Tuesday, February 02, 2016

කොටුව බෝම්බයට වසර අටක් පිරෙන තැන

යුද්ධෙදි මැරුණ සිංහල අය ගැන කතාකරන්නේ නැත්තේ ඇයිදැයි මගෙන් ( ඇතුළු යුධ විරෝධීන්ගෙන් ) ජාතිකවාදීන් අහනවා... 

මටනං තියෙන පැහැදිළි හේතුව ඒ ගැන කතා කරන්න ඇති තරම් අය ඉන්නවා.. යුද්ධය ගැන මිනිස්සු කතානොකර හංගන දේ තමයි අපි කතා කළ යුත්තේ කියලා... 


එල්ටීටීඊ සංවිධානය තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උපක්‍රමයක් විදියට සාමාන්‍ය සිංහල ජනතාව අතරට බෝම්බකරුවන් යවලා මරා දැමීම යොදාගත්තා... ඔවුන්ව ත්‍රස්තවාදීන් විදියට හැඳින්වුවේත් මේ නපුරු උපක්‍රමය නිසා... එල්ටීටීඊයට එයම පාරා වළල්ලක් වුණා... 





දෙමළ මිනිස්සුන්ගේ විමුක්ති සටන පැවති කාලයේ මරා දැමුනු දෙමළ වැසියන් තරම් නැතත් විශාල දකුණේ සිවිල් වැසියන් ප්‍රමාණයකගේ ජීවිත මේ භයානක උපක්‍රමය නිසා අහිමි කර දැමුණා.... 

තුවක්කුවේ රෝස මල් නැහැ. ඒක ආදර වස්තුවක් නෙවෙයි ඝාතක වස්තුවක්... බෝම්බය තුළ මිනීමරු යකඩ කෑළි මිසක් කාගේවත් විමුක්තියක් නැහැ. ආදරයක් නෑ... හදවතක් නැහැ ආයුධ වලට... හිත හොඳ මිනිස්සුන්ව ඉතිරි කරලා නරක මිනිස්සුන්ව විතරක් මරන්න බැහැ ආයුධ වලට... ( ආයුධ අතට ගත්ත මිනිස්සුන්ටත් බෑ. හමුදා නිල ඇඳුම ඇන්දත්. එල්ටීටී ඇඳුම ඇන්දත් )




අවුරුදු අටකට කලින්!!! අද වගේ දවසක හවස් වරුවක අයේෂ් මට කෝල් කළා!!! 

මචං කොටුවේ බෝම්බයට මලින්ද අයියලාවත් අහු වෙලාලු!!!!!!!!!!!!!!!



මලින්ද අයියා

මලින්ද අයියා හෙවත් මලින්ද අරුමාදුර, විමුක්ති, හල්ලල අයියා හෙවත් සුපුන් හල්වල සහ මේ බෝම්බයෙන් පසු බලකාමීන් විසින් වැඩියෙන්ම මාකට් කරපු රදීෂ් අයියා හෙවත් රාජරත්නම් රදීෂ්වරන් පුංචි බේස්බෝල් ක්‍රීඩකයන් වූ අපට වැඩියෙන්ම සමීපව හිටපු අය.


හල්ලල අයියා අපේ වීර හවුස් එකේ හිටපු හවුස් කැප්ටන්... ( ඇත්තටම නීත්‍යාකුකූලව මම වීර නෙවෙයි. ඒත් අපි සෙට් එකම එක හවුස් එකේ ඉන්න ඕන නිසා සෙට් වෙලා වීර එකට ගැහුවා ) ඊට කලින් සතියේ වොලිබෝල් හවුස් මැච් බලන්න හල්ලල අයියා ආවා... මාත් ඇතුළුව හයදෙනෙක් තමා වොලිබෝල් ටීම් එකේ හිටියේ!!! අපි කණ්ඩායම පළවෙනි තැන අරන් හවුස් එකට පොයින්ට් පහක් එකතු කළා. හල්වල අයියා මුළු මැච් එකම බලන්න ඇවිත් හිටියා..... ඊට පස්සෙ සතියේ තමයි ෆුල්බෝල්, බේස්බෝල් මැච් තිබුණේ. ඒ ටීම් දෙකේ හිටියෙත් හොස්ටල් එකෙන් බැහැපු අපේ සෙට් එකම තමයි. මැච් එකෙන් පස්සේ මාර සතුටින් හිටපු හල්ලල අයියා ඒ ටූනමන්ට් දෙකත් ගොඩ දාලා හවුස් එකට පොයින්ට් අරන් දෙන්න කියලා ඉල්ලුවා...



