Thursday, February 11, 2016

බස්සි අක්කට මක් වෙලාද??

බස්සි අතුරුදන් වෙලා... ඇත්තමයි..

මම අද දවල් මොකක්හරි එකක් ටැග් කරන්න බුකියෙ බස්සිගෙ නම සර්ච් කොලා.... ම්හු!! බස්සි එන්නෑ...

මම ඒ වෙලාවෙ ගණන් ගත්තෙ නෑ... මගේ නොසන්ඩාල වැඩ නිසා මාව බ්ලොක් කරන එවුං එමටයි... 

පස්සෙන් පහු හවස් වෙලා තවත් මක්ක හරි වැඩකට බස්සිගෙ නම සර්ච් කොළා... තවත් මක්කහරි ලබ්බක් ටැග් කරන්ට වෙන්නෝනෙ...


ඒත් බස්සි නෑ.. 



පාරෙදි දැක්කොත් අඳුනගන්ට..


එයිට පස්සෙ හරියන්නෑ මම ෆේස්බුක් එකේ සර්ච් බාර් එකේ යසෝධා නාමේ සර්ච් කොළා... 

බස්සි එන්නෙ නෑ... සිංහලෙන් ඒ නාමෙ සර්ච් කළා... ඒත් නෑ... බස්සි කියල සර්ච් කොළාමත් නෑ... 

යකඩො... 

පස්සෙ මං ෆේක් දෙකකින් විතර සර්ච් කොරලත් බැලුව... ( මොකද මාව කවුරුහරි බ්ලොක් කළොත් මං පුදුම වෙන්නෙත් නෑ තරහ වෙන්නෙත් නෑ.. )

යකෝ ෆේක් එව්වටත් බස්සි අහුවෙන්නෙ නෑ... 

මං ගියා මේකිගෙ නවාතැනට... බ්ලොග් එක‍ට...

ඊයෙ රාත්තිරියෙ දාපු පෝස්ට් එකට මං අද පාන්දර පහට දාපු කමෙන්ට් එකේ ඉඳන් පහලට එක කමෙන්ට් එකකටවත් රිප්ලයි නෑ හිටං.... 



මේකිට මක් වෙලාද? රසික ලොක්කගෙ මා මළ පසු පෝස්ට් එක දැකල බය වෙලාද? මාතෙ අයිය හැදෙන්ටයි කියල ටොක්කක් ඇනල ඔළුව හිල් වෙලාවත්ද? දේශක මහත්තය සද්දයක් දාලද පෝස්ට් වැඩියි කියල?

නැත්තං..... ( ඒක කියන්න ඕනෙ නෑ.. බැඳල දවස් කීයද බොල?? )

බස්සිට හෙණ ගහල ගියත් මගේ මොකෝ??????? ඒත් සමස්ත බ්ලොග් ලෝකේ උද්ධමනය වෙනුවෙන් බස්සි වගේවුන් ඉන්ට එපායැ... මොකෑ පඳුරු වලට පයින් ගැහුවම බස්සියො විසි වෙනවයැ... 

හොයපල්ල හොයපල්ල බස්සිව හොයපල්ල... 

( මේ බස්සි මගේ පෝස්ට් එකට වටිනාකමක් දෙන්නත් එක්කල දවසක් දෙකක් හැංගිලා ඉන්නව හොඳා )


රිප්ලයි නැති කමෙන්ට්

46 comments:

  1. මේක කියවනකොට නම් බයත් හිතෙනවා හිටං,එත් හැබැට කෝ බස්සි???

    ReplyDelete
    Replies
    1. යකෝව් මේක හොරර් කතාවක් නෙවෙයි බය වෙන්න

      Delete
  2. Replies
    1. අන්න ඒකයි කල්පනා කරන්න ඕන...
      ගරු මන්ත්‍රීතුමිය ක්‍රියාත්මක වුණාද දන්නෑ

      Delete
  3. බස්සි අක්කා ටික දවසකට අතුරුදහන්...වහාම වාර්තා කරයි :p

    ReplyDelete
    Replies
    1. ටික දවසකට මක්ක වෙලාද???

