Sunday, January 03, 2016

New Year with beer!!

//හිටපු මහත්තයා හිටියනං මේ අවුරුද්දෙ ලංකාව හා ක්‍රොඒෂියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දියුණු වෙන්න තිබුණා.. දැන් එක්කෙනාගෙ චොයිස් එක වෙනස්... එයා කැමති රැජින අත්මේස් ගලවලා අතට අත දෙන කේස් වලට..//


අලුත් අවුරුද්ද ගැන කල්පනා කරමින් පොස්ට් එකක් පළවෙනිදාම ලිව්වා.. ඒක විකාරයක් වගේ දැණුුනු නිසා පෝස්ට් නොකර තියලා තිබ්බා.. ඒකේ තිබුණේ අළුත් අවුරුදු ප්ලෑන් ටිකක්.. මගේ ප්ලෑන් වලින් කාටවත් වැඩක් නෑනෙ....!!! 

ඒත් ඒ ප්ලෑන් අතරෙහි මම ලැයිස්තුවක් හැදුවා මේ අවුරුද්දේ එකට ඉඳගෙන බියර් එකක් බොන්න ලැබෙන්න කියලා පතන දහදෙනෙකුගේ.. ඒක මෙතැන දාන්නං..


අපේ අය බියර් එකක් බොන කතාවලට බයයි!! මඩු වලිඟෙන් තලන්න ඉඩ තියෙනවා.. ඒත් බොරු විකාර නැතිව බියර් එකේ ගාණ ගොඩක් අඩු කළොත් හොර අරක්කු අඩු කරන්න පුළුවන්.. සැර බීම අරන් වැඩිවෙලා තියෙන ලෙඩ අඩු කරන්න පුළුවන්...

අපේ රටේ බීමට තිත තියනව වගේ ජෝක් කන්සෙප්ට් වෙනුවට බීමේ සංස්කෘතිය දියුණු කරන්න පාලකයො පියවර ගත්තනම් හොඳයි... අපේ බීමේ සංස්කෘතිය තියෙන්නේ බාර් එකෙන් ගල්බාගයක් අරන් එතැනම බීලා වැනි වැනී ගිහින් වළං පොලොවේ ගහලා ගෑණිට බණින තැනනේ.. නැත්තං දෙකයි පණහේ ප්‍රසංගයකට අඳුරු මුල්ලක ඉඳන් ගල් ගහලා ඇවිත් මඩගොඩේ පෙරැලි පෙරැලි නටන තැනනේ..

රෙස්ටුරන්ට් එකකට ගිහින් බොන්න බෑ ගිණි ගණන්... ඒව තියෙන්නෙත් අඩුවෙන්.. ගම්වල නම් ඇත්තෙම නෑ.. ඒකෙන් වෙන්නෙ බොන අය අඩු වෙන එක නෙවෙයි කසිය, ගල් වගේ ජාති ගහන අය වැඩි වෙන එක.. ලෙඩ වැඩි වෙන එක...... 

ඉතින් මේ අවුරුද්ද ඉස්තරම් මත්පැන් ජාති වල ගාණ අඩුවෙන රටේ අඩු මිලටත් පහසුවෙනුත් බොන්න පුළුවන් හොඳ රෙස්ටුරන්ට් වැඩි වෙන අවුරුද්දක් වේවා කියල පතනව..

1. කේසවරාජන් නවරත්නම්.. ( ලංකාවේ දෙමළ සිනමාවේ සිනමාකරුවා. ධෛර්යවන්ත කලාකාරයා ඔහුව     නිතර මුණගැහුණත් තාම එයත් එක්ක බියර් එකක් බොන්න ලැබිලා නෑ.)
කේසව් අයියා

2. සත්‍යජිත් මාඉටිපේ.. ( බොරදිය පොකුණ අධ්‍යක්ෂකවරයා. කථිකාචාර්යවරයා.. නිහඬ ඒත් දොඩමළු පුද්ගලයෙක්. තාම මුණගැහිලා නැහැ. මුණගැහිලා බියර් එකක් බොමින් කතා කරන්න ඕන)