මල්ලි මං නුවර යනවා. අනිවා ලබන සතියේ මැච් ටික බලන්න එනවා. මේ පාර අපේ හවුස් එක තමා ගහන්නේ. ඒ වෙනකොට මෙත්ත හවුස් එක බැක් ටු බැක් දිනලා හිටියේ. මේ පාර දිනනවාමයි කියන අදහසේ හල්ලල අයියා හිටියේ. හැම නිවාස තරඟයකටම ගිහින් සහෝදරවරු දිරිමත් කරන්න එයා හිතුවා. ඒත් ලබන සතියේ හල්ලල අයියාට එන්න බැරිවුණා. නිවාසාන්තර තරඟාවලිය තිබ්බේ නැහැ. වීර හවුස් එකට දිනන්න තව අවුරුදු හතරක් ඉන්න වුණා. ඒ ඔක්කොටම වඩා හල්ලල අයියා යන්න ගියා.......... නැහැ එයාව බලෙන් යැව්වා...

මලින්ද අයියා අනෙක් උණුුසුම්ම මතකය. අපි සෙට් එක බේස්බෝල් ෆුට්බෝල් වොලිබෝල් රගර් ඔක්කොම කරපු කාලෙක බේස්බෝල් පුහුණුකරු තමයි මලින්ද අයියා. මේ ක්‍රීඩා වලින් මට වැඩියෙන්ම බැරි බේස්බෝල්. ඒත් වැඩියෙන්ම ආසාවෙන් ප්‍රැක්ටිස් ගියේ බේස්බෝල්. ඒ මලින්ද අයියා නිසා. පස්සේ බේස්බෝල් ෆුට්බෝල් ප්‍රැක්ටිස් එක දවසට වැටුණම මම අවුල් ගියා. “ මල්ලි මාත් ෆුට්බෝල් ගැහුවා. උඹ බේස්බෝල් ක්‍රීඩකයෙක් නෙවෙයි මාර දක්ෂ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. ෆුට්බෝල් කරපං.“ 

මලින්ද අයියා එහෙම කිව්වේ බේස්බෝල් ටීම් එක පුරවන්නත් සෙනඟ හොයන්න නොහිටි ඒ කාලේ. මලින්ද අයියා තමන්ගේ ගොඩ වැඩි කරගැනිල්ලක් ගැන හිතුවේ නෑ. මට මුණගැහිලා තියෙන හොඳම කෝච් මලින්ද අයියා. මට මතකයි මලින්ද අයියා නුවර යන්න කලින් හොස්ටල් එකට ඇවිත් මිලේන්ද්‍රයාගෙන් ඩීඑස් බේස්බෝල් ටීෂර්ට් එකක් ඉල්ලගෙන ගියා වගේ. කොහොමත් මලින්ද අයියා අහුවුණ බෝම්බයටම මිලේන්ද්‍රෙග් ඒ ටී ෂර්ට් එකත්, ඊට කලින් දවසක රදීෂ් අයියා ඉල්ලගත්ත මිලේගේ කැප් එකකුත් මගේ බූට් සපත්තු දෙකකුත් අහුවුණා. මලින්ද අයියා වරක් කීවේ එයාගේ හොඳම සොයාගැනීම මිලේන්ද්‍රයා කියලා. කවදහරි මිලේ බේස්බෝල් වල ඉහළටම යයි කියලා මලින්ද අයියා කිව්වා. ඒත් කොටුව බෝම්බයෙන් පස්සේ මිලේ බේස්බෝල් බැට් එක ඇල්ලුවේ නැහැ. කැචර් ග්ලවුස් අත් වලට දැම්මේ නැහැ. අවට්ෆීල්ඩ් සෙන්ටර් ඉඳන් කැචර් වෙනකන්ම එන මිලේගේ ට්‍රෝ එක ආවේ නැහැ. ඒ නියමයි මල්ලී කියන්න මලින්ද අයියා නොසිටි නිසා. ( දෙපාරක් හවුස් මැච් වලදී ඇරෙන්න )


බේස්බෝල් ස්මාරකය
මගේ සමීප නෑයෝ කවුරුත් මිය ගිහින් නැහැ. මට වෙලා තියෙන දුක්බරම අහිමි වීම මලින්ද අයියලා එල්ටීටීඊ බෝම්බයට අසු වීම තමයි. කිසිම තත්වයක් යටතේ සිවිල් වැසියන් ඉලක්ක කිරීමක් වෙනුවෙන් පෙනී ඉන්නේ කොහොමද????? මලින්ද අයියාව සිහි වෙද්දී!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

13 comments:

  1. ඔය කාලේ මිනිස්සු කොච්චර බයෙන්ද පාරක බැහැලා ගියේ. ළගින් ආශ්‍රය කරපු අයෙක් අපි අතරින් හදිස්සියේම සමුගත්තාම දැනෙන දුක එමටයි. එක අතකින් අපි දැන් කොච්චර නිදහස්ද???

