Monday, February 29, 2016

කිරිඇල්ල අමිත්ට කුණුහරුපෙන් බණියි

ලක්ෂ්මන් කිරිඇල්ල නම් මහාමාර්ග උසස් අධ්‍යාපන ඇමති තමන්ගේ සීමාව ඉක්මවා තිබේ.

නින්දිත ආකාරයට තමන් කළ වැරැද්දක් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තා පමණක් නොව මාධ්‍යවේදීන්ට සද්දය දමන්නටද පටන්ගෙන තිබේ.

අද පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මධුරංග සහෝදරයාට ඔහු බැණවැදී ඇත්තේ මාධ්‍යවේදීන් පෑන පශ්චාත්භාගයේ ගහගෙන ඉන්න එවුන්යැයි හඳුන්වමින් ය.

තමන්ට ඇති බලය පිළිබඳව පවසමින් අයිසේ ඇමතිවරයා පොන්නයෙක් නොවේ වැනි වචන සඳහන් කරමින් කිරිඇල්ල කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නින්දිත ප්‍රකාශයකි.

මේ යකා පාර්ලිමේන්තුවේ සභානායකවරයායි.

අද පුවත්පතේ වාර්තා කර තිබෙන ආකාරයට හා අමිත් මධුරංග සමඟ මා සාකච්ඡා කළ පසු ඔහු පැවසුවේ තමන්ට වක්‍රාකාරව තර්ජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බැණවැදුණු බවයි.


ලක්ෂ්මන් කිරිඇල්ල මේ කර ඇති බරපතල වැරැද්ද සම්බන්ධයෙන් වහාම සමාව ඉල්ලා සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු කළ යුත්තේ ඉල්ලා අස්වීමයි.

එහෙත් මේ කිසිවක් සිදු නොවනු ඇත.

මාධ්‍යවේදීන්ට සද්දය දමන කිරිඇල්ල වැනි චණ්ඩියන් බලයේ සිටින තෙක් යහපාලනය යනු කිසිදා ළඟා නොවන තත්වයක් බව පමණක් කිව හැක.

ලක්ෂ්මන් කිරිඇල්ලගේ වචන එබඳුනම් අපට පාවිච්චි කරන්නට වෙන්නේත් එබඳු වචනමය.

ඇමතියෝ මාධ්‍යවේදීන් කියන්නෙත් පොන්නයෝ නෙවෙයි. අපි එසේ කිරිිඇල්ලට අවධාරණය කළ යුතු ය.

තවත් මොනවා කතා කරන්නද? මහාමාර්ග ඇමති යහපාලනයට තාර දමා ඇත.

18 comments:

  1. කෝ මුන්ට දානවා කිව්ව ආචර්ය ධර්මද මොකද්ද එක !. මේ කට වග කියන්න ඕන රනිල් . මිනිහා තමයි ඉස්සරලම මාධ්‍යට තර්ජනය කලේ.

    ReplyDelete
  2. ඕක සාමාන්‍ය දෙයක් නේ බං.. ටොයිද බයිද නෑ. අජුත වැරැද්දක් අතටම අහු උනාම ඔය වගේ ගොබ්බයෝ වියරු වැටෙනවා බං..

    ReplyDelete
  3. ඕන ගොනෙකුට ඇමතිකම් කරන පුළුවන්

    ReplyDelete
  4. මේවා පොල් ගහපු ඒවායේ ප්‍රතිඵල!
    ඇමතිගේ වරදක් නොවෙයි.

    ReplyDelete
  5. // අද පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මධුරංග සහෝදරයාට ඔහු බැණවැදී ඇත්තේ මාධ්‍යවේදීන් පෑන පශ්චාත්භාගයේ ගහගෙන ඉන්න එවුන්යැයි හඳුන්වමින් ය. //

    //තමන්ට ඇති බලය පිළිබඳව පවසමින් අයිසේ ඇමතිවරයා පොන්නයෙක් නොවේ වැනි වචන සඳහන් කරමින් //

    පුවක්පත් කලාවේදියෝ සහ මාජ්ජ වේදියෝ මීට මහ හඬක් නොනගා ඇමතු තුමා ඉල්ලා අස් වන තැනට උද්ගෝසන නොකොලොත්, පුරවැසියෙකු ලෙස ස ර ස තුමා ට හැඟෙන්නේ ඇමති තුමා නිවැරදි බව පමනකි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එහෙනම් ප්‍රාෙයා්ගික කාරණේ ඇමතිතුමා නිවැරදයි

      Delete
    2. බෝතල් පත්තරකාරයින් මාජ්ජවේදීන් වෙලා ඉන්න එකේ වාසිය නම්, දේසපාලකයෝ නිවැරදිය.... මාජ්ජවේදීන් ට කොන්දක් නැත... ඇත්තේ පැන ගසා ගැනීමට සුදුසු පශ්චාත්බාගයක් පමනි!

      Delete
  6. ජනමාධ්‍ය තුළ දේශපාලකයන් කියන්නෙ එක පාත්‍ර වර්ගයක් විතරයි. ඒත් මේ දේශපාලුවන්ට සර්.. සර් කියාගෙන මාධ්‍යකරුවන් නැවෙන නැවිල්ල නම් අජූවයි. දේශපාලකයන් මාධ්‍යකරුවන් ගණන් නොගන්න එක හේතුවක් ඒක. කෙහොම වුණත් කිරිඇල්ලගෙ වැඩේ නම් අජූවයි.

    ReplyDelete
  7. මමත් මේකේ හඬපටය ඇහුවා. අන්තිම නින්දිතයි. මාධ්‍යවේදීන් කියන්නෙ පොන්නයෝ නොවන බවට අවධාරණය කිරීමෙන් නොනැවතී මේවගේ ජඩ කතා ඉදිරියටත් නොකියවෙන තැනට බලපෑමක් මාධ්‍යවේදීන් විසින් කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...
      ඒකට මාධ්‍යවේදියෝ සංවිධානය වෙන්න ඕන

      Delete
  8. ඒ ඇයි බං අලින්ට මෙච්චර මල පනින්නේ... රනිල්, කිරිවල්ල, අජිත් පී පෙරේරා ම්ල අතට ගත්ත ගමන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මල් ගහන්නෙ නැති හින්ද වෙන්නැති

      Delete
  9. ලොක්කො හිටගෙන කරනකොට..පොඩ්ඩො දුව දුව කරනවා. මට කාලෙකට පස්සේ මර්වින් සිල්වව මතක් උනා

    ReplyDelete
  10. වැඩේ වෙලා දවස් දෙකකටත් වැඩි ය. මාජ්ජවේදී බෝතල් පත්තරකාරයෝ නිහඬ්ය!!!

    අද ලන්කාවේ තම වුර්තියට පාට් දැමූ කල දේසපාලන බල අදිකාරියට විරුද්දව සටන් කරන්න කොන්ද පන ඇත්තේ දොස්තරලා ට පමනක් බව දැන්වත් කරුනාවෙන් සලකන්න!

    අනේ බන් උඹලගේ පැන ගහගන්නතැන කිලිඇල්ල ලොක්කා හරියට ම කියා ඇථ!

    ReplyDelete