සත්‍යජිත් කමල් හසන් එක්ක හිටියනං මට සත්‍යා එක්ක බොන්න බැරි ඇයි?
3. අජිත් කුමාරසිරි.. (අජිත් තමයි මං ලංකාවේ වැඩියෙන්ම ප්‍රිය කරන මියුසික් කරන කෙනා)

ඔහු තනියම ගිටාරයක් අරන් කුහක ලෝකයට මැඳැගිල්ල පෙන්වන්න සූදානමින් ඉන්නවා
4. මාතලන්.. ( මාතලන් ගැන විස්තර කරන්නෙ මොකද? මේ අවකාශයේ හැමෝම දන්නවනෙ)

කළුපාට මයන්නක් එක්ක බොන්න බැරි නිසා මං මාතලන්ගේයැයි සැක කරන ෆොටෝ එකක් හොයාගත්ත
5. ෂෙහාන් කරුණාතිලක.. ( ඔහු ලියපු චයිනමන් පොත මාව පිස්සු වැට්ටුවා.. කවදාවත් මුණගැහිලා නැතත් අවස්ථාවක් ලැබුණොත් ඔහු එක්ක බියර් එකක් බොන්න ඕන)
ෂෙහාන් කරුණාතිලක

6. ගප්පියා... (ඔහු කරන විහිළු පිටිපස්සෙ දේශපාලනයක් පේනවා)

7. දෙවියෝ ( මේක චයිනමන් පොතෙන් ආපු අදහසක්.. දෙයියොත් එක්ක බියර් එකක් බොනගමන් චැට් එකකට ගියොත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. එයාට කොච්චර මහන්සි ඇතිද? අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ මිනිස්සු කෙලින පිස්සු දිහා බලන් ඉඳල. චයිනමන් පොතේ තියෙනව දෙයියො ඇත්තටම ඉන්නවනං දැං නිවාඩු අරන් කොහේහරි බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඉන්නව ඇති කියල)

8. මාධ්‍ය මිතුරෙක් (ඔහුගේ නම සඳහන් කරන්න අවශ්‍ය නෑ. ළඟදී පාටියක් ඉවර වෙලා පොර මට පහරදුන්නා. ඒත් අපි තේරුම් ගන්න ඕන ඔය පුංචි ගැටුම් නෙවෙයි අපට කරන්න ලොකු ගැටුමක් තියෙනවා මේ ක්‍රමය එක්ක. ඒ නිසා යාළුවෝ මිතුරෝ එක්ක යාළුකම් මිසක් තරහකම් වගා කරගන්න ඕනෙ නෑ. ඒවාට වෙලාව කැප කරන්න ඕනෙත් නෑ.)

9. මගේ පෙම්වතිය (තාම මට පෙම්වතියක් නෑ. ඒත් පෙම්වතියක් ලැබුණු දවසක එයත් එක්ක බියර් එකක් බොන්න පුළුවන් නම් මං කැමතියි. ඒක මේ අවුරුද්ද ඉවර වෙද්දි කරගන්න පුලුවන් වුණොත් හොඳයි)

10. ධනුෂ් (ධනුෂ් එක්ක බියර් එකක් බොන ගමන් කතාබහක් දාන්න ආසයි දෙමළ භාෂාවෙන්. ඒ නිසා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අනිවා දෙමළ කතාකරන්න ඉගෙනගන්නවා)

