සයිටම් ආරවුලෙන් මට හිතෙන්නෙ මෙහෙම

නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබිය යුතු වීම මිසක් අධ්‍යාපනය රජය හරහා දීම කියන එක නෙවෙයි. හැමෝම මේ දෙක පටලවගෙන තියෙන්නේ. ලංකාවේ විප්ලවකාරයො නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයටයි ජනප්‍රිය පාසැල් සංකල්පයටයි විතරක් සීමා කර තිබීම ගැටලුවක්.




ඒ අදහස් අස්සෙ සයිටම් එක ගැන මට තියෙනව පුංචි කතාවක්.
මගේ බොහොම හිතවත් මට වඩා වැඩමල් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ ළඟ ඥාතියෙක් වෙනවා. ඥාති යාළුවාට සැලකිය යුතු තරම් සල්ලි තියෙනවා.  අනිත් යාළුවා ගොඩක්ම දුප්පත්. එකම ඉස්කෝලේ එකම පන්තියේ මේ දෙන්නා ඉගෙනගත්තේ. උසස්පෙළ මැත්ස් කළේ. දුප්පත් කොල්ලා අතිශය බ්‍රයිට් කේස් එකක්. ඉතින් අර දුප්පතා නිතර සල්ලි තියෙන ඥාතියාට පාඩම් කියලා දෙනවා. ඒත් ඔහුගේ කරුමෙට උසස්පෙළ දවස්වල හොඳටම උණ හැදෙනවා. මගේ ඥාතියාට එහෙම නැහැ. එයා හොඳ විභාගෙට මුහුණ දෙනවා.

ඒත් ප්‍රථිඵල එද්දී ඥාතියා මධ්‍යස්ථ විදියකට පාස් වෙලා ඉංජිනියරින් කරන්න බැහැ  හැබැයි. දුප්පතා ඉහළින් පාස් වෙලා එයා මොරටු ගියා. ඥාතියා කළේ දෙවැනි පාර ලියන්න මහන්සි නොවී සයිටම් එකේ ඉංජිනියරින් පටන්ගත්ත එක.
අවුරුදු දෙකක් සයිටම් එකේ ඉගෙනගෙන ලංකාවේ හොඳම ආයතනයක ට්‍රේනින් එකකුත් කරලා ඉන්පස්සේ තායිලන්ඩ් ගිහින් අවුරුද්දක් වැඩ කරලා මාස හයක් විතර කුබෝටා කියන ලෝකයේ හොඳම කර්මාන්තශාලාවක ට්‍රේනින් එකකත් ඉඳලා ඒ සියළු සෙටිෆිගට් එක්ක එයා ලංකාවට ආවා. ඔය ඩිග්රිය කරන අතරෙත් සමහර විභාග වලදී දුප්පතාගෙන් පාඩම් අහගන්න ඥාතියාට සිදුවුණා. ඥාතියා ලංකාවට එද්දී අර මොරටුව ගිය බ්‍රයිට් දුප්පතා හිටියේ දෙවැනි වසරේ.
සයිටම් ඥාතියා ප්‍රධාන බිස්කට් කර්මාන්ත ශාලාවක රැකියාව ලැබුණේ පුහුණුව නිසා. ඉක්මනින්ම ඒකේ උසස්වීමකුත් එයාට ලැබුණා. අවුරුදු එකහමාරකට විතර පස්සේ මොරටු දුප්පතා ට්‍රේනින් එකට යොමුවුණෙත් අර බිස්කට් කම්පැණියටමයි. ඒ විතරක් නෙවෙයි අර ඥාතියා යටතේ ට්‍රේනින් වැටුණා. එක පන්තියේ හිටපු අධ්‍යාපනයට දක්ෂ ළමයාට කෙටි මාර්ගයකින් ගිය ඊට වඩා අඩුවෙන් දක්ෂ කෙනා යටතේ ට්‍රේනින් ලබන්න සිදුවුණා. ඊටත් අවුරුද්දකට පස්සේ මොරටු ළමයා එළියට එද්දී ඥාතියා කුබෝටා කර්මාන්තශාලාවේත්, අර බිස්කට් කම්පැණියේත් වැඩ කරලා වසර ගාණක එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. වැටුපෙන් ඔහු ඉහළයි.
මේවා අස්සේ ඔය කියන යාළුවෝ දෙන්නාට වඩා අවුරුද්දක් බාල තව දක්ෂ ළමයෙක් හිටියා. එයාට විභාගයෙන් විශ්වවිද්‍යාලයට යන්න යන්තම් අවස්ථාව අහිමි වුණා. ඒත් එයාට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. දෙවැනි පාර ලීවාමත් ඒ සංගදිය වුණා. අන්තිමේ එයා එන්ඩීටී තෝරාගත්තේ ඉංජිනේරු  ඩ්‍රිග්‍රියක් ගැන හූල්ලමින්.

