ගොඩවදින්නෝ

Thursday, February 25, 2016

සංඝයාට වෙනම නීතියක් ද?

පසුගිය 23 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ඇප ලැබුණේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ස්ථාන වල ප‍්‍රකාශ සිදුනොකරන ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප කොන්දේසි ලෙස ඉදිරිපත් කරමිනි. අධිකරණයෙන් පිටතට පැමිණෙමින් ඥාණසාර හිමි අපූරු ප‍්‍රකාශයක් කරමින් මේ රටේ නීතය සම්බන්ධයෙන් පිරිවෙන් අවස්ථාවේදී හෝ ද්විතීය හෝ උසස් අධ්‍යාපනයේදී හෝ භික්ෂුවට අධ්‍යාපනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේ ය. 




එහි වක‍්‍රාකාර අර්ථය ලංකාවේ භික්ෂූන් නීතිය නොදන්නා බවයි. ලංකාවේ සියළු පුරවැසියන් නීතිය පිළිබඳව දැන සිටිය යුතු ය. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන්නේ ය. එහෙත් ලංකාවේ ඇතැම් භික්ෂූන් මෑත කාලයේ හැසිරුණේ නීතිය නොදන්නා ලෙසින් නීතිය නොතකා හරිමින් ය. අනෙක් අතට නීතියද ඇතැම් වැරදි කළ භික්ෂූන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූයේ නැත. එය අපි හොඳන්ම දුටුවේ අලූ‍ත්ගම ඛේදවාචකයෙනි. ඒ නිසා සැබැවින්ම ඥාණසාර භික්ෂුව කීවා සේ ලංකාවේ බොහෝ භික්ෂූන් නීතිය නොදන්නවා විය හැකි ය. දැන් නීතිය භික්ෂූන්ටද ක‍්‍රියාත්මක වන තත්වයක් ඇතිවෙමින් තිබෙන්නේ ය. මේ නිසා නීතිය නොතැකූ භික්ෂූන්ට තකහනියේ නීතිය ඉගෙනගැනීමට සිහිවී ඇත.

පසුගිය සතියේ ජාතික හෙළ උරුමය භික්ෂූන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා තිබුණේ භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමේදී එම භික්ෂූව අයිති නිකායේ නායක හිමිවරුන්ට දන්වා අවසර ගත යුතු බවත් වෙනත් ආගමක පූජකයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම ආගමේ නායකයන්ට දැනුම් දිය යුතු බවත් ය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයකට සුදුසු තත්වයක් නොවේ. රාජ්‍යය ඉදිරියේ සියළු පුරවැසියන් සමානය. සිවුර හෝ ලෝගුව හෝ පූන නූල හෝ කුමන සංකේතයක්වත් නීතියට විශේෂ විය යුතු නැත. එම සංකේත වලට මුවාවී නීතියෙන් කට්ටි පැනීමට කිසිවෙකුට ඉඩ ලැබිය යුතු නැත. 


භික්ෂූන් නීතිය ගැන හිතන්නේ ද තමන්ට ඕනෑ දෙය නීතිය වන බවයි. දළඳා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත නොකරන බව කියන්නේ මහානායකලා ය. පාර විවෘත කරන්නට නම් කැමති කරවාගත යුත්තේ ජනාධිපතියරයාව හෝ නීතිය හා සාමය බාර අමාත්‍යවරයාව නොව මහානායකලාව ය. මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙසින් මහනුවර රැලියට පැමිණ එය අවසන් වූ පසු විද්වතුන් පිරිසක් හමුවුණේ ය. එහිදී ඔවුන් සමඟ සාකච්ඡා කරමින් බලයට පත්වූ පසු පාර විවෘත කරන්නට පොරොන්දු විය. එ් පොරොන්දුව ඉටුනොවන්නේ මහානායකලා නීතියට ඉහළ නිසා ය. රාජපක්ෂලා වැනි හැම යකාටම ඉහළින් සිටින කෙනෙක් රේස් පැද්දොත් මිස මහානායකලාට ඉහළින් යන්න කාටවත් නොහැක.