      Delete
  4. උඹ කිව්වට පස්සේ මම දැන් බස්සිගේ FB ප්‍රොෆයිල් එක බැලුවා.ඒකේ බස්සි නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක නේ.... අපි හරි සෙන්සිටිව්!!! 

      Delete
  5. /* නැත්තං..... ( ඒක කියන්න ඕනෙ නෑ.. බැඳල දවස් කීයද බොල?? ) */

    අවුරුද්දකටත් වැඩියි.
    යශෝධා "අයියාව" බැන්දේ කසද බඳින ගාස්තුව අඩු කරන්නට කලිනි!

    ReplyDelete
    Replies
    1. මට මතක ඊයෙ පෙරේද වගේ...
      එහෙනං අපි සැක ලැයිස්තුවට ඒකත් දාගමු

      Delete
    2. මම හිතන්නේ රසික කියන්නෙ රෙජිස්තර වීම එක ගැන. උඩුවා කියන්නේ පෝරුවේ නැගීම ගැන.

      Delete
    3. නෑ බොල
      අපි දෙන්නම කිව්වෙ වෙන මෙව්ව එකක් වීම ගැන

      Delete
  6. බස්සි බුකියෙන් වැනිෂ් වෙල තියෙන්නේ වැඩක් නැති දේකට.. ඒ ගැන එයැයිට කිව්වා...

    බොග දාන එක නම් නවත්තලා නෑ...

    මම හිතන්නේ සම්මාන උළෙලට මහන්සි වෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ටොක්කක් ඇනල හදල ගන්න වෙයි මාතෙ අයියෙ

      Delete
    2. එක එකාගේ ලාභ මාකටින් ස්ට්‍රැටර්ජිවල ඉත්තෙක් නොවී ටික කාලෙකට බුකියෙන් අහක් උනා. :D

      Delete
    3. // එක එකාගේ ලාභ මාකටින් ස්ට්‍රැටර්ජිවල ඉත්තෙක් නොවී ටික කාලෙකට බුකියෙන් අහක් උනා. :D//

      නව ලිපිනය: නෙලුම් යාය... සොලි සොලි...
      නෙලුම් පාර, බත්තරමුල්ල.

      Delete
    4. අහක් වුණාට කමක් නෑ...
      කල්යල් බලාල එන්ට

      Delete
    5. //තේරුනේ නෑ //

      හෑ... ඔච්චර ටියුබ් ලයිට් ද?
      ටී වී එකේ නිවුස් බලන්න...

      Delete
  7. ඩුප්ලිකේට් එද්දී, ඔරිජිනල් හංගන්නේ ඇයි...

    එහෙමයි මං ඇහුවේ !!!

    ReplyDelete
    Replies
    1. ටිකක් සීන් එකෙන් අවුට් වෙද්දි අගය වැඩියි නෙව

      Delete
    2. අසාධාරණ සිස්ටම් එකක සාධාරණ පාඨක විචාර බලාපොරොත්තු වෙන්ඩ බෑ සෑමෝ...

      Delete
  8. ඩුප්ලිකේට් එද්දී, ඔරිජිනල් හංගන්නේ ඇයි...

    එහෙමයි මං ඇහුවේ !!!

    ReplyDelete
  9. සිරාම කේස් එක මෙන්න ‍ෙමයා මිසින්..
    හුටා.
    එහෙම ඩුප්ලිකේට් ප්‍රොපයිල් සීන් එකක් ආවද බං
    සිරාවටමදැක්ක නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඩුප්ලිකේට් කතාව නං මටත් නිච්චි නෑ

      Delete
    2. //ඩුප්ලිකේට් ප්‍රොපයිල් සීන් එකක්// නැත නැත. :)

      Delete
  10. යකෝ එක දවසක් ආවේ නැතත් මුං හිතන්නේ අතුරුදහන් වෙලා කියලනේ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමා වැදගත් උදවිය

      Delete
  11. උබලත් ඊයේ රෑ ඉදාලා මෙව්වට රිප්ලයි දාලා නෑ...
    උඩුවත් අතුරුදහන්????

    ReplyDelete
  12. හැබෑට නැද්ද.. හනේ කනක් ඇහිල ඉන්න ඇහැකි හෙනං.. හැක්..

    විස්තර මුකුත් නොදනිමි උඩුවෝ..