මේක ඇත්තටම ඇත්ත සිදුවීමක්. මේ කතාවේ උණ හැදිල වුණත් පළමුවැන්නට මොරටු යන්න පුළුවන් වුණා. මේ වගේ සිදුවීම් සන්සන්දනයන් ඕන තරම් කරන්න පුළුවන්. එතකොට පැහැදිළිවම දැන් තියෙන මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා වෙන්නේ මුදල් තිබීම කියන සාධකය මත උපාධි ලැබීමට අවස්ථාව ලබාදීමක්. තව මගේ හොඳම අතිජාත මිත්‍රයෝ ගොඩක් ඉස්කෝලේ රස්තියාදු ගහමින් ඉඳලා යන්තම් පාස් වෙලා දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉන්නවා.

මේ ඉහත ලිව්ව සටහනට නිදහස් අධ්‍යාපනය සීමා කරන්න බැහැ. පැහැදිළිව රජයට අධ්‍යාපනය පවරා ගැනීම නිදහස් අධ්‍යාපනයයි කියලා අදහසක මම නැහැ. ඒකට මට අත්දැකීම් ඇසුරින් කියන්න පුළුවන්. අනික සයිටම් විරෝධී සටනේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ක වැඩ කළා වුණත් මට විරෝධයක් තියෙනවා ඔවුන් වැඩ කරන විදිය ගැන. එක්වරක් සංවිධාන කටයුතු සඳහා තිබුණු රැස්වීමකදී අන්තරේ ඒ වෙලාවේ හිටපු සනත් බණ්ඩාරගෙන් නිර්මාල් ඇහුවා ටියුෂන් ගැන අදහස මොකක්ද කියලා. ඒ වෙලාවේ පැහැදිළි උත්තරයක් සනත් බණ්ඩාරට තිබුණේ නැහැ.

සයිටම් එක කොහොමහරි වසා දැමීම කියන්නේ කිසිසේත්ම පිළියමක් නෙවෙයි. ඒත් සයිටම් වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ මේ වෙලාවේ ඔය ඔක්කොටම වඩා පිස්සුවක්. ජනප්‍රියවාදී විකාරයක්. සයිටම් කියන්නේ මොකක්ද කියලා දන්නෝ දන්නවා. මාධ්‍යවේදීන්ට සයිටම් එක ඇතුලේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවොත් නෙවිල් ප්‍රනාන්දුගෙන් සල්ලි දාපු ලියුම් කවර ලැබෙන බව අපි දන්නවා.

හැම එකාටම අධ්‍යාපනය ගැන පැරණි වාමාංශික හෝ නව ලිබරල් ආකල්පවල හිර නොවී අළුත් ආකල්ප ගැන හිතන්න වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමය කවදාවත් සමාන අවස්ථා ලබා නොදුන් බවත් තේරුම් ගන්න වෙනවා.

අන්තිමේ මං මෙහෙම කතාවක් කියනවා. මම ගමක හැදුණේ. මං විතරක් නෙවෙයි අපේ ගමේ මිනිස්සු අසනීපයක් වුණාම රජයේ ආයුර්වේද එකට හරි රජයේ ඉස්පිරිතාලෙට හරි ගියා. විෂයන් දෙකකට විතර අඩු වියදම් ටියුෂන් ගියත් අපේ අධ්‍යාපනය ලැබුණේ රජයේ ඉස්කෝල වලින්. ඇත්තටම මම උසස්පෙළටයි, සාමාන්‍යපෙළටයි ටියුෂන් ගිහිල්ලා නැහැ. එක් විෂයකටවත්. පටන්ගත්ත ටියුෂන් මාසෙන් දෙකෙන් නවත්වලා තියෙනවා. ප්‍රයිවෙට් ආට් වුණත් හොඳ ඒවා කියවන්න පටන්ගත්තේ ඉස්කෝලේදී මම ආශ්‍රය කරපු හොඳ ගුරුවරුන් කිහිපදෙනෙක්ගේ උපදෙස් මත. මම වැඩකරන රාවය පත්තරේ මුලින් මගෙ අතට ලැබුණෙත් රජයේ ඉස්කෝලෙදී ගුරුවරයෙක් හරහා. ඒ වගේම මම කෑවේ බීවේ රජයේ ඉස්කෝලෙක ගුරුවරියක් වන අම්මාගේ පඩියෙන්. අම්මා හවස නොමිලේ ළමයින්ට ඉගැන්වුවේ රජයේ අධ්‍යාපනය හැර  දුප්පත්ම දුප්පත් උන්ට පාරක් තිබුණෙ නැති හින්දා. අපේ එවුන් ඉස්කෝලේ යන්නේ රජයේ ලංගම බස් එකේ සීසන් එකෙන්.

