayekma meya kiyawanawanam hondayi!Ape salli walin nadaththu wena undala apita ras pennanna hadanawa!

    ReplyDelete
  4. ෙෙමත්‍රීපාලට චන්දය දුන්ෙන් සිංහලයෝ විතරක් නෙමෙයි. විධායක ජනාධිපති ක්‍රමයේ වැදගත්කම තමයි. ලංකාවේ සියලුම ජනවාර්ගිකයන්ට එකට එකතු වෙලා නායකයෙක් පත්කරගන්න පුලුවන් වීම. යාපයේ අයට මෛත්‍රීපාල තමන්ගේ නායකයා ලෙස දැනිය යුතුයි. එහෙම දැනෙන්නේ නැත්නම් මෛත්‍රීපාලට චන්දේ දුන්නේ නෑ කියා සලකන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාල (හෝ ඔහුගේ ආරක්ෂක අංශ) යාපනයේ මිනිස්සු තමන්ගේ මිනිස්සු ලෙස නොදැකීමයි අවුල...
      මං හොඳට දන්නවා යාපනයේ මිනිස්සු කොච්චර මෛත්‍රීව පිළිගන්නවාද කියලා. මේ සිද්ධිවලින් වෙන්නේ ඒ පිළිගැනීම නැති වෙන එක.

      Delete
  5. නායකයො ඉන්නෙ වැසියන්ට රැස්පොට් පෙන්නන්න!
    මේ, විසි එක්වැනි සියවසද කියල හිතෙනව මේක දැක්කම.

    ReplyDelete
  6. කිව්වත් වගේ ලොක්කගේ මව් දෙමව්පියන්ගේ ගුණ සිහිකොරන්න ඇති එහෙනම් කට්ටිය එදා

    ReplyDelete
  7. කාලෝ ෆොන්සේකා සහ නලීන් ද සිල්වා සිටින සංවාදයක් බලන්න. කාලෝ ෆොන්සේකා හරියට තාපසයා වගේ. නලීන් ද සිල්වා පිස්සු බල්ලා වගේ. නමුත් ඒ ඔවුන්ගේ ශෛලිය එයින් කියවෙන්නේ නෑ එකෙක් අනිකට වඩා හොඳයි කියලා.
    ඒ වගේම දෙමලාගේ බශා ශෛලිය(ඔහු සිංහලෙන් කතා කරන විට පවා) සිංහල/මුස්ලිම් ශෛලියට වඩා වෙනස් නොදන්න කෙනෙක් බනිනවා කියා හිතන්නත් පුලුවන්. ආරක්ෂක අංශ දෙමළුන්ට කතා කිරීමේදී එම ශෛලිය අනුගමනය කරනවා විය යුතුයි. ඔයාට තියෙන විශේෂ මානසික තත්වය (සුනිල් මාධව ප්‍රේමතිලකගේ රෝගය) නිසා එය සිංහලයාගෙන් දෙමලාට වන අසාධාරණයක් ලෙස පෙනෙන්න පුළුවන්. ජිහාද් ජෝන් වැනි අය බිහිවන්නේත් ඔය ලෙඩේ නිසයි

    ReplyDelete
    Replies
    1. මගේ විශේෂ මානසික තත්ව නිසා ජිහාද් ජෝන්ලා කෙසේ වෙතත් ඔයාට තියෙන සාමාන්‍ය මානසික තත්වය නිසා නැතිවෙච්ච ජීවිත ප්‍රමාණය ගණන් හදන්න පුළුවන් සීමාවෙනුත් එහා

      Delete
  8. උඹ කියන එකේ ඇත්තක් තිබුනා උනාට දැන්ම රිස්ක් එකක් ගන්න ඕන නෑ.. හමුදාව පොලීසිය පැත්තෙන් බැලුවත් උන් කරන දේ හරි. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කලාමැදිරි එලියටත් බයයි කියනවා නේ. ඒ නිසා ඔය ක්‍රමේ හොඳයි. විග්නේස්වරන් වගේ බූරුවෙකුට ඉගෙන ගන්නත් එක්ක..

    පාරේ යන නිදහස නෙමෙයි දෙන්න ඕන. උන්ව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන එක. ඒකට නම් මේ කස්ටියත් මෙළෝ දෙයක් නොකරන පාටයි පේන්නේ..

