Monday, November 21, 2016

කොස්තාට ගහලා ලියන්නේ නැද්ද බං

ඉදිරියට ලියනවායැයි කියා නොලියූ සටහන් දෙකක් තියෙනවා. ලියන්න හිතාගෙන කල්දාන සටහන් කිහිපයක් තියෙනවා.. 

ඒවා අස්සේ විමල් කුමාර්ද කොස්තා ලොවෙන් සමුගත්තා... 








ඉන්බොක්ස් කරලා මගෙන් ඇහුවා කොස්තාට බැණලා ලියන්නේ නැද්ද කියලා... 


මම කොස්තා ගැන ලියන්නේ මොනවද? අපි දෙවැනි සහස්‍රකයෙ දරුවො. අපේ කාලෙට විමල් කුමාර්ද කොස්තාව දකින්න ලැබුණේ අඩුවෙන්. පුංචි කාලේ අයිටීඑන් එකේද කොහේද දියමන්ති චිත්‍රපටිය බැලුවා මතකයි. ඒ කොස්තාව මුලින්ම දැක්ක වෙලාව වෙන්න ඇති. ඉන්පස්සේ අතරින් පතර එහෙත් මතක හිටින ඔහුගේ රංගනයන් දකින්න ලැබුණා.  කොස්තා ගැන දන්නේ එපමණයි. 



ඕලෙවල් ඩ්‍රාමා කරද්දී අභිරූපණය ගැන ඉගෙනගන්නකොට කොස්තා ගැන ඉගෙනගත්තා. 

ඉන්පස්සේ කොස්තා ගැන ඇහුවේ මගේ එහාපැත්තේ මේසයේ ඉන්න ජීවිතේ අපූරු විදියට විඳින අපූරු මිත්‍රයාගෙන්. රාවයේ තමන්ගේම වර්ණයක් ඇඳලා තියෙන කේ. සංජීවගෙන්. අනිත් පැත්තේ ඉන්න සොඳුරු මිනිහා නිමල් අබේසිංහගෙන්. 

දෙන්නාම නිතර යනවා බොරැල්ල රිට්ස් එක යට තියෙන බාර් එකට. බොන්න... 

එතැනදී නිතර හමුවෙන මිත්‍රයෙක් තමයි විමල් කුමාර් ද කොස්තා. ඒ හමුවුණත් රාවයට කොස්තාගේ ඉන්ටවීව් එකක් ආවේ නැහැ. ඒ වෙනුවට සැබැවින්ම කොස්තා නම් මිනිසාව ආශ්‍රය කරන්න ඒ දෙන්නාට ලැබුණා. 

කොස්තා ගැන දැන හිටියේ එපමණයි.

කෙනෙක් මැරුණම මැරුණ කෙනාටවත් තේරෙන්නේ නැති විදියේ ඒවා ලියනවා කියලා මට චෝදනා ගොඩයි...

කොස්තා මැරුණාම බයිට් එකට වගේ එයා ගැන ලියන්නේ නැද්ද කියලා ඇහුවේ ඒ නිසයි.

ඔය කතා එන්නේ අමරදේව ගැනත් විජය නන්දසිරි ගැනත් මම ලීව දේවල් නිසා. 

අමරදේව කියන්නේ පුංචි කාලේ ඉඳන් අහන්න කැමති නැත්නම් බලෙන් හරි අහන්න දෙන සිංහල ගායකයා. විජය නන්දසිරි කියන්නේ බන්දු - ටෙනී ජෝක්ස් වලින් පස්සේ ලංකාවේ විකට රංගනයේ ඉදිරියෙන් හිටි කෙනා.  

(විජය නන්දසිරි කරන්නේ සීරියස් ජෝක් බන්දු කරපුවා පීචං කියන්නේ බොරු. බන්දුලාව කම්මැලි හිතෙද්දී විජය ආපු එකයි වුණේ. ෆ්‍රෙඩී සිල්වාව කම්මැලි වුණාම බන්දුලා ආවා වගේ. බන්දුව බලපු අයම  තමයි විජය නන්දසිරිව බැලුවේ.)

මේ දෙන්නාම ගැන මට අත්දැකීම් තිබුණත් කොස්තා ගැන තිබුණේ මතකයන් තමයි. ඒක මගේ අඩුවක් වෙන්න ඇති.