අනිත් පැත්තෙන් ඒ රජයේ දේවල් හරියට ලැබෙන්නෙ නැති හින්දා අපේ එවුංට උඩට එන්න අමාරු වෙලා තියෙනවා. උන්ට සීටීබී බස් නිතර කැඩෙන එකයි, උන්ට යන්න වෙලා තියෙන රජයේ ඉස්කෝලේ හරියට පහසුකම් නැති එකයි, රජයේ ඉස්පිරිතාලේ බෙහෙත් නැති එකයි ප්‍රශ්ණයක් වෙලා තියෙනවා.

මේ ප්‍රශ්ණ ගැන අළුතින් හිතන්න ඕන. රජය හරහා නෙවෙයි වෙන ක්‍රමයක් හරහා හෝ හැම දෙනාටම සමාන අවස්ථා ලැබෙන විදියේ අධ්‍යාපනයක්, ප්‍රවාහනයක්, සෞඛ්‍යයක් හැදුවොත් ලංකාව මීට වඩා හොඳ තත්වෙකට ඒවි.

27 comments:

  1. සල්ලි තියෙන එවුන් කාර් වල යනකොට නැති එවුන් බස් වල යන එකත් අසාධාරණයි. ඔක්කොම කාර් රජයට පවර ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දොස්තර වරුන්ගේ තත්ත්වය වත් දුප්පත් අයට වෙන අසාධාරණය ගැනවත් රජයේ විශ්ව විද්‍යාල වල අයට උණක් නැහැ. එහෙම තිබ්බානම් ඉල්ලන්න තිබ්බේ දුප්පත් අයටත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් සිසු ණය ක්‍රමයක්, රජයට අයත් විද්‍යාල වල ධාරිතාවය මහජනයාට බරක් නොවී වැඩි කරන්න පුළුවන් සිසු ණය ක්‍රමය, සහ පද්ගලික විශ්ව විද්‍යාල නියාමනය සඳහා ශක්තිමත් ආයතන. එහේ නැතුව වසා දමන්න , රජයට පවර ගන්න කියල කියන්නෙ දොස්තර වරු අඩු කරන්න. දැන් රජයේ ආයතනයක් වුණාම S දෙකෙන් ඇතුලට ආපු අය හොඳ දොස්තරල වෙනවද?

      Delete
  2. ඔය සයිටම් ගැන කතා කරන එකම පිස්සුවක් තරිඳු..
    දෙපැත්තට වෙලා තම තමන්ගෙ මත වෙනුවෙන් කතා කරන දෙගොල්ලම එක්තරා දුැට අන්තවාදී වෙලා ඉන්නෙ.
    සයිටම්ල වේවා රාජ්‍ය විවි වේවා දෙපැත්තම නිකං දේසාලයි කිරි අලයි වගේ. නමේ වෙනස විතරයි ඇති දෙයක් නෑනෙ

