Saturday, April 23, 2016

පොලිස්ටා ෆයිනල් එකෙන් පසු

පොලිස්පතිවරයා පත් කිරීම සුපර්ස්ටා තරඟයක් වුණා. අවසන් වටයට තුන්දෙනෙක් ඇවිත් ඒස් එම් එස් වටයක් වගේ ගිහින් පොලිස්ටා තේරුනා.

අවසන් තුන්දෙනාගෙ වටේදි එකිනෙකාට මඩ ගහන සීන් පවා තිබුනා. ලස්සන ෆොටෝස් දානව.. එක කම්පටිෂන් එකයි!!!

පොලිස්ටා පත්වෙන්න බාහිර සාධක බලපෑවා..
පත් කරපු කමිටුවේ හිටපු කෙනෙක් මා එක්ක කීවේ ජනාධිපතිට වික්‍රමසිංහව පත් කරන්න ඕන වුණා. අගමැතිට පූජිත්ව පත් කරන්න ඕන වුණා. අවසානයේ එළියෙ වික්‍රමසිංහට විරුද්ධව ගිය කැම්පේන් එක සාර්ථක උන නිසා පූජිත්ට චාන්ස් එක ආවා. ඇතුලේ ඡන්ද විමසීමක් කලේ අගමැතිගෙ වුවමනාවට..
ඒ ඡන්දයෙන් නීතිපති පත් කරද්දි මේ අයම හදපු සම්ප්‍රදාය කැඩුවා.
අගමැති එහෙමයි. ක්‍රමයට අනුකූල ඒකාධිපතියෙක්. නීතිපොත පෙන්නලා කිව්වා තුන්දෙනෙක් නම්කලොත් එක්කෙනෙක්ව නම් කරන්න නීතියෙන් බාධාවක් නෑ කියලා. නීතිපති පත් කරද්දී නම් තුනක් එව්වාම හරවලා යැව්වේ එක නමක් එවන්න, නම් අනුමත කරන එකයි අපේ රාජකාරිය කියලා.. මේ තලගොයා කබරයා වීම ගැන විජිත හේරත් ප්‍රශ්න කළ වෙලාවෙ අගමැති කියල තිබුනේ ජනාධිපති හා වික්‍රමසිංහ අතර බැඳීමක් තියෙන නිසා එයාට පත් කරන්න බෑ කියල. අගමැති සහ පූජිත් අතරෙ කිසි බැඳීමක් නැද්ද දන්නෑ..

තව සිද්ධියක් තියෙනව. පහුගිය ඡන්දෙන් පස්සෙ පූජිත් කොළඹට ආවා. එතකොට ෆොන්සේකාට සමාව දීල තනතුරු ලැබිලා තිබුනෙ. ෆොනීගෙ ඔෆිස් එකට පූජිත් ආවා. ෆොනීගෙ රූම් එකට ගියේ බොහොම යටාත්ව. යන්න කලින් ඇඳුම හදලා, කැප් එකත් හදලා බඩියගෙන් මේම හොඳද කියල අහලා එහෙම තමා ඇතුලට ගියේ. තාමත් ෆොනී සහ පූජිත් අතර ඒ කාලේ තිබුනු බව පෙනුනු බැඳීම තියෙනවනම් මහින්ද ලොක්කල බය වෙන්න වෙයි.
පොලිස්පතිගෙ ජාතිවාදී සදාචාරවාදී කෑලි තියෙන බවත් සිහිපත් කරන්න ඕන.
මම මේ සටහන ලීවේම වෙන කතාවක් කියන්න.
Malaka Dhewapriya