ආයෙමත් කියන්න තියෙන්නේ ඇත්තටම කෙනෙක් මැරුණාම එයාගේ හොඳ විතරක් ලියන්න ඕනද? මතකබණ කියන හාමුදුරුවරු වගේ වෙන්න ඕනද?

අනේ බං..... 


කොහොම වුණත් කොස්තාව අන්තිමේ මට මතක තියෙන්නේ ජීවිතේ අපූරුවට වින්දා කෙනෙක් විදියට. 

අන්තිමේදී කේ. සංජීව මුහුණුපොතේ තැබුව සටහන උපුටාගන්නම්.


කොස්තයියා


කේ. සංජීව සහ කොස්තා

අපි බොරැල්ලට ගියොත් රිට්ස් එකේ යට බාර් එකට යනවා ගොඩක් වෙලාවට. ඒ අරක්කුවල රසත් එක්ක කලවම් කරලා මිනිස් ඇසුරක රසය තොල ගාන්න. මෙහෙම රිට්ස් එකට යන ගොඩක් වේලාවට කොස්තයියා ඉන්නවා පුටුවක. අරක්කු සීයකට කලවම් සැන්ඩි අසෝකා වීදුරුවක. නැත්තන් රිට්ස් අදුරේ අපි බොනකොට දිලිසෙන්න මැදපු සපත්තු ඇදගෙන පිලිවෙල ෂුට් එකක බැහැලා ඔහු එනවා.. ආ මල්ලී.. මට හිතෙන්නේ කොස්තයියා තමන්ගේ පලිගු වීදුරු කැට වගේ දිලිසෙන අතීතය මේ අරක්කු රසය එක්ක හැමදාම මාත්තු කලා කියලා. කොස්තයියා කියන්නේ වැරදි ජීවිතේ හොයාගෙන ගිය මිනිහෙක්.. දැන්නම් මෙහෙම මිනිස්සු හරි අඩුයි. හැබැයි අරක්කු වගේ රස ජීවිතයක් ඕනිම මිනිහෙකුට ලගා කරගන්න පුළුවන් කියන එක කොස්තයියගෙන් පේන්න ගන්නවා. මිනිහෙක් කට්ටකාලා මෙහෙම ජිවිතයක් ගත්තහම ඔහුට සමාජයේ සම්මත ගොඩක්දෙවල් නැතිවෙනවා. ඒකතමයි අර සොමි ජීවිතේ හිලව්ව. කොස්තයියගේ නළු ජීවිතේ මට හිතෙන විදිහට පටන්ගන්නේ සුගත් ලගින්. ඒ හිතහොද අම්මන්ඩි නාට්යෙන්. ඊලගට දුන්න තමයි කොස්තයියා නළුවෙක් කරන්නේ. ඒ සම්මානෙකුත් එක්ක. ඊලගට දම්ම පතිරාජ එල් එස් වගේ අයත් එක්ක ඇබ්සර්ඩ් තියටර් (Theatre of the Absurd) එකේ රගන කොස්තයියා පතී එක්ක සිනමාවට එනවා. ඇත්තටම කොස්තයියා දැක්කගමන් මට කෙලින්ම මතක්වෙන්නේ බබරු ඇවිත් ෆිල්ම් එකේ වීරේ කරන දේශනේ.. අන්තිමට හරක්විතරයි මේක අහගෙන ඉන්න ඉතුරු වෙන්නේ... ඇත්තටම කොස්තයියා කියන්නේ නළුවෙක්. මුල්කාලීන නාට්ටි ටිකයි ෆිල්ම් ටිකයි බැලුවනම් මේ නළුකම අදුරගන්න අමාරු නැහැ. ලංකාවේ නළුවන් අස්සේ ජෝ, ගාමිනි ඉන්නේ කොතනද එතන කොස්තයියත් ඉන්නවා.. සමහර වෙලාවට ඊටත් වැඩිය උසින්. ඉතිං දැන් කොස්තයියා යන්න ගිහිං... රිට්ස් පාලු වෙලා. අරක්කුත් ගනන්ගිහින් එහෙම බැලුවහම ඔයා ගිය එකත් හොදයි කියලා හිතෙනවා...