ඇත්තටම මහාමාර්ග අධිකාරියට එ් විසිහය මාර්ගය අයිති ය. පාර විවෘත කිරීම සම්බන්ධයෙන් සත පහක අයිතියක් මහානායකලාට නැත. රටේ නීතියට අනුව ඉන්නට බැරිනම් සංඝයා බුද්ධ නීතියට යටත් වන්නේ කෙසේද???

23 comments:

  1. නීතිය විතරද එයාල නොදන්නේ?

    පිරිවෙනේ සීමිත විශයන් කීපයක් කටපාඩම් කළ පමණින් ඔවුන් සියල්ලන්ට වඩා උගතුන් කියා හුදී ජනයා කෙසේ වෙතත් ඔවුනුත් සිතා සිටිනවනේ, නානසාරටනම් පහුගිය සති කීපයේ රෑට තේ වතුරම විතරක් බීපු නිසාද කොහෙදෝ ඒ වග තේරුං ගිහිං. බුදු හන්දුරුවන්ට දිවැස් තියනවා කියන්නේ ඔය නිසා තමයි (රෑට කෑම තහනං කොරේ).

    සියළු දෙනාට පොදු අධ්‍යාපනය ලබන්න හැකි මේ යුගයේ පිරිවෙන්(ඇතුළු අනෙකුත් ආගමික)අධ්යාපන ආයතන තෘතීක අධ්‍යාපනයට සීමාවූ ආයතන බවට පත්කරන්න කාලය ඇවිත්, මහන වෙන්න හරි තපස් රකින්න හරි පුළුවන් අනිවාර්ය ද්විතීක පොදු අධ්‍යාපනය අවසන් කෙරූ පසු,

    ReplyDelete
    Replies
    1. පව්, ඥාණෙ කෙට්ටු වෙලා. ඇදිල ගිහිල්ල

      Delete
  2. //මෛත්‍රී පොදු අපේක්ෂකයා ලෙසින් මහනුවර රැලියට පැමිණ එය අවසන් වූ පසු විද්වතුන් පිරිසක් හමුවුණේ ය. එහිදී ඔවුන් සමඟ සාකච්ඡා කරමින් බලයට පත්වූ පසු පාර විවෘත කරන්නට පොරොන්දු විය. එ් පොරොන්දුව ඉටුනොවන්නේ මහානායකලා නීතියට ඉහළ නිසා ය. //

    එ් පොරොන්දුව ඉටුනොවන්නේ සිරිසේන චන්දේ ලබාගන්න හැම එකාට ම ඉල්ලන ඉල්ලන හැම දේම පොරොන්දු වූ තක්කඩියෙකු නිසා බව ලියන්නට කොන්ද පන තියේද?

    ReplyDelete
    Replies
    1. මම කොන්දේවත් මොකේවත් හයිය පෙන්වන්න ලියන්නේ නැහැ. මම කොන්ද පණ තියෙන කෙනෙක් කියල මටම කියාගන්න ඕනෙත් නැහැ.
      http://uduwaage.blogspot.com/2015/05/slfp.html
      මේ මගේ පළවෙනිම පෝස්ට් එක

      Delete
  3. මෙතනදී උන්නාන්සේ මාධ්‍යවලට මොනවාහරි කියන්නත්, උසාවියෙන් මොන නියෝග දැම්මත් මම තැන තැන මොනවාහරි කියනවා යනුවෙන් පෙන්වීමටත් මේ ප්‍රකාශය කල බව පෙනෙනවා. සංඝ සම්මේලන වලදී මහා පොර ටෝක් දෙන මුන්නාන්සේ මොකද මෙහෙම ගොන්පාට් කතාවක් කිව්වේ කියලා පැහැදිලියි.