මේ ලැයිස්තුවේ නැති බියර් එකකට සෙට් වෙන්න ආසාවක් තියෙන අය ඕනතරම් ඉන්නවා. මේ අවුරුද්ද අළුත් මිනිසුන් මුණගැහෙන්න.. සම්බන්ධතා වගා කරගන්න.. අළුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන අවුරුද්දක් වේවා කියලා හිතනවා. වේවා කතා වලින් වැඩක් නෑ.. අනුන් නෙවෙයි අපේ ජීවිත සැලසුම් කරන්නේ. මම උත්සාහ කරනවා මේ අවුරුද්ද සාර්ථක කරගන්න. අලුත් කියලා එකක් සැරෙන් සැරේට එන එක හොඳයි. ඒවා සමරන එක එකිනෙකා සුභපතාගන්න එක හොඳයි. අලුත් ආරම්භයන් තියෙන්න එපායැ. ඒත් කැවුම් කොකිස් කිරිබත් නං මට එපා වෙලා.. .. .. .. .. .. ..

29 comments:

  1. අර හතරවෙනියට ඉන්න කෙනා එක්ක නං අද උනත් සෙට් වෙතහැකි

    ReplyDelete
    Replies
    1. හතරවැනියා ආරාධනය කොන්දේසි සහිතව පළිගත්තා... ඒත් හදිසියක් නෑ අවුරුද්දක්ම තියෙනවනේ

      Delete
  2. ඔබේ පෝස්ට් එකට අදාලත්වය අඩු වුනත් බියර් මිල ගණන් මෙවර වැඩි වීමට හේතුව මේකයි. අරක්කු, විස්කි වලට වඩා අඩු ප්‍රතිශතයක බද්දක් 1998 දෙ පමණ බියර් වලට හඳුන්වා දුන්නේ ඒ කාලයේ වැඩිපුරම ලංකාවේ පරිභෝජනය කළේ පරිමාවෙන් 4% ක් මධ්‍යසාර අඩංගු බියර්. මෙම අඩු ප්‍රතිශතය හඳුන්වා දුන් කාලවල සිට බියර් සමාගම් කළේ එහි වාසිය පාවිච්චි කොට පරිමාවෙන් 8% ක් මධ්‍යසාර සහිත බියර් හඳුන්වාදීම. පරිමාවෙන් 33% ක් වන අරක්කු වුනත් ගොඩ දෙනෙක් පරිභෝජනය කරන්නේ සෝඩා වැනි යමක් එකතු කිරීමෙන්. උදාහරණයකට 1:2 ක් අනුපාතයකට සෝඩා එකතු කළොත් පරිභෝජන මධ්‍යසාර සාන්ද්‍රණය 11% ක් විතර.

    ස්ට්‍රොං බියර් හෙවත් 8% බියර් හඳුන්වා දුන් පසු ලංකාවේ බියර් පරිභෝජනය 90%ක් ම අඩු සැර මධ්‍යසාර නොව මෙම ස්ට්‍රෝං බියර් බවට පත්වුනා. ඒ කියන්නේ දැන් 4% බියර් පරිභෝජනය මුළු බියර් පරිභෝජනයෙන් 10%. මෙම ස්ට්‍රොං බියර් බොන සමහර අය එය 33% අරක්කු සමඟ කලවම් කර පරිභෝජනය කරන්නේ. මෙම කලවම් කර බීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.

    ඒවගේම මෙම ස්ට්‍රොං බියර් කලවම් කර කික් එක ගැනීම නිසා සුරා බදු දෙපාර්තමේන්තුව මෙම බඩු අවාසිය වෙනස් කිරීමට උත්සාහ කලත් පසුගිය රජයේ ලොකුම අයට තිබුණ වාසි මත එය සිදුවුනේ නැහැ. අදටත් 4% බියර් වල මිල අඩුයි. සොෆ්ට් ඇල්කොහොල් පාවිච්චි කරන අය එය භාවිතා කරනවා. අනික් අය කික් එක සඳහා 8% බියර් සහ අරක්කු කලවම නිසා රජයට විශාල සුරා බදු ප්‍රමාණයක් අහිමි වෙනවා.

