Friday, March 31, 2017

තවත් පාවාදීමක් සිදුකළ වගයි!

පසුගිය සඳුදා (27) ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා, නිමල් සිරිපාල අමාත්‍යවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් තිබුණා. හවස හතරට ජනාධිපති ලේකම් කාර්යාලයේදි.

වෙන වෙනම රට කෑවත් කෑම කන්නේ එක මේසයේ... (මෛත්‍රි, මහින්ද සහ රනිල්)

මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී තිබුණා. මේ අයව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමිනුයි කැඳවා තිබුණේ. මේකට ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ආරාධනා කර නොතිබීම අහම්බයක් වෙන්න බැහැ. ඔහු ව්‍යවස්ථාව වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වූවෙක්.

මේ සාකච්ඡාවේදි සරලවම තීරණය කර තිබුණේ නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් සිදුකළ යුතු බවත්. ජනමත විචාරණයකට ගියොත් පරාද වෙන බව තීරණය කර තිබුණා. ජනමත විචාරණයක් පරදින්නට ඉඩ ඇතැයි කියා තිබුණේ නිමල් සිරිපාල ඇමතිවරයා. එයට අගමැතිවරයාද එකඟ වී තිබුණා.

Sunday, March 26, 2017

සේනකගෙ බිබිල හෙවත් පියවරුණ

නෙළුම් යාය සම්මාන උත්සවය මෙහෙයවපු නිවේදක යුවල රාජිත සේනාරත්න ඇමතිවරයාව නුතන සේනක බිබිලේ විදියට හැඳින්වුවා.. පසුව ඔවුන් කියපු විදියට මෙහෙම හැඳින්වුවේ බ්ලොග් සංසදයේ හරි මොකක්හරි එකක සභාපතියැයි කියන කෙනෙක්ගේ වුවමනාව මතලු.

මෙතැනදීම කතානායකවරයාව තොරතුරු පනතේ පියා කියල හැඳින්වුවා. ඒ හැඳින්වීමටත් හේතුව අර කෙනාගේම වුවමනාව වෙන්න ඇති.