Thursday, July 07, 2016

ෂැඩෝ බොක්සින් ගහපු මහින්ද ෂැඩෝ අගමැති වීම

අවුරුදු දෙකකට කලින් මහින්ද කිව්වේ තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙන්න කවුරුවත් නැහැ කියලා. පොදු අපේක්ෂකයා කෝ කියලා අහපු එයා ලොකු ආතල් එකකින් යුතුව කීවේ එයාට ෂැඩෝ බොක්ෂින් ගහන්න සිද්ධ වෙන බවයි. එදා බලවත්ම ඇමතිධූර කිහිපයක් තමා සතුව තියාගෙන ජනාධිපතිධූරයත් එක්ක තේජසින් යුතුව ෂැඩෝ බොක්ෂින් ගහපු මහින්ද ෂැඩෝ කැබිනෙට් එකක අගමැති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. 


එදා සුමනදාසගෙ නැකතට මහින්ද දේශප්‍රියගේ පස්සපැත්තෙන් නාමයෝජනා දුන්නු මහින්ද පස්සටම ගිහින් තියෙන තරම ඒකෙන් තේරෙනව.


මහින්දලා ෂැඩෝ කැබිනට් එකක් පත්කරන්නේ තමන්ගේ බලය පෙන්වන්න බව පැහැදිළියි. එයාලා එක්ක ඉන්න සම්පූර්ණ ලැයිස්තුව ෂැඩෝ ඇමතිකම් එක්ක නම් කරලා තියෙනවා. බලන්න, දැන් අැමති මණ්ඩලය ප්‍රධානම පක්ෂ දෙකක එකතුවෙන් හැදිලා තියෙද්දීත් ඇමතිධූර 47යි. එක පක්ෂයකින් බාගයක් විතරක් ඉන්න මේ ෂැඩෝ කැබිනට් එකේ ඇමතිධූර පනස් එකයි.

ඒ වගේම මේ ෂැඩෝ කැබිනට් එකේ සීනියර් අය ගොඩක් පහුකරලා විදේශ ඇමති විදියට නාමල්වත්, සෞඛ්‍ය ඇමති විදියට රමේෂ් පතිරණවත් ඇතුළුව මහින්දට වැඩියෙන් සමීප අයට ලොකු ඇමතිකම් දීලා තියෙන හැටි. (රනිල් අකිලට අධ්‍යාපනේ දුන්නා වගේ, මෛත්‍රී දුමින්දට කෘෂිකර්මෙ දුන්නා වගේ) අනෙක් අතට බලන්න රාජපක්ෂලා තුන්දෙනෙක්ට ප්‍රධාන ඇමතිකම් බෙදිලා තියෙන හැටි.




ඒකාබද්ධ විපක්ෂෙ නායකයා විදියට නම්කළේ දිනේෂ් ගුණවර්ධනව වුණත් මහින්ද ෂැඩෝ අගමැතිකම අරගෙන.

සන්ධානයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95ක් ඉන්නවා. ඒ මේ කැබිනට් එකේ මන්ත්‍රීවරුන් 51ක් ඉන්නවා. ඒ කියන්නේ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 50ක් මහින්දව පිළිගනිද්දී 44යි මෛත්‍රීව පිළිගන්නේ. ඇත්තටම කිව්වොත් මෛත්‍රීව පිළිගන්න අය අතරේත් ගොඩක් අය යටින් තාමත් මහින්දගේ යටතේ ගසාකාගෙන ඉන්න කැමති අය. මෛත්‍රීගෙ ඇමතිකම් නොලද චොකා මල්ලිලා වගේ අයගේ සහාය ඕනම වෙලාවක ලබාගන්න මහින්දලාට පුළුවන්. ඒ වගේම මෛත්‍රීගේ කණ්ඩායමෙන් ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච දොළහක විතර (හරියට ගාණ මතක නෑ) පිරිසක් ඉන්නවා. ඒ අය අතරේ ඡන්දයෙන් පැරදුණ පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ මේක ඇසුරින් මහින්දට පෙන්වන්න පුලුවන් සන්ධානයේ නීත්‍යානුකූල අයිතිය මෛත්‍රීට තිබුණත් තමන්ට පිරිස් බලය තියෙන බව.