    ඉස්සරත් කස්ටිය යාපනේ ටුවර් ගිහින් එනවා. ඊට පස්සේ මෙළෝ දෙයක් නෑ.. ඒ මිනිස්සු නඟා හිටුවට දේවල් කරනවා මිසක්. පොඩි උන්ගේ ඔළු අතගාන එකයි, මඩු අස්සේ රිංගන ඒවයි වැඩක් නෑ හිටං.. ඔළු අතගාලා වැඩක් නෑ ඔය පොඩි එකාටම තේරුනොත් ඔළුව අතගාල පුකේ අරින එකය කොරන්නේ කියලා.. ඊළඟ ජැරේසොන් එකත් සයනයි එල්ල ගනියි..

    පඩ සෝ වැඩක් නැත.. පෙන්නපල්ලා වැඩ..

    ReplyDelete
    Replies
    1. //දැන්ම රිස්ක්//
      අවුල් කතාවක් අයියේ..
      1996 රිවිරැස මෙහෙයුමෙන් පස්සේ යාපනය ශ්‍රී ලංකා රජය යටතේ තිබු‍ෙණ්. අවුරුදු විස්සනට පස්සෙත් දැන්ම රිස්ක් මට්ටමේ මේ මිනිස්සුන්ව තියන්න ඕන නෑ.

      Delete
    2. රිවිරැස මෙහෙයුම හරි වචනෙද කියල නිච්චි නෑ හොඳේ

      Delete
    3. 1993 මැයි පලවෙනිදා ආමර් වීදිය කියන වීදිය තිබුනේ අම්මට සිරි ලංකා රජය යටතේ..

      හැබ්යි බාබු කියලා එකෙක් එතන චීන පටස් එකක් පත්තු කලා බං රටේ නායකයගේ ඇඩ්‍රස් එකත් නැති වෙන්න..

      1996 කොළඹ කොටුවේ සෙන්ට්‍රල් බෑන්ක් එකත් තිබ්බේ අර කලින් කිව්ව රජය යටතේ...

      ඒත් ජනවාරී 31 එතන පිස්සු යක්කු දෙන්නෙක් තුන් දෙනෙක් ඇතිත් පොඩි බට්ටෝ වගයක් පත්තු කලා... ඕවා උඹලා දන්නේ නෑ බං.. උඹ පොඩි ඇති බං එතකොට.. අප්පච්ච්ගෙන් අහලා දැන ගනින්..

      Delete
    4. ඒකනං හැබෑව... ඒනං මෛත්තිරි ලොක්ක කොළඹ ආමර් වීදියේ යනකොටත් පාරවල් පැය ගාණක් වහල තියන්ඩ තියෙන්නෙ. ෂුවර් නෑනෙ කොයිවෙලේ චීනපටස් පත්තු වෙයිද කියල.
      ලොක්ක යන යන පාරවල් වරුවක් වහල දාන්ඩයි තියෙන්නේ...

      Delete
    5. අර යාපනේ නොහැව්වොත් මෙහෙත් එහෙම කරන්න වෙයි.. ඒ කාළේ එහෙම කලා.. උඹට මතක නැතෙයි.. හතරමං හන්දිවල වරු ගනන් උන්නා..

      Delete
    6. ඒකට එකඟ නැහැ... යාපනය ඉමැජින්කරගෙන කියපු කතාවක් ඒක

      Delete
    7. මෙහෙම එකක් තියෙනවා උඩුවෝ.. උඹ මම වගේ හිතන උන් බොහෝම අඩුයි.. ඒ නිසා ඔතනදි වැඩි දෙනෙක් හිතන දේ කොයිකටත් හොඳා.. පෙර සුදානම හැම දේටම හොඳයි...

      Delete
  9. දෙමළෙන් බනින්නට ඇති නියමෙට

    ReplyDelete
  10. දෙමළු විධායක ජනපති ක්‍රමයට කැමති නෑ මොකද ජනාධිපතිවරනෙදි කාට චන්දෙ දැම්මත් ඒක දාන්න වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට. එමනිසා මෙවර ජනාධිපති වරනෙදි අකමැත්තෙන් මෛත්‍රීපාලට චන්දෙ දැම්මත්, දැන් ඔවුන් මෛත්‍රීපාලගේ වැරදි හොයනවා ඇති. ඔතන තියෙන ලොකුම ගැටලුව මෛත්‍රීපාල සිංහලයෙක් වීම. නැතුව පාර බ්ලොක් වීම නෙමෙයි. මොකද එල්.ටී.ටී.ඊ පාලන කාලයේ ඔවුන් ඔයිට වඩා කටු කෑවා.

    ReplyDelete
    Replies
    1. දෙමළු වැරදි හොයන කතාවක් කිව්වේ කවුද?

      Delete

Search This Blog