- කේ. සංජීව

24 comments:

  1. මම මේක බුකියේ කියෙව්වා.. මාත් සටහනක් දැම්මා බුකියෙත්.. ඒක නැගල්ම ගියා කවුරුත් මක්කත් කීවේ නෑ අමරදේව ගැන කියපු ඒවට වගේ. මොකෝ අමරදේව කියන්නේ සම හරක් බැබලෙන්න පෙන්වන දෙයක්.. නිකං ටයි එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත....
      මම ඔයාගේ සටහන කියෙව්වා.. මරු

      Delete
    2. කොස්තා.. නුඹට නිදහස් චතුරස්‍රය නොලැබෙන බව මම නම් දැන ගෙන හිටියා ..ඒකට ඉතින් දේශපාලන මෙව්ව එකක් තියෙන්න ඕන නේ...කෛාහොම වුණත් නුඹ අහස් ගව්වේ බබළන තාරුකාවක්ව හැමදාම මගේ හදවතේ ඉදීවි.. වටිනා ලියමනක් උඩුවා ..ස්තුතියි

      Delete
    3. කලාකරුවන් මියගියාම නිදහසේ ඒ අයගේ පවුල්වල අයට මැරිච්ච කුණ වලලා ගන්න හරි පුච්චගන්න හරි නොදී, චතුරශ්‍ර ගානේ, එක එක හෝල් ගානේ උස්සගෙන ගිහින් 'ප්‍රදර්ශනය' කරන කෝලම මට නම් විකාරයක්. මම නම් කියන්නේ කාටවත් එහෙම කරන්න ඕනේ නැහැ කියල. කොස්තාට එවැන්නක් නොලැබීම මට නම් කතාකරන්නට වත් කාරනාවක් නෙවෙයි. ඔහුගේ රංගනය අවතක්සේරුවක් නෙවෙයි, නමුත් මේවා බොරු වැඩ නේද? රාජ්‍ය නායකයෙක් වගේ නම් කමක් නැහැ. ( ඒකත් කෝලමක් ) ආගමික නායකයෙක්ටවත් මේ මිණි කුණ උස්සගෙන යාම කරන්න දෙන්න නරකයි.

      ලංකාවේ සිනමාව ගත්තහම, නළු නිළියන්ගෙන් සේවයක් වෙලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. අධ්‍යක්ෂණය සහ වෙනත් අංශ වල නම් 'වැඩකාරයෝ' සහ යෝධයෝ 'හිටියා'.

      අනේ මන්ද, කාගේවත් හිත රිද්දන්න කිව්වා නෙවෙයි, හිතෙන දේ කිව්වේ

      Delete
  2. ///ඇත්තටම කොස්තයියා කියන්නේ නළුවෙක්. මුල්කාලීන නාට්ටි ටිකයි ෆිල්ම් ටිකයි බැලුවනම් මේ නළුකම අදුරගන්න අමාරු නැහැ. ලංකාවේ නළුවන් අස්සේ ජෝ, ගාමිනි ඉන්නේ කොතනද එතන කොස්තයියත් ඉන්නවා.. සමහර වෙලාවට ඊටත් වැඩිය උසින්. ඉතිං දැන් කොස්තයියා යන්න ගිහිං... රිට්ස් පාලු වෙලා. අරක්කුත් ගනන්ගිහින් එහෙම බැලුවහම ඔයා ගිය එකත් හොදයි කියලා හිතෙනවා...///

    මෙන්න මේ ටිකට මාත් එකෙන්ම එකඟයි...

    ReplyDelete
  3. බඹරු ඇවිත් චිත්‍රපටියේ කොස්තා කරපු දේශනය අහන්න මිනිස්සු හිටියේ නැහැ. කොස්තා කරපු රඟපෑම් වල අගය තේරුම් ගන්නත් හිටියේ මිනිස්සු ටික දෙනයි. මේ මිනිහව නිකම් විසිකරලා දැමීම මහා පාපයක්. දිගටම රඟපාන්න අවස්තාව තිබුනා නම් අදත් ජීවතුන් අතර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ මිනිස්සු තෝරගත්ත විදිය ඒක