    ReplyDelete
  3. ඔබේ තර්කය සාදාරනය කරන්න අර්ගෙන තියන උදාහරනය නම් වැරදියි.මේකෙදි ඔබ උත්සාහ කරන්නේ අර නෑදෑයාට සල්ලි තියන නිසා එයාට වාසියක් වුනා කියල පෙන්නන්න. මෙහෙම හිතන්න.ඔය සල්ලිකාර නෑයාත් ඒ ලෙවල් පාස් නේද ඔබ කියන හැටියටම. ඉතින් එයාටත් අයිතියක් තියනවා ඉහල අධ්‍යාපනයක් ලබන්න එයා කැමති වෘත්තියක.නමුත් ලංකාවේ සරසවිවල ඉන්ජිනියරින් කරන්න වසරකට ඇතුල්කරගන්න පහසුකම් තියෙන්නේ සීමිත ගනනකට.එයාට යුනි එකකට ගිහින් ඉගෙන ගන්න බැරි වෙන්නේ ඒ නිසයි. ඉතින් එයා තමන්ට ආර්ථික ශක්තිය තියෙන නිසා ඒ මාර්ගය ‍තෝර ගත්තා.හොඳයි මම මෙහෙම ප්‍රශ්නයක් තරිඳුගෙන් අහන්නම්. පලවෙනි පාර යුනි යන්න එයාට ලකුනු මදිවුනහම එයා මොකද්ද කල යුත්තේ.දෙවෙනි තුන්වෙනි පාරවලුත් උත්සාහ කරන එකද? එහෙමත් කරලා බැරි වුනොත් මොකද්ද කරන්නේ. අර අනිත් අය ගියා වගේ එන්.ඩී.ටී යන එකද?ඒකත් නොලැබුනොත්? ලංකාවේ යුනි එකකට නොතේරෙන ලමයෙකුට ඊට පස්සේ( ප්‍රයිවට් යුනි එකකට නොයා)ඉහලට ඉගෙන ගන්න තියන අවස්තා මොනවද? බාහිර කලා උපාදි කරන්න පුලුවන්.ඒක කරලා ඔය කට්ටිය අපිට රජයේ රස්සා දියව් කියලා පාරේ ඉන්නේ ඇයි?රජයේ සේවයට ගන්න අයට පඩි ගෙවන්නේ ඔයාලා වගේ අයත් වක්‍රව ගෙවන බදුවලින්. ඉතින් දැන් තියන ක්‍රමයේ හැටිය්ට Z score ලකුනු 0.001 කින් වගේ සරසවිය ට යන්න බැරිවන ලමයෙක් තමන්ට ආර්තික ශක්තිය තියනවනම් ප්‍රයිවෙට් යුනි එකකින් තමන්ට කැමති ධාරාවේ උපාදියක් ලංකාවෙදි හරි පිටරටකට ගිහින් හරි ගන්න එක සල්ලි වලට ඩිග්‍රිය ගන්නවය කියල අර්ත දක්වන එක නම් මහ කුහක කමක්
    .
    ඔබේ ලිපියේ මට පැහැදිලි නැති තැනක් තියනව.අර දෙන්නම එකට ඒ ලෙවල් කරනව.සයිටම් ගිය ලමයා ඒක අවුරුදු දෙකක් ඉඳලා තායිලන්තේ අවුරුද්දක් ඉඳලා තව මාස හයක් කුබෝටා එකෙත් ඉන්නකොට අවුරුදු තුන හමාරක් ගිහින්.ඔය අවුරුදු තුන හමාරෙම මොර‍ටු ගිය ලමයා අවුරුදු දෙකක ඉගෙනීම විතරයි කරල තියෙන්නේ,ඇයි ඒ? ලංකාවේ ලමයෙක් යුනි තේරුනාට පස්සේ තව අවුරුද්දක් විතර ගෙදර ඉන්න වෙනවා. ඇයි ඒ? ඔයත් සපෝට් කරන අන්තරේවත් සයිටම් මරාගෙන මැරෙන්න යන G.M.O.A. එකවත් කොතලාවල එක ගැන වචනයක්වත් නොකියන්නේ ඇයි?ඒකත් උපාදි කඩයක්නේ.