    මෙම නිසා සහ සොෆ්ට් ඇල්කොහොල් වලින් බලාපොරොත්තුවන අඩු සැර මධ්‍යසාර පරිභෝජනය යන පරමාර්ථය සිදු නොවී වෙන දෙයක් සිදුවීම නිසා තමයි සුරාබදු දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව බදු සංශෝධනය සිදු වුනේ.

    ReplyDelete
    Replies
    1. බොන එව්වගෙන් බදු ගහන එකෙන් ආන්ඩුව අයින් වෙන්න ඕන..
      බියර් සැර වුනත් ගාණ අඩු කරන්න ඕන..
      අනික හොඳ මත්පැන් වල ගාන අඩු කරන එක තමා හොඳ

      Delete
    2. interesting.
      U can write more in detailed article. I would love to read about lankan beer culture

      Delete
  3. Tax kathawa nam watinawa.. mu ekka bonna ba...wali wetenawa..deiyo unath balagena...

    ReplyDelete
  4. අර හතර වෙනි එකා නම් බියර් බොන්න කැමතිම නෑ... ඒත් ඉතින් උඹ බියර් බොද්දි ඌ මක්කා හරි බොයිනේ... උඹේ අය අතරෙන් මමත් ආසයි රොක් අජියා එක්ක සෙට් වෙන්න.. මම ඌ ගැන දන්න විදියට නම් ඌ උඹට නියමෙටම ගැලපෙනවා.. තව එක්කෙනුකුට ඔක්කෝටම වඩා ආසයි.. අර ක්‍රෝඒසියාවේ ජනාධිපත් නෝනා... එයා බීර බොනවද දන්නෙ නෑ......

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් ඒ නෝන එක්ක බොන්න ආසයි..
      ඉන්ටවීව් එකක් වත් දාගත්ත නං හරි

      Delete
  5. උබටත් යකෝ මාර අදහස් නේ එන්නේ..
    කමක් නෑ කමක් නෑ උබගේ අහිංසක බලාපොරොත්තුවත් ඉටු වේවා...

    ReplyDelete
    Replies
    1. අර බන් හතරවෙනියාගේ පැහැදිලි පොටෝ එකක් දැක්කේ අද..මමත් හොය හොය හිටියේ..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පැහැදිලි ෆොටෝ නැහැ

      Delete
  6. අම්මපා මාර ආසාවල් නේ එන්නේ. අර කළුපාට මයන්න එක්ක නම් අවුලක් නැතුවම සෙට් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මයන්න මට පයන්න දායිද දන්නෑ..

      Delete
  7. අජියා සමඟ බියර් හැර වෙනත් දේ ගසා ඇත.. නමය ගැන උඹ දන්නවානේ.. ඒකත් ඒ තරම් නපුරු නෑ..

    ReplyDelete
  8. මම අලුත් අවුරුද්දේ වැඩියෙන්ම බොන්න හිතන් ඉන්න බියර් වර්ගය Sapporo

    ReplyDelete
  9. Replies
    1. ලිස්ට් ගොඩක් අතරින් එකක්

      Delete
  10. මේ අවුරුද්දේ බියර් වැඩියෙන් පෙවේවා.. උඹට මාතලං එක්ක නං බියර් බොන්න ලැබෙන්නෑ ඒක සුවර්.. හැක්

    ReplyDelete
  11. ඒත් පෙම්වතියක් ලැබුණු දවසක එයත් එක්ක බියර් එකක් බොන්න පුළුවන් නම් මං කැමතියි. ඒක මේ අවුරුද්ද ඉවර වෙද්දි කරගන්න පුලුවන් වුණොත් හොඳයි///
    අම්මපා ඒ වගේ කෙල්ලෙක් හම්බෙලා කියන්නෙ උඩුවො ලයිප් එක පුල් මාවලස් වෙයි..
    ජයවේවා

    ReplyDelete
  12. 2016 /12/31 එන්නම්කෝ උඩුවගේ ආසාව ඉට්ට වෙලාද බලන්ට.