    ReplyDelete
  4. සිවුරු කෑල්ලට බයේ පාරක් ඇර ගන්න ඇඹරෙන සිරිසේනලා කොහොමද මේ රටෙ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ශා කරල දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා පැහැදිලි ඇතු්ත

      Delete
    2. සිරිසේන විතරක් නෙමේ කව්රුත් බයයි.බයයි කියන්නේ බය කරගෙන තියෙන්නේ.

      Delete
  5. Mayithripala danaganna epaya thamange balaya pawichchi karala kala yuthu de karanna.Ehema nathnam anduwak mokatada?Pansal witharak thibunahama madayi?

    ReplyDelete
    Replies
    1. ලොකුම අවුල මේ ආගමික රාජ්‍ය්‍ය කෑල්ල තමා

      Delete
  6. අනේ මචං, වටරැක විජිත හාමුදුරුවෝ ගැන උපහාරයක් ලියපන්කෝ

    ReplyDelete
  7. //"රාජ්‍යය ඉදිරියේ සියළු පුරවැසියන් සමානය. සිවුර හෝ ලෝගුව හෝ පූන නූල හෝ කුමන සංකේතයක්වත් නීතියට විශේෂ විය යුතු නැත."// දේශපාලන සත්වයෙක් වීමද නීතියට අදාළ නැති විය යුතුය.
    මේ රටේ තිබෙන බොහොමයක් ප්‍රශ්න වලට විසඳුම වන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමය. එවිට අනික් සියල්ල අවශේෂ පරශ්න බවට පත්වෙයි .

    ReplyDelete
    Replies
    1. දේශපාලන සත්වයා කතාව ඇත්ත

      Delete
    2. /බොහොමයක් ප්‍රශ්න වලට විසඳුම වන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමය/

      විවිධ මතිමතාන්තර දරණ මිනිසුන් සියල්ලම එකඟවන එක් දෙයක් තියනවා, ඒ කෘතීම බුද්ධිය භයානකයි කියා.

      Delete
  8. මේ රටේ ජනතාව පසුගිය මැතිවරනවලදී ජාතිවාදය හා ආගම්වාදය ප්‍රතික්ශේප කළා.බයියන් සිවුරේ බලය ගැන කෑගහද්දි බහුතරයක් අවධාරනය කලේ නූතන ප්‍රජාතන්තරවාදී වටිනාකම් ගැන. භික්ෂුව යනු වැඩවසම් නෂ්ඨාවශේෂයක්. කෙසේ නමුත් ආගම් අදහන්නන්ට කිසිම බාධාවක් නොකල යුතුයි.එහෙත් ආගම ඇදහීම කෙනෙකුගෙ පුද්ගලික වැඩක්. මේ රට බුදුන්ට තෙවරක් පූජා කලාය කියා හෝ රජුන් නිසිමග යවන්න භික්ෂූන්ට අයිතියක් ඇත යන්න හෝ බයිල. මේ රට නේපාල ජාතිකයෙකුට පූජ කරන්න කාටවත් තියන අයිහිය මොකක්ද . එහෙම පූජ කලේ ජනමත විචාරනයකින් පසුවද කියා සොයා බලන්න ඕන. එහෙම පූජා කිරීමක් වෙලානම් එය නොපමාව නිශ්ප්‍රභ කල යුතුයි.
    භික්ෂූන්ට දේශපාලනය මෙහෙයවන්න දෙන්න බැහැ.එය මෙහෙයවිය යුත්තෙ රටේ ජනතාව.
    භික්ශු බලය බිද දැමීම ජන අරගලයේ මග හැරිය නොහැකි සංධිස්ථානයක්.භික්ශු බලය බිද නොදමා සමාජයට ඉදිරි ගමනක් නැහැ.මෙහිදී සුළු ජාතිකයන් සුළු ආගමිකයන් වාමාංශිකයන් හා නිරාගමිකයන් එක්සත් විය යුතුයි.