    ReplyDelete
    Replies
    1. ඒ නිදහස ලබන්න කොච්චර මිනිස්සුන්ගෙ ජීවිත උදුරගත්තද????

      Delete
  2. ඒකනේ මචෝ මම කියන්නේ මහින්ද මහත්තයට මගේ ගෞරවයක් තියෙනවය කියලා..

    ඒ වගේම උඹේ මහ එකා කියනවා වගේ ලංකාවේ මෙතෙක් පහළවූ අදූරදර්ශීම නායකයත් එයාම තමා...

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට ගෞරවයක් නැති වෙන්න හේතුත් තියෙනවා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එයාව බේරන්න කප්පම් දිදී ඒ කප්පම්වලින් ගත්තු බෝම්බ පිපිරී මේවගේ උන් මැරෙනකොට , බෝම්බ කකා ඉස්සරහට ගිහින් ත්‍රස්තවාදීනව නැතිකරපු අයව විකුණලා බෝම්බ කාගෙන නායකත්වය දුන්න අයව හිරේ දාගෙන සනුහරේට හම්බු කරපු එකා ග්ලිසරීන් ගහගෙන අඬන කොට මට නම් ........හ්ම්..... ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙනත් වචනවලින් කියනවා නම් ඔය බෝම්බය පිපිරවීමට එමිලිකාන්තන් ගේ සල්ලි පාවිච්චි කළා ද?

      Delete
  5. ඉස්සර කොලබ යනවා කියන්නේ දැන් සැකයට පොලිසියෙන් ගෙනියනවා වගේ ආපහු එන්ඩ වෙයිද කියල සුවර් නැ.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  6. යුද්දයකදී ඊට බහුලව ගොදුරු වන්නේ ඊට කිසිම සම්බන්ධයක් නොමැත්තෝය

    ReplyDelete
  7. මෙහෙම ප්‍රශ්නයක් තියනවා. මෙහෙම කීවම ගොඩක් දෙනා මට බනීවි. ඒත් ඔය පිරිස කොන්ඩ කොටට කපා සිටි හැඩිදඩි පිරිසක්. සටන්කාරිය සිතුවෙ නිවාඩු ඇරිල සේවයට යන සෙබලුන් කියල. ඇය ඔවුන් අසලට ගොස් පුපුරුවා ගත්තෙ ඒ නිසයි. මෙය යුධ ඉලක්කයක් ලෙස සැලකිය හැකියි.එල් ටී ටී ඊ එකට දොස් කියන එක වැරදියි.

    ඔය වගෙම දෙයක් කැබිතිගොල්ලෑවෙදි වුනා. ඒ බස් එක ගියෙ ග්‍රාමාරක්ෂකයෙකුගෙ අවමගුලකට. ඒක යුධ ඉලක්කයක්. මේ බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙ ප්‍රකාශන වල මේ බව පැහැදිලිව සදහන් වුනා.

    දෙමළ විමුක්ති අරගලයට පක්ෂ උඩුව වගෙකෙනෙක් මෙහෙම දේවල් කතා කරන එක හරිද. එය නිදහස් බිමක් වෙනුවෙන් සටන්කර අද නිදා සිටින දෙමල විරුවන්ට කරන නින්දාවක් නෙමෙයිද.
    උඩුවට රිදිල තියෙන්නෙ එක ඉස්කෝලෙ එකට සෙල්ලම් කල අය මළ නිසා. ඒත් බෝම්බ පුරවාගත් ලොරියක් රැගෙන නෙල්ලිඅඩි අදවුරට කඩාවැදුන කැප්ටන් මිලර්ගෙ පරම්පරාවෙ දෙමල සටන්කරුවනට නින්දා කරන්න එපා.
    මහවැලිය හදනකොට ගැඩවිල්ලු මැරෙනව උඩුවො.

    ReplyDelete
    Replies
    1. //මහවැලිය හදනකොට ගැඩවිල්ලු මැරෙනවා//
      මේක සිංහල ජාතිවාදීන්ට දෙමළ මිනිස්සු තොග ගණන් මරපු එක සාධාරණීකරණය කරන්න දාන්නත් පුළුවන්...
      මම විශ්වාස කරන්නේ එහෙම ලබාගන්න විමුක්තියක් නෙවෙයි!!! විමුක්ති අරගලයට මං පක්ෂයි

      Delete
    2. ෂැක්, යුද්දේ ඉවර වුණේ අපරාදේ කියලා දැන් නම් හිතෙනවා අප්පා. යුද්දේ ඉවර වුණු එකන් වුණේ විමුක්ති අරගලය දිනන්න බැරි වුණු එක. හරිම දුකයි අප්පා.

      Delete