    තරිඳු
    දියුනු රටව්ල ලමයින්ට සරසවි අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නෑ. හුඟක්ම බ්‍රයිට් අයට ශිෂ්‍යත්වදෙනවා අනිත් ලමයි ගෙවන්න ඕනෑ.ඒකට නය ක්‍රමයක් තියනවා.හැබැයි ඩිග්‍රිය අරගත්තට පස්සේ ‍රැකියාවක් කරනකොට ඒ නය ගෙවන්න ඕනෑ ඒ ලමයි තමන්ගේ වියදම් හොයාගන්න පාට් ටයිම් ජොබ් කරනගමන් ඉගෙන ගන්නවා.ඔය අන්තරේවගේ එවට ‍රැවටිලා පෙලපාලි යන්නේ නෑ.
    ලංකාවෙත් ප්‍රයිවෙට් යුනි පටන් ගන්නවට විරුද්ද නම් රජයේ ඒවට ගාස්තු ගෙවලා ඇතුල් වෙලා ඉගෙන ගන්න අවස්තාව දිය යුතුයි.එහෙම නැතිනම් ඒක කෙනෙකුට උසස් අධ්‍යාපනයක් ලබාගන්න තියන අයිතිය අහිමි කිරීමක්. වෙන රටවල නම් තමන්ට ඕන ඩිග්‍රිය කරන්න යුනි එකට යන්න ලකුනු මදිනම් ඊට අදාල වෙන ඩිග්‍රියක් කරන්න ඇතුල්වෙලා හොඳින් වැඩ කලොත් පස්සේ ත්මන්ට කැමති දේ කරන්න අවස්තාව ලබාගන්න පුලුවන්.මෙඩිකල් ඩිග්‍රියක් පවා,එකම දේ දිගු කාලයක් ගත වෙනවා. කොහොමද ඒ වගේ දෙයක් ලංකාවේ කලොත්? බයෝ සයන්ස් ඩිග්‍රිය අවුරුදු දෙකක් කලාට පස්සේ හොඳම් බ්‍රයිට් අය කීප දෙනෙක්ට වත් මෙඩිකල් කරන්න දුන්නොත්. අපේ G.M.O.A. එක ලෙඩ්ඩු ටික ඇපේට අරගෙන වර්ජන නොකර ඉඳියිද? මෙන්න මේවයි වෙනස් වෙන්න ඕනෑ.

    ReplyDelete
  4. ලංකාවේ උසස් පෙල කියන්නේ බුද්ධිය මනින නිර්මාණශීලීතාවය මනින විභාගයක් නොවේ. උසස් පෙල අසමත් එහෙත් විවිධ අංශ වලින් බුද්ධිය නිර්මාණශීලීතාවය මෙහෙයවලා ජීවිත ජයගත් අය මම දැකලා තියනවා. සමහර විට රෝහලේ නවක වෛද්‍ය වරුන්ට වඩා
    ඇ ්ටන්ඩන්ලා බුද්ධිය ප්‍රදර්ශනය කරපු අවස්ථා මම දැක්කා. ලංකාවේ මිනිසුන් ස්මෘතිය බහුල ලෙස මිනිතයකට ලක් කරන උසස්පෙලට අනවශ්‍ය ජීවිත වටිනාකමක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. උසස්පෙල නම් ඉතිං රේස් එකක් ඒවගේම විජ්ජාවක්. මගේ එවුන් ඕක කරන නිසයි මම කියන්නේ .නිකංසුදුවක් කියල කියන්නත් පුළුවන් . ඉස්කෝලවල උගන්නන්නෑ. ටියුශන් මාර්ටර්ල තමයි ගේම් එක ගෙනියන්නේ. වෙන වැඩ ඔක්කොම නවත්තලා කනව බොනව පාඩම්කරනවා , ටියුශන් යනවා විතරයි. රටේ ලෝකෙ මෙනවද වෙන්නේ කියල දන්නෙත් නෑ .

      Delete
  5. ඔය සල්ලි තියෙන යාළුවා "උපදිය සල්ලිවලට අරගෙන" පුද්ගලික අංශයේ හොඳ රුකියාවක් කරන්නේ අතිං කාලද? . මිනිහ දක්‍ෂයෙක් බව ඔයාගේ කතාවෙන්ම පැහැදිලියිනේ ද? . ඉතිං මිනිහ ඉගෙන ගත්ත දේවලිං තමන්ටත් , පව්ලටත් , ආයතනයටත් සේවයක් වෙනවා නේද ?