      Delete
  4. මම තරිඳු ලියපු එක දැක්කෙ එෆ්බී කමෙන්ට් එකක් විදිහට.... මේ සටහනෙ කියල තියෙන තුන් දෙනා එක්කම ගණු-දෙනු කරන්න මට මොකද්ද චාන්ස් එකක් ආවා...
    ඒක ඉවරයි
    උඹේ කමෙන්ට් එක එක්ක තව නම් දෙකක් තිබුණා.ඒ සුනිල් මාධව සහ කලං...තව කෙනෙක්ගෙ තාත්තගෙන් චෙක් එකක් කොස්ත අරං ගිය කතාවක් තිබුණා.... මේ තුන්දෙනාම එහෙම තමයි.ඒ අතරින් මාධවට තියෙන පසුබිම නිසා ඔහුට චෙක් ගන්න පහසුයි.ගොඩගේ මහත්තයගෙන් පොත් ගහන්න අරං තියෙන ඇඩ්වාන්ස් ගාණ බලන්නකො.පොත් සාප්පුවක් දාන්න පළුවන් වෙයි.ඒත් ඒ ගත්ත ඒවට පොත් ලියල නැහැ.ඒ වගේම පුළුවන් විදිහට එයාව නඩත්තු කරා පිරිස (අරක්කු ටිකත් එක්කම රුසියානු සාහිත්‍ය,ජර්මණිය ගැන ලෝකයෙ සාහිත්‍යය ගැන කතා කරමින් කතා අසමින්)
    එහෙම තමයි ඔතනට ආවෙ.ඒත් එතැනට ආවට පස්සෙ මාධවගෙ පේටන්ට් එක කට්ටියක් ගත්තා.පඩිය අරං ගෙදර යන්නෙ නැතිව මාධව බලන්න ගිය අයටත් පොඩි සද්ද දාමින් පෝස්ට් කමෙන්ට් වැටෙන හැටිත් දැක්කා.ඒක මාධව දැක්කත් අවුලක් වෙන්නෙ නැහැ.අන්තිමට එයාට උදව්වක් සවියක් වෙන එකා හොඳම එකා කරලා අනිත් එව්වො අතාරින එක සුනිල් මාධව කතා කරන දේශපාලනයෙ අනිත් අය නොකියපු පාඩමකින් එයා ඉගෙන ගෙන තියෙනවා.
    එයා පත්තරේකට ගත්තු හුඟ දෙනෙක් මුනිවරයෙක් කරලා එයාගෙ කළමණාකාරීත්වයේ වැරදිත් සමඟ පත්තරය වැහෙන්න යන කොට ඒ අයිතිකාරයම වෙසමුණි වගේ කරලයි එයා යන්නෙ....
    හිරු ඇරෙන්න අනිත් පත්තර මුල සහ අග අරං බලා ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්න)
    කලං කොස්තගෙ මොඩල් එකම වුණත් කොස්තගෙ බිරිද නිසා දරුවො හොඳට ඉගෙන ගත්තා.ඒ වගෙම එයාටත් පොඩි බිස්නස් මීටරයක් තිබුණා.ඒ නිසා කොස්ත වුණේ නැහැ.හැබැයි ඔළුවෙන් ගහපු ගේම් තියෙනවා.
    කොස්ත ඇත්තටම එහෙමයි.කොස්ත මහා දේශපාලනයක් කතා කරන්න ගියේ නැහැ.කතා කළොත් කියන්න තිබුණෙ ප්‍රශ්න.පළවැනි ප්‍රශ්නය බොන්න සල්ලි නැති එක.ඒ වෙනුවෙන් යම් යම් දේවල් කරන්න ඇති.හැබැයි රංගනය වැනි විශයක් පදනම් කරගෙන කොස්තට කතා කරනන ගොඩක් දේවල් තිබුණා.ඒත් ඔහු ඒකවත් විකුණ ගත්තෙ නැහැ.කොස්ත දුකෙන් හිටිය.දුකම විකුණන්නා.බිව්වා.
    මේ තුන් දෙනාගෙන්ම මහ දේවල් කතා කරපු සුනිල් මාධවට වගෙ ඩබල් ගේම් එකක එයාට ඉන්න වුණේ නැහැ.මොනව හරි දේවල් දිහා කණ්නාඩිය වෙනස් කරල බලන්න ඕනි වුණෙත් නැහැ.කාට වුණත් කලංටයි කොස්තටයි බැන්නට කවුරුවත් බොටුව කඩං කන්න එන්නෙ නැහැතසුනිල් මාධවට එහෙම කළොත් සත්‍යවාදියාගේ දින පොතේ නැඟලා ඇවිත් ඇට දෙකත් කපං යන්න සූදානම් අය ඉන්නවා.
    කොයි රැඩිකල් තරුණයා වුණත් ඇත්ත මාධව සහ ලියන මාධව අතර පරස්පර දකින්නෙ නැහැ.දැක්කට කියන්නෙ නැහැ.
    ඒ අතින් සුනිල් මාධව මරු....
    හැබැයි මටනම් කොස්ත මරු මරු නෙමෙයි මරේ මරු....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මට නම් මේ ගැන කියන්න තියෙන්නෙ, බීම ගැන තාම ලංකාවෙ කලාකාරයන් හිතන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න ළඳුනේ ලියපු කාලෙ ගණිකා වෘත්තිය ගැන හිතාගෙන හිටපු විදියට ම තමයි කියලායි.