මාලක දේවප්‍රිය.... කණට පාරක්.. බොහෝ දෙනෙක් දන්නව ඇති නොදන්නා අයත් ඇති.
මාලක දේවප්‍රිය විසින් කරපු රේඩියෝ නාට්‍ය මාලාව තමයි කනට පාරක් කියන්නේ.. එය තැටියක් ලෙසින් එළිදැක්වුනා. මාලක අයියාගෙන් කණට පාරක් තෑගි ලැබුනා.. මාව පුදුමයට පත් කරන්න කණට පාරක් සමත් උනා.. මටත් කණට පාර වැදුන.
නිකන් ඉන්න හවස් වරුවක පාඩුවේ අහන්න, ජයලත් මනෝරත්න , ධර්මසිරි බණ්ඩාරනායක , සමන් අතාවුදහෙට්ටි, ඩබ් ජයසිරි, ලූෂන් බුලත්සිංහල , හේමසිරි ලියනගේ ඇතුලු පිරිසකගේ හඬින් අනිවාර්යයෙන්ම ඔබ කැමති වෙන මම ආදරය කරන වැඩක් තමා කණට පාරක්.
පොලිස්පති පත් කිරීමේ සිද්ධියටත් කණට පාරක් වෙතින් කණේ පාරක් වැදිලා තිබුනා.
එහි තිබුනු තරුවන් සරණයි නම් නාට්‍ය තිබුනේ අද ලංකාවේ තියෙන තරු පිස්සුවට චැලේන්ජ් එකක් විදියට.
එක්තරා නාලිකාවක් විවිද ක්ෂේත්‍රවල තරු උත්සව සංවිදානය කරල අවසානයේ පේෂන්ට් ස්ටාර් නම් ලෙඩ්ඩුන්ගේ ස්ටාර් ෆයිනල් එකකට ආපු සිද්දියක් තමා ඒකේ තිබුනේ.
පොලිස්ටාර්, ආමිස්ටාර්, මිනිස්ටස්ටාර්, ඩොක්ටස්ටාර්, කාපෙන්ටස්ටාර්, ඩ්‍රයිවස්ටාර්, කන්ඩක්ටස්ටාර් ඇතුලු ස්ටාර්ලා රටේ ක්ශේත්‍රවල ප්‍රමුඛත්වය ගන්න හැටි තරුවන් සරනයි තුලින් ගේනව.
අපි සමාජයක් විදියට තරු සරන යනව..
හැම තැනම තරු ඉන්නව.. තරුවල පසුබිම හදනව..
පොලිස්පති තේරිල්ලත් තරු තේරිල්ලක් තමා..
එක තරුවක් දින්නාම කට්ටිය එයාට කවි ලියනවා... තරුව මාධ්‍ය ඉස්සරහට ඇවිත් මට මෙතැනට එන්න මගේ අම්මා, නෝනා උදව් කලා කියල අඬනවා.. එක ජෝක් එකයි.. ඇත්තටම අපුලයි..
එයාල වගකීම ඉටු කරනව වෙනුවට තරු ගුනේ නඩත්තු කරනවා..
හැමෝම තරු වෙන්න දඟලනවා.. ෆේස්බුක් එකේදි ඕම හොඳටම පේනව. 
දේශපාලනේ කරන්නෙත් තරු වෙන්න. 

බොහොම ආඩම්බරයි මේ රට ගැන.. සුබ පැතුම් පොලිස්ටා..

29 comments:

  1. ඔය පොලිස්ථා කාලයක් මගේ මුහුණු පොතේ හිටියා . හැම එකටම බුදු සරණයි කියා කියා..

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතේ තාමත් ඉන්නව

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මගේ මිතුරෙක් ලෙස නැහැ... හැම දේටම බුදු සරණයි කියමින් සාමාන්‍ය ජිවිතේ වෙනස් රටාවක ජිවත් වෙන අය හෙමින්ම එකෙන් අයින් කෙරෙනවා...

      Delete
  2. කෝකත් ඒකයි...දේශපාලන හෙන්චයියො...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.
      මෛත්‍රීගෙ එක්කෙනා වෙනුවට රනිල්ගෙ එක්කෙනා ආවා..
      හැබැයි හොඳ නිලධාරීනුත් ඉන්න බව පෞද්ගලිකවම දන්නව

      Delete
    2. ඔව් මචන් හොද නිලදාරීන් ඉන්නව.....හැබැයි ඔවුන්ගෙ හොද විවිධාකාරයි....දේශපාලකයා ඉදිරියේ හොදේ එක වර්ෂන් එකක්......ලොක්කො ඉදිරියේ හොදේ තව වර්ෂන් එකක්.....අපි (සාමාන්‍ය ජනතාව) ඉදිරියේ අමුතුම වර්ෂන් එකක්...

      Delete
    3. හොඳයි කියන්න පුළුවන් නිළධාරියෙකුට ම්‍ මේ සිස්ටම් එක ඇතුළෙ පැවැත්මක් තියේද උඩුවෝ...

      Delete
    4. මම හිතන්නෙ පුලුවන් කියල ඔප්පු කල නිලධාරීනුත් ඉන්නවා.
      සරත් මායාදුන්නේ හොඳ උදාහරණයක්

      Delete
  3. බ්ලොගස්ටා අමතක කිරීම ගැන උඩුවාට මගේ විරෝධය. :)

    ReplyDelete
  4. එතකොට අපව මාට්ටු වෙනවනෙ

    ReplyDelete
  5. ශ්‍රී ලාංකික දේශපාලනය තුල පොලිස්පති යනු, තවත් රූකඩ චරිතයක් පමණි......බොරු ප්‍රථිරූප මවා පෑම් මායා බන්ධන සහ විචිකිච්ඡා විච්චූරණ ඔක්කොම ඇස්බැන්දුම්....