    පාර විවෘත කිරීමට මුල්ලාවරු සමග මහ පාරේ සටන් කල අයට උපහාරය.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේක පිස්සු රටක් බං.. එෆ් සී අයි ඩී එක පරීක්ෂණ කරන්නේ ජනාධිපතිට ඕන විදියට. ඒ බව ලොcකගෙ ප්‍රකාෂ වලින්ම පේනවා. එතකොට චම්පික කියනවා චීවරකාරයෝ අත් අඩ්ංගුවට ගන්න කලින් මහා නායකලට දැණුම් දීලා ඉන්න ඕනලු. මේ කාලකන්නි එකෙක්වත් ඒ කාලකන්නින්ව ගනන් ගන්නේ නෑ. ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන පොඩ්ඩක් වත් අඩු කරන්නෙත් නෑ ලූ. නානේ නීතිය දන්නේ නෑ ලූ.. ඒක නම් ඇත්ත උන් නීතිය කියලා හිතාගෙන හිටියේ රාජපක්ෂ නීතිය. ඒක උන්ගේ වැරද්දක් නෙමේ. මේ රටේ මාද්දියවේදින්ගේ වැරැද්ද.

    ReplyDelete

  11. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  12. ඔය ඥාණසාර, සද්ධාතිස්ස, නාලක වගේ අය බෞද්ධ භික්ෂූන් නොවේ. කලිසම, ෂර්ට් එක වෙනුවට තැඹිලිපාට රෙද්දක් අඳින, පොලිටිකල් ඇජෙන්ඩා එකකට වැඩ කරන ලාභ පොලිටික්කෝ පිරිසක් විතරයි. මාපිටිගම බුද්ධරක්ඛිත, තල්දුවේ සෝමාරාමලගේ වර්තමාන පරම්පරාව.

    සිරාට කොන්දක් හයිකරානම් මේ ගොඩක් ප්‍රශ්න ඉවරයි. ඔය මහානායක පට්ටමම බුද්ධාගමට විරුද්ධයිනෙ. සිරාට රජාගෙන් ඉගෙනගන්න තියෙන්නේ එක පාඩමයි. මහානායකලට බම්බු ගහගනින් කියල කාර් රේස් පදින්න පුළුවන් තරම් හයියක් තියෙන පෞර්ෂයක් ගොඩනගාගන්නේ කොහොමද කියන එක. අන්න එදාට සැබෑ යහපාලනයේ හෙවනැල්ල හරි අපිට දකින්න පුළුවන් වෙයි.

    ReplyDelete
  13. රටේ නීතියට අනුව ඉන්නට බැරිනම් සංඝයා බුද්ධ නීතියට යටත් වන්නේ කෙසේද/////+++++++++

    ReplyDelete
  14. මේ උත්තාට පොඩි කාලෙම පිස්සු හැදිලා හිටිය කියල මුන්දගේ අම්ම කිඋව කියල fb පොස්ට් එකක් තිබුණ දැක්කද?

    ReplyDelete
  15. ප්‍රශ්නේ මේකයි. ඔය තත්වය තමා හැම රටකම තියෙන්නේ. අපි කොච්චර නැහැ කිව්වත් ඇන්ග්ලිකන් පල්ලියේ කිසියම් බලයක් එංගලන්තයේ තිබෙනවා. නායිකාව නිසා සහ. නමුත් ලංකාවේ වගේ කෙලින්ම බලය පෙනී පෙනී පවිව්හ්ව්හියක් නැහැ. පාදිලි වරුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වෙනවා. ඉතාලියේ කතෝලික පල්ලියට එරෙහිව වුනත් එපමණයි.මුස්ලිම් රටක පුජකයෙක් අත් අඩංගුවට ගන්න වත් පුලුවන්ද ?බහ. .

    ReplyDelete

Search This Blog