    ReplyDelete
  6. මෙය ලියන මමත් පිටරට ඉගෙන ගත්තෙක්.
    ඒත් ඔබේ ඥාතියාගේ කතාව ටිකක් ගැටළුකාරීයි. ඔහු අවුරුදු 2ක් සයිටම් එකේ ඉගෙනගෙන මොන ඉංජිනේරු උපාධියක්ද ගත්තෙ? ඉංජිනේරු උපාධියකට සාමාන්‍යෙන් අවුරුදු 4ක් ඉගෙන ගන්න ඕනෙ. අනිත් එක මොන අංශෙද ? Mechanical, Manufacturing, IT,Computer, Electrical,Electronics, instrumentation, Automation වගේ අංශ ගණනාවක් තියෙනවා.කුබෝටා එකේ experience වලින් ලංකාවෙ බිස්කට් කම්පැනි එකක වැඩ කරන්න නම් ඔය දෙකටම පොදු Mechanical, Manufacturing, Electrical නැත්නම් IT වෙනනත් පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට උසස්වීමක් ලැබෙන්න අඩුම ගණනෙ අවුරුද්දකවත් යනවා. ඔබේ කතාව හැටියට ඔබේ ඥාතියා අවුරුදු 2කින් ඉංජිනේරු ඩිග්‍රියක් කරලා, ලංකාවෙ හොඳම ආයතනයකින් ට්‍රේනින් එකකුත් කරලා (අඩුම ගානෙ මාස 6ක් කියමු ) තායිලන්ඩ් ගිහින් අවුරුද්දක් වැඩ කරලා මාස හයක් විතර කුබෝටා කියන ලෝකයේ හොඳම කර්මාන්තශාලාවක ට්‍රේනින් එකකත් ඉඳලා ලංකාවට එනකොට, අඩුම ගන්නෙ අවුරුදු 4ක් ගිහිල්ලනෙ.ඊට පස්සෙ අවුරුද්දක කාලයවත් වැඩ කරලා උසස්වීමක් ගන්නකොට අවුරුදු 5ක් ගිහිල්ල. හැබැයි ඊටත් අවුරුදු 1 1\2කට පස්සෙද අර මොරටු ඉන්ජා training එන්නෙ ? මල්ලි කතාව පොඩ්ඩක් unrealistic, මොකද අවුරුදු 6 1\2ක් යනකොට මොරටු ඉන්ජෙක් තාමත් 3වෙනි වසරෙද ? ඒ කියන්නෙ කැම්පස් යන්න අවුරුදු 3 1/2ක් විතර ගෙදර ඉඳල තියෙනවද ? අපි කැම්පස් යන කාලෙ ලංකාවෙ පෞද්ගලික කිසිම ආඅයතනයකින් ඩිග්‍රි දුන්නෙ නෑ, ඩිප්ලෝමා විතරයි. හැබැයි ඒ කාලෙත් අවුරුද්දක්, එකහමාරක් අතර තමයි ගෙදර ඉන්න වෙන්නෙ.

    මගෙ අත්දැකීමක් එක්ක විස්තරයක් කියන්නම්. මම වැඩ කරන කාලෙ මට හම්බවුණා ඉන්දියාවෙන් ඇවිත් operator විධියට වැඩ කරන කම්කරුවෙක්. මෙයා හොඳට වැඩ කරන නිසාත් පොඩ්ඩක් ඉංග්‍රීසි පුළුවන් නිසාත් මම මෙයාගෙ background එක ගැන ඇහුවා, මටම පුදුමයි මෙයා Instrumentation Engineering (Hons) ඩිග්‍රි එකක් තියෙන එක්කෙනෙක්, ඒත් මෙයාට sensor එකක් ගැනවත් basic knowledge එකක් නෑ. පස්සෙ මම ඇහුවා විභාග ලිව්වෙ කොහොමද කියලා. ලෙක්චර්ස්ලා ඒවා ඔක්කොම විභාගෙට ඉස්සෙල්ලා දෙනවලු, ඒ වගේම මෙයාගෙ final year project එක කරල තියෙන්නෙ වෙන කෙනෙක් මුදලට. එයාම presentation එක කොලේක ලියල දුන්නාම මෙයා කට පාඩම් කරල ඒක කියල දාල. මොන ප්‍රශ්නයක්වත් අහල නෑ, නිකන්ම පාස්. පස්සෙ හොයල බැලුවාම මේ වගේ ඩිග්‍රි කඩ ඉන්දියාවෙ වැහි වැහැලා, පොඩි කාමරවල Engineering Colleges, මේවා වෙනත් ප්‍රධාන යුනි එකකට අනුයුක්ත වෙලා ඩිග්‍රි විකුණනවා මුදලට. ඉන්දියාවෙ, චීනෙ ඉන්ජිනේරු උපාධි ගහපු ලක්ෂ ගණන් ඉන්නවා රස්සාවල් නැතුව. ලංකාවෙත් මෙහෙම වුණොත් ටික කාලෙකින්, ඉන්ජිනේරුවො, දොස්තරලා උද්ඝෝෂණය කරයි "අපිට රැකියා දියව්" කියලා. ඒ නිසා මගේ මතය නම් පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි, ඒවලින් බිහිවෙන්නන් ඉහල ගුණාත්මකබවින් විය යුතුයි. ලංකාවෙ ශිෂ්‍යයෙක් නම් අදාල අංශයෙන් (Maths, bio) අවම සුදුසුකම S3, ඊට අමතරව සිංහලෙන් A/L කළානම් TOEFL හරි IELTS හරි අවශ්‍යයි. අනික Medical faculty යනවානම් interview එකකිනුත් පාස් වෙන්න ඕනෙ. මේවා තමයි ලංකාවෙන් පිටරට යන (බටහිර හෝ ආසියාවෙ දියුණු රටක) කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම්. දැනගන්න ලැබුණු ආකාරයට සයිටම් එකේ ගුණාත්මකබාවය අන්තිම පහළයි. එහෙනම් රජය කළ යුත්තෙ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, එහෙම නැතුව රජයට පවරා ගැනීම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. රොබට් ගේ අදහසම මටත් ආව මේ කතාව කියවලා. තරිඳු ඒ කාල පරාසය ටිකක් ගැලපෙන්නේ නැහැ.
      ඉන්දියන් කාරයෝ Bsc තියනවා කියන්නේ ලංකාවේ A/L වල ලෙවල් එක‍ට . ඒ බොරු කියන්නේ. ඉන්දියාවේ Bsc අක එච්චර උසස් නැහැ.