    කටුනායක අහිංසකයෙකුට වෙඩි තැබූ කොස්සාගේ මහිමයෙන්, මරාගෙන් කම්මුල් පාර කා, ඉල්ලා අස් වී, තව දුරටත් පාලකයන්ගේම රූකඩයක් වී විදෙස් රටක තානාපති ධූරයක් ලැබූ මහින්ද බාලසූරිය නැමති මූන මම සෑම පොලිස් පති කෙනෙකුගේම මූනේ දකිමි.......,

    ඒ හිස් තැන පුර වන්නට එන එකී නොකී මෙකී හැම රූකඩයකම නූල ඇත්තේ දේශපාලකයන් අතමය.......

    අනේ මහත්තයෝ ඇන්දුවා ඇති, ඇන්දුනා ඇති !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම
      කොච්චර ඇති කිව්වත් අපි ආයෙමත් ඇන්දෙනව

      Delete
    2. පැහැදිලිවම....එන හැම එකාටම පුටුවෙ ඉන්න ඕනෙ නං යකා වෙන්න වෙනවා.

      Delete
  6. පොලිස් ස්ටාගේ පළවෙනි මාද්‍ය හමුවේදිම මට තේරුනේ නම් එයා ගොඩක් දේ දන්නැතුව ඇවිත් තියෙන්නේ කියලා... මං හිතන්නේ එයා තාම අධ්‍යනය කරනවා පොලිසිය ගැන...

    හි හි...

    ReplyDelete
  7. පව් අහිංසක කොල්ල..
    එයා රාජකාරි කරන්න නෙවෙයි රඟපාන්නනේ ඇවිත් තියෙන්නෙ

    ReplyDelete
  8. මම පුජිත් ගැන දන්නේ පත්තර වල ගිය ඒවා විතරයි
    එයා හෙරොයින් අල්ලන්න ලොකු උත්සහයක් ගන්න කෙනෙක් නේද
    කනට පාරක් වැඩ සටහන යන්නේ මොකේද

    ReplyDelete
  9. මම මාලකගෙ නම ලින්ක් කරලා තියෙන්නේ..
    එතැනින් ගිහින් කණට පාරක් අහන්න පුලුවන්

    ReplyDelete
  10. මම මාලකගෙ නම ලින්ක් කරලා තියෙන්නේ..
    එතැනින් ගිහින් කණට පාරක් අහන්න පුලුවන්

    ReplyDelete
  11. සාපේක්ෂව පොලිස්පති දුරය සඳහා සිටි වඩාත් සුදුස්සා පුජිත් ජයසුන්දර නොවේද?

    ReplyDelete
  12. අපි සෑහෙන සාකච්චා කලා.
    වඩාත් සුදුස්සා චන්දන වික්‍රමරත්න

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස නිවැරදි වියයුතුය.නමුත් මාධ්‍ය වාර්ථා කලේ ඔහු පොලිස් පති වුවහොත් සේවා දීර්ඝ සමඟ වසර 12 පමණ දිගු සේවා කාලයක් හිමි වෙන්නට ඉඩ ඇති බවත් එය නරක ප්‍රවණතා ඇතිවීමට හේතුවක් බවත්ය.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
  13. ඒක නෙවෙයි ප්‍රශ්නය. වඩා සුදුසු කෙනා කවුද කියන එක. ඇගමැතිගෙ කෙනා සහ ජනාධිපතිගෙ කෙනා හිටිය.. සාපේක්ෂව හොඳ දෙන්නටම නැති කෙනා..

    ReplyDelete
  14. පොලිස්ටා නිකම් කයිවාරුකාරයෙක් වගේ.හරියට පොලිස්ටා කතා කරන්නේ තමන් අවුරුදු ගාණක් පොලිසියේ හිටියට හිටියේ නැති ගානටනේ.
    කොහොම වුනත් පුජිත කැම්පේන් එකක් කරල පොලිස්ටා වීමෙන් දුන්නේ වැරදි ආදර්ශයක්.දැන හෝ නොදැන ගොඩක් අය එකට සභාහගි වුනා.

    ReplyDelete
    Replies
    1. සමාජ, දේශපාලන දැක්මක්, අවබෝධයක් තියෙනව කියල හිතං උන්න උනුත් පූජිතගෙ රැස් වළල්ලට ඇඳගත්තා..පූජිතත් ලංකාවෙ පොලිසියෙ තව එකෙක් විතරයි.

      Delete
    2. දැන් හැම තැනම ඉන්නෙ රැස් වලලු තියෙන උන් තමා

      Delete
  15. නව පොලිස්පති කියන්නේ තවත් නැකත්පති කෙනෙක් වෙන එක අපේ රටේ දේශපාලන භාවිතයත් එක්ක බැලුවාම වලක්වන්න පුලුවන් දෙයක් නෙමේ.

    පූජිත නලුවෙක් බවනම් ශුවර්. මීඩියා ඉස්සරහ පඩ ශෝ එකක් කියලා මට හිතුනේ. 2020න් පස්සේ ඉලෙක්ශන් ස්ටේජ් එකේ ඉන්න පුලුවන් ...බුදු ශුවර්.

    ReplyDelete