    ඒ කියන්නෙ මේකයි. ගැහැනුන් ගණිකාවන් වන්නේ දරිද්‍රතාව නිසා ම ය කියලා හිතන එක වගේ ම සාංදෘෂ්ටිකවාදී බොරුවක් තමයි පිරිමි බොන්නේ ක්‍රම විරෝධය නිසා ය කියලා හිතන එකත්.

    ඔය දෙකට ම ඔය කියන හේතුවත් බලපාන්නට පුළුවන්. ඒත් ඒක නෙමෙයි එක ම හේතුව. මූලික වශයෙන් ම ඔය දෙකේ ම තියෙන්නේ පෞරුෂ ගැටලු.

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගෙ කැමැත්ත තමා.
      මට සංජීවලාගෙ ටයිප් එකෙන් බොන්න අමාරුයි.
      බොන නිසා ජීවිතේ විඳිනව කියල කියන්න බැහැ.
      මගේ හොඳ යාළුවෝ ඉන්නවා බීල තමන්ටයි අනුන්ටයි පව් දෙන

      Delete
    2. මිනිස්සු බොන්නේ වෙන කරන්නට ඊට වඩා හොඳ දෙයක් නැති නිසා ය කිනන එකයි මගේ අදහස!

      Delete
  7. ධනංජය කරුණාරත්නත් විමල් කුමාර් ද කොස්තා ගැන සටහනක් ලියා තිබුණා. ෆේස්බුකියේ බලන්න.

    ReplyDelete
  8. ඇත්තම ලියල තියනවා. නොදන්නා කොස්තා ගැන ලියන්නේ මොකටද? අනික තරිඳු අනිත් අය බලන විධිහටම ඉතන විධිහටම ගැලපෙන්න ලියන්නේ මොකටද? රැල්ලට වෙනස්ව ලියන එක තමා අමාරු. බැනුම් ඇහුවත්. ඒ නිසා සතුටු වෙන්න.

    ReplyDelete
    Replies
    1. හැමෝම ලියන එක ලියන්න බ්ලොග් අටවගෙන මැරෙන්න ඕන නැහැනේ....
      තව කෙනෙක් නොලියන දේ ලියන්නයි ට්‍රයි කරන්නේ..
      ස්තූතියි

      Delete
  9. බොන මිනිස්සු “ඒක මාරයි “ කියල පෙන්නුවට ඒ මිනිස්සු ඇත්තටම විඳවනවා. කොහොම වුනත් අමරදේව කවුද කොස්තා කවුද ... අර කීවත් වගේ අමරදේව “ටයි“ එකක් නම් කොස්තා කියන්නේ “ අසෝක වීදුරුවක් “

    ReplyDelete
    Replies
    1. බොන මිනිස්සු වැඩියෙන් විඳවන්නෙ බොන නිසා නෙවෙයි

      Delete
  10. මම හිතුවෙ උඹට මිනිසුන්ගෙ වැරදි විතරයි පේන්නෙ කියල

    මම වරදියි වගේ අව්ලක් නෑ එල.

    ReplyDelete