Tuesday, February 02, 2016

ඇය නැතිව ඒ මොහොත

කළුපාට!!!! ඔයා අඳන්නෙම කළුපාට!!! 
එයා මගේ දිහා නොබලා බිම බලාගෙනම කීවා!! උත්තර දෙන්න ගියේ නැහැ මං!!! 

දවස් ගාණක ඉඳන් එයා ගැනම හිතුවත් මට පෙන්වන්න ඕන මං එයාව ගණන් ගන්නෙ නෑ කියලා!! 

ඇයි කළුපාට අඳින්නේ???? 
දෙවැනි පාර අහද්දී නුරුස්නා හඬකින් මං උත්තර දුන්නා..... ‘මට ඕන නිසා‘


පණ්ඩිතයා!! ඇයි රැවුල කොණ්ඩේ වවලා ඉන්නේ??? 
මං මගේ ගණ ඇහිබැමි යටින් කණට ගහන්න වගේ බැල්මක් දැම්මා...
හරි හරි!! ඔයාට ඕන නිසා......... 

මට ඕනේ මෙතැනම ඉන්න.. එයා කියනදේ අහගෙන ඉන්න... ඒත් මං දශමයක්වත් ඒක පෙන්නුවේ නැහැ.... දිගටම දිගටම එයා ප්‍රශ්ණ ඇහුවා.

ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?? ඒ එයාගෙ පන්සිය අසූහත්වෙනි ප්‍රශ්නෙ වෙන්න ඇති. මං ගණන් කළේ නෑනෙ.....  
‘නැහැ‘ ඒකට නං මං උත්තර දුන්නා නෙවෙයි ඉබේම උත්තරේ පැන්නා...

ඔයා ආදරේ කරන්න දන්නවයැ.... 
‘ඔයා හිතන්නෙ මං ආදරේ කරන්න දන්නෙ නෑ කියලද?‘ මං දාගෙන හිටපු දරදඬු වෙස්මූණ ලිහෙන්න ගත්තා.. 




ගොඩක් වෙලා එදා එයා කතාකළා.... මං ආසම එයාගෙ කටහඬට... පස්සේ පස්සේ මාත් කතා කරන්න ගත්තා.... මම එයාගෙ ඇස් දිහා කෙලින් බැලුවා... එයා ඒවා මඟෑරලා බිම බැලුවා... එයා මුුළු මූණෙන්ම හිනා වුණා... මගේ විහිළු වලට... එයා පුදුමයෙන් බැලුවා සමහර දේවල් ගැන මම හිතපු විදියට... එයා මාව සැනසුවා... සමහර තැන්වලදී... ඒ දිගම හැන්දෑවක්.....................................................................


මට ඒ වෙලාව ගොඩක් කල් තියාගන්න ඕන වුණා..... ඒත් ඒ වෙලාවෙන් පස්සේ එයාව මිස් වුණා... මං ගොඩක් දේවල් එක්ක ගොඩක් දුර ආවා... කෙටි කාලයක් තුල ගොඩක් අයව දිනාගන්නත් කෙටි කාලයකින් ගොඩක් දේවල් ඉගෙනගන්නත් වේගවත් ගමනක් යන්නත් කාලය වැයවුණා... 

දැන් මම ඒ මොහොත ආයෙමත් හොයනවා.... ඒත් එයා මගෙන් ගොඩක් ඈත් වෙලා..... හීනයක් වගේ එක හැන්දෑවක දිග කොණ්ඩයක් එක්ක ආපු ඇය හීනයක් වගේ යන්න ගිහින්.... ඇයත් එක්ක ගෑවුනු හැම මතකයක්ම හීනයක් වගේ!!!! 

ඇය නැතිව මට ඒ මොහොත හොයාගන්න පුළුවන්ද??? මම හොයනවා..... 

14 comments:

  1. මටන් ගන්නකොට සුන්දර උනත් අවසානය දුක්බරයි. මම කියවපු උඩුවාගේ හොදම පෝස්ට් එක මේක.

    ReplyDelete
    Replies
    1. මම බොහොම ප්‍රසිද්ධ උත්තරයක් දෙන්නං....
      මං අහුලගත්තෙ කමල් හසන්ගෙන්!!!
      මගේ හොඳම පෝස්ට් එක තාම ලියැවිලා නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!

      බොහොම ස්තූතියි උණුසුම් ප්‍රතිචාරයට

      Delete
  2. "ඇය නැතුව මට එ මොහොත හොයා ගන්න පුළුවන්ද??මං තාම හොයනවා"

    හදවතට දැනෙන ලියවිල්ලක සහො ගොඩාක් අලංකාරයි,

    ReplyDelete
  3. "ඇය නැතුව මට එ මොහොත හොයා ගන්න පුළුවන්ද??මං තාම හොයනවා"

    හදවතට දැනෙන ලියවිල්ලක සහො ගොඩාක් අලංකාරයි,

    ReplyDelete
  4. නියමයි. හරිම සංවේදියි. ඇත්ත කථාවක් නම් මොකද්ද වෙන් වෙන්න හේතුව?

    ReplyDelete
    Replies
    1. අර්ධ ඇත්තක්!!!
      හේතුව මගේ දුර්වලකම තමයි!!!!!!!!!!!!!!!!

      Delete
  5. ඇතැම් මොහොතක හැඟීම් හංගන්න ඕන වගේම තවත් මොහොතක ඒවා හෙළි කළ යුතු වෙනවා..

    ReplyDelete
    Replies
    1. මං ඔය දෙකම කළේ් වැරදි තැනදී

      Delete
  6. ලව් කරන එකත් කළාවක් පුතේ....

    ReplyDelete
  7. ඈ බං අද දවසට මං දැක්ක උඹගේ තුන්වෙනි අප්ඩට් එක මේක නෙව.. ඇයි වදේ දවසට එකක් ගානේ දැම්මම මදෑ..

    ReplyDelete