    ReplyDelete
    Replies
    1. ඕක ආරංචි වුණොත් එයි හොදේ!!

      Delete
    2. ඕං ඇවිත්...
      කනක් ඇහිල ඉන්න කතා කියන්න ගිය නිසා තමයි

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මම දවසකට දෙහෙකට කලින් දැක්කා උඩුවාම කියනව මේ සුමානෙ දිගටම දාන්නෙ ආදරේ ගැන පෝස්ටු විතරයි කියලා. බොට මාව පේන්නෙ වැලන්ටයින් කුමාරිහාමි වගේද? :

    යූ නෝ නෙ බ්‍රෝ මම මඩ, අපහාස එව්වා මෙව්වාවලදි නොසැලී පේස්බුකේ හිටියා කියල. කෙනෙක්ව අප් කිරීම පිණිස තව සෙටාර් එකක් ෆේස්බුකේ ගෙනියන මාකටින් ස්ට්‍රැටර්ජි එහෙක 'බස්සි' කියන චරිතෙ ඉත්තෙක් කරගෙන තියනවා. ඒක මචං නිකම් ලව් ස්ටෝරියක් හිට් කරගන්න පාරෙ ඉන්න එකෙක්ව හොරෙන් වීඩියෝ කරලා, එඩිට් කරලා 'දුෂ්ඨයා'ගෙ චරිතයක් හදනව වගේ වැඩක්.

    අන්න ඒ වගේ අවස්ථාවක කල යුතු හොඳම දේ ටික කාලෙකට ඒ කක්කා සිස්ටම් එකෙන් අහක් වෙලා පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න එක.

    බ්ලොගේ ලියනවා. බයවෙන්ට එපා. අපේ බොස්ට කියපන් මට වැඩ අඩුවෙන් දෙන්ට කියලා එතකොට කොමෙන්ටුවලට සට සට ගාල රිප්ලයි කොරඥ්ඥං.

    ඈ බං, අර රෙඩ් ෆෙස්ටිවලේ රෑ එලිවෙනකම් තියනෝද? අපිට ඕනැ වෙලාවක එන්ඩ පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. හුටා!!
      මං ලියපුව අපතේ!!
      මේ බඩ්ඩ ඇවිත් කමෙන්ට් කොටල

      Delete
    2. රෙඩ් එකට එන්ට...
      ඕන වෙලාවක එන්න පුළුවං

      Delete
  15. මං ආදරේ ගැන ලියනේක අතෑරියා...
    අනික මේ දැන් සිට සඳුදා වනතුරු මං අතුරුදං වෙනවා...
    කවුරුත් මං නෑ කියලා පෝස්ට් දාන්න එපා!!! 
    රාජකාරි හින්ද අන්තර්ජාලයෙන් අන්තරස්ධාන වෙන්ටයි යන්නෙ...
    ඕං මං ගියා

    ReplyDelete
    Replies
    1. ඇයි ඕයි මෙහෙම කියලා අතුරුදහන් වෙන්නෙ. 'උඩුවා අතුරුදන් වෙයි' කියල පෝස්ටුවක් දාල බොට රිටර්න් එක දෙන්න මට තිබ්බ චෑන්ස් එක නේද මේ කාබාසිනිය කලේ!

      Delete
  16. බස්සි අතුරුදහන්ද? හම්මේ යන්තං ඇති ... :P

    ReplyDelete
  17. මාත් හෙවුවා අප්පා මේ ලගදි බස්සි අක්කව බර බර සිංහල වචන එහෙම මම අහන්නේ උන්දැගෙන් නොවෑ..හම්බ නොවුනකොට බෝගේ බැලුවම අප්ඩේට් වෙලා තියෙනෝ දැක්ක එකෙන් දැනගත්තා ජිවතුන් අතර කියල

    ReplyDelete
  18. බුකියෙන් නම් අයින් වෙන එකමයි කාරිය.. දේශපාලන ගැටුමයි, සිංහලේ ගැටුමයි, තව පොඩි පොඩි එව්වා මෙව්වා ටිකකුයි දැකලා ඔලුවත් කකියනවා.පලකට ඇති දේවල් හරි අඩුවෙන් පහුගිය ටිකේ බුකියේ දැක්කෙ..))

    ReplyDelete