      Delete
  7. අධ්‍යාපනය නිදහස් නං ඒක ලබන්නත් නිදහස තියෙන්න ඕනෙ නේද? ජී.එම්.ඕ. එක කියනව නං හෙට ඉඳල ඩොකාල ප්‍රයිවට් කරන එක නවත්තනව කියල අපිත් රෙඩි අනිද්දට අබොලිෂ් සයිටම් කියල පාරට බහින්න.

    ReplyDelete
  8. Mage putha 2010 ipaduna.o/l 2006.a/l 2009. 2010 moratuwa campus. Out wuna 2015. Awurudu 25 . Lectures lage strike eka nisa awuruddak aprade nasthi wuna. Ekata kawda wandi gewanne.

    ReplyDelete
    Replies
    1. Oya ge putha ipadenna kalin ma A/L, O/L karala neda. Thaththa kenek widiyata godak adambara athi neda ?

      Delete
  9. Private campus yewwe neththe moratuwata theruna nisa.nethnam lamayame wenakota MSC th karala iwarai.ratata weda karanna thiye kalaya nikarune gewuna.

    ReplyDelete
  10. Saitm engi. Lamai awurudu 2 k mehe 2 k thailand wala .mage yaluwage duwa mage puthatath wada balai 1993 eya saitm digree eka iwara karala den job eke. Me kramaya gena kalakireemak athi wenawa neda

    ReplyDelete
  11. Mage thawa yaluwade duwa inter'nal giya 1995 ipaduna . 2010 a/l. 2012 a/l 2012ma result enakotama saitm demma a/l AAA . Den out job eke.balanna local ha London athara wenasa.ru.100000 k withara salary.

    ReplyDelete
  12. Saitm engi. Lamai awurudu 2 k mehe 2 k thailand wala .mage yaluwage duwa mage puthatath wada balai 1993 eya saitm digree eka iwara karala den job eke. Me kramaya gena kalakireemak athi wenawa neda

    ReplyDelete
  13. Private campus yewwe neththe moratuwata theruna nisa.nethnam lamayame wenakota MSC th karala iwarai.ratata weda karanna thiye kalaya nikarune gewuna.

    ReplyDelete
  14. Mage putha 2010 ipaduna.o/l 2006.a/l 2009. 2010 moratuwa campus. Out wuna 2015. Awurudu 25 . Lectures lage strike eka nisa awuruddak aprade nasthi wuna. Ekata kawda wandi gewanne.

    ReplyDelete
  15. Mudal ape langa thiyanawa nam kamai A/L pass man rajaye campus theruneth nathnam mudal tika langa thiya gena bhawana karanna thamai wenne.lamayata awashyade igena ganna me rate pasukam(nisi pramithiyen yuthcampus)nethnam mokakda me nidahasa.api me inne galyuge neweine

    ReplyDelete
  16. Mudal ape langa thiyanawa nam kamai A/L pass man rajaye campus theruneth nathnam mudal tika langa thiya gena bhawana karanna thamai wenne.lamayata awashyade igena ganna me rate pasukam(nisi pramithiyen yuthcampus)nethnam mokakda me nidahasa.api me inne galyuge neweine

    ReplyDelete
  17. මෙන්න මගේ අදහස ලිනක එක
    https://kolambagamaya.blogspot.co.uk/2016/07/2.html
    සයිටම් එක අප්සෙට් කියල ගස් ලබ්බ කියල තිබුන. ඒ නිසා එකට මගේ ලොකු සහයෝගයක් නැහැ. නමුත් මැත්ස් කරපු අයට පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා නම් මොකක්ද ප්‍රශ්නය මේ වෛද්‍ය අයට කරන්න බැරි. අනික අර ඉයන් කියනවා වගේ රජයෙන් ණය මුදලක් දෙන්න දැනට, පස්සේ රට දියුණු වුනහම හරි මිනිස්සු හා බිස්නස් බදු ගෙවන්න ගත්තම නිවැරදිව ඕනේ නම් සම්පුර්නයෙන්ම නොමිලේ අධ්‍යාපනය දෙන්න පුළුවන් .

    ReplyDelete
  18. ඔබ තවත් නාකි විය යුතුය කියලා මම සිතනවා..
    පුද්ගලික අංශයේ සිටි ඇන් ගිල්ස් හරහා ඉංජිනේරු උපාදිය දක්වා සාමාන්‍ය බ්‍රයිට් කේස් එකකට ඕ ලෙවල් වලින් පස්සේ පටන් අරං අවුරුදු හතරකින් ඉවර කරන්න පුලුවනි.. ඒ කියන්නේ ඕ ලෙවල් ප්ලස් අවුුදු 4යි ඩිග්රිය ඉවරයි..

    දැන් ආන්ඩු පොසීඩියර් අනුව යන නෝමල් ඩෑල් එකක් මේ වෙද්දි කොතනද? මැත්ස් කරලා දෙවනි පාර ට්‍රයි කරලා කැම්පස් ගිහින් වැඩිම උනොත් පලවෙනි වසර..

    දැන් මම හිතන්නේ අපි ආන්ඩුවෙන් එලියේ ලෝකය දකින්න කාලේ හරි.. මෙහෙ මිනිස්සුන්ට කලාව දියුනු කරන්නත් ආන්ඩුව ඕනි..අධ්‍යාපනයටත් ආන්ඩුව.. ‍බේතක් හේතක් ගන්නත් ආන්ඩුව..ආන්ඩුවටම වහල් වුනු මානසිකත්වයක්..ආන්ඩුවෙන් තොර කිසිම බාහිර ලෝකයක් අපි දකින්නේ නෑ..

    මේ ආන්ඩුව මූලික මානසිකත්වයෙන් මිදිලා පියාඹන මිනිස්සු බොහෝවිට දිනනවා.. ආන්ඩුවෙන් අපිට අත දුන්නේ නෑ කියල නාහෙන් අඩන මිනිස්සුන්ට කවදාවත් අත දුන්නා කියලා ලොකු තැනකට යන්න බෑ..ලංකාව ඇතුලෙම පල් වෙවී ඉන්න පුලුවන් එයාලට මැරෙනතෙක්..

    ReplyDelete
  19. Amila obage adahasata mama ekagai

    ReplyDelete
  20. London A/L karana lamai awurudu 16 , 17 wenakota exam karala iwarai. Ape lacal A/L awurudu 19 . London lamai A/ L results enna kalin pending walin digree patan gannawa. Api 19 A/L karala result ena thek idala thawa awuruddak innawa campus select wethuru. Api kothenada me inne.

    ReplyDelete
  21. Mata sadharanalesa ipayuu mudal thibe nam anduwe campus lebenathuru nosita barak novee lamayata igennuwama mokada wenne.mama tax gewanawanam welawata mage mudal viyadam karala lamayata igennuwa nam katath barakne neda

    ReplyDelete
  22. Hemoma as arala vivurthawa lakaya desa balanna kuhaka kamith thorawa welawa awith .ehema neda

    ReplyDelete
  23. මං හිතුවේ දැන් සයිටම් ගැන කතා කරලා ඉවරයි කියලා මේක දකිනකන්...හැම එකටම කාටහරි ඇඟිල්ල දික් නොකර (නිදාගෙන ඉන්න ) අනාගත දෙමාපියන් ටිකක් නැගිටලා පණ ඇතුව ගතානුගතික අදහස් වලින් මිදිලා දරුවන්ව දරුවනට පුලුවන් මට්ටමින් ( තමන්ගේ තිබෙන හීන වලට නොව ) ස්වාධීන කලොත් (අඩුම ගානේ 50% ) මම හිතන්නේ මේ ඔක්කොටම වඩා වටිනවා.

    ReplyDelete

Search This Blog