Thursday, March 17, 2016

ජන සටනට ආ ජරාම පුද්ගලයා

අපි අද හඬ නඟපු නිසා නාමල් රාජපක්ෂ බේරිලා ඇවිල්ලා තියෙනවා. නැත්තන් නාමල් මල්ලි ඔයත් හිරේ අද.


උඩුවේ හාමුදුරුවොන්ගෙ පන්සලේ අලි පැටියෙක් දාල ගිහිල්ලා කියලා අත්අඩංගුවට අරගෙන. අලි පැටියාව සන්තකයේ තියාගත්තා කියලා.
 අලි පැටියා පන්සලේ ඉන්නකොට කන්න දීලා විතරයි තියෙන්නේ. මෙහෙම ගියොත් පන්සලේ ඉන්න බලු පැටියයි පූස් පැටියයි ඔක්කොම හාමුදුරුවොන්ගෙ සන්තකයට පත්වෙනවා.



ශිරන්ති (නාමල් මල්ලි නිසා ශිරන්ති ඇන්ටි වෙන්න ඇති) හට කතා කරලා කියනවා අයිඩින්ටි කාඩ් එකක් ගැන ප්‍රශ්ණ කරනවා කියලා. අඩින්ටි කාඩ් එකක් ඕනද ශිරන්ති රාජපක්ෂට?


දිසානායක කියන පොඩි කොල්ලා කොහොමද ජ්‍යෙෂ්ඨයන්ට තහංචි දාන්නෙ? කොණ්ඩෙවත් නැති කොල්ලෙක් කොහොමද කුමාර වෙල්ගමට තහංචි දාන්නෙ?

මේ නූගත් දේශපාලුවෙකුගේ කතාවකින් උපුටාගත් කතාවක් නෙවෙයි. හිටපු නීතිපතිවරයෙක් වගේම හිටපු අගවිනිසුරුවරයෙකුගේ කතාවකින් කොටසක්... 

ලංකාවේ දේශපාලනයට ජරාම බලපෑම් කළ පුද්ගලයා කවුදැයි ඇසුවොත් බොහෝ දෙනෙකුගේ උත්තරය මහින්ද රාජපක්ෂ වුණත් ඇත්තටම ජරාම බලපෑම කළේ මේ ලැජ්ජා විරහිත පුද්ගලයා යැයි කිව හැකියි.



මේ වෙද්දී මහින්දට ළං වෙමින් මෙවන් තැන්වල බාල ගණයේ කතා පවත්වමින් ඔහු දිගින් දිගටම පෙන්වන්නේ තමන් සම්බන්ධයෙන් වික්ටර් අයිවන් පෙන්වා දුන් සියළු දේ සත්‍ය බව නොවේද?

වික්ටර් අයිවන් සිය පෑන අහිංසකද පොතේ පෙන්වා දී තියෙන පරිදිම මේ ජරා මිනිසා මේ තරම් සාර්ථකව තවමත් පවතින්නේ‍ෙ ලංකාවේ මාධ්‍ය වල සිටින ජරා මාධ්‍යෙවේදීන්ගේ ආරක්ෂාව ඔහුට ලැබුණු නිසා.

ඒ වගේම ජවිපෙ වගේ පක්ෂත් මේ ජරා මිනිසාට වේදිකා තනා දුන්නා.

1 comment:

  1. ඒ ජරාම යැයි කියන මිනිසා තවමත් වේදිකාවේය.

    ReplyDelete