    අර 9 බෝතලේ ඔළුවෙ ගහයි හොදේ.... (ඒත් බියර් නම් පොඩි සමාවකුත් දෙයි ඉතින් ඒ තරම් සැර නැලුනේ)

    ReplyDelete
  13. කෙනෙක් රැඩිකල් පොරක් වෙන්නෙ කොහොමද?
    කවුරුත් ප්‍රසිදිධියේ කථා කරන්නෙ නැති මාතෘකාවක් Sex, Drugs වගේ, ප්‍රසිද්ධියේ කථා කරහම රැඩිකල් වෙනවද?

    බියර් බොන්න ආසයි ...අහවලත් එක්ක කිව්වහමයි, අහවලා හමුවෙලා කථා කරන්න ආසයි කිව්වහමයි වෙනසක් තියෙනවද?

    බියර් බොන එක මාර ජොලි, "පොරවල්" ට විතරක් කරන්න පුලුවන්, කබ්බන්ට බැරි වැඩක්ද?

    අනික මේක කලකට ඉහත සුනිල් මාධව කියපු කතාවක කොපියක් නේද?

    ReplyDelete
  14. කෙනෙක් රැඩිකල් පොරක් වෙන්නෙ කොහොමද?
    කවුරුත් ප්‍රසිදිධියේ කථා කරන්නෙ නැති මාතෘකාවක් Sex, Drugs වගේ, ප්‍රසිද්ධියේ කථා කරහම රැඩිකල් වෙනවද?

    බියර් බොන්න ආසයි ...අහවලත් එක්ක කිව්වහමයි, අහවලා හමුවෙලා කථා කරන්න ආසයි කිව්වහමයි වෙනසක් තියෙනවද?

    බියර් බොන එක මාර ජොලි, "පොරවල්" ට විතරක් කරන්න පුලුවන්, කබ්බන්ට බැරි වැඩක්ද?

    අනික මේක කලකට ඉහත සුනිල් මාධව කියපු කතාවක කොපියක් නේද?

    ReplyDelete
  15. බියර් බොන එක මාර ජොලි අපි කාත් එක්කද බොන්නේ කියන එක මත... ඒක කබ්බන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට කරන්න පුළුවන්...
    කවුරුත් කතා නොකරන මාතෘකාවල් තමයි කතා කළ යුත්තේ. හැමෝම කියන දේ කියලා වැඩක් නෑනේ. බියර් ගැන නම් අඩු වැඩි වශයෙන් කට්ටිය කතා කරනවා..
    සෙක්ස් ගැන කතා කරන්න ඕන.. ඩ්‍රග්ස් නෙවෙයි බියර් ගැන කතා කලේ. ඒත් ඩ්‍රග්ස් ගැනත් කතා කරන්න ඕන. මං හිතන්නේ ඩ්‍රග්ස් කියන්නේ (වැඩි වශයෙන්) වේදනාවේ සහ පීඩිතභාවයේ ප්‍රතිඵලයක්. අභ්‍යන්තරව හරි බාහිරව හරි...
    වෙනසක් ඇති මයෙ හිතේ. ඔයාට ගන්න ඕන උත්තරේ කිව්වොත් මේ පෝස්ට් එකට හිට්ස් තියෙනවා. ඒ ඉතින් වෙනසක් තියෙන නිසානේ!!!
    සුනිල් මාධව එහෙම එකක් කියලා තියෙන බව මං දන්නේ නෑ.. ඇත්තටම සුනිල් ලියපුවාගෙන් සීයට අනූනවයක් මම කියවලා නෑ!!! 
    ඔය රැඩිකල් කතාව පිස්සුවක්. මං ලියන ඒවා කැපී පෙනෙන්න ඕන කියලා සවිඥාණිකව හෝ අවිඥාණිකව මම හිතනවා. ඔයාට මෙතැන කැපී පේන කමෙන්ටුව දාන්න ඕන වුණා වගේ

    ReplyDelete