Thursday, March 17, 2016

ධම්මික රණතුංගට තදවුණේ ඇයි?

රණතුංග පවුල කියන්නෙ පුදුමාකාර පවුලක්. වෙලාවකට මේ පවුල හරිම සමඟයි. ඒත් දේශපාලන වේදිකාවේදී මේ පවුල ඉන්නේ විවිධ තැන්වල. 


රුවන් රණතුංග මල්ලීව ප්‍රසන්න රණතුංග අයියාව ඉවත් කළ සංවිධායක තනතුරු වලට කළේ පහුගිය සතියේදී. ප්‍රසන්න රණතුංග ඒකාබද්ධ විපක්ෂයේ කසකාරයෙක් වුණත් නොවැළැක්විය හැකි හේතුවක් යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී නොවී විදේශගත වුණා. 

මේ රණතුංග පවුලේ බර හා ඒක තේරුම්ගන්න පුළුවන් ඉන්දික තොටවත්ත කියන මානසික අවුලක් තියෙන හාදයා ප්‍රසන්න රණතුංග 2020 දී ලංකාවේ ජනාධිපති වෙන බව පැවසීම තුළිනුත්.

ධම්මික රණතුංගව උඩින් ගෙනැවිත් අර්ජුන රණතුංග ඇමති මල්ලි විසින් වරායේ සභාපති තනතුරක් දුන්නා. මේ වරායේ සභාපති ධම්මික අයියා රිමාන්ඩ් භාරයේ ඉඳලා උසාවියට ඉදිරිපත් කළ නිශාන්ත මල්ලිව බලන්නට ඇවිත් අලකලංචියක් වුණේ මේවා අස්සේ තමයි. ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට සද්දයක් දාන්නේ තමන්ගේ අකැමැත්ත පිට තමන්ව වීඩියෝ කරන්නට ඉඩ නොදෙන බව පවසමින්. 

ඒ වුණත් ආණ්ඩුවේ ප්‍රබලයෙක් වන අර්ජුන මල්ලිගේ විශ්වාසය දිනාගත් බව කියමින් වරායේ සභාපති ධම්මික රාජපක්ෂවරුන් සමඟ එක්ව මුදල් විශුද්ධිකරණයට චෝදනා ලැබූ නිශාන්තව බලන්න යෑම විශේෂ කරුණක් යැයි මාධ්‍යවේදීන් කල්පනා කිරීම පුදුමයක් වෙන්නේ නැහැ. ධම්මික ඔවුන්ට බැණ වදින්නට ඇත්තේද ඒ විශේෂ කරුණ ප්‍රසිද්ධියට පත්නොවිය යුතුයැයි කල්පනා කළ නිසා වෙන්නට ඇති. 







රණතුංග පවුල කියන්නේ රාජපක්ෂ වගේම පවුලක් තමයි ඉතින්. වෙනසකට තියෙන්නේ රණතුංග කෙනෙක් ජනාධිපති නොවිච්ච එක තමයි. එහෙම වුණානම් තව හොඳ සෙල්ලම් බලාගන්න තිබුණා.

16 comments:

  1. / මේ වරායේ සභාපති ධම්මික මල්ලී රිමාන්ඩ් භාරයේ ඉඳලා උසාවියට ඉදිරිපත් කළ නිශාන්ත අයියාව බලන්නට ඇවිත් අලකලංචියක් වුණේ මේවා අස්සේ තමයි /

    ධම්මික තමයි ලොකුම අයියා..ඊලඟට අර්ජුන, ප්‍රසන්න, නිශාන්ත, සන්ජීව සහ රුවන්.....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඒක වැරදීමක්!
      ඒ වැරදීමට එහෙමම තියෙන්න අරින්නම්!
      හැමෝටම වරදිනවා කියලා තේරුම් ගැනීම පිණිස

      Delete
    2. යකෝ හය දෙනෙක් ඉන්නවද

      Delete
    3. මෙයින් කෙනෙක් ජනාධිපති වුණා නම් රාජපක්ෂලට එහා වෙයි නේද? ලංකාවෙ දේශපාලනයේ අප්‍රසන්න බව මේ පවුලෙනුත් පැහැදිලිවම පේනවා.

      Delete
    4. අනිවාර්යයෙන්

      Delete
    5. අනිවා තරු රසී. මුන් ඩබල් ගේම් නෙමේ ට්‍රිබල් ගේම් ගහනව. හයදෙනා පක්ෂ හයක හිටියනම් මරේ මරු. රාජපක්ෂලට එහා යන බව ඉස්සර ක්‍රිකට් වලදිත් දැක්ක. තව පොඩ්ඩෙන් අර එක දිගට අසාර්ථක වුන සංජීවය කෝච් කරනව.
      මානසික සමබරතාවය අඩු හාදයෙක් කියනවලු 2020 දි මෙයින් එකෙක් අගමැති කියල.

      Delete
  2. මොනවා කරන්නද උඩුවේ - දක්ෂිණ ආසියාතික දේශපාලනය කියල කියන්නත් බැහැනේ . බුෂ් සහෝදරවරු බලන්නකෝ. හැබැයි වෙනසකට තියෙන්නේ බුෂ් ලා සල්ලි තියාගෙන ආවේ දේශපාලනයට.

    ReplyDelete
    Replies
    1. රණතුංග පැටව් ටිකත් සල්ලි තියාගෙනයි එන්නේ. සල්ලි වලට වඩා මිනිසුන්ට ඕන බලය

      Delete
  3. ධම්මික තමයි වැඩිමලා.... රවිත් කියලා තියෙනවා.... ඒක හැදුවා නම් හොඳයි... මොකෝ ඕක ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ උඹ හිතාගෙන ඉන්න ව්දියටමයි....

    ධම්මික, අර්ජුන, නිශාන්ත, ප්‍රසන්න, සංජීව, රුවන්

    ReplyDelete
    Replies
    1. අයිය මල්ලි කේස් එක හැදුව

      Delete
  4. ලංකාව (අනාදිමත් කාලයක සිට) දියුණු වෙමින් පවතින රටකි

    ReplyDelete
    Replies
    1. ඒ බව පෙන්වන තවත් අවස්ථාවක්

      Delete
  5. උඩින් මොන විරුද්ධකම් පෙන්නුවත් යටින් මේ සේරම එකතුයි. රණතුංග පවුලේ වැඩිමලා ධම්මික.

    ReplyDelete