බ්‍රිතාන්‍යය තමයි ෂැඩෝ කැබිනට් වැඩේ පටන්ගත්තේ. ඒ එක්දාස් නවසිය පණස් එකේදී චර්චිල්ගේ ආණ්ඩුවට විරුද්ධව. එදායින් පස්සේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට ෂැඩෝ කැබිනට් එකතුවුණාලු. ලංකාවේ වගේ නිකන්ම ඒෆෝ වල ෆොටෝකොපි කොල සෙට් එකකින් ලැබෙන නම් කිරීමක් විතරක් නෙවෙයි වගකීමක් සහිත තනතුරක් විදියට ෂැඩෝ කැබිනට් එක සලකනවාලු. නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ජපානය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් සෙට් එකක්ම ෂැඩෝ කැබිනට් පවත්වාගෙන යනවාලු. රනිල් වික්‍රමසිංහත් මීට කලින් ෂැඩෝ කැබිනට් එකක් නම් කලා. සාමාන්‍ය සම්ප්‍රදාය විපක්ෂයක් ආණ්ඩුවක් බවට පත්වෙන ඡන්දයකින් පස්සේ ෂැඩෝ ඇමතිකම් දරපු නියෝජිතයන් පත්වුනොත් ඒ අයට තමන් දරපු තනතුරු ලැබෙනවා. ඇතැම් වෙනස්කම් සහිතව. ඒත් රනිල්නම් ෂැඩෝලාට ඇමතිකම් දුන්නේ නෑ. කොහේද ලෝකෙකින් සාගලලාව, තිලක් මාරපනලාව ගෙනාවා.

බ්‍රිතාන්‍ය ෂැඩෝ කැබිනට් එක විසිපහයි. කැබිනට් එකත් ලොකුයි. ලංකාවේ දැන් නම්කරපු ෂැඩෝ එක අරවගේ දෙගුණයක් ලොකුයි.

අපේ ෂැඩෝ ඇමතිලා තමන්ට පැවරෙන අමාත්‍යාංශයේ වැඩ ගැන උනන්දු වෙලා මාර ගේම් දෙයි කියලා මමනං හිතන්නේ නැහැ. ගොන් පොලිටිකල් කල්චර් එකක් තියෙන ලංකාවේ ඕකත් ගොං ජෝක් එකක් වෙයි. අළුත් ව්‍යවස්ථාව යටතේ ඇමති මණ්ඩලයට තියෙන සීමාව ගැන මේ ෂැඩෝ එකේ අයියලා දන්නේ නෑ වගෙයි. ඒ සීමාවෙන් මිදිලා කැබිනට් එකක් හදන්න පුළුවන් ප්‍රධාන පක්ෂ දෙක එක්වෙච්ච ආණ්ඩුවකදී බව දන්නෙ නෑ වගෙයි.

16 comments:

  1. //අළුත් ව්‍යවස්ථාව යටතේ ඇමති මණ්ඩලයට තියෙන සීමාව ගැන මේ ෂැඩෝ එකේ අයියලා දන්නේ නෑ වගෙයි. ඒ සීමාවෙන් මිදිලා කැබිනට් එකක් හදන්න පුළුවන් ප්‍රධාන පක්ෂ දෙක එක්වෙච්ච ආණ්ඩුවකදී බව දන්නෙ නෑ වගෙයි. //

    චන්දෙන් පත් වුනු යූ එන් පී එකෙක් ඇමැති මන්ඩලේට ඇතුලත් කොලාම මහින්ද මහත්තයා ගේ ආන්ඩුවත් ජාතික ආන්ඩුවක් වෙන බව මේ මහත්තය දන්නෙ නැතිව ඇති!

    ඒකට විරුද්දව යූ එන් පී එකේ හාදයො උසාවි ගියාම උසාවියෙන් කෙලවන එකත් කජ්ජක් නෙවෙයි කියලත් දන්නෙ නැතිව ඇති!

    ReplyDelete
    Replies
    1. සම්පූරණයෙන් එකඟයි

      Delete
  2. විදේශ ඇමති නාමල්... රුසියන් කෑලියි චයිනීස් කෑලියි ගහන්න පුළුවන් ලාබෙට...

    ReplyDelete
    Replies
    1. ජීඑල්ට ඇමතිකමක් නැහැ

      Delete
  3. එකෙකුට ගරු නෑනෙ

    ReplyDelete
  4. mahinda yatathe cabinet eka kohomath shadow thama

    ReplyDelete
  5. නාමල් නාම්බට විදේශ ඇමතිකම දුන්නම මරු. පව් ඉතින් ඒකාබද්ධෙ සිහිනෙට, කෝ පප්ප මහත්තයා ජී ඇල්ට තැනක් නැද්ද ? සමහරවිට නාමල් නාම්බගෙ ලේකම් වෙන්න ඇති.

    ReplyDelete
  6. දැන් මේක අයින් කරලා නේද ? උඩුව මේක ලියපු හින්දද? :)